‘2011 අවුරුද්දේදී අපි හදපු ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත අතුරුදන් වුණා. මේ දේශ ද්‍රෝහි, රාජ්‍ය ද්‍රෝහි කටයුත්ත කරපු එක්කෙනා ගැන කවුරුත් කථා කරන්නේ නෑ. ජනතාව කතා කරන්නෙත් නෑ. මාධ්‍ය කතා කරන්නෙත් නෑ. කතු වැකි ලියවෙන්නෙත් නෑ. ඒක අතුරුදන් කරපු තැනැත්තියට දඩුවමකුත් නෑ.‘
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ ප්‍රකාශ කළේ ගල්ගමුව මූලික රෝහලේදී පැවැති උත්සවයකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමා, මොනවා වෙලාද? අපිටද දඩුවම් කරන්න කියන්නේ, එතකොට ඇමතිතුමා ඇතුළු වගකිව උත්හැන් ඉන්නේ මොකටද? (ස)
ඔබතුමාලා ඕව කටකාර ඉදල කාලය නස්තිකරලා වෙඩක් නැහැ හරි දෙය හරි විදියට කල්පනා කරලා ඒවා ක්‍රියාත්මක කරලා දමන්න. අද හැම තැනම අහන්න ලැබෙන්නේ අපේ මව්බිම අපකීර්තියට පත්වෙන සිදුවීම්. අනික ඔබතුමාගේ නමට සරිලන දේවල් කරලා ලැබුන ජීවිතය ජයගන්න බලන්න. අර එක අමතිතුමෙක් කට එන දේවල් කල්පනා නොකර පිස්සෙක් වගේ දොඩවන්න පටන් තිබෙනවා වගේ නොකර (අ)
දැන් එතකොට මාධ්‍යයද වැරදි? (නි)
ඇමතිතුමා කියන්නේ මාර කතාවක්නේ. දැන් කවුද මෙතන ලොක්ක ඉන්නේ පත්තර කන්තොරුවේද? මහජනයා අතරද ? එහෙමත් නැත්නම් පිටරටද ?(නදී)
ලැජ්ජා නැතිකම මහ මුදලිකටත් වැඩිය ලොකුයි නේද? (නදී)
පිළිගන්න බැරි කතාවක් ඇමති තුමෝ..එ දේ එහෙම වෙනකම් කට්ටිය උඩ බලාගෙන හිටියද..ඒකෙ එක පිටපතද ලංකාවටම තිබුනේ..මේ කාන්තාවට විරුද්දව ක්‍රියාමාර්ග ගන්න ඕන රජයෙන්නේ..අපිට එක කරන්න බැහැනේ..ඔච්චර දන්නවානම් දැන්වත් ක්‍රියාමාර්ගයක් ගන්න බැරි මොකද..2011 ඉදල අද වෙනකම් ඒක නැති වුනානම් වෙන එකක් හදා ගන්න බැරි උනාද..අපිනම් මේවට කියන්නේ ඇමති තුමෝ වැදි බය්ලා කියල....(අ)
අඩු පාඩු එමට නොමැති අපේ ගරු සුව ඇමතිතුමා මෙම පණත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර නීතිගත කර ක්‍රියාත්මක කරන තුරු කැබිනට් සංසෝධනයක් නොවේවා කියා මේ රටේ කප්පරකට දුක්විදින අහිංසක ජනතාව වෙනුවෙන් ඉත සිතින් ප්‍රාර්ථනය කරම්හ. (ත)
ඔක්කොටම කලින් අහවලාටබෙහෙත් දෙන්න ඕනෑ මානසික ආතතිය නැති වෙන්න සහ ක්‍රියාකාරී වෙන්න (නි)
