කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය නැරඹීමට විශාල පිරිසක් ජා-ඇල පිවිසුමට පැමිණෙති. බදාදා (24) අලි රේස්, තිරික්කල් රේස්, චිත්‍ර තරග, සරුංගල් තරග, පාසල් වාදන සංදර්ශන ආදි වැඩසටහන් රාශියක් ජා-ඇල පිවිසුමේදී පැවැත්විණි.
මහින්ද රාජපක්ෂ ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් අද උදේ අධිවේගී මගේ පයින් ගියහ.
(ඡායාරූප අශේන් සේනාරත්න)
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම දාලා තිබෙන එක නම් හරියටම හරි. මොකද තව අවුරුදු 20 කින් ඔය පොඩි දරුවට පාර කෙසේවෙතත් ණය දොර නම් අධිවේගය වගේ ඇරෙයි. (නි)
ඔබට පුතේ මගක් ඇතේ.. නමුත් පුතුන් සිඟා කතේ.. ඒ ගැන නම් දුකයි පුතේ.. (නි)
වැඩේ හොදයි, ලස්සනයි. උත්සව නතර කරලා ඒවාට යන සල්ලිත් ගමක පාරක් හදන්න යෙදෙවුවා නම් තවත් හොදයි (නි)
තිලක් ඩුබායි, මේගැන විවේචනය කරන්න තවම කාලය නොවේ. මේ පාරේ ලංගම බස් 5 දමන්න තීරණය කර තිබෙනවා. බස් මගින්ගෙන් සාධාරණ ගාස්තුවක් අය කාරවී කියලා මම බලාපොරොතු වෙනවා. එහෙම වුණොත් පුද්ගලික වාහන නොමැති සාමාන්‍ය ජනතාවටත් මෙමගින් වැඩක් සිදුවේවි කියලා හිතෙනවා (නි)
විරාජ් කාලිංග ,ඔවු අපි දුපත් වැසියෝ තමා. පිටරට ඉදලා තමන්ගේ රටේ අහිංසක මිනිස්සුන්ව විහිලුවට ගන්න එපා.අපේ ජනාධිපතිතුමා නිසා තමා ලංකාවේ අපේ අය අධිවේගී මාර්ග දැක්කේ (නි)
ඩුබායි තිලක්.තමුන් හැමදාම යන්නේ හරහට කකුළුවා වගේ. (නි)
මම ලංකාවේ ඉන්න කාලේ (1986) තොටළග ඉදලා සීදුවට මිනිත්තු 7න් ආවා, මේ හයි වේ එකේ මොන මිනිත්තු ද ? (නි)
දිර්ඝායුෂ වේවා මහරජාණෙනි!!! (නි)
තිලක්, ඔයා ඩුබායි වල කොහෙද? (නි)
අලි රේස් නම් ඉතින් හැමදාම අරෙහෙත් පෙන්වනවානේ.. (නි)
මේ වෙනුවෙන් තම දේපළ අහිමි වූ ප්‍රදේශවාසීන්ටත් ප්‍රණාමය හිමිවිය යුතුයි. (නි)
ඔව් ඔව් තව ඇමතිවරු ටිකක් දිවුරුම් දෙනවලු නැවතත්.හොදයි හොදයි ගොඩාක් හොදයි. (නි)
විරාජ් කියපු එකම තමා මාත් හිතුවේ, ගොඩක් දුක හිතෙනවා ලංකාවේ මිනිස්සු ගැන. (නි)
හරියටම හරි විරාජ් කාලිංග (නි)
බඩගිනි උනාම අදිවේගයේ යන්න බඩ පිරෙයි හොදටම.(දිල්)
ජය ලලිතට තව ජෙලස් ඇති .(දිල්)
ඉස්සෙල්ල රට දියුණු කල යුතුයි , එතකොට මිනිස්සු නිකම්ම දියුණු වෙනවා. මෝඩ කම් අඩු වෙනවා , ජය වේවා. (දිල්)
තිලක් ඕක කාර් එකක්ද , බරකරත්ත්යකද නැත්නම් කොච්චියක්ද .(දිල්)
අපේ රටට නිදහස ලබාදී අපේ සිහින ඉටුකරන අපේ නියම නායකයා ඔබයි ගරු ජනපති තුමනි.....(නදී).............
