සැමියාගේ හෙරොයින් ජාවාරමට හවුල්යැයි කොළඹ අපරාධ කොට්ඨාසයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපති බිරිය රෝෂිණී චන්ද්‍රකාන්ති රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිෂාන්ත පීරිස් මහතා අද නියෝග කළේය.
ඇයට ඇප දීමට විරුද්ධ නැතැයි නීතිපති දන්වා තිබිණි.
හෙරොයින් යැයි සැකපිට පොලිස් ස්ථානාධිපතිගේ අල්මාරියක තිබූ සොයාගත් ග්‍රෑම් 42 හි හෙරොයින් (ඩයිඇසිටයිල් මෝෆීන්) ග්‍රෑම් 1.16ක් තිබුණු බව රජයේ රස පරීක්ෂකගේ වාර්තාවේ සඳහන් බව අධිකරණයේ දී කියැවිණි.
පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර මුණසිංහ, ෆාතිමා ෆස්ලීනා හා සංඛ මධුරංග ලබන 28 දක්වා යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කාලේ වනේ වාසේ (දී)
මේක නම් ඕ අයි සි අමාරුවේ දමන්න ගහපු ගැටයක් වගේ. (නදී)
මම නම් විරුද්දයි ඇප දුන්නාට (දී)