අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියන් පුරෝගාමීව ආරම්භ කළාවූ ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ බෙරික් ශාක්‍යමුණී සම්බුද්ධ විහාරයේ කඨින මහා පිංකම, ඕස්ට්‍රේලියාවේ වත්මන් සංඝනායක, දිගාමඩුල්ලේ විමලානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ශ‍්‍රී ලාංකික සැදැහැවතුන්ගේ නොමසුරු ඇප උපකාරයෙන් පැවැත්විණි.
මෙවර කඨින උත්සවය විවිධ සංස්කෘතික අංග මගින් සමන්විත විය.දෙස් විදෙස් බොහෝ දෙනෙකුගේ කතාබහට එය ලක්වූයේ කොබවක විමල ධම්ම හිමියන්ගේ සැලසුමකට අනුව නිර්මාණය කරන ලද , දැවැන්ත හස්ති රාජයා එම පෙරහැරෙ ගමන් ගත් ආකාරයයි.
මෙම පිංකමට ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයෙන් මෙන්ම වෙනත් ප‍්‍රාන්ත වලින් ද භික්‍ෂූන් වහන්සේලා විසි පස් නමක් වැඩම කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු,...! අලියා නම් නියමයි (නි)
මොකද සඳුනි නිකම්ම හිනා යන්නේ? පිස්සුද? (නි)
පියල්, පව්කාරයන්ට මේවා පෙනෙන්නේ විකාර වගේ තමා. (ස)
කුමාර්, ලංකාවේ හොඳට පය ගහල ඉන්න පුළුවන් වුනාට පපුව හොඳ නැහැනේ. ඉරිසියාව කුහකකම උතුරලා පිටාර ගලනවා. (ස)
ඇත්තටම හොඳ වැඩක්. විකාර අදහස් දාන අය බෞද්ධ නෙමෙයි. ලංකාවේ කඨින පෙරහැරක් වගේමයි .... (ස)
අනර්ඝ වැඩක්. (ස)
මාධවී, මේ ඔයා කියන දේවල් දැක්කම මට නිකම්ම හිනා (නි)
හරියට හරි අසංග. ලෝකයේ තිබෙන අවිහිංසාවාදීම ආගම බුදුදහම. (නි)
මාත් ඉන්නේ ඔය වගේ පිටරටක. මේ වගේම තමයි මං ඉන්න රටෙත්. (නි)
නියම පිළිතුර සුදර්ශන්.තව කෙනෙකුට කියන්න දෙයක් ඉතුරුකරලා නැහැ. (නි)
සුදර්ශන්,තරුපති,රන්ජිත්, ඔබලාගේ අදහස් අගය කරමි. අනෙක් විරුද්ධ මත දරන අය වැනි පුද්ගලයින් කොහෙත් ඉන්නවා. මෙවැනි උතුම් පින්කම් වලට "සාදු-සාදු" කිව්වත් පින් ලැබෙනවා . (නි)
මේවා පෙනෙනකොට සමහරුන්ට සැහෙන දුකක ඇතිවන බව පෙනේ (නි)
හරියට කරුණු නොදැන එක්කෙනෙක්, දෙන්නෙක් තැබූ සටහන් බලා මේ විහාරය අසල ජීවත් වෙන, මේ පින්කමට අපේ දරුවන් සමග සහභාගි වූ ලාංකිකයෙක් හැටියට යම් කෙටි හෝ කෘතවෙදී සටහනක් තැබුවොත් හොඳයි කියලා හිතුනා. ඔය පෙරහරට ළමයි දෙතුන් සීයක් සහභාගි වුණා.