ජුලි 11වනදාට පෙර කිසිකෙනෙක් දැනහැඳින නොසිටි නමුත් අද මුළු ලෝකයේම ක්‍රිකට් ලෝලයින්ගේ ආදරයට පත්ව ඉන්නා දහනව හැවිරිදි ඇස්ටන් ආගර් ගේ මව ශ්‍රී ලංකාවේ සිංහල කාන්තාවකි.
මේ අසාමාන්‍ය තරුණ ක්‍රිකට් ක්‍රීඩකයා කරළියට පැමිනියේ අසාමාන්‍ය අන්දමටය.
ඇස්ටන් ආගර් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දඟ පන්දු යවන්නායග මේ දිනවල බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව අතර නොටින්හැම් නුවර ට්‍රෙන්ට්බ්‍රිජ් පිටියේදී පැවැත්වෙන ටේස්ට් තරඟයේ දෙවන දිනයේදී ආගර් පන්දුවට පහරදීමට පැමිණියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අවසාන ක්‍රීඩකයා ලෙසටයග ඒ වනවිට තරමක් අපහසුදායක තක්වයක සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කඩුලු නවයක් දැවී රැස්කරගනීමට හැකිවී තිබුනේ ලකුණු 118ක් පමණි.
නමුත් ඉතාමත් දක්ෂ අන්දමට පන්දුවට පහරදුන් මේ කෝඩුකාර තරුණයා ක්‍රිකට් ඉතිහාසයට නම එකතුකරමින් එකොළොස්වෙනි කඩුල්ල සඳහා වැඩිම ලකුණු සංක්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා බවට පත්වීමට සමත් වියග ඇදහිය නොහැකි අයුරින් එදින ඔහු රැස්කළ ලකුණු සංක්‍යාව 98කි.
ඔහු එම තරඟයේදී පිල් හියුස් සමඟ රැස්කළ ලකුණු 163 දහවෙනි විකට්ටුව සඳහා හවුලේ එකතුකළ වැඩිම ලකුණු සංඛ්‍යාවද වෙයි.
ඔහු තව ලකුණු දෙකක් රැස්කිරීමට සමත්වුවානම් ටෙස්ට් තරඟයකදී 11වෙනියා ලෙස ලකුණු 100ක් රැස්කල ලාබාලම ක්‍රීඩකයා ලෙසටද ඉතිහාසයට එකතුවීමට ඉඩ තිබුණිග කෙසේවුවද ඒවනවිටත් ඔහු වාර්තා දෙකක්ම පිහිටුවා තිබුණි.
ලකුණු 98 දී ඔහු දැවීගිය අවස්ථාවේ තමන්ට දුක හිතුන බව එංගලන්ත කණ්ඩායම් නායක මයිකල් වොන් ඉතා නිහතමානීව සඳහන්කර තිබුණි.
ලකුණු 98ට දැවීගිය පසු තරඟය නරඹමින් සිටි ඔහුගේ දෙමාපියන් වෙතට ගිය ආගර් ලකුණු 100ක් ලබාගැනීමට නොලැබීම ගැන තම කණගාටුව පළකර සිටියේයග ඒ වනවිට ඔහුගේ දෙමාපියන් සිටියේ දෙනෝ දාහක් ඉදිරියේ තම වැඩිමහල් පුත්‍රයා පෙන්වූ මේ අසාමාන්‍ය ශුරතාවය පිලිබඳ සතුටු කඳුළු වගුරුවමිනි.
ආගර් ලකුණු 98 දී දැවී යාම පිළිබඳව කතාකල ක්‍රීඩා විචාරකයින් කීවේල ලකුණු 90 ගණන් වලදී පළපුරුදු ක්‍රීඩකයින් පවා තැතිගැන්මට පත්වන බවත් තම ප්‍රථම ටෙස්ට් තරඟය ක්‍රීඩාකළ මේ ඉලන්දාරියාගේ සිතේ ඒ වෙලාවේ කෙතරම් තැතිගැන්මක් තියෙන්නට ඇත්දැයි කියායග ඒදක්වා ඔහු ඉතාමත් හුරුබුටි සහ ඥානාන්විත අන්දමට පන්දුවට පහරදුන් අන්දම දැකගැනීමට ලැබීම භාග්‍යයක් බවද ඔවුහු සඳහන් කළහග ආගර්ට ඉතාමත් දුර ගමනක් යාමට හැකිබව එදා පෙන්නුම්කරන ලද බවද ඔවුන්ගේ මතය විය.
ඕස්ට්‍රේලියානු ඉනිම අවසානයේ ආගර් ක්‍රීඩාපිටියෙන් ඉවත්ව යන අවස්ථාවේ පිට්ටනිය පිරී ඉතිරේ සිටි සියලුදෙනාම තම අසුන්වලින් නැගී සිට අත්පොලසන් දෙමින් ආගර් පෙන්වූ ශුරකමට ඔවුන්ගේ ප්‍රසංශාව පලකළහ.
කවුද මේ ඇස්ටන් ආගර් කියන්නේ?
1993 ඔක්තොම්බර් 14 මෙල්බෝර්න් හිදී උපතලද ඇස්ටන් ආගර්ගේ මව සෝනියා හේවාවිස්ස ආගර් ශ්‍රී ලාංකික කාන්තාවකිග ඔහුගේ පියා ජෝන් ආගර් වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බෝර්න් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩාකර ඇතග ආගර්ගේ මවගේ පියාවූ නාල හේවාවිස්ස මහනුවර ධර්මරාජ විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස ක්‍රීඩා කල අයෙකිග ඔහුගේ දක්ෂතාවය ඇගයීම සඳහා වාර්ෂික ධර්මරාජ කින්ස්වූඩ් තරඟ කුසලානය නම්කර ඇත්තේ නාල හෙවාවිස්සගේ නමිනිග ඔහුගේ බිරිඳ ශීලා හේවාවිස්ස ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ඕස්ට්‍රේලියානු කාර්යාලයේ සේවය කාලයග ඔවුන්ගේ දියණිය සෝනියා හේවාවිස්ස ඔස්ට්‍රේලියාවේදී ජෝන් ආගර් සමඟ විවාහ වුවායග ඒ දෙපලට පුතුන් තිදෙනෙක් සිටිතිග ඉන් වැඩිමහලු දරුවා ඇස්ටන් ආගර්ය.
