ශිවන්ත ප්‍රනාන්දු කියන්නෙ ලංකාවේ තරුණ පරපුර ආදරය කරන ගායකයෙක්. ඊට අමතරව මොහුව බොහෝදෙනා හඳුනන්නෙ මේරියන්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් කියලා. නමුත් මේ කාරණා දෙකට වඩා වෙනස් විදිහටත් සමහරු මෙයාව දන්නවා කියලා තමයි ආරංචිය. දවසක් නුවර වෙඩින් එකක play කරලා.
සාමාන්‍යයෙන් වෙඩින් එකකදී කෙනෙක්ව දානවානේ බෑන්ඩ් එකේ ටේබල් එක බලන්න, ඒක ඕනෑ දේවල් දෙන්න. මේ වැඩේට තරුණ කොල්ලෙක් තමයි ඉඳලා තියෙන්නේ. ඉතිං කන්නද බොන්නද මේ හැමදේම මේ තරුණ කොල්ලා බලලා. මේ වැඩේ ඉවර වෙලා බෑන්ඩ් එකේ කට්ටිය එන්න යනකොට ශිවන්ත ගාවට ඇවිත් අර කොල්ලා අහලා "තව මොනවා හරි ඕනද? කරන්න මොනවා හරි දෙයක් තියෙනවාද" කියලා. ශිවන්ත කියලා "නැහැ ඕනේ නැහැ. බොහොම ස්තූතියි කරපු දේවල්වලට" කියලා. එතකොට මේ තරුණ කොල්ලා කියනවාලු "මට ඔයාව දැකලා පුරුදුයිනේ හොඳට. මම මේ ගොඩක් වෙලා ඉඳන් කල්පනා කළේ ඒකයි* කිව්වලු. දැන් ශිවන්ත හිතලා තියෙන්නෙ එයාගේ සිංදු එහෙම හරි මෑශප්වලින් හරි දැකලා වෙන්න ඇති කියලයි.
හැබැයි එයා එහෙම කියලා නැහැ. මේ කොල්ලා කියනවාලු "ඔයාගේ බෑන්ඩ් එකේ සීන් එකක් නෙමේ මට මතක.... ආ හරි ඔයා ගප්පියා නේද" කියලා අහලා. ශිවන්තට තරු විසිවෙලා ඒ අහපු දේට. "ඔයා ගප්පියා නේද? අර කොමිටල් වීඩියෝ එහෙම කරන්නේ" කියලා. "නැහැ නැහැ මම ගප්පියා නෙමේ" කියලා ශිවන්ත ප්‍රනාන්දු එතනින් හිමිට මාරු වෙලා ගියාලු.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඔයා ගප්පියාද?