කසකරුවන්, ගිනි බෝල කරකවන දරුවන් විතරක් නොව විවිධ ලාංකීය සංස්කෘතියට අනන්‍ය වූ නැටුම්, සංගීත වාදන, ගායන ඇතුලත් වූ බොදු කොඩි දහස් ගණන් පා ගමනේ ගිය බැතිමතුන්ගෙ අතේ ලෙළදෙමින් මේ නුවර බෞද්ධ නොවන පිරිස් පවා ආනන්දයට පත් කරපු විශේෂ පෙරහැරක්... මේ හස්ති රාජයා පවා නිර්මාණය කර තිබුනේ හිස වනමින්, හොඩය සොලවමින් ඉතා සජීවී බවක් ලබා දෙන විදියට.එදා දවස අපේ දරුවන්ට ඉතාමත් සංස්කෘතිකය ප්‍රබෝධයක් ලබා දුන් දවසක්. කසාවතින් සැරසුනු හාමුදුරුවො විසි පස්නම විතර එක පෙළට දනට වඩින දර්ශනය අපේ දරුවන්ට නවමු අත්දැකීමක් වුණා. ඕස්ට්‍රෙිලියානු ජාතිකයන් පවා අගය කළ ආගමික සංස්කෘතික උත්සවයක් ගැන අපේ සමහරක්ට පහදන්න සිදුවීම ගැන උපේක්ෂාවෙන් ඉවසනවා හැර වෙන කුමක් කරන්නද? (නි)
මොකටද මේ අලියා? (ස)
සුදර්ශන්, අපිට ඕස්ට්‍රේලියාව ඕනෑ නැහැ. මේ ලංකාවේ හොඳට පය ගහලා ඉන්න පුළුවන්. (නි)
ඇත්තම අලියෙක් ගත්තා නම් තමා හොද (නි)
ලස්සන වැඩක්. පුංචි පිරිසක්..සාදු..සාදු..සාදු(දිල්)
ලුම්බිණි, කුමාර්, ඔය දෙපලට කොහොමත් බුද්ධ දර්ශනය ගැන ලොකු අමාරුවක් තිබෙනවා වගේ පෙනෙන්නේ. පසුගිය කාලෙත් ඔබ දෙපලගේ අදහස් දෙස බැලුවහම ඒ ගැන හොඳට තේරුම් ගන්න පුළුවන් (නි)
නිතර නිතර ධර්මය ඇසෙන මේ වගේ පින් බිමක් දාලා ගිහින් මේ කරන විකාර දැක්කම අපිට දුකයි. තමන්වම රවටා ගැනීමක්. (ස)
කුමාර් ,ඔහෙලට ඕස්ට්‍රේලියාව කිව්වොත් ඇලජික් .ඔහේ විතරක් නොවෙයි අදහස් ප්‍රකාශ කරන කීප දෙනෙන්ම ඉන්නවා ඕස්ට්‍රේලියන් ඇලජික් .ඒගොල්ලන්ට වැඩක් නැහැ හොඳ අදහසක්ද නරක අදහසක්ද මෙතන පලවෙන්නේ කියලා .ඕස්ට්‍රේලියාව කිව්වොත් දෙන්නම් බැටේ කියලා දත මැදගෙන ඉන්නේ ඔහෙලා වාගේ උදවිය .ඒකට හේතුවත් අපි දන්නවා. නිතියානුකුලව එන්න බලන්න ඔස්ට්‍රේලියාවට.එතකොට ඔය ඇලජික් ගතිය යනවා. (ස)
මමත් මේ පන්සල තියෙන කිට්ටුවම තමයි ඉන්නේ...හැබැයි අපේ රටේ ඉන්න බෞද්ධයන්ට වඩා ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ බෞද්ධයෝ ආගම දහමට ලැදි අපේ දේ ඉදිරියට ගෙනියන්න උත්සාහ කරන පිරිසක්.... (ස)
ගංගොඩවිල සෝම හිමියන්ට නිවන් සුව පතමි!!! (ස)
ඒ පාර ඕස්ට්‍රේලියාවෙත් අන්ධ භූත ජාතකය උගන්වන්න හදනවා වගෙයි. (ස)
හොඳ මල් කෙහේ තිබුනත් සුවඳ හමනවා. ඔබ සැමට පින්. (ස)
ලුම්බිණි ධාතු කරඩුව ගෙනියන්න. තාම පන්සලට යන ගමන් .ඇත් ගොවුව විතරයි තාම පිට උඩ ඉන්නේ. (ස)