ඇස්ටන් ආගර් දක්ෂ දඟ පන්දු යවන්නෙකිග ඔහුගේ ස්වාභාවික සහ ප්‍රසන්න පන්දුයවීමේ හැකියාව පසුපස ඔහුගේ මව් පාර්ශ්වයෙන් දායකවී ඇති ශ්‍රී ලාංකික සම්භවයේ ජාන හෙතුවිය හැකියැයි දැන් දැන් ක්‍රිකට් විචාරකයින් පවා ඉස්මතුකර පෙන්වීමට උත්සාහ දරති.
ඔවුන් කියන්නේ ,අනවශ්‍ය තරමට වඩා වැඩියෙන් ගුරුහරුකම් ලබානොදෙන හේතුවෙන් ශ්‍රී ලාංකික දඟපන්දු යවන්නන් හැමදෙනාම බෝල යවන්නේ තමන්ට හුරු ස්වාභාවික ශෛලීයකිනිග මෙය ඉතාම ඵලදායී ක්‍රමයක් බව මුත්තයියා මුරලිදරන් වැන්නවුන් ඔප්පුකර ඇතග ඇස්ටන් ආගර්ගේ පන්දුයවීමේද දකින්නට ඇත්තේත් ඒ ශෛලීයමයි, කියාය.
ඇස්ටන් ආගර් වයස 18දී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ශිෂ්‍යත්වයක් දිනාගැනීමට සමත් වියග පසුගිය අප්‍රේල් මාසයේදී ඉන්දියාවල එංගලන්තය සහ නවසීලන්තය සමඟ ඕස්ට්‍රේලියාවේ පැවති වයස 19යෙන් පහල ක්‍රිකට් තරඟාවලියට සහභාගීවූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඔහු තෝරා ගැනුනි.
එම තරඟාවලියේදී ඔහු කඩුලු අටක් දවාලීමට සමත් විය.
වයස 15ල 17 සහ 19 යේ කණ්ඩායම් සඳහා ඔහු ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ක්‍රීඩාකර ඇත.
දැනට ඔහු නීතීඥ උපාධියක් සඳහා ඉගෙනුම ලබයිග සිය දෙමාපියන් සමඟ කිහිප වතාවක්ම ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති ඔහු ශ්‍රී ලංකාවට ඉමහත් ඇල්මක් දක්වන බව කියයි.
යම්කිසි විධිහකින් ශ්‍රී ලංකා කණ්ඩායමට සම්බන්ධවන ලෙසට ආරාධනයක් ලබුනහොත් එය භාරගැනීමට කැමතිදැයි ඇසුවිට ඔහුගේ පියා කියා අතේ ,අපි ශ්‍රී ලංකාවට ඉතාම ආදරෙයිගශ්‍රී ලංකාවේ ඇති දක්ෂ ක්‍රිකට් කණ්ඩායමක් සිටිනවාග අපි ඉන්නේ ඔස්ට්‍රේලියාවෙනේග එනිසා මම හිතන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සෙල්ලම්කිරීම තමා අපේ දරුවන්ට තියෙන හොඳම දේ, කියාය.
ඇස්ටන් අගර්ගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයින් වන්නේ ෂේන් වොන් සහ සචින් තෙන්දුල්කාර් බවද ඔහු කියයි.
ඇස්ටන් අගාර්ට අපි ඉතසිතින් සුභ ප්‍රාර්ථනා කරමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මට කොයිතරම් සතුටක් ද ඒවගේම අපේ ලංකික්යෙක්ගේ පුතෙක් වීමත් අපිට සතුටුයි (අ)
මේකට සේනාව මොනවා කියිද දන්නේ නැහැ.(අ)
මෙය දන්නවද දංනෙඅ නැහැ ලංකාව කියල රටක් තියනවා කියල?(අ)
සන්තෝෂයි. (ස)
ශ්‍රේෂ්ට ඉනිමක්. මම අපේ මැච් එක පැත්තකට දාලා මෙයා 100 ක් ගහනකල් බලන් හිටියා. අවුට් වුන එකට ගොඩක් දුක හිතුනා.(නදී)
ලෝකයටම වටිනා මෙබදු සිංහල දරුවන් හැම රටකින්ම බිහිවේවා. සේනාවගේ පැතුම එයයි.(නදී)
නොම්මර 11 පිතිකරුවකු ලෙස ටෙස්ට් ක්‍රිරීඩාවෙදී ලොව පළමු වරට වාර්තා වුන ලකුණු 98 දී දැවී ගිය මේ අවුරුදු 19 කොල්ලගේ 4 සහ 6 පහරවල් සියල්ලම තාක්ෂණයෙන් ඉතාමත් ඉහල 'නොම්මර 01 පිතිකරුවන්ගේ' පහරවල් වලට සමය.නැවත කිසිම දිනෙක මොහු නොම්මර 11 පිතිකරුවකු ලෙස නොයැවෙනු ඇත. (අ)
අපේ රටේ මිනිස්සු මහා ලොකුවට පිටරට යනවා දරුවන්න්ට සැප දෙන්න කියල අන්තිමට තමන්ට තමන්ගේ දරුවොත් නැති වෙන එකී වෙන්නේ, තමුන්ට මහලු මඩමක ජීවත් වෙන්න වෙනවා, තමුන්ගේ දරුවෝ පිට රැටියෝ බද ගෙන එන්නාව, දරුවෝ අපිට නොවේ රටට කියන්නේ ඔකටි, මේදරුවා ඕස්ට්‍රේලියන් දරුවෝ (අ)
නිමල් මෝඩයෙක් වුණාට එක ප්‍රදර්ශනය කරන්න එපා. (අ)
පින් ඇති පුතෙක්! (ස)
කියාගන්න බැරි සතුටක් තියෙන්නේ. (ස)
ලංකාවේ සිංහල කාන්තාවන්ට වගේම පිරිමින්ටත් මේක හොඳ පුර්වදර්සයක් වේවි එතෙර ගොස් සිංහල සම්භවයක් ගොඩනගන්න (අ)
සිල්වා වගේ ප්‍රතිචාර දාන කට්ටිය හැමතැනම ඉන්නව කුහකමිනිස්සු..ශ්‍රී ලංකාවේ සම්භවයක් තියනව කිව්වම අපිට නම් හරිම සතුටක්. (අ)
අහන්නත් සතුටුයි (අ)
පෙර පිනකට ඔස්ට්‍රලියාවේ ඉපදුනේ. ලංකාවේ ඉපදුනානම් මෙයාව කපල ඇමති පුතෙක් දමල ලංකාවට ගෞරවයක් ගෙන්නවා. (අ)
මම සම්පූර්ණ තරගයම නරබුව අනන්ගතේ ලංකාවෙන් අපු අය ඕස්ට්‍රේලියාවේ දියුණුවට හුගක් වේද කරනවා මේ මුල ලංකාවේ ය දෙනගන්න ඕන මිනිස්සුන්ට හොදට දේශපාලනේ නැතුව වැඩගන්න ශ්‍රීලංකික අපිට මෙය අබිමනයක් (අ)
නිකන් බොරුවට අපි තප්පුලල වැඩක් නැහැ.මැද පෙරදිග ගිය ගැනියෙක් බංගලියෙක් එක්ක හිටියනම් ඒක ලැජ්ජාවක්.සුද්දෙක් එක්ක ඉඳල ලැබෙන ළමය දස්කමක් පෙන්නුවොත් ආඩම්බරයක් අනේ මෙහම මෝඩ ජාතියක්.ජාතියක් ආඩම්බර වෙන්න ඕනේ තම ජාතිය ගැන මිසක් කලවම් ලේ ගැන නෙමයි.දක්ෂ කමට මම සුභ පතනවා මිසක් කලවම් ලේ වලටනම් හුරේ දාන්නේ නැහැ.පිට රට සිරිතට දිව දික්කරනා අද සිංහල කළු සුද්දා කිව්වේ මේවගේ වාසියට හුරේ දමන අයට තමයි. (අ)
කන්ගරුවෙක් නෙවේ... සින්ගරුවෙක් (අ)
ශ්‍රී ලංකික මාතාවගේ ආඩම්බර පුතෙක්. ලංකාවට උරුමයි ශ්‍රේෂ්ට ජාන.අන්න එවිදියේ ශ්‍රේෂ්ට මාතාවගේ පුතෙක්. හරිම ආඩම්බරයි. (අ)
මගේ චුටි පුතත් එංගලන්ත ටෙස්ට් තරගය බලනවා උදේ ඉඳල (අ)
පුදුම සතුටක්. කොහේ ගියත් ලාංකිකයින් ලංකාවේ නම තියෙනවා.(නදී)
අසේල ,ඔබ තුමා කලවන් නැති කෙනෙක්ද?එතකොට විජේ සහ කුවේණි ?????අනේ මන්දා අසේල මාමේ (අ)
මේ දරුවා සිංහලේ නෙමේ, ඔස්ට්‍රලියාවේ. ශ්‍රී ලංකා මාතාවගේ ආඩම්බර පුතෙක් නෙමේ. ශ්‍රීලංකික අපිට මෙය අබිමනයක් නෙමේ. බොරුවට් උඩ පනින්න එපා. (අ)
බොහෝ බටහිර රටවල සුදුස්සාට තැන දෙනවා. ඇමරිකාවේ ජනාදිපතිතුමත් කලු ජාතිකයෙක්. (නි)
ධර්මේ පුතාට යන්නේ තාත්තගේ වාසගම හා පෙළපත හෙදෙන්නෙත් අම්මගෙන් නෙවේ තාත්තාගෙන්. එක නිසා වාසියක් එනකොටා ඌව අපිට ගාවගන්න හදන්න එපා.මේවගේ කවලම් දරුවෝ නම් බලාපොරොත්තු වෙන්නේ . බංගලි හා පකිස්තාන් ළමයි ගොඩක් මැදපෙරදිගින් අපට ලබා ගන්න පුළුවන් වේවි. (අ)
සුබපැතුම් (ත)
අම්ම ලංකාවේ කියල පෙනේනේ නැහැනේ. (ත)
ශ්‍රී ලංකා ටීම් එකට විතරක් සෙල්ලම් කරන්න එපා. අයිපිඑල් ගැත්තෙක් වෙයි. (අ)
අසේල කලවන් ලේ කියල ලේ ජාතියක් නෑ (අ)
අසේල ,නිමල් , මේ තරම් අන්තගාමි විදයට හිතන්න එපා , හිතන්න ඔයාලගේ දරුවෙක් මේ වගේ දක්ෂ කමක් පෑවොත් ඔයාලට මොන තරම් සතුටක් දෙනෙයිද , කාගේ වුණත් තරුණ දරුවෙක් ඒ ගැන හිතල සතුටු වෙන්න, මේ දරුවට සුබ පෙතුව හෙමොටම ස්තුතිය (අ)
අසේල ඔයාගේ අදහසට තවටිකක් එකතු කරන්න අව්සරයි අපේ රටේ කෙල්ලෙක් කොල්ලෙක් තමන්ගේ හිතගිය කෙනෙක් තෝරගන සගෙට ගන්න ගියොත් ඔහු හෝ ඇය මොනවෛන් සම්පූර්ණ වෙලා හිටියත් (උගත්, නැණවත්, දනවත්, ලස්සන ) දෙමාපියන් වැඩිදෙනෙක් හොයන්නේ ජාතිය ආගම,ජන්මය, කුලය වගේ දේවල් මේවා හරි නැත්නම් අර දෙපළ පවුලෙන් ඈතට. හැබයි පිටරටකින් ජාතියක් ජන්මයක් නැති මොක ගෙනාවත් ඒ පවුලට ඊට ඉහල කෙනෙක් නැහැ. ඕක තමයි අපේ මිනිසුන්ගේ මානසිකත්වය (අ)
අසේල ඔයාගේ කතාවනම් හරියටම හරි. (අ)
ඔන්න අපේ ලංකාවේ අයට අවස්ථාව උදා වුනා, දැන් බය නැතිව ඕස්ට්‍රේලියා යන්න පුළුවන් නෑදෑයෝ ඉන්න නිසා වීසා ඕනෙත් නැහැ, බෝට්ටුවෙන් ක්‍රිස්මස් දුපතට ගොඩ බැස්සනම් හරි, ඉතුරු ටික ඕස්ට්‍රේලියා රජය බලා ගනීවි. (නදී)
ගොඩාක් වාසනා වන්තයි (අ)
අපේ රටේ අවාසනාව,අපිට හොද ක්‍රීඩකයෙක් අහිමි වුනා(නදී)
ඕස්ට්‍රේලියාවේ කෙනෙක් සුභ පතනවා යහපත් හෙට දිනකට. කව්රු වුනත් ශතකය පෙනි පෙනී අවුට් වෙද්දී මටත් දුකයි.(නදී)
හා .....හා....මේවටනම් මට නොලිය ඉන්නම බැහැ. පත්තරේ සදහන් කර තියෙන්නේ ඇස්ටන් ආගර් ගේ මව ශ්‍රී ලංකාවේ සිංහල කාන්තාවකි කියලා. අපි නම් අහලා තියෙන්නේ බළලා මැටියෙන් හරි කමක්නැහැ මියෝ අල්ලනවානම් කියලා ? හොද වෙලාවට මේ අම්මා ඕස්ට්‍රේලියාවේදී විවාහ වෙලා මේ වගේ දරුවෝ 3 නෙක් බිහිකළේ. සිංහල කියන නාමය ලෝකේ කොතනක හෝ සදහන් වෙලා තියනවනම් ඒ අපේ ජාතියයි එකට සිංහල ,දමිල ,හින්දු ,බගර් සියලුම ජාතින් ඇතුලත් එක අපි කවූරුත් අමතක කරන්න හොද නැහැ. මම හදවතින්ම සුභ පතනවා මේ ලාබාල ක්‍රීඩකයාට ලංකාවේ නාමයත් සදහන් වෙන විදියට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියටම යන්න මග විවර වේවා කියා. ඔබට ජයෙන් ජයම වේවා .....(නදී)
අසේල , ටෙනිසන්ලා , මොනවා කීවත් ඒවා කවුරු අනුමත කලත් නොකලත් , අපි මේ පවුල හොදට දන්නවා, හේවාවිස්ස පවුල පේරාදෙණියේ , මීවතුරේ, හොද වැදගත් පිරිසක්. අපි මේ ක්‍රීඩකයාට ඉතසිතින් සුබ පතමු. (නදී)
අසේල, ඔයා ගැන අපිට කනගාටුයි. ඔය තරම් කුහක වෙන්න එපා. හැමෝම මිනිස්සු. හදවතින් සුබ පතන්න. සුබ පතනවා ඔබට.(නදී)
අසේල නියමයි.(නදී)
දක්ෂ කමට ජාති බේද, ආගම් කුල බේද නැහැ ඔවුන් කොහේ හිටියත් ක්‍රීඩා ලෝලීන් සැම දෙනාම ආදරෙයි. ඔබට ජයෙන් ජය.(නදී)
නිමල්, නිතරම සේනාව ගැන කියන්නේ මොලේ කුලප්පු වෙළාද? බෝල ගහල වීරයෝ වෙන්න බැහැ. ඒක සෙල්ලමක්.(නදී)
අසේල, ඔයා හරියටම හරි. පිටරට ඉන්න එක පිරිමියෙක් කාන්තාවන් 10 ක් පමණ ආශ්‍රය කරලා තමා එක ගෑනියෙක්ව අන්තිමට කසාද බදින්නේ. ශ්‍රී ලාංකික අපිට අපිටම උරුම සංස්කෘතියක් තියනවා. එම සංස්කෘතිය සිංහල හෝ දමිල හෝ යන ජාති දෙක තුලම තියනවා. එම සංස්කෘතිය එපා කියපු කාන්තාවකගේ දරුවෙක් තබා එම කන්තාවවත් ශ්‍රී ලාංකිකයෙකු විදිහට සලකන්න අමාරුයි කියලා මම හිතනවා. නමුත් පිටරටවල ජීවත් වෙලත් ලංකාවේ ඉන්න කට්ටියට වැඩියෙන් අපේකමට දරුවෝ හදන අම්මලා තාත්තලාත් ඉන්නවා. (නි)
කොල්ලගේ මුණ බැලුවහම පේනවා හොද සිංහල කොල්ලෙක් කියලා. (නි)
සුජානි අසේල කියන දේ තේරුම් ගන්න. විජය කුවේණි කවලම් වෙච්ච එක හරි. අසේල කියන්න ඔහු ශ්‍රී ලාංකිකයෙකු නොවන බව පමණි. ලංකාවට මුස්ලිම් පිරිමි පැමිණියේ අරාබි රටවලින්. නමුත් ඔවුන් අද ශ්‍රී ලාංකිකයින් මිස අරාබි ජාතිකයන් නොවී.(නදී)
ලංකාවත් එක්ක මැච් තිබ්බොත් මෙයා ලංකාව දිනවයිද දන්නේ නැහැ.(නදී)
අසේල,ඔබගේ කියමනට මගේ ආචාරය!(නදී)
සමහරවිට එනිසා වෙන්නෙති එකොලොස් වෙනියට එවන්න ඇත්තේ .(නදී)
ඔබ ලංකාවේ හිටියනම් කවදාවත් චාන්ස් එක්කක් ලැබෙන එක්කක් නැ කොහොමත් ඕස්ට්‍රේලියා කණ්ඩායමට සෙල්ලම් කරන එක හොදයි. (නදී)
හැමදේටම ජාති බේද ගාවා ගන්න එපා. ක්‍රීඩකයෙක් හැටියට විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළා. සුභ පැතුම් ලංකාවේ කොල්ලන්ගෙන්.(නදී)
අසේල එලෝ විකාරෙද? ආගර් පුතා සන්තෝසයි පැටියා උඹ ගැන .(නදී)
මෙ කොලුවට තව මාස 3කින් අවුරුදු 20ක් වෙනවනෙ? සුබ පෑතුම්... (නදී)
නිමල්, ෂෙරිෆ් වගේ අයගේ අං තියෙනවද කියල මට සැකයි!(නදී)
ලෝකයේ කොහෙවත් නිර්මල ජාතියක් කියල එකක් නැහැ.(නදී)
මේ සම්බන්දව අර සේනා මේ සේනා මොනවා කියයිද?(නදී)
කොතරම් ඔල මොට්ටලයන් අප අතරේ ඉන්නවද කියන එක මේ අදහස් බැලුවහම පෙනෙනවා. (නි)
අෂ්ටන් ගේ මාම (රෝවන් හේවාවිස්ස) සහ නැන්ද වෙසතුරු සිරිත චිත්‍රපටියේ ජාලිය සහ ක්‍රිෂානජිනා ට රංග පෑවා (අ)
අනේ මේ මෝඩ අදහස් එපා. ලංකාවේ සිංහල බෞද්ධ කියලා ඔළුවෙන් ඉන්න අයගේ වාසගම් පෙරේරා, ප්‍රනාන්දු, සිල්වා, පීරිස් වගේ වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් මට කියනවද?? (නි)
අපේ මිනිස්සුන්ගේ තණ්හාවයි, කුහකකමයි හින්දා තමා අපි හැමදාම එක තැන පල් වෙන්නේ (නි)
මේක අපේ ,මේක ඔබේ, කාගේද මේ ලෝකේ, අපේ...... (නි)
එංගලන්ත කණ්ඩායමේ නායකයා මයිකල් වොන් නෙමෙයි. ඇලෙස්ටෙයාර් කුක් (අ)
මේ අපේ වැදගත් පුතෙක්. මොහුගේ සීයා අති උතුම් ලංකා පුත්‍රයෙක්. මොහු ගැන වර්ණනා කිරීමට ඔහු ජිවත් වී සිටියදී අකමැති නිසා මෙහි පල නොකරමි. මට මොහු ගේ ජිවිත කතාව කීවා. ඔහුගේ දක්ක්ෂ ක්‍රිකට්, හා වෘත්තියේ දක්කම් ඉතා ඉහළයි. මොහුගේ ජාත පුත්‍රයන්ට ඒවා ලැබීම වාසනාවක්, මේ අස්ටෝන් ලංකාවට ක්‍රීඩා සදහා පැමිණියා. ඔහු ලංකා මාතාවට ආදරේ කෙනෙක්. හැමෝම මොහුට ගෞරව කරනවා. අනාගතයේ ලංකාවට කිර්තියක් ගෙනදෙන පුතෙක්, සුබ අනාගතයක් වේවා කියා ප්‍රාර්තනා කරමි (නි)
අසේල, ඔයාගේ කටේ රත්තරන් දාන්න ඕනෑ ඒ කතාවට (නි)
අපේ කියලා මුකුත් නැහැ මේ ලෝකේ. මගේ කියලා දෙයකුත් නැහැ (නි)
ධර්ම සේනාධිර, නිකන් මෝඩයෙක් වගේ කතා කරන්න එපා .ඔයාගේ සහෝදරියෙක් සුද්දෙකුට බැඳලා ළමයෙක් ලැබුනම එය සිංහල වෙන්නේ කොහොමද ? මොනවා වුනත් අපි ඔහුට සුභප තනවා දක්ෂ ක්‍රීඩකයෙක් නිසා (නි)
අනේ අසේල, ඔයාගේ පරපුරේ වැඩිම දුරක් ඔයා දන්නේ සීයා ගැන විතරයි. සීයාගේ තාත්තා දකුණු ඉන්දියාවේ ඉඳලා ආපු අන්‍ය ජාතිකයෙක් වෙන්න ඇති අනිවාර්යයෙන්ම. ඔයාලගේ පරපුරවල් ගැන දැන ගන්නම ඕනෑ නම් වික්ටර් අයිවන් ගේ ලංකාවේ දේශපාලනයේ පවුල සහ කුලය කියවන්න. (නි)
දැන් කලවම් නොවුන සුද්ද සිංහලයෝ මේ රටට කරලා තියන තත්වේ පේනවනේ.මේ මනුස්සයා මෙහෙ හිටියා නම් දේශපාලන පන්දමට යටවෙලා ඇති මේ වෙනකොට.ඊනියා ජාතිකවාදී කට්ටිය හිට්ලර්ගේ අදහස් අරන් මෙතන හු තිබ්බට. (දී)
