දිගින් දිගටම පීඩනයට නතුවෙමින් සිටින ඕස්ටේ‍්‍රලියානු පිලේ පුහුණුකරු මිකී ආතර්, ප‍්‍රශ්න සියල්ල අමතක කරදමා ශී‍්‍ර ලංකාවට එරෙහිව සඳුදා (17 වැනිදා) පැවැත්වෙන ශුරයන්ගේ කුසලාන තරගයේදී ලසිත් මාලිංග කෙරේ අවධානය යොමු කර සිටී.
ශූරයන්ගේ කුසලානයේ වත්මන් හිමිකරුවන් වන ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයටවත් සුදුසුකම් ලබාගැනීමට නම් හෙට පැවැත්වෙන තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කළ යුතුමය. එහෙත් තනි කී‍්‍රඩකයන් වශයෙන් අයි. පී. එල්. තරගාවලියේදී අසාර්ථක වුවද කණ්ඩායමක් සේ එකමුතුව සිටින ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ මේ වන විට සිය ආත්ම විශ්වාසය වර්ධනය කරගනිමින් හොඳ දස්කම් පෙන්වමින් සිටිති.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ තරගයක් පරාජය වී, අනෙක් තරගය වර්ෂාවට සේදී යාම හේතුවෙන් ඕස්ටේ‍්‍රලියානුවන් සතුවන්නේ වැස්සේ වාසියෙන් ලැබුණු ප‍්‍රසාද ලකුණු 1 ක් පමණි.
එහෙත් එංගලන්තය පරදවා ලබාගත් විශිෂ්ට ජයග‍්‍රහණය නිසා ශී‍්‍ර ලංකා පිල සතුව ප‍්‍රසාද ලකුණු දෙකක් තිබේ.
මේ තත්ත්වය අනුව හෙට තරගයේදී ශී‍්‍ර ලංකා පිල ජයගතහොත් කිසිදු ප‍්‍රශ්නයකින් තොරවම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව ඇන්ජලෝ මැතිව්ස් සහ ඔහුගේ කණ්ඩායම සතුය. පරහට ඇත්තේ කළගුණය පමණි. යම් හෙයකින් අද තරගයේදී ප‍්‍රතිඵලයක් ලබාගත නොහැකි වුවහොත් එය ශී‍්‍ර ලංකා පිලේ අවාසියට සිටිනු ඇත.
ඕස්ටේ‍්‍රලියානුවන් පසුවන්නේ තමන්ගේ කණ්ඩායමේ හැසිරීම පිළිබඳ ප‍්‍රශ්න වැලකට මුහුණ දෙමිනි. ඬේවිඞ් වෝනර් සහ ජෝ රූට් අතර අවන්හලකදී ඇතිවූ කලහය හේතුවෙන් මේ වන විටත් වෝනර්ට තරග තහනමක් පනවා තිබේ. එවන් තත්ත්වයක් යටතේ, පළපුරුදු කී‍්‍රඩකයන්ගෙන්ද හිග ඕස්ටේ‍්‍රලියානු පිලට වෝනර්ගේ සේවය අහිමි වීම ලසිත් මාලිංග වැනි අති භයංකාර පන්දු යවන්නකුට මුහුණ දිමේ ගැටළු ඇතිකරවන්නකි.
”මාලිංග කියන්නේ ආශ්චර්යයක්. කිසිදු සැකයක් නෑ...මේ වෙනකොට, එක්දින තරගයක අවසන් ඕවර කිහිපය යවන්න ලෝකයේ සිටින හොඳම පන්දු යවන්නා ඔහුයි” යයි මිකී ආතර් මහතා පැවසීය.
