විදුලි බිල වැඩිකිරීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අනුරාධපුර නගරයේ මින් මද වේලාවකට කලින් විරෝධතා පාගමනක් ඇරැඹීය.
දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති නායකයන් ද සහභාගී වන මේ පෙළපාලිය අනුරාධපුර බැංකු පෙදෙසේ ඔරලෝසු කණුව අසලින් පටන් ගෙන නව බස් නැවතුම්පොළ දක්වා ගමන් කරයි.
දහසකට වැඩි පිරිසක් ඊට සහභාගී වී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරා ගන්න බැරි මේ විදුලි බිල අඩු කල යුතුය. ජල විදුලිය නිපදවිය යුතුය. ටර්බයින් කඩන අයට දඩුවම් කලයුතුය. (නි)
විදුලි බිල වැඩි කිරීමට පක්ෂව උද්ගෝෂණ නැද්ද ? (නි)
මෝඩ වැඩ නොකර සතියක් මුළු රටම විදුලිය පාවිචි නොකර ඉන්න වැඩ පිළිවෙලක් පටන් ගන්න. (නි)
මොනවා කළත් බීරි අලින්ට වීනා ගහනවා වගෙයි. (නි)
අපිට නම් විදුලි බිල ප්‍රශ්නයක් නැහැ. මොකක්ද ඔය අනුරපුරේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නය? (නි)
ඒකාබද්ද්ද විපක්ෂයද..? අම්මෝ! එහෙනම් සූ ගාලා සෙනග ඇති. අනුරාධපුරේ මිනිස් හිස් ගොඩකින් වැහිලා ඇති. හිතෙනකොටත් ආසයි (නි)
කට්ටියට කාලෙකින් හිරි ඇරගන්න ඕන වෙලා වගේ (අ)
ඔය යන ගමන් පාරේ ලයිට් එහෙම දාලා තිබුනොත් ඕෆ් කරලා යන්න.කෑ ගගහා යන්නේ නැතුව.අපරාදෙනේ (නි)
දකින්නත් ආසයි අනේ ඒකාබද්ද විපක්ෂේ (නි)
අපරාදේ කියන්න බැහැ. ලයිට් බිල අඩුකරන්න කියලා අනුරපුරේදී මෙයාල වීදි බැස්සා තමයි. හැබැයි මෙයාලා පළාත් සබාවේ ආණ්ඩු මන්ත්‍රීලත් සමග රටසවාරි යන්න ලෑස්ති වෙනකොට ආණ්ඩුවට විරෝධය පෑවේ නැහැ. එතකොට ජනතාවගේ ලයිට් මතක් වුනෙත් නැහැ. (නි)
දකින්නත් ආසයි විපක්ෂේ ඒකාබද්ධ වෙලා ඉන්නවා. (නි)