මේ කියන කාන්තාව අපි හිතන එක්කෙනා නම් ඒ කුලවමියගේ නීත්‍යනුකුල පුරුෂයත් එක්තරා ප්‍රසිද්ධ කොමිසමක සාමාජිකයෙක් වෙලා ඉදලා රජය අපහසුතාවයට පත් කරන්න කකුලෙන් ඇද්දා කියල ආරංචියක් ගියා. අපි අදහස් කරන යුවල නම්, එක්තරා උසස්ම බුද්ධිමත් ක්ෂේත්‍රයක දෙදෙනාම සාමාජිකත්වය ලබා එම ක්ෂේත්‍රයේ ඉතිහාසයට ද එකතුවී ඇත. (නි)
අරුණි නේද මේ පනත හොරකම් කරේ අර අහවල් එක් කෙනාගේ ලේකම් වෙලා හිටපු කාලේ ? (ස)
බෙහෙත් මාෆියාව කොහොම හරි නවත්තන්න හදන්නේ. මතකනේ අර මහත්තයෙකුට ජීවිතෙන් වන්දි ගෙවන්න වුණෙත් ඔය දේ නිසානේ (නි)
මහත්තයෝ ආණ්ඩුව ඔයාලගෙ නේ? ඔයා ඇමතිනේ ? (ස)
ඒ කාන්තාවගේ නම මොකක්ද? (නි)
මේ කතා හොදයි අපි වගේ මෝඩයින්ටම (නි)
අසංක, සජී, සහතික ඇත්තනේ. ඇමතිතුමා අපට කියලා අපි මොනවා කරන්නද? බලේ තියෙන වෙලාවේ එතුමා එපාය යමක් කරන්න. හැබැයි සිරිසේන ඇමතිතුමා බය නැතුව ඇත්ත කියන කෙනෙක් නිසා අපිත් ප්‍රාර්ථනා කරමු මේකත් විසඳන්න ලැබේවා කියලා. නැත්නම් සඳුනි කියනවා වගේ තමන් ඉන්නේ විපක්ෂේ කියලා හීනෙන්වත් හිතුනොත් අමාරුවේ තමයි. (ස)
ඕකෙ අත් පිටපතක් විතරද තිබුණෙ?මෙච්චර මේ පහසුකම් තියෙනේ කාලේ පරිගණක පිටපතක් තිබුනේ නැද්ද ? (ස)
ඉතින් අපි මොනවද කරන්නේ?අපිට කියලා වැඩක් නැහැ.අපි ඔබලාව පත් කරලා තියෙන්නේ ප්‍රශ්න විසදන්න. (නි)
නිමල් සර් ගෙන් අහමු (අ)
සජී, ඇමතිතුමාට පොඩ්ඩක් මොලේ කොලොප්පන් වෙලා..හිටපු ගමන් ඇහැරිලා මතක් වෙලා තියෙන්නේ තමන් ඉන්නේ විපක්ෂේ කියලා. (ස)
ඔබතුමාට පුළුවන් මේ නිලධාරිනියට විරුද්ධව නඩු පවරලා විනය ක්‍රියාමාර්ගයක් ගන්න ලේසියෙන්ම. අනික ඇයි මේ පනතේ තවත් පිටපතක් තියා ගන්න නොහැකි වුණේ? එහෙම වුණා නම්, පනත අතුරුදහන් කියලා කෑ ගගහා ඉන්න ඕනෑ නැහැ. මේවා උත්සව වල කතාකළාට විසදෙන්නෙත් නැහැ, අවශ්‍ය නීතිමය පියවර ගන්නේ නැතුව (නි)
අලුත් එකක් හදමුකෝ.අලුත් නීති ටිකකුත් එකතු කරලා, දැන් ඔබතුමාට බලය තියෙනවනේ. පරණ ඒවාට බැනලා වැඩක් වෙන්නේ නැ. මත්කුඩු ටොන් ගණන් ගෙන්වන්න අනුග්‍රහය දක්වන දේශපාලුවෝ යහතින් වැජඹෙන රටකට ඔය කුඩා ලියවිලක් ගැන කිනම් කතාද? ජපානේ වගේ රටක නම් බඩ කපාගෙන මැරෙනවා. බැන බැන ඉඳලා වැඩක් නැ. වැඩ පටන් ගමු. (ස)