”ඇත්තටම පසුගිය කාලයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට එරෙහිව තරග කිහිපයකටම සහභාගි වෙන්න ලැබීම ගැන අප සෑහෙන්න වාසනාවන්තයි”
”අප ඔවුන්ට එරෙහිව එක්දින තරගාවලි දෙකකටම සහභාගි වුණා. එහිදී අපේ කී‍්‍රඩකයන් ලසිත් මාලිංගට සෑහෙන්න මුහුණ දුන්නා. ඒ නිසා තරගයට එන්න ඉස්සෙල්ලා අපට අපගේ සැලසුම් සකස් කරගත හැකියි” යයිද මිකී ආතර් මහතා පැවසීය.
”සෑම දෙනාම කතානරන්නේ ශී‍්‍ර ලංකා පිලේ සිටින ප‍්‍රබලතම පිතිකරුවන් තිදෙනා වන තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ගැනයි. ඒත් ඇත්තටම ශී‍්‍ර ලංකාව ඉතාමත් හොඳ කණ්ඩායමක්”
”අපේ උපරිම හැකියාවන් මත තරග කරන්න අපට සිදුවෙනවා” යයිද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මේ වන විට සිටින්නේ අර්බුද රැුසකට මුහුණ දෙමිනි. එකක් අවසන් වන විට එකක් දිගහැරෙන ප‍්‍රශ්න වැලක් ඕස්ටේ‍්‍රලියානුන් හමුවේ පවතී. බරපතළම ප‍්‍රශ්නය වන්නේ කී‍්‍රඩකයන් සහ පුහුණුකරු අතර පවතින සන්නිවේදන බිඳවැටීම් සහ ආකල්පමය නොගැළපීම්ය.
ඕස්ටේ‍්‍රලියානු පිලේ වත්මන් පුහුණුකරුවා වන මිකී ආතර් මහතා දකුණු අපි‍්‍රකානු ජාතිකයෙකි.
පසුගිය මාර්තු මාසයේදී ඉන්දියාවේ පැවැති ටෙස්ට් තරගාවලියක් අතර තුර කණ්ඩායමේ සාර්ථකත්වයට කළ යුත්තේ මොනවාද යන්න පිළිබඳව ලිඛිතව කරුණු දැක්වීමට ඉදිරිපත් නොවීම නිසා ඕස්ටේ‍්‍රලියානු පිලේ කී‍්‍රඩකයන් සිවු දෙනකු ටෙස්ට් කණ්ඩායමෙන් නෙරපා දමන ලදි. එම කී‍්‍රඩකයන් සිවු දෙනාගෙන් අයකු වන ෂේන් වොට්සන්, ඕස්ටේ‍්‍රලියාවේ ‘චැනල් නයින්’ රූපවාහිනී සේවයට පවසා සිටියේ මිකී ආතර් ප‍්‍රතිපත්තියක් නැති අයකු බවයි.
මේ අතරවාරයේදී මිකී ආතර්ගේ පරිපාලන රටාව සම්බන්ධයෙන්ද දැඩි විමසුමක් කෙරෙමින් පවතී.
