IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඔහ්... හේමාල්ට අලුත් 'රෝල්' එකක්

2016-05-12-ent-120

 

2016-05-12-ent-119හේමාල් කොහොමද ජීවිතේ?

වැඩ කටයුතු කරගෙන හොඳින් ඉන්නවා.

 

මොනවද මේ දවස්වල දායකවෙලා ඉන්න නිර්මාණ?

දේදුනු ආකාසේ චිත්‍රපටයේ රූපගත කිරීම්වල තමා නියැලිලා ඉන්නේ. ඊට අමතරව කලා කටයුතු කිහිපයක නියැලෙනවා.

 

ඔබ රඟපෑ ආදරණීය කතාවක් තිරගත වීමට ආසන්නයි. අපි ඒ චරිතය ගැන කතා කරමුද?

ඇත්තටම ඔව්. ජූනි 10 වගේ මේ චිත්‍රපටය තිරගත වීමට නියමිතව තිබෙනවා. මම ඒකේ අභිමාන් ජයවර්ධන කියන සංගීතඥයකුගේ චරිතයක් කරන්නේ. සංගීතමය චිත්‍රපටයක් වගේම ආදරණීය කතාවක් චිත්‍රපටය ගැන කෙටියෙන් කියනවා නම් සැබවින්ම ආදරණීය කතාවක්.

 

හේමාල්ට කොහොමද මේ සඳහා ආරාධනා ලැබෙන්නෙ?

මේ චිත්‍රපටයට මට කතා කරන්නේ එහි සහය අධ්‍යක්ෂවරයා වන ඩොනල්ඩ් ජයන්ත. ඒ හරහා තමයි ආදරණීය කතාවට සම්බන්ධ වෙන්නේ.

 

මේ චිත්‍රපටයේ ඔබත් එක්ක රඟපාන සහෝදර නළු නිළියන් ගැන මතක් කළොත්?

උදාරි වර්ණකුලසූරිය සහ අරුණි රාජපක්ෂ ඒ වගේම මගේ සහෝදර ශිල්පියා බිමල් ජයකොඩි. මේ තුන්දෙනාගේම සහයෝගය ලැබුණා. අපි මේ චිත්‍රපටයේ වැඩ කළේ එක පවුලක් විදියට. මේක Team Work එකක්. මේ චිත්‍රපටය නිසා අපට එකතු කරගන්න අපේ ජීවිතවලට ගොඩක් දේ ලැබුණා. ඉතින් ඒ නිසා අපි ඒ ගැන සුබවාදීව බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. චිත්‍රපටයේ සාර්ථක බව තීරණය කරන්න නම් ඕනේ ආදරණීය ප්‍රේක්ෂකයින්.

 

අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන අධ්‍යක්ෂවරයා ගැන, ප්‍රියන්ත කොළඹගේ ඔබ දකින්නේ කොහොමද?

බොහොම සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම ඔහුට ඕනෑම ශිල්පියෙක් තමන්ගේ ශෛලියට ආරෝපණය කර ගැනීමේ දක්ෂතාවයක් තියෙන අධ්‍යක්ෂවරයෙක්. ඔහුට හදිස්සියක් නෑ මේ ගමන යන්න. ඉතා හොඳින් සාර්ථක ගමනක් යන්න පුළුවන් අධ්‍යක්ෂවරයෙක් විදියට මා දකින්නේ ඔහුව.

 

ආදරණීය කතාවක් චිත්‍රපටයේ අමතක නොවන අත්දැකීමක් කිව්වොත්?

මේ චිත්‍රපටයෙ සංගීතමය චිත්‍රපටයක් නිසා එහි එක් දර්ශනයක් තියෙනවා සජීවී සංගීත ප්‍රසංගයක මම ගී ගයන අවස්ථාවක්. ඒ සඳහා අපි තෝරගත්තේ මහරගම පැවැති සජීවී සංගීත සංදර්ශනයක්. මට මතකයි සන්ෆලවර් සංගීත කණ්ඩායම Play කළේ. සෑහෙන පිරිසක් ඇවිත් හිටියා. Camera 6ක් දාලා රූගත කිරීම් ආරම්භ කළේ. සංගීතය බලන්න ආපු අයට දැනෙන්නෙ නැතිව මේක චිත්‍රපට රූගත කිරීමක් කියලා එකවර කරන්න ඕන වුණා අධ්‍යක්ෂවරයාට. ඉතිං ඒක මට අභියෝගයක් වුණා. මම ඒක කළා. ඒක චිත්‍රපටය නරඹද්දි ඔබටත් දකින්න ලැබේවි. ඒ දර්ශනය නම් මට අමතක වෙන්නේ නෑ.

