IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඔබ පෙම්වතෙක්ද? ඔව්

2016-05-13-ent-02

 

2016-05-13-ent-01අකිල මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස්වල කොණ්ඩෙ වැවෙනකම් බලන් ඉන්නවා. මොකද සී රජ නාට්‍ය නිසා සම්පූර්ණයෙන්ම කොණ්ඩෙ කැපුවා. දැන් ටික ටික කොණ්ඩෙ වැවෙනවා. ඉතිං ඔහොම තමා.

 

කොණ්ඩෙ වැවෙනකම් නිර්මාණ බාරගන්නෙ නැද්ද?

නිර්මාණ කියන්නේ මේ තට්ටෙ පොඩ්ඩක් නැතිවෙලා කොණ්ඩෙ වැවෙනකම් ඉන්නවා. ඒ අතරතුර දෙරණ සහ ස්වර්ණවාහිනියෙ වැඩ කටයුතු කරගෙන යනවා. රයිගම් ටෙලි සම්මාන උළෙලේ වැඩවලට සම්බන්ධවෙලා ඉන්නවා. එහෙම වැඩ තමා විශේෂ වැඩ කටයුත්තක් නෑ.

 

ටිකක් ප්‍රමාද වෙලා කලාවට එන්නෙ ඇයි?

ඇත්තටම මම පුංචි කාලෙ ඉඳන්ම කලාවට කැමැත්තක් දැක්වූවේ නැහැ. මගේ අම්මා අප්පච්චි අපිට නිදහස දුන්නා අපි කැමති දේ කරන්න. මම ගෙදර හිටිය නිහඬ ළමයෙක්.

අප්පච්චිගෙ කලාව හොඳයි. ඒත් මම ව්‍යාපාර දියුණුව මුදල් වියදම ඒවාට තමා කැමති වුණේ. මම පොඩි කාලේ ඉඳන්ම ගණන්කාරයෙක්. මම ගණන්වලට හරි දක්ෂයි. ආසයි. මම පුංචි කාලෙ ඉඳන්ම ව්‍යාපාර කටයුතු කළා. මට මතකයි 7 වසරේදී සුරතල් මාලු විකුණන ව්‍යාපාරයක් කළා. කොච්චර ලොකුවට කළාද කියනවා නම් 7 වසරේ ඉඳන් 10 වසර වෙද්දි මම ජීවිකාව හැටියට මාලු විකුණපු අයටත් සුරතල් මසුන් විකුණුවා. ඒවට අම්ම අප්පච්චි සතුටු වුණා. ඒ නිදහස මට දුන්නා. කලාවට එන්න පරක්කු වුණේ ඒක වෙන්න ඇති. මම හිටපු ක්ෂේත්‍රයත් එක්ක මට කලාව ගැටුණෙම නෑ.

 

ඔබ මුලින්ම කලාවට එන්නේ?

මාව මුලින්ම දකින්නේ දිගු දෑස Music Visual එකෙන්. එතනදි මම ජැක්සන්ගෙ පුතා කියලා ගොඩ දෙනෙක් දැනගන්නෙ නෑ. මාව හරියටම දැනගත්තේ සිරි පැරකුම් චිත්‍රපටයෙන් පස්සෙ. එතනින් එහාට කතාව වෙනස් වෙනවා. මම කලාවට එන්න හිතන්නෙ අම්මා අප්පච්චි හොඳ කාලාකාරයො. දැන් මෙහෙම කිව්වොත් හරි. වඩුවගෙ පුතා ඉංජිනේරු කෙනෙක් වුණත් ගෙදර ඇවිල්ලා පුටුවක් හදනවා දැක්කොත් මගේ එකා මගේ දේ කරනවනෙ කියලා සතුටු වෙනවනේ. ඉතිං මමත් දන්නවා. මගේ අම්මා අප්පච්චිත් මම කලාවට එද්දි ඒ වගේ සතුටු වුණා. එයාලගේ සතුට ප්‍රේක්ෂක ආදරය ඒ දේ එක්ක මම රඟපෑවා.

 

දැන් ව්‍යාපාර කටයුතු කරන්නෙ නැද්ද?

කරනවා... කරනවා... අනිවාර්යයෙන්ම. ව්‍යාපාර අත්හරින්නේ නෑ.

 

මොනවගේ ව්‍යාපාරයක්ද?

කලාවට සම්බන්ධ ව්‍යාපාරයක්. මොකද කලාවෙත් කැමති ව්‍යාපාර පැත්තට.

 

කොහොමද අක්කා සහ මල්ලී අතර තියෙන බැඳීම?