හැම දෙනාටම හොදට තේරුම් ගන්න නම් විරාජ් කාලිංගගේ අදහස බලන්න.(නදී)
තිලක් ඔයා හරි. ඔකට මෙට්‍රො ට්‍රේන් දැම්මා නම් හරියට හරි. අදි වේගය බොරුවක. ජනපති තුමනි ඔබට එය කළ හැකියි.(නදී)
යුද්ධය කරගෙන යනකොටත් ඒකටත් අකුල් හෙළපු මිනිස්සු ඉන්න රටේ,මේ වගේ රට වෙනුවෙන් හදපු දෙයකටත් අකුල් හෙළන්න මිනිස්සු හිටියෙ නැත්නම් තමා පුදුමෙ. සමහරක් හිතාගෙන ඉන්නෙ මේ අධිවේගී මාර්ගයේ යන්නෙ ලොක්කෝ විතරයි කියලා. මෝඩකම සහ කුහකකම. (නි)
මේවා දකිද්දී අැගේ ලේ උණු වෙනවා. (නි)
අධිවේගී මාර්ග රටේ සංවර්ධනයට යොදා ගන්න නම් මගින් වැඩිපුර ගමන්ගන්න බස් රථ වලිනුත් කාර් වලින් අයකරන මුදලම අයකර එහි වාසිය මගියාට ලබාදිය යුතුයි. එවැනි ක්‍රමයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ නම් පෙන්නේනට නැත ? .(නදී)
තිලකරත්න ,මිනිස්සු හැමදාම ඡන්දෙ පාලකයන්ට දුන්නේ නිකම් (අතලොස්සක් හැරුනම) උන්ට නිකම් ලැබුනේ එදා රැට ටීවි එකේ පෙන්නපු හින්දි චිත්‍රපට ටික පමණයි .ඒකේ කරන්ට් බිලත් ගෙව්වේත් උන් විසින්ම. (ස)
හැමදාම කුඩු කාරයෝ කප්පම් කාරයෝ විතිරක් රජකරනවානම් තමා මේ ලොකු මිනිස්සු කියන කොටස කැමති................(නදී)....
අපේ අයට හැම දෙයක්ම නිකම් දෙනව නම් තමයි කැමති. කවදාවත් රට ගැන හිතන්න කැමතිම නැහැ.. .(නදී)
මෙය මෑත කාලයේදී රටට කරපු හොදම ආයෝජනයයි . ජය වේවා (දිල්)
විරාජ් කාලිංග එක්ක මම එකඟයි . මේ මනෝජ්ල වගේ ග්‍රාම්‍ය අදහස් තියන උන් ඉන්නකල් මේ රට හොරුන්ගේ රජ දහනක් වෙලා තියේවි !!! මුලින්ම මේ වගේ උන්ව පන්නන්න ඕනේ රට හදන්න නම් !! (ස)
"හෙට මේ මග අපෙ පුතේ....! සල්ලි ඇතොත් නුබේ පුතේ..! උජාරුවට කීවට ලක්ෂ ගානක් අවේ රටේ වැඩ කරන දිනවල නේද? ජාතික සංවර්ධනයට බලපෑමක් නැතිව ඇති, මේ වැඩට යන ජනතාවක් නෙවේද, විරැකියාවෙන් ඉන්න පිරිසක්ද? (ස)
මම අන්තිමට දාපු අදහස් වලට මොකද වුනේ?.(නදී)
එමඟ යන්න සල්ලි නැතේ (ස)
මනෝජ්, මිත්‍රයා තමුන් ගැනත් මට කණගාටුවක් තියෙනවා. 65% විතර ලංකාවේ ජනතාවත් ඔය කියන මතේම එල්ලීගෙන ආශ්චර්ය එනකන් බලන් ඉන්නවා. බොහෝ දෙනෙක් තාමත් දන්නේ නැහැ අපි කොතනද ඉන්නේ කියලා. හොරුන්ට කුඩු කාරයින්ට පගා මරුවන්ට රැවටෙන ජනතාවක් ඉන්නේ ලෝකේ වෙන කොහෙද ලංකාවේ මිසක්.(නදී)