අසේල, කවලම් කියලා කියන්නේ මොකක්ද කියලා හරියටම කියන්න. ඔයා කවලම් නොවෙයි කියලත් හරියටම කියන්න බැහැ , ඔයාගේ අදහස් දැක්කම. (දී)
ඊනියා ජාතිවාදී නාසිවාදියෝ ටික උඩු බුරලා තියෙන්නේ. (දී)
ටෙනිසන්, විය යුත්තේ පිටරැටියන් බදිද්දී කිසිත් හොයන්නේ නැහැ වගේම ලංකාවේ කෙනෙක් බදිද්දීත් කිසිත් නොසොයා ඉදීම මිස පිටරැටියන් බනිද්දීත් හොයන්න පටන් ගැනීම නොවේ.ඔලුවේ කෙස් අස්සේ අං ඇති.ඒවා පෙන්නන්ට එපා. සතා මොකාද කියලා මිනිස්සු අදුරා ගනී. (දී)
අසේල නමැති ඊනියා ජාතිකවාදී අදහස් විකුණා කීයක්වත් සොයා ගන්නා කෙනාටයි. සුද්ද සිංහල ඔහේ වැනි මන්දබුද්ධික උදවියගේ ජාතිවාදී,වර්ගවාදියෝ තමා 83 මිනි මැරුවේ.ඊනියා ජාතිකවාදියෝ ලෙස පෙනී හිටිමින් සුද්ද සිංහලයෝ මේ රට දැන් කාබාසිනියා කරද්දී නොදැක්කා සේ ඉන්නේ. (දී)
අනේ මල්ලි, එතකොට ඔයා මුරලිට කැමති නැද්ද? (දී)
ඩේව් වට්මෝර් වුනත් ලංකාවට සම්බන්ධදයක් තියෙනවා නේද? ඇස්ටන් ආගර් ගැනත් අපි සතුටු වෙන්න ඕනෑ. (දී)
අසේල, මෝඩ කතා කියන්න එපා. මුරලි කියන්නේ අභිමානවත් ශ්‍රී ලාංකිකයෙක්. (දී)
කවුරුහරි කෙනෙක් දැන් මේක ගෙන සතුටු වෙන්නේ නැත්නම් ඒ මිනිහා කුහකයෙක් (දී)
මේ අදහස් දැක්කහම හිතෙනවා ලංකාවෙ ඉන්නේ කොච්චර මෝඩයොද කියලා. දෙයියනේ, ඔහු ක්‍රීඩා කරන්නේ ලංකාවට එරෙහිව. දිනෙත්‍රගේ කටේ නම් මසුරන් දාන්න වටිනවා(දී)
මේකේ අදහස් දාලා තියෙන සමහරක්ට ලංකාවේ සම්බවයක් තියෙන අයව අගේ කරන්න තේරෙන්නේ නැහැ. මට හොඳටම විශ්වාසයි එයාලට ඩෙන්මාර්ක් සම්බවයක් තියෙන්නේ. හේතුව එහෙ වැඩිපුර ඉන්නේ හරක්. ඒත් ඉතින් හරක් වුනත් අපේ රටේ සම්බවයක් තියෙන හින්දා වැඩිය මුකුත් කියන්න හිත දෙන්නේ නැහැ. හරක් වුනත් අපේනේ.... (දී)
අසේල වගේ රටට ජාතියට ආදරේ කරන දරුවෝ තවත් මේ රටේ සිටින එක ගැන අපි සතුටු වෙනවා (දී)
අසේල, සුද්දන් වගේද බංගලි? කාට සමකලත් එයාලට සමකරන්න අසේලට ලැජ්ජා නැද්ද? මෙම කතාව හේතුකරගෙන ගැහැණු නොමග යවන්නට අසේලට වුවමනාව කියලයි මට නම් හිතෙන්නේ (දී)
සිංහල වූවා කියා අමුතු බුද්ධියක් හෝ අමුතු ප්‍රාතිහාර්ය පෑමට හැකියාවක් නැත. එහෙයින් මිනිසෙක් වීම ඇතිය.විය යුත්තේ සත්ගුණවත් මිනිසෙක් වීමය (දී)
ඔය අසේල නැමැත්තාගේ තර්ක වලට අනුව පරණ ඉන්දියන්කාරයෙක් මෙසේ කීමට ඉඩ ඇත. "ඉන්දියාවේ සිට පැමිණ කුවේණි රවටා අල්ලාගත් ලංකාවේ පිරිසිදු ඉන්දියන් ජාතියක් බිහි කරනවා විනා කුවේනිත් සමග කලවම් ජාතියක් බිහි කිරීම ඉන්දියාවට කළ නිගාවකි" (දී)
මේ අසේල, කලවම් කියන්නේ මොකක්ද ? මොකක්ද කලවම් නැත්තේ? කලවම් නොකර මොකද්ද හැදුවේ? මොකක් වුනත් අපේ රටේ කතක්' අපිටත් සම්බන්දතාවයක් තියෙනවා (දී)
මේ ගැහැණු කෙනා පොහොසත් පවුලක කෙනෙක් නිසා,බංගලි පිරිමි කෙනෙකුට දාව හදපු පුතෙක් මෙවැනි දෙයක් කලත් කිසි අවුලක් නැහැ. හැබැයි දුප්පත් අසරණ ගැහැණියෙක් බංගලියෙක් අරන් තිබුනොත්,මැදපෙරදිග ඉන්න සේරම ගැහැණුන්ගේ සායම අරින පිරිමි අද මේ සුදුහම නිසා කොච්චර සතුටු වෙනවද?අනේ හැබෑටම මෙහෙමත් නාටක !!!! (දී)