මුලින්ම අක්කයි මායි තමා එකතු වෙන්නේ. ඒ කාලේ අපි චූටි මල්ලිව බලාගන්නවා. අපි දෙන්නම චූටි මල්ලිව හදා වඩා ගත්තා කිව්වොත් හරි. චූටි මල්ලි කිව්වට හැබැයි එයා මට වඩා අවුරුද්දයි බාල. කාලය ගෙවෙනවා. අක්ක ඉතිං ගෑනු ළමයෙක් නිසා එයා ලොකු වෙද්දි ඒ විදියට හැඩ ගැහුණා. අක්කට තියෙන ආදරය බැඳීම ඒ විදියටම තියෙද්දි චූටි මල්ලිගෙයි මගෙයි තියෙන සහෝදරකම හොඳම හොඳ යාළුකමකට පෙරළෙනවා.

 

ළමා කාලය මතක් කළොත්?

මම උපරිමයෙන්ම නිදහස වින්දා. මොකද අක්කා පොඩි කාලෙ ඉඳන්ම හපන් පැදුරේ හිටපු නිසා කට්ටිය එයාව දැක්කම අඳුනනවා. චූටි මල්ලිත් එහෙමයි. එයා පොඩිකාලේ ඉඳන්ම නළුවනෙ. මම ඉතිං එහෙම නෑ. මම සාමාන්‍ය කෙනෙක්. එයාලා සමාජයේ විශේෂ චරිතනෙ. ඉතිං එයාලට බැරිදේවල් පවා මම කළා. එයාලට වගකීම් වැඩිවුණා. මම පවුලේ අයගෙ කලා වැඩ බලාගෙන නිදහසේ හිටියා. අන්තිමට එයාලගෙ වැඩ ඔක්කොම බලා හිටපු මමත් ඒවම කළා.

 

ජනප්‍රිය පවුලක ඉපදීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම වාසනාවක්. ඔය අහන ප්‍රශ්නය ගැන මම තනියම කල්පනා කරන අවස්ථා තියෙනවා. හේතුව මට එහෙම හිතන්න අවස්ථාවක් ලැබුණා. මොකද මම දැක්කා අම්මා අප්පච්චි ඒ වගේම අක්කා හා චූටි මල්ලි පාරේ යද්දි වුණත් මිනිස්සු උනන්දුවෙන් බැලුවා. හැබැයි මම පාරේ යද්දි කවුරුත් එහෙම බැලුවෙ නැහැ. මේ පෙනුමම තමා මට තිබ්බෙ. ඉතිං තරු ලකුණ කියන එක මට තේරුණේ ඒ අකිලම දිගු දෑස රඟපාලා ඊට පස්සේ බස් එකේ යද්දි. මට සති දෙකක් බස් එකේ යන්න ලැබුණේ නෑ. ඒත් ඊට පස්සෙත් මම දිගටම බස්වල ගියා.

මම කියන්නේ කලින් මම දිහා කවුරුත් බැලුවෙ නෑ. මට මතකයිනේ. මට හොඳට මතකයි මට නළු උණක් තිබ්බෙත් නෑ. කාටවත් මම දිහා බලන්න වුවමනාවක් තිබ්බේ නෑ. නමුත් ඒ වෙනස දැන් අවුරුදු තුනක ඉඳන් මට දැනෙනවා. මිනිස්සු මම දිහා බලනවා. හිනාවෙනවා. ආදරය දක්වනවා. ඒ දේවල මට දැනෙනවා. තරු ලකුණ නම් පුදුමාකාර දෙයක්.

 

අනාගත බලාපොරොත්තු?

පුංචි කාලේ ඉඳන්ම මගේ සිහිනය වුණේ හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න. ඒ සඳහා දිගටම වැඩ කරනව. ව්‍යාපාර කටයුතු පිළිබඳ අධ්‍යයනය කරනවා. ඒ එක්කම දෙමාපියන්ගෙන් ලැබූ බූදලය අත්හරින්නෙත් නෑ. කලාවන් තුළත් නියැලෙනවා.

 

පෞද්ගලික තොරතුරු ටිකක් කතා කරමු. පෙම්වතෙක්ද?

ඔව්.

 

කවදා විතර ද විවාහ වෙන්න බලාපොරොත්තුව?

මම නම් හෙට වුණත් කැමතියි. ඒත් එහෙම කරන්න බෑනේ. ඒකට නැකත එන්න ඕනෑ.

 

අනූෂා රණසිංහ

 

DESHAYA

 

2016-05-13-ent-013



අදහස් (0)

ඔබ පෙම්වතෙක්ද? ඔව්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 761 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 565 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 811 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 600 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 514 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 324 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site