කතරගම බුත්තල මාර්ගයේ ඇතින්නියෝ දෙදෙනෙක් ( වයස අවුරුදු 18-22) වනජීවී ඇමති විජිත් විජයමුනි ද සොයිසා මහතාගේ කැබ් රිය පිටුපස කිලෝමීටර් දෙකහමාරක් පමණ එළවාගෙන ගියහ. ඇමැති ද කැබ් රිය සාමාන්‍ය වේගයකිකත් ධාවනය කරන්නට සලස්වා ඇතින්නියන් දෙදෙනා ලුහු බදින ආකාරය බලා සිටියේය.පසු ගිය අගහරුවාදා මෙම සිද්ධිය වාර්තා විය
අලි ඇත්තු 25 -30 පමණ මෙම ප්‍රදේශයේ සිටිති. මෙම සතුනට කෑම නොදෙන්නැයි වනජීවී නිලධරයෝ මහජනයාගෙන් ඉල්ලිමක් කරති. ඇතැම් අලි අතුන් දැනටම මිනිසුන් දෙන කෑමට පාරට එන බවත් එය එම සතුන්ගේ පැවැත්මට හානියක් බවත් ඔවුහු කියති.
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවෙනි පින්තූරේ නම් ඇමතිතුමා ටිකක් බය වෙලා වගේ නේද?...... (නි)
මේකට මොකක්ද ලියන්නේ කියලා හිතාගන්න බැහැ ,හ්ම්ම්ම්ම්ම් ... (නි)
ඈමතිවත් කැළේට අරගෙන යන්න හදන්නේ. අනේ හොදා.(නදී)
මේ අයව එලවන්න අලින්ට බැරිව වගේ නිසා වෙන්න ඇති අතින්නියෝ ටික එවලා තියෙන්නේ.(නදී)
ඉන්න ඇමතිවරුන්ව ඇත්තු විසින් එළවා දාන කාලය ලං වී ඇති බව කියන පෙර නිමිත්තක්.(නදී)
මෙයාද අපිට කෑම දෙන්න එපා කිව්වේ..දැන් ගනිමුද ඇදලා (අ)
අලින්ට තරහා ගිහිල්ලාද දන්නෙ නැහැ රනිල් මහතතයාට බලපිටියෙදි වුණ සිද්ධියට (නි)
මට නම් හරි ලස්සන දර්සනයක්.අපේ රට ලස්සන වෙලා තියෙන්නේ ස්වබාවික පරිසරය,සත්තු දිය ඇලි නිසා. ඒත් දැන් මේවා ටික ටික විනාශ වෙනවා බලවතුන් අතින්. ඒ ගැන හරිම දුකයි. (නි)
මොනතරම් සතුටකින්ද ඇමතිතුමා යන්නේ? (නි)
අපේ ඇමතිතුමා කියලා හදුනාගෙනද කොහෙද පස්සෙන් එළවන්නේ. (නි)
එලියට ඇදලා ගත්තා නම් මොකද වෙන්නේ? බයනැතුව යන හැටි විතරක්. මට නම් බයේ බැහැ (නි)
කොහොමත් ඇමතිලා අලින්ට පස්සෙන් එන්න වැඩ සලස්සල තියෙන්නේ (අ)
තමන් පසුපස අලි ඇතුන් එනවා කියන්නේ මට නම් ලොකු ආඩම්බරයක් (නි)
හරිම ලස්සනයි. කාපට් කරලා සුදු ඉරි ඇඳලා තියෙන පාරේ රතුපාට අංක තහඩුවක් දාපු අලුත්ම අලුත් දිස්නේ ගහන වාහනේ ඇමතිතුමා වනසිරි නරඹමින් යනකොට රටවැසි හිඟන්නෝ නැතිතැනක් බලල අලි ඇතින්නියෝ හිඟා කනවා. ඔහොම යං .. ඔහොම යං
පව් ඒ සත්තු. ආදරේටද දන්නෙ නැහැ නේද? (නි)
ඇතින්නියෝ දෙන්නම බාල වයස්කාරයෝ (නි)
කොහොමද ජීප් එක ? (නි)
ලියන්න දේවල් එමටයි. ඒත් ලියලා වැඩක් නැහැ කියලා හිතුනා (නි)