අසේලගේ මීමුත්තා මොන ජාතිකයෙක්ද ? නිකන් වැද්දන්ගෙන් පැවත ඇවිල්ලා කියවන්නේ නැතුව ඉන්නවා. හිත පුරාම ජාතිවාදය (දී)
මෙය 98 ගහපු නිසා අපේ අය කියනව 0 ගිය නම් බල්ලෙක්වත් කතා කරන්න නැහැ (අ)
අසේලට එයාගේ ප්‍රතිචාරය හොදයි කියන මෝඩ රැළක් ඉන්න නිසා තමයි ලංකාව දියුණු වෙන්නේ නැත්තේ. (දී)
අසේල ඔබ ලෝකය නොදැකපු ලිඳේ ඉන්න මැඩියෙක් කියල මන් හිතන්නේ (අ)
අසේල, ඔයාගේ තාත්තා කවුද? (දී)
පිට රට සිරිතට දිව දික් කරනා අද සිංහල කළු සුද්දා... ධර්මපාලතුමාගේ ජීවිත කතාව කියවන්න. ඔය ලොකුවට විචාර දාන කට්ටියට තමුන්ට තමුන් ගැනම ලැජ්ජා හිතේවි. (දී)
ජාන මිශ්‍රවී පන්නරය නොලබන ජාතිය දුර්වල වෙනවා. ලංකාවේ දක්ෂ මනුස්සයන් ඉන්නේ ලෝකයේ බොහෝ ජාන වලට ලංකාව උරුම කියන නිසයි. (දී)
ලක්මාලි, අනගාරික ධර්මපාල, ඕල්කට්තුමා කියන නාමයන් මේ අසේලට බනින කට්ටිය අහලවත් තියනවද දන්නේ නැහැ. (දී)
ගංගොඩවිල සෝම හිමියන් අප අතරින් වෙන් වෙලා දැනට හරියටම අවරුදු 10 යි. අපි මේ තරුණයට පිට රටක කෙනෙක් විදිහට සුබ පතමු.(අ)
අපේ හත්මුතු පරම්පරාවකට ගෑවිච්ච එකෙක් ඕස්ට්‍රේලියාවේ අගමැති වුනා නම් අපේ රටේ අය කොච්චර සතුටු වෙයිද?අනේ සාදු! (අ)
අසේල වගේ පටු අදහස් තියෙන අයගෙන් ලෝකෙට කිසි සෙතක් නැහැ. අසේලගේ අදහස හරිම අඥාන අදහසක්.(අ)
ළමයි දැන් හොදටම ඇති , අපි ලක් මවගේ දු දරුවෝ ,පින් බලෙන් නැවතඉපදෙමු, පුණ්‍ය භූමියේම .(අ)
තරු ඔයාගේ ප්‍රශ්නෙට පිලිතුරනුම් සුද්දගේ තාඩන පීඩන වලින් ගැලවෙන්න අපේ අය බොරුවට තමුන්ගේ නම් වෙනුවට ඉංගිරිසි නම් වාසගම් පටබෙදගත්ත නමුත් හිතේ තියන සිංහල බෞද්ධ කම නැති උනේ නැහැ (අ)
උපදින ජාතිත් මගේ පුණ්‍ය බුමියෙහිම උපත ලැබේවා. (අ)
ඔහු හිස නමන්නේ ලංකාවේ ජාතික ගීයට නොවෙයි. ඔහු පලදින්නේ ලංකාවේ හිස් ආවරණය නොවෙයි. ඔහු උපන්නේ මේ පුණ්‍ය බුමියේ නොවෙයි.ඔහු අපේ සංස්කෘතිය පිළිබද දන්නවයි මම හිතන්නේ නැහැ (අ)
කවුරු හරි ඔය පුරවැසිකම් දෙන රටවලට යනවා නම් පරිස්සමින්. කලින් ගිහින් ඉන්න පුරවැසියෝ ඔලුවට නියම තොප්පි දානවා ගලවා ගන්නම බැරිවෙන්න.(නදී)
ලක්මාලි ධර්මපාල තුමාගේ කතාව කියවාගෙන යනකොට යනකොට අන්තිමට තිබුනා මා නැවත ලංකා දීපයේ නොඉපදෙවා කියලා. කියන්න බැරිද හේතුව මොකක්ද කියලා ලක්මාලි?(නදී)
ජාන මිශ්‍රවී වී උපදින දරුවන් නිරෝගී බුද්ධිමත් බව නවීන විද්‍යාව ඔප්පු කර තිබෙනවා. අපේ මෝඩ මිනිස්සු පරණ හනම්ටි අදහස් වලට කුලයට ,මාන්නයට ගොදුරු වෙලා දුක් විදිනවා. මේ ජරා අදහස් වලින් මිදුනු බුද්ධිමත් මිනිස්සු ජයටැඹ කරා යනවා. කුමාර්, ඔබට ස්තුති කරමි, ඔබේ අදහසට. (නි)
වටිනාම දේ තමයි දක්ෂයට අවස්ථාව දීපු එක වයස පෙළපත සෙවීමට වඩා.(නදී)
ලංකාවේ ක්‍රිකට් ගහන්න කැමතිද කියලා අහලා ලංකාවට ලැජ්ජා කරන්න එපා. කවුද කැමති ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් ඉවත් වෙන්න. පස්ස පැත්තෙන් හිනා වෙයි.(නදී)
ලංකාවේ ඉන්නේ දක්ෂ මිනිස්සු. මොන රටේ මොන තාත්තට ජාතක වුනත් සිංහල ලේ තුල ජය තියනවා (නි)