අපේ අය ගැන නම් ඉතින් කතාකරලා වැඩක් නැහැ (නි)
යන්න ගත්විට ගාස්තු අඩුද වැඩිද කියලා පෙනෙයි 27 වැනිදායින් පස්සේ. (නි)
ජනාධිපතිතුමාට පින්සිද්ධ වෙන්න ලංකාවේ අධිවේග මාර්ග හැදෙනවා. ජනාධිපතිතුමනි, ඔබට චිරන් ජයතු ...! (නි)
ජය වේවා ජනාදිපතිතුමනි! මුළු රට එක් සේසත් කල නායකයාණනි, මුළු ලංකාවම බබළවන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා. ඔබට තෙරුවන් සරණයි!(නදී)
දන් -ඕවිටියා කළල් මතින් අළුත් පාර හැදෙනවා ..... (ස)
ජනාධිපතිතුමනි, මගේ රටට හා ඔබට දළදා හාමුදුරුවන්ගේම පිහිටයි ! (ස)
කටුනායකට පමණක් නොව ලොවට දොර විවර කල අභිමානවත් නායකයා. (ස)
අපේ අභිමානවත් නායකයා. (ස)
විශාල ජයග්‍රහණයක් .ජනාධිපති තුමාට ජය වේවා. මෙතනින් නොනැවතී තව රට දියුණු කල යුතුයි. (ස)
මේ පුතා හැර අනාගතයක් තියෙන තව පුතුන් සිටීද? ඒ පුතුනුත් මේ පුතත් හැර සුබම සුභ අනාගතයක් තියෙන පුතුන් සිටීද? ඒ කවුද? (ලංකාදීප ඔබ උගත් පිරිසකි, මම හැමදාමත් සටන් කරන්නේ ඔබෙත් මගෙත් සියලුම පුතුන්ට හොදක් කරන්නයි. මේක දාන්නේ නැත්නම් මම තරහයි)(නදී)
හොද දේ හොදයි, ජයවේවා !!! රුහුණු මාර්ගය හැදුවේ කිරි ගේන්න කියපු අය, මේකට මොනවා කියාවිද? බලමු.....(නදි)
ශය පාර හැදුවට ඕකේ යන්න හොද කාර් එකක් ඕනේ. ඉන්දියාවේ තියෙන මෙට්‍රො කියලා කෝච්චියක්. ඒවගේ එකක් දැම්මා නම් හැමෝටම අඩු ගානින් යන්න පුලුවන්. ඔය වැඩෙන් සැපට යන්න පුලුවන්නේ සල්ලි තියෙන අයට විතරයි.(නදී)
ප්‍රවේශමෙන් පුතේ! (නි)
පාර නම් හොදටම තිබෙනවා.පයින් යන්න පුලුවන් කී දවසද? දන්නවනේ වාහන ඉගිලෙනකොට? (නි)
මෙහි ලංගම බස් රථ පහක් ගමන්කිරීම ඉතාම කාලෝචිත දෙයක් නමුත් සාමාන්‍ය ජනතාවට දැරිය හැකි ගාස්තුවක් අයකරන්න , බස් , ලොරි, කන්ටේනර් වල වේගය පැයට කිලෝමීටර අසුවට සිමා කරන්න , (දිල්)
හරි දැන් බන්නින්න ගන්න. කව්ද පළවෙනියා ?(දිල්)
තවත් මෙවන් දේ කිරීමට රටට වාසනාව ලැබේවා(දිල්)
වැඩේ නම් හොදයි. දුෂ්කර නොදියුණු ප්‍රදේශත් දියුණු කළොත් නේද හොද? (නි)
නියමයි. ඒත් ඉතින් වාහන විතරනේ (නි)
තිලක් කියන කතාවට මම එකගයි. (නි)
රට ඉදිරියටම රැගෙන යමු .ජය වේවා(දිල්)