ඇමතිතුමා කළ වැඩේ වැරදියි මට හිතෙන විදියට නම්. අලි දෙන්නා එන්න ඇත්තේ උන්ගේ මොකක් හරි ප්‍රශ්නයක් කියන්නද දන්නෙ නැහැ. කෝ ඉතින් ඇමතිතුමා ගියානේ. (නි)
කකුල් දෙකේ අලින්ට කවදාවත් මේ අය පන්නන්න බැරි හන්ද වෙන්න ඇති කකුල් හතරේ අලි එන්නේ. (අ)
මේ මිනිස්සු මහජනයාගේ සල්ලි වලින් ගන්න සැප වාහන පෙනෙනවා නේද. අලි සැප......(අ)
ඒ අහිංසක සත්තුන්ට පාඩුවේ ඉන්න දීලා ඔබතුමාගෙ ගමන යන්න ඇමැතිතුමා. (නි)
එතකොට කවුද මේ ෆොටෝ එක ගත්තේ? (නි)
ඉස්සරහිනුත් අලි දෙන්නෙක් ආවා නම් මොකද වෙන්නේ?(නි)
මේක හිතාගන්න බැරි දෙයක් මට.මේ ෆොටෝ ගත්තේ කොහොමද කියන එක හරි පුදුමයි (නි)
දැන් මිනිස්සුන්ට තියෙන අමාරුකම් දිහා බලනකොට ඊට පස්සේ ඔහොම එළවගෙන එන්නේ මිනිස්සු. (නි)
බුත්තල පාරේ මාත් ගිහිල්ලා තියෙනවා. වාහනේ නවත්තලා සමහරක් මිනිස්සු අලි බලනවා. ඒත් එක්කම උන්ව කුලප්පු කරනවා. අපේ වාහනේ කිලෝ මීටර 3 ක් විතර එලෙව්වා මට මතකයි.ඒ අලි පැටවුන්ගේ ආරක්ෂවටලු උන් එහෙම එලවන්නේ . (නි)
සමහරවිට පක්ෂ සාමාජිකත්වයක්වත් ගන්න හිතුනද දන්නේ නැහැ ! (නි)
පරණ යු එන් පි අලි දෙන්නෙක්වද්ද? (නි)
නිකලස්, ෆොටෝ එක ගත්තේ පෙටෙපස්සන් ආපු අනික් අලී . (අ)
ඇමතිතුමාගෙන් මොකක් හරි අසාධාරණයක්වත් වෙලාද? (නි)
මෙතන ගැටලු ගොඩයි මට. මේ ෆොටෝ එක ගන්න කෙනා පැහැදිලිව ගැස්සෙන්නේ නැතිව ෆොටෝ ගත්තේ කොහොමද?මේ ඇමතිලා ආරක්ෂකයො නැතුව මෙහෙම යන්න ඇත්ද? අලින්ගේ පාද චලන අනුව මේ අලි දුවන බවක් මට පෙනෙන්නෙ නැහැ. අනික වාහනේ පිටිපස්සේ සිග්නල් ලයිට් දාලා.ඒ වුනාට අලින්ගේ ඇඟට වැටිලා නැහැනේ ඒවා. (නි)
මහත්තයෝ, මේක තමා කියන්නේ හැබෑවටම ආස්චර්ය්යය කියලා. (නි)
දර්ශනයත් ලස්සනයි,ඇමතිතුමාගේ හිනාවත් ලස්සනයි. නිකලස් කියන්න වගේ කව්ද පොටෝ එක ගත්තේ දන්නෙ නැහැ?හැබැයි ,ඉතින් අලියට එක පාරට හැරෙන්න බැරිලුනේ. ඒ හින්දා හොදයි. නැත්නම් පොටෝ ගහපු කෙනාට සොරිම තමයි (නි)
මේ පාර කෙලින්ම වැටෙන්නේ කතරගම දේවාල පාරටයි.මෙතන මොණරු ඉන්නවා, කොළඹ කාක්කෝ ඉන්න ගානට, බලන්න ලස්සනයි.බලන්න යන්න ඕනෑ තැනක් තමා මේ බුත්තල පාර කියන්නේ . (නි)
රනිල් මහත්තයට හු කියපු එකට තරහා ගිහින්ද කොහෙද? (නදී)
දල නැති හින්දා දෙයියන්ගේ පිහිටයි.(නදී)
අපරාදේ අලියට මිස් උනානේ. (නදී)
හොද ලස්නට සැලසුම් කරලා පින්තුරු ටික අරගෙන තියනවා. ලබන මැතිවරණයට, කටවුට් වලට ගන්න පුළුවන්. (ත)