නවසීලන්තේ ඉන්න මට හොඳ ජාන තියෙනවා. අවශ්‍ය කෙනෙකුට වී.පී.පී මගින් එවන්න පුළුවන්.(නදී)
සුබසිංහ, මම ලියපු දේ තව වරක් හොදින් කියවන්න.එතකොට ඔබ ඉන්න තැන වැටහේවි. ඊට පසු ඔයාගෙම ඔලුව අතගාලා බලන්න.ඉදිරිපස සිට ගියොත් පසුපසටම නොගොස් අතරමග නවතීවි. (නි)
ඔය මගේ නමින් දෙවැනි අදහස දාලා තියෙන්නේ මම නොවෙයි පාඨකයිනි, මිතුරනි, පසුගිය වසරේ මාත් නවසීලන්තේ තමයි හිටියේ නම්. මටත් තොප්පි දාන්න ආවේ එහෙදි තමා, කවලන් ජාන තියෙන අය. (දී)
ලංකාවේ සිටින සියලුම ජාතින් කලවම් අයයි.දකුණේ 99% දෙමල වන අතර ඔවුන්ගේ පෙළපත් නාම පරික්ෂා කිරීමෙන් මේ බව දැනගත හැකියි.(නල්ලපෙරුම,අලහප්පෙරුම,ආදීන් පෙරුමාල් නමින් ආ අයයි.)උඩරට අය දෙමල හා මලයාලි ජාතිකයන්ය.(බණ්ඩාර,තෙන්නකෝන් ,කුලතුංග නම් උදාහරණය ) (දී)
වන්නි සිංහ ,මම කැමතියි දැනගන්න ,ඔයාට කලවම් උනේ මොන ජානයද කියලා.(නදී)
වන්නිසිංහගේ ජාන නමේ හැටියට වන්නියල්ත්තලගේ වැදී ජානනේ.!! හැබයි ඒවා අපේ ඒවාට වඩා වල්!! (අ)
අනේ ධනුෂ්ක , ඔයා මොකද ඔයාලට වැඩිය හරක් නැහැ කියන්නේ. අපි හොඳ හරකෙක් ගිය අවුරුද්දෙත් එවුවනේ. (නි)
ක්‍රිකට් ලෝලියෙක් විදිහට සන්තෝෂයි. නමුත් ලාංකිකයක් විදිහට දුකයි.ලෝක වාර්තා ගැන කතා කරද්දී 11 වැනි කඩුල්ලට කවදාවත් බිද හෙලන්න බැරි ලෝක වාර්තාව තිබ්බේ සනත් සහ දිල්හාරයි. අපේ වාර්තා කවදාවත් බිද හෙලන්නට බැහැ ලාංකික සිංහයනි (නි)
මේ ළමයාගේ නියම අයිතිකාරයා මමයි ..මට ඒක කියන්න ලැජ්ජයි.(නදී)
කෙනෙකුගේ දක්ෂකම අගයන්න සිංහලහලද කලවම්ද මොන ජානද තියෙන්නේ කියන එක වැදගත් නෑ. අපේ එකෙක් 100 ගැහුවොත් එයාලා අප්පුඩිගහනවා. (ස)
මේ දරුවා කාගේ උනත් ඉතාමත් දක්ෂයෙක්. ඒනිසා ඔහුට සුභ පතමු ! ශ්‍රී ලාංකික මවකුගේ දරුවකු නිසා අපි ආඩම්බර වෙමු ! (ස)
වන්නි සිංහ ගේ වාසගම බැලුවොත් කලවම් වෙලා තියෙන්නේ කැළේ ඉන්න සිංහයෙකුටයි. හැබැයි සිංහයෝ ඉන්නේ නම් අප්‍රිකාවේ. දෙවන ලෝක යුද්දේ කාලේ ලංකාවට ආවයි කියන කාපිරි හමුදාවේ ජානද දන්නේ නැහැ ඇඟේ තියෙන්නේ. ඒක හින්දා ජාතිය හොයන්න ඔය ක්‍රමය එතරම් සුදුසු නැහැ. (අ)
මම ඔයාට හදවතින්ම සුබ පතනවා අයියේ! (නි)
මෙයා කොහොමද ලංකාවේ ජාතිකයෙක් වෙන්නේ. මෙයාගේ පියා ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්. ඔහු ලාංකිකයෙක් නොවුනත් හදවතින් සුබ පැතුම් කොල්ලා.(නදී)
බංගලි කියන්නේ සුද්දන්ට වඩා පහත් ජාතියක් කියන්නයි සමහරු උත්සහ කරන්නේ. බංගලි කියන්නේ අතීතයේ වංග දේශය, සිංහබාහු හිටියෙත්, විජය ආවෙත් එහෙන්. සුද්දන්ට වඩා බංගලි අපිට සමීපයි. ඉන්දියන් සම්භවයක් ඇති දීපක් පටෙල්, චන්ද්‍රෝපාල් වැනි ක්‍රීඩකයන්ගේ දක්ෂ කම් ගැන ඉන්දියාව ඔහොම පස්පෝරි ගැහුව බවක් නමි අපිට නම් මතක නැහැ. අස්ථාන් අග්‍රාට ලංකාවේ පුරවැසිකම නැත්නම් ඔහු ලාංකිකයෙකු නෙවේ. ඔහුගේ දක්ෂ කම් ගැන අගය කිරීම හොදයි. ඒත් ඔහු ලාංකිකයෙක් කියන එක වැරදියි.(නදී)
ජගත් 2013-07-13 18:03:21 "අම්ම ලංකාවේ කියල පෙනේනේ නැහැනේ". ජගත් ඔයා කියන්නේ මේ අම්මා චීත්තයක් ඇදගෙන ඉන්න ඕනා කියලද? ඒ රටේ පිදංචි වුනාම ඒ රටේ විදියට වෙන්න ඕනා.(නදී)