
ලොව පළමු වරට නිදා ගැනීම් තරගයක්, පසුගිය දා ජපානයේ ටෝකියෝ අගනුවරදී පැවැත්විණි.
මෙම තරගයට ඉදිරිපත් වන තරගකරුවන්, ඉක්මනින් නින්දට වැටී, මිනිත්තු 90 ක් සුවබර නින්දක් අත්විඳිය යුතුය.
වඩාත් සුවබර නින්දක් ලබන තැනැත්තා තෝරාගෙන ඔහුට හෝ ඇයට ඇමෙරිකන් ඩොලර් 14,000 ක මුදලක් තෑගි ලෙස පිරිනැමුණි.
නිදා ගැනීමේ මෙම තරගය පැවැත්වූයේ පසුගිය පස් වැනිදාය. මෙම අපූරු තරගය සම්බන්ධ පුවත් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.
සුවබර නින්දක් ලැබුණේ ද නැද්ද යන්න මැන බැලීම, විශේෂිත උපකරණ යොදා ගනිමින් මැන බැලීමට තරගයේ විනිසුරුවරු කටයුතු කළ බව පැවැසෙයි.
ජපන් සංස්කෘතිය තුළ වැඩ රාජකාරි අතරතුර කෙටි නින්දක් සඳහා සුවිශේෂී පිළිගැනීමක් හිමිවෙයි. ජපන් සමාජයේ යම් අයකු වැඩබිමේදී, රැස්වීමකදී, පොදු ප්‍රවාහනයේදී හෝ පංති කාමරයේදී කෙටි නින්දකට යොමු වීම අලසකමක් ලෙස සැලකෙන්නේ නැත.
ජපානයේ බොහෝ කාර්යාලවල සේවකයෝ, තම දහවල් කෑම පැය ඇතුළත විනාඩි 15-20 ක කෙටි නින්දක් ලබාගැනීමට හුරු වී සිටිති.
මෑත කාලයේද ජපානයේ ප්රමුඛ පෙළේ සමාගම් කිහිපයක්ම ඔවුන්ගේ සේවකයන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා විශේෂ ‘නිදන කුටි’ පවා කාර්යාලවල ස්ථාපිත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd