IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඕස්ට්‍රේලියාවෙන් මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණ තොගයක් ලංකාවට

රසායනික ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය ආදිය හඳුනාගැනීමේ උපකරණ තොගයක් ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලි සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රහස් පොලිස් අධිකාරී රොබට් විල්සන් යන මහත්වරු  අද(27)  ශ්‍රී ලංකාවේ වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා වෙත පිරිනැමූහ.

ත්‍රස්තවාදයට හා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සහයෝගීතාව තහවුරු කරමින්  මෙම උපකරණ පිරිනැමිණි.

ඕස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ සපයන ලද මෙම උපකරණ, පුළුල් උෂ්ණත්ව පරාසයක ඇතුළු විවිධ පරිසර තත්ව යටතේ වුවද ක්‍රියාත්මක වේ. බහාලුම් තුළ තිබියදී පවා ඝන සහ ද්‍රව වර්ග හඳුනාගැනීමේ හැකියාව ඇති මෙම උපකරණ අතේ ගෙන යා හැකි පරිදි නිර්මාණය කර ඇත.

ඕස්ට්‍රේලියානු රජය සහ ශ්‍රී ලංකා රජය දීර්ඝකාලීනව පවත්වාගෙන ආ සහයෝගීතාවද, ශ්‍රී ලංකා පොලිසිය සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය අතර පවතින සබඳතාව ද වැඩිදියුණු කරනිමින්, අනාගතයේ ශක්තිමක් හවුල්කාරිත්වයක් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව කී ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් හොලි මහතා, අපරාධ මැඬලීම වෙනුවෙන් ඉදිරි පෙළ සේවාවල යෙදී සිටින ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ට එම උපකරණ රුකුලක් වනු ඇතැයිද සඳහන් කළේය.

පරිත්‍යාග කරන ලද මෙම උපකරණ කාර්යක්ෂමව හා ඵලදායී ලෙස භාවිත කිරීම සහතික කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් මත්ද්‍රව්‍ය පරීක්ෂණ පිළිබඳ පුහුණුවත් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් වෙත ලබාදීමට නියමිතය.



අදහස් (3)

ඕස්ට්‍රේලියාවෙන් මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණ තොගයක් ලංකාවට

kamal koyrala Thursday, 27 August 2020 10:18 AM

ඕස්ට්‍රේලියා රජයට අපි ස්තූති කළ යුතුයි. ලංකාවේ පොලිසියට කවදාවත් මේවා මිලදී ගන්න බැහැ, ගන්නෙත් නැහැ.. පාඨක අපි යෝජනා කරනවා.. සියලුම රේගු අංගන පිටවීම් ගේට්ටුවල පොලිස් විශේෂ කාර්ය බලකාය හරහා පරීක්ෂා කිරීමට... ගුවන් තොටුපළවල් සහ බෝට්ටු තොටුපළවල් ආවරණය වන පරිදි උපකරණ ස්ථානගත කරන්න.

:       0       13

nihal Thursday, 27 August 2020 11:21 AM

නාකොටික් නිලධාරින්ගේ නිවෙස්වලත් සවි කරන්න...

:       0       1

රට වැසියා Thursday, 27 August 2020 12:06 PM

මත්ද්‍රව්‍ය හඳුනාගැනීමට ලංකාවේ පොලිසියට කිසිඳු උපකරණයක් අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම සඳහා "ඍජු අණක්" සහ "රාජ්‍ය අධීක්ෂණයක්" පමණි. මාස 6ක් වැනි කෙටි කාලයකින් මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කළ හැකිය..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 17 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 127 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 655 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 503 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1142 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 583 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1909 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site