අලි දෙන්න කියන්න ඇති, "ඔහොම ඉන්න, ඇමතිතුමා අල්ල ගන්න තමයි අපි හිටියේ" කියලා (නි)
අනේ අපෙන් කෙරෙන්න ඕන දේ අලියෙක්ගෙන් හරි වෙනවනම් .(නදී)
වන ජීවී ඇමතිතුමා කැලේ පාරක යනවා දැක්කමයි.ඔය යන ගමන්ම වන ජීවී ලොක්කන් හමුවෙලා අලි මරණ,මිනිස් මරණ , වන සත්ව ඝාතන වලට පිලියමක් යෙදුවා නම් අගෙයි! (නි)
පින්තුර ගත්තෛ අලිකාරය කියලයි මට හිතෙන්නෙ (අ)
මටනම් ඉටෙන්නේ මේක ෆොටෝශෝපෙකෙන් හදපුඑකක් (අ)
අලි දන්නවා පන්න ඕන මිනිහ (අ)
ඇමතිතුමා ඕවට අහුවෙන්නේ නැතුව ගිය එක හොදයි (නි)
මම හිතන්නේ අලියන්ට තේරිලා වන ජීවි ඇමතිගේ හොර වැඩ . මේක ෆොටෝ කරපු නිසා අලි දෙන්න බේරෙන්න ඇති. (අ)
අලියට ඉව තියනවා ..කරදර කාරයා කෞද කියල අලියා දන්වා (අ)
මොනා වුනත් අලින් පස්සෙන් ගියේ සතාව අදුරගෙන නෑ කම දන්න හින්දා වෙන්න ඇති අලි බුද්ධිමත් (අ)
මමත් වන අලින්ගේ පින්තූර අරගෙන තියනවා.ඒත් ඇමතිතුමා පස්සෙන් අලි එළවාගෙන ගියා නම් පිටිපස්සෙන් ගිහින් පින්තූර ගන්න ජීවිතයට කැමැත්තක් තියන කෙනෙක් යන්නේ නැහැ. (නි)
ඔන්න අපේ ඇමති මෙයා සුපිරි රියෙන් එබෙන්නියා ගියර් මාරු කරන්නියා අපිට බයේ දුවන්නියා.... (නි)
මල කෝලන්....අපි ගියේ ඇමති තුමාගේ අලුත් කැබ් එක බලන්න. එයා හිතලා තියෙන්නේ අපි එයා පස්සේ පන්නනවා කියල. පිස්සුද බන් කලේ හොඳ අලි ඕනේ තරම් ඉන්නවා.(අ)
සෙනෙහසක තරම.(අ)
මෙයා අපේ ලොක්කට බලපිටියේදී පාට් දැම්ම නේද?(නදී)
සාමාන්‍ය ජනතාව, තමන් මුහුණ දෙන ගැටළු කියන්න ඇමතිවරු හොයාගෙන එනකොට ඇමතිවරු දුවනවා. නැත්නම් හැංඟෙනවා. කැලේ සත්තු තමන්ගේ ප්‍රශ්න කියන්න එනකොට මේ ඇමතිතුමා දුවනවා. කැලේ සත්තු අයිති මෙතුමාට. මේක වන සත්තු සංහතියටම අසාධාරණයක්.(නදී)
හරියටම ඇතින්නියොන්ගේ වයස කිව්වේ උප්පැන්නේ බැලුවද? වාහනේ කාර්මික දෝෂයක්වත් උනානම් බලන්න තිබුනා. අපේ ඇමතිතුමා දුවන හැටි පාර දිගේ.(නදී)
කිලෝමීටර් 2 පස්සෙන් දුවලත් අඩුගනනේ කෙහෙල් ගෙඩියක්වත් ලැබුනේ නැහැ අමු ලෝබයෙක්. මෙයා මේ පැත්තේ කෙනෙක් වෙන්න බැහැ අපි යමු අනේ යන්න.(නදී)
මේක බොරුවක් බලන්න හොඳට උඩම පොටෝ එකේ අලියාගේ වලිගෙ කපිල සිග්නල් ලයිට් එකට (අ)
නියමයි,අසේල මල්ලි. මරු කවිය (නි)
තිරිසනාට තේරෙනවා රටට වැඩක් තියෙන කෙනෙක්ද? නැති කෙනෙක්ද කියන එක.(නදී)