මේ පොටෝ ටික දැක්කාම මේ රටේ මිනිස්සු කොයිතරම් මෝඩ දුපත් වැසියෝ ටිකක්ද කියල හිතෙනවා,පාරක් හැදුවාම මිට කලින් දැකල නැහැ වගේ ගිහින් බලන් ඉන්නවා මැජික් පෙන්නනවා වගේ,,කවදා තේරුම් ගනීද දන්නේ නැහැ අපි රැවටිලා ඉන්නේ කියල,(දිල්)
අධිවේගී මාර්ග වගේම බඩුමිල,බස්ගාස්තු,විදුලි බිල,ජල බිල,ගැනත් හිතන්න .(දිල්)
අපි මාර වාසනවන්ත් ජයනතාවක් (දිල්)
තිලක්-ඩුබායි : ඔයාගේ කාර් එක එච්ච්චර ලොකුද?(දිල්)
මේවා සාමාන්‍ය දේවල් රටක දේශපාලඥයෝ කළ යුතු. කොහොමහරි කළ එක අගය කරනවා. (නි)
නිදහසෙන් පසු බිහිවුණ එකම එඩිතර ජනනායකයා. ඔබට අපි හැමෝම ගොඩක් ගරු කරනවා (නි)
කොහොම වුණත් වියදම ගැන නොසිතා මේ වගේ පාරක් හදපු එක නම් ගොඩක් වටිනවා.කැසිනෝ වැඩෙත් ඉක්මණට කළා නම් නියමයි. (නි)
ආශ්චර්ය ටික ටික ළගාවෙනවා (නි)
ආඩම්බරයි පියාණෙනි .....! තව දෙයක් කියන්න ඕනෑ. ඒක රෝසෙන්ද සිල්වා මහත්තයා කියලා තිබෙනවා.ඒ අදහස නැවත බලන්න (නි)
අධිවේගී මාර්ගය මිනුවන්ගොඩ හරහා නිට්ටඹුව දක්වා දිගු කළොත් හොඳයි. තවද මීගමුව හරහා පුත්තලම දක්වාත් එතැන් සිට අනුරාධපුර දක්වාත් අධිවේගය දිගු වෙයි කියා බලාපොරොත්තු වෙනවා. (නි)
නමුත් පුතේ රටක් නැතේ... (නි)
නායකයාණෙනි, ඔබට සුභ පතමි (නි)
ජනපතිතුමනි ඔබ අපේ රටේ හොදම නායකයා (දිල්)
චින්තක,අපි අවුරුදු 10යක් විදේශගත වෙලා දුක් මහන්සියෙන් උපයාගත් මුදල් වලින් අරන් තිබෙන කාර් එක අධිවේගී මාර්ගයට ඇතුළු කරන්නවත් බැහැ.අද 95% ක දුප්පත් ජනතාවට ඔය පාරෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලයි මම නම් කියන්නේ. (නි)
1965 ඩඩ්ලි සේනානායක මැති තුමාගේ සංකල්පයක් අනුව එවකට රජයේ වැඩ ඇමති මොන්ටේගු ජයවික්‍රම මැති තුමා කොලඹ කටුනායක අධිවේගී මාර්ගයක් සැදීමට මුලපිරුවා. එහි එක පාලමක කොටසක් තමයි පැලියගොඩ නව කැළණි පාලම ලග තිබුනු කොන්ක්‍රීට් ආරුක්කුව. නමුත් ඊට පසු 2005 දක්වා තිබුණු කිසිම රජයක් ඒ ගැන උනන්දු උනේ නෑ. නමුත් අපෙත් මතු පරපුරෙත් වාසනාවට මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ඒ වැඩපිළිවෙල තවත් නවීකරනය කරමින් වැඩි දේපල හානියක් නොකරමින් ජාතියට දායාද කළා. ඔබතුමාට නිරෝගී සැප සම්පත් සමගින් දීර්ඝායුෂ පතමි.(නදී)