IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඔන් ලයින් වීසා ගැටලුවෙන් ගුවන්තොටේ පෝලිම්

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් ඇතුළු අනෙකුත් පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට ( Online Visa ) වීසා නිකුත් කිරීම   සිදු නොවීම නිසා , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ලබා ගන්නා වීසා (On Arrivel Visa ) ලබා ගැනීම සදහා දිගු පෝලිම් කටුනායක ගුවන් තොටුපොළ තුළ  ක්‍රමිකව ඇති වෙමින් පවතී .

 ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉකුත් 08.02 දින නිකුත් කළ නියෝගයක් අනුව ශ්‍රී ලංකාවට පිවිසීමට වීසා නිකුත් කිරීමේ කටයුතු වලින් වී.එෆ්.එස්.ග්ලෝබල් සමාගම ඉවත් කිරීමට සහ ගුවන් තොටුපොළ තුළ පැරණි ක්‍රමයට සාමාන්‍ය පරිදි වීසා නිකුත් කිරීම සිදු කරන ලෙස ද නියෝග නිකුත් කර තිබුණි .

එහෙත් රජය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ දක්වා පැරණි ක්‍රමයට සාමාන්‍ය පරිදි මාර්ගගත ක්‍රමයට වීසා ( Online Visa ) නිකුත් කිරීම ආරම්භ කර නොමැති නිසා මේ ආකාරයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා ( On Arrivel Visa ) ලබා ගැනීම සදහා දිගු පෝලිම් ඇති වී තිබේ .

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයත් සමගම මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීම ඇණ හිටි අතර , ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ඇතුළු සියලුම දෙනාට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා (ON Arrivel Visa ) ලබා  ගැනීම එකම විසදුම බවට පත් වී තිබේ .

 මෙම අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ සංචාරක සමය ආරම්භ වී පැවතීමත් , විශේෂයෙන් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීමටත් විශාල වශයෙන් විදේශීය සංචාරකයන් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති .

ඔවුන් සහ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගුවන් යානා එකවර , විශාල සංඛ්‍යාවක් පැමිණෙන අවස්ථාව වලදී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා ( On Arrivel Visa ) ලබා ගැනීම සදහා දිගු පෝලිම් ඇති වීම නිරන්තරයෙන් ඇති වීම නිසා විදේශීය සංචාරකයන් මහත් අපහසුතාවයට ලක් වී තිබේ .

 



අදහස් (4)

ඔන් ලයින් වීසා ගැටලුවෙන් ගුවන්තොටේ පෝලිම්

සෙනෙවිරත්න Monday, 12 August 2024 12:57 PM

මේක හිතාමතා ඇති කළ පෝලිමක්දැයි සොයා බලන්න. අධිකරණ නියෝග වලට පිටුපෑම මහා ප්‍රජාතන්ත්‍රවාදී සහ ඉංග්‍රීසි දන්නා ලොවම පිළිගත් නායකයාගේ විලාසිතාවක් වෙලා.

:       7       49

janahitha Monday, 12 August 2024 01:51 PM

වහාම ඉවත් වෙන්න ජනතාව ආණ්ඩුවට කියනවා හැමතැනම මුදල් ගසාකමින් බලයේ සිටිනවා. හොර බෙහෙත් ගේන්න අහිංක දරුවන් වැඩිහිටියන් මරාදමමින් මුදල් හම්බ කරනවා. නුඹලා වහාම ඉවත්විය යුතුයි.

:       4       36

de silva Monday, 12 August 2024 02:34 PM

රියදුරු බලපත් , පාස්පොර්ට් , වීසා යන හැමතැනම පෝලිම් , මේවා සිදුවෙලා තිබෙන්නේ ලොක්කෝ එක එක කොමිස් ගැසීම නිසා , මුළු රජයම ෆේල් , රනිල්ට සහ පොහොට්ටුවට ඡන්දෙ දුන්නොත් රියදුරු බලපතක් අවුරුදු 4-5 ගන්න බැහැ , ගුවන් ගමන් බලපත්‍ර ගන්න රුපියල් 50,000 විතර පගාව දෙන්න වේවි , රනිල් පුලුවන්නම් ඡන්දෙට කලින් මේවා නැවත ප්‍රකුර්ති තත්වයට ගෙන එන්න , බැරිනම් රනිල් ඔයා ගෙදර යන්න

:       5       41

Prabha Monday, 12 August 2024 03:11 PM

ලංකාවට වඩා ලාභ හොඳ ගමනාන්ත සංචාරකයන්ට තියෙන බව අමතක නොකරන්න.

:       0       30

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 356 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2565 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1967 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 208 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1203 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1318 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26885 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23509 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 397 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site