මේක නිකම් හදපු කතාවක්, ෆිල්ම් එකක රඟපාන ඇමති තුමා ඔයාලා කොහොමත් කරන්නේ මිනිස්සුන්ට අන්දන එකනේ ෆොටෝ ගත්තේ ඔබතුමාගේ අරක්ෂකයද ? (නදී)
මේකේ මොකක් හරි වැරද්දක් තියෙනවා. අලි හරක් මස් කන්නේ නැ, උන් කන්නේ කොළ ජාති . කොළ කන අලි මේ ජීප් එක පස්සේ පැන්නුවේ මොකද?(නදී)
අපේ රටේ සියලුම වැසියෝ සාමාන්‍යය අධ්‍යාපනයක්වත් ලබනවනේ. නමුත් හෝර්ටන් තැන්නට ගියාම සත්තුන්ට කෑම දමන්න එපා කියනවා. අලින්ටත් දෙන්න එපා කියනවා.මේ විද්‍යාත්මක සත්‍යය නොතේරෙන්නේ ජන්මේ වරදක්ද නැත්නම් අපේ අධ්‍යාපනේ යල්පැන ගිහින්ද ? (නි)
ඕක තමා කියන්නේ අලි වැටක්, ලේසර් වැටක්, අලි පාලනේට ශබ්ද තරංග උපකරණ වගේ දේවල් ඇති කරන්න කියලා. (නි)
කෝ එතකොට අලින්ගේ සෙවණැලි?අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ.(නි)
වන ජීවී ඇමතිතුමානේ මේ ඇවිත් ඉන්නේ කියලා ඔය පස්සෙන් යන්නේ දුක සැප අහගෙන (නි)
බලපිටියේ වෙච්ච සිද්ධියට වාඩුව ගන්න ඇවිත් වගෙයි.(නදී)
මේක කැබ් රියක් නොව අලුත්ම ලියාපදිංචි කරවත් නොමැති ප්‍රාඩෝ රථයක් නේද?(නදී)
ඕක කැබ් එකක් නොවෙයි.(නදී)
මේක ඉතා කුරිරු වින්දනයක් වනජීවී ඇමතිත් මෙහෙම සත්ව හිංසාව සතුට්න් කරනවානම් අනිත් අය ගැන මොන කතාද? අවවාදයට වඩා ආදර්ශය උතුම්.(නදී)
ඇතින්නියෝ ටික බලාගෙන, පිටිපස්සෙන් එන එක යට කරගෙන යයි හොඳේ. මිනිස්සුන්ට නම් එහෙම තමයි, පාරේ අයිනෙන් ගියත් ඇමති ආරක්ෂකයන්ගේ වාහන වලින් බේරෙනවා බොරු (නි)
සැප වාහන තිබෙන ඔයාලා කාට බය වෙන්නද ? දුප්පතාට මේක අලි ප්‍රස්නයක්.(නදී)
ෆොටෝ ෂොප් ඇතින්නියා.. ඇමති පස්සේ දුවන්නියා.. දැක ඇමතිගේ සුපිරි රියා.. පාර මැද්දේ හඬන්නියා.. (ත)
මේ ඇමති තුමත් අලියෙක් වගේ . ලංකාවේ කැලේ අලින්ට කෑම නැති වුණාට ඇමති තුමාට කෑම බිම කිසි අඩුවක් පෙන්නේ නැහැ . අලින්ට කේන්ති ගිහින් තියෙන්නේ රටත් කාල සතුන් වසන කැලේ වනසන්න ආවට. සල්ලි තියෙන කොට සතුන් විනොදෙට මරණ එක සිරිතක් . සතෙක් සතෙක් මරන්නේ බඩ ගින්න අවම කන්න පමණයි (අ)
කොහොමත් තරහිනේ. මොකද දන්නා නැහැ අතින්නියෝ දෙනේනෙක් එලවාගෙන අව .එතුමා වයසක මනුස්සයන දැන්. (අ)
මිනිසුන්ට නොතේරන දේ සතුන්ට තේරිලා වගෙයි දැන් ගෙදර යන්න කාලේ හරි.(නදී)
රජයට පින් සිද්ද වෙන්න පාරවල් ටික හදලා තියනවා හදිසියකට අලින්ට උනත් ඇමතිවරයෙක් හමුවන්න පුළුවන් විදියට.(නදී)