මේ වන විට තුවාල ලබා සිටින ඕස්ටේ‍්‍රලියානු පිලේ නිත්‍ය නායක මයිකල් ක්ලාක්ගේ සේවයද ඕස්ටේ‍්‍රලියානු පිලට අහිමි වන තත්ත්වයක් තිබේ. එහෙත් තාවකාලික නායක ජෝර්ජ් බේලි පවසන්නේ මයිකල් ක්ලාක් ශී‍්‍ර ලංකා පිල සමග තරගයට සූදානම් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොනවා කිවුවත් අපි ඔස්ට්‍රේලියාවට ගහලා දකුණු අප්‍රිකාව සමග අවසන් පුර්ව තරගයට එනවා (නි)
දක්ෂ වුනාට වැඩක් නැහැ හැදියාව බින්දුව නම්. හැදියාවක් නැති ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණ වලින් අපිට පලක් නැහැ (නි)
සදරුවන්, මංගල, බණ්ඩා,ඉම්රාන් වගේ තමන්ගේ රට පැරදියන් කියලා හිතන සමහරු ඉන්න රටේ ඔය තරමින් හෝ දිනනවා මදැයි? (නි)
අපිත් කියන්නේ ලංකාව දිනන්න තමා.(ස)
අපිට දිනන පුළුවන් අපි . එට් අපි දිනලා තියෙනවා. අපිට මොකද වෙන්න කියල අද තම තීරණය වෙන්න මාලිංග කොහොමට් විකට් ගන්නවා ........... අපිට ජය ! (ස)
අමිල ඔයා නිකන් මෝඩ කතා කියන්න එපා.(ස)
ශ්‍රී ලංකාවට ජය වේවා.(ස)
ඇයි තරගයකට කලින් සැලසුම් සකස් කරනවා කලින් දැකල නැද්ද..අනේ නිකම් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.(ස)
අද තිසර පෙරේරා කණ්ඩායමට ඇතුලත් උනොත් හොඳයි. වැස්සට අහු උනොත් දළ වේගය මත තීරණය වෙයි. ඔස්ට්‍රේලියාව දැන් කලින් හිටිය ප්‍රබල තත්වයේ නෑ. නවසීලන්තය එක්ක තිබුන අපේ අයගේ උනන්දුව අදත් ඕනේ.(නදී)
පහුගිය දවස්වල පලු යන්න බැන්නා නේද මාලිංගට? (නි)
නිහාල් , මේ රට තරම් ක්‍රිකට් ක්‍රීඩකයන්ට සළකපු රටක් ලෝකේ නැති තරම්. (නි)
ඉස්සර අපේ අල ලිලී,තොම්සෙන් වැන්නන්ට බය වුණා. අද ඔවුන් අපේ මලීට බයවෙලා.(නදී)
ඕස්ට්‍රේලියාව කලකට ඉහත ලොවේම නොම්මර එක සහ අපේ ක්‍රිකට් හතුරා. ඔවුන් අද සිටින තත්වය හරිම පුදුමයි.අපේ කොල්ලන්ට ජය වේවා! (නි)
මාලිංග ඕවර 50 ම දානවා වගේනේ කථාව.. (නි)
අපි ජයගන්නවා කවුරු ආවත්. අපේ කොල්ලන්ට වාසනාව සහ ශක්තිය ලැබේවා! (නි)
එම නිසා අපේ සැලසුම ලෙස මාලිංග ව මේ තරඟය සඳහා සභාගි නොකර සිටිමු (නි)
එංගලන්ත ක්‍රීඩකයන් පන්දුව පලුදු කළාලු. කෝ ඒවාට දඩුවම්? කෝ අපේ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලෙන් ප්‍රතිචාර? අයි.සි.සි එකට මහේලටයි දිල්ෂාන්ටයි දඩුවම් දෙන්න පුළුවන් නම් ඇයි එංගලන්ත ක්‍රීඩකයන් ට දඩුවම් දෙන්න බැරි. (නි)
ඔස්ට්‍රේලියාව නොහිතන දෙයක් කරන්න අපේ කණ්ඩායමත් සැලසුම් හදන්න ඕනෑ.හරියට පසුගිය තරඟය කුලසේකර වෙනස් කළා වාගේ. (නි)
වැඩ කලොත් වැඩ කලා වගේම වැදුනොත් නන්නත්තාර වෙන්නම වදිනවා.මාලිංගත් හරියට අපේ රටේ දේශපාලනේ වගේම තමයි (නි)
කණ්ඩායම් කොහොමත් කලින් සැලසුම් හදනවා (නි)
ශ්‍රී ලාංකිකයන් නොසලකන ලෝකයේ ගෞරවයට පාත්‍ර වු ක්‍රීඩකයා.(නදී)
ඕව ඔක්කොම බොරු.ඒ ගොල්ලෝ කියන දේ කරන අය නෙමේ.වෙන උපක්‍රමයක් ඇති. රැවටෙන්න නරකි. (අ)