ස්තූතිවන්ත වෙන්න ඕන නීල් වර්ණකුල ප්‍රමුඛ සංගීත කණ්ඩායමට වගේම සංවිධාන මණ්ඩලයට.

 

සංගීතමය චිත්‍රපටයක් නිසා දායක වූ පිරිස ගැන සිහිපත් කළොත්?

අනිවාර්යයෙන්ම ඒ අය මතක් කළ යුතුයි. කසුන් කල්හාර, අමිල පෙරේරා, චිත්‍රල් සෝමපාල, අමල් පෙරේරා, උරේෂා රවිහාරි, කුෂාණි සඳරේඛා ගීත ගායනා කරන්නේ. ගීත රචනය උපුල් ශාන්ත සන්නස්ගල, නන්දන වික්‍රමගේ, ප්‍රියන්ත කොළඹගේ, චමින්ද ගමගේ, නිලාර් එන්. කාසිම්. සංගීතය උදාර සමරවීර. උදාරගේ පළමු සංගීත නිර්මාණය කරන චිත්‍රපටය.

 

දේදුනු ආකාසේ චිත්‍රපටයත් ඔහුගේමයි. ඒ ගැනත් කියමු.

ඔව්. ඇත්තටම මම සතුටු වෙනවා. දේදුනු ආකාසේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබීමත්. මම හිතනවා ආදරණීය කතාවක් චිත්‍රපටයේ මා රඟපෑවට පසුව ඔහු මට මේ ආරාධනාව කළේ, මම හිතනවා මා ගැන තැබූ විශ්වාසය මත කියලා. ඔහුගේ පස්වැනි නිර්මාණය. මම දායක වෙන ඔහුගේ දෙවන නිර්මාණය. ඇත්තටම සතුටුයි ඒ ගැන.

 

ඉදිරියේදී ඔබව දකින්න පුළුවන් නිර්මාණ?

උදයකාන්ත වර්ණසූරිය මහතාගේ බන්ධනය චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන්. ප්‍රදීප් ධර්මදාසගේ කුළුඳුල් චිත්‍රපටය අයිස් ක්‍රීම්. එහි වැඩ කටයුතු අවසන් කළා. කොයි කාලේ ඒවිද කියන්න බෑ. හැබැයි ඉදිරියේදී තිරගත වෙයි. ඒ වගේම තව චිත්‍රපටයක් තියෙනවා තාම ඒකේ නම පිළිබඳ අවසන් තීරණයකට ඇවිත් නෑ. එහි මාත් එක්ක රඟපානවා උද්දික ප්‍රේමරත්න, පූජා උමාශංකර්, ශේෂාද්‍රි ප්‍රියසාද්. ඕවා තමා එන්න තියෙන නිර්මාණ.

 

අනාගත බලාපොරොත්තු ගැන කියනවා නම්?

චිත්‍රපට කර්මාන්තය හරහා ප්‍රේක්ෂකයන් පිනවීම තමා මගේ බලාපොරොත්තුව. ප්‍රේක්ෂකයින් ගෙවන මුදලට රසාස්වාදයක් ලබාදෙන්නට හැකි නිර්මාණවලට දායක වීම. මොකද මම චිත්‍රපට බලලා රසාස්වාදයක් ලබපු කෙනෙක්. ඉතිං ඒ වගේ මම කරන නිර්මාණ තුළිනුත් ප්‍රේක්ෂකයා පිනවීම ඔවුන්ට රසාස්වාදයක් ලබාදීම මගේ එකම අරමුණ.

 

අනූෂා රණසිංහ සේයාරුව / ඡායාරූප - හේමාල්ගේ ෆේස්බුක් ගිණුමෙන්

 

2016-05-12-ent-121



අදහස් (0)

ඔහ්... හේමාල්ට අලුත් 'රෝල්' එකක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 777 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 571 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 826 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 605 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 516 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 331 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site