වාහනේ වගේම ඇතින්නියන්ගෙත් හෙවනැල්ල පාරට වැටිලා තිබුනා නම් පින්තූරේ තව ලස්සන වෙනවා.(නදී)
සංජීවගේ කටේ මසුරන් දාන්න ඕනේ කියපු කතාවට. මමත් අහලා නැහැ අලි හරක් මස් කනවා කියලා.(නදී)
කොහොම උනත් ලස්සන දර්ශනයක් සොබාවික සෞන්දර්ය තියෙන්නේ මේ සතුන් එක්ක. එයාලට පාඩුවේ ඉන්න දෙන්න ඕනේ මේ ෆොටෝ එක ගන්න ඇත්තේ පිටිපස්සෙන් ආපු ආරක්ෂකයෝ වෙන්න ඇති නේද ?(නදී)
පුහ්! සන්රූෆ් තියෙන ජීප් තියාගෙන ඉන්නේ.(නදී)
ඇමති තුමෝ අලි බලපු එක හොඳයි. අලින් මරණ එක නවත්වන්ද ක්‍රම යොදන්ද. අපේ ආණ්ඩුව අවට පස්සේ ස්වභාව ධර්මය , පුර වස්තු විනාස වීම වැඩි වෙලා වගේ. (අ)
ඇතින්නියන්ට අයුතු යෝජනාවක් වක් කළාද?(නදී)
වාහනේ හෙවනැල්ල තියෙනවා. අලින්ගේ හෙවනැලි නෑ. (නදී)
මෙය අනුමත කල හැකි ක්‍රියාවක් නොවේ. ඇමතිතුමා කර ඇත්තේ නරක වැඩකි.(නදී)
ඇමතිතුමාට ඇතින්නියෝ හරිම ආදරේයි. (ත)
මේ සේරම මොනවා කිවත් මම නම් කියන්නේ ඇමතිතුමා කැබ් එක නවත්තල හිටියනම් මොකක් වෙයිද? සිතීම ඔබට.(නදී)
බය හිතෙනවා.(නදී)
මාතර කිරල කැලේ වන ජීවියට අයත් බූමියේ ගෙයක් හදලා. මෙයාට සහ නිලදාරින්ට කිව්වට වැඩක් නැහැ. ඇතින්නියේ එලවල වැඩක් නැහැ දන්නවනේ කරන්න ඕන දේ.(නදී)
බොරු පොරොන්දු දුන්නම ඔහොම වෙනවා තමයි (අ)
තාත්තා ළමයින්ගෙ වයස දන්නෙ නැද්ද සංජීව.(නදී)
අවනඩුවක් කියන්න ලගට එන්න හදනවද කොහෙද? ඇමති තුමාට තිබුනේ නතර කරලා මොකද කියල අහන්නනේ? (නදී)
මට වැරදුන තැනක්. මම හිතුවේ ගස් උඩ ඉන්න කෙනෙක් ඇමතිතුමාගේ වාහනයට නැගලා එයාව එලවන්න අලි පස්සෙන් එනවා කියලා.(නදී)
අපේ රටේ අහිංසක මිනිසුන්ගේ ඕන තරම් ප්‍රසන තියනවා පත්තරේට දන්න ඇමතිගේ වාහනේට වැඩිය (අ)
වනජීවී ඇමතිතුමා අලින්ට කෑම දෙන්න ගිහින් වගේ. වනජීවී ඇමතිතුමාටම මේ තත්ත්වයට මුහුණ දෙන්න වුණ එක දෛවයේ සරදමක් වගේ මට පෙනෙන්නේ (නි)
ඔන්න ඇමැති ඇතින්නියෝ - ඔබේ පස්සෙන් දුවන්නියෝ මොන කරුමෙද නොදන්නියෝ එන්ජිම නොනවතින්නියෝ (අ)
මෙතුමා කොළ පාට කමිසයක් ඇඳගන හිටි නිසා පස්සෙන් එලවන්න ඇති. (නි)
අපිට වගේම, වල්සත්තුන්ටත් එපාවෙලයි ඇත්තේ, එකනේ පස්සෙන් පන්න පන්න එලවන්නේ.(අ)
හරි ජෝලි නේද ඔයගොල්ලෝ අපේ සල්ලි වලින් විඳින සැප. අපට් කන්ඩ නැහැ දුක් විදිනවා. ඔයාලා නම් සතුටින් ඉන්නවා.(නදී)
ඉස්සර වගේ දැන් මිනිස්සු මෝඩ නෑ (අ)...
අනේ ඉතින් අපේ බදු සල්ලි වලින් ගත්ත වාහන, අපේ බදු සල්ලි වලින් ගහපු ඉන්දන. කාට කියන්නද? (නදී)
අලි බඩවල් තුනක්..(අ)
ඇමති තුමෝ තවම හරි අලි පස්සෙන් අවේ නැහැ. ඒකයි ඔබතුමා ඔහොම යන්නේ.(නදී)
ඇමැතිතුමාට දෛවය සරදම් කරනවා (නි)
ඡන්ද දායකයන්ටත් වෙන්නේ ඔය ටිකම තමයි. රැවටිල්ල.(නදී)
අපේ ඇමතිතුමන්ලා බහුතරයක් ගත්තහම එයාලට තමන්ගේ උතුම් ඡන්දය දුන් බහුතර අයට සිද්ධ වෙන්නේ චන්දෙන් පැරදුනත් ,දිනුවත් මේ වගේ පස්සෙන් දුවන්න තමයි . (නි)
හොඩවැල දිගට තිබුනට ඔච්චර ලග තියෙන වාහනයටවත් තට්ටුවක් දාගන්න බැරි ඇයි? (නි)
මේ ඇතින්නියෝ නෙවෙයි, කෙනෙරුන් දෙදෙනෙක්. අලියාගේ ගෑනු සතා කෙනෙර. ඇතා ගේ ගෑනු සතා ඇතින්න. (අ)
උන්ගේ ප්‍රශ්නත් විසදන්න සාකච්ඡාවක් ඉල්ලගන්න එන්න ඇත්තේ.කෝ ඔබතුමා නැවතුනායැ? (නි)
අලියා කොහොම වෙතත් වාහනය දැක්කහම නම් හිතෙන්නේ අපේ සල්ලි ගන්නෙ නැතුව අනේ මේ මහත්තුරු අපට සේවය කරන්න කොච්චර දුක් විඳිනවද කියල (අ)
ඔහෝම තමයි අපේ ප්‍රශ්න කියන්න ගියත් ඒ ගොල්ලලො ඒකඅහන්න නවතින්නේ නෑ (අ)
අලින්ට පෙන්නන්න බැරි බව දන්නේ නැතුව ඇති (අ)
ඔය පස්සෙන් එන්නේ හොදකට නම් නෙමෙයි හොදේ (නි)
අහවල් පක්ෂයේ හිටපු දෙන්නෙක් වගේ (නි)
අනේ පොඩ්ඩක් ඉන්නකෝ... (නි)
නැහැ රූපා. දෛවයට අපේ ඇමතිතුමා සරදම් කරනවා නේද? (නි)
ඇමති ටිකක් ඉන්නකෝ ..ඇවිදින් ඉද ගන්නකො ..පුංචි කතාවක් කියන්න තියෙනවා .අතෝ නිකන් ඉන්නකෝ ...මට යන්නට දෙන්නකෝ...රටේ තොටේ වැඩ පල මට තියෙනවා .(අ)
හරියටම කවුද කියල අඳුන ගන්න බැරුවලු පස්සෙන් දුවලා තියෙන්නේ. හරියටම අදුනා ගත්තා නම් අනික් පැත්තට දුවනවලු පස්ස නොබලාම. (නි)
වාහනය කීයද කියල අහන්නලු, අලි දෙන්නා පස්සෙන් ආවේ. (නි)
රස්සාවක් ඉල්ලගන්නද දන්නෙ නැහැ ඔය පස්සෙන් එන්නේ? (නි)
පින්තුරේ දැක්කම මුලින් හිතුවේ ෆිල්ම් එකක් ගහනවා කියලා. (නි)
මෙතුමා කියන කතාවේ ඇත්තක් තියෙනවා (දී)
මේ දෙන්නා හිතුවද දන්නේ නැහැ ජීප් එක ඇතුලෙත් අලි පැටියෙක් ඉන්නවද කියලා. (නි)
අහිංසක සත්තු දෙන්නා ඇමති තුමාගේ පස්සෙන් යන්නේ මනාපේ දෙන්න වෙන්න ඇති. ඒක ඇමති තුමාට තේරෙන්නේ නැති හැටි .(නදී)
ඇතින්නියො දෙන්නා වැරදියට හිතුවද දන්නේ නැහැ, ඇමැතිතුමාත් ආවේ මහත්තයලගේ දල කපන්න කියලා (නි)
අලි හිතුවද දන්නේ නැහැ ඒ යන්නේ රනිල් මහත්තයා කියලා. (නි)
කැමරාකරුට ඇති ඥාති සම්බන්දය කියන්න අලි එන්න ඇති.(නදී)
මේ සත්ව අපචාරයක්. කලබලට පත් වුනු වන සතුන් කුපිත කරවීමක්.. මුළු ලෝකයම ඉදිරියට යද්දී අපේ රට පස්සෙන් පස්සට යන හැටි! (දී)