(අංජුල මහික වීරරත්න)
දේශීය කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් අඩු කිරීමට දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සහ පාරිභෝගිකයින්ට අවම මිලක් යටතේ කුකුළු මස් පාරිභෝජනය කිරීමට අවස්ථාව සැලසීම ඉලක්ක කරගනිමින් කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් සමග පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.
දේශීය කුකුළු මස් නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටම දක්වා පැමිණ ඇති නිසා එම කර්මාන්තය ඉදිරියටත් රැකගැනීමේ අවශ්‍යතාව රජය විසින් අවධාරණය කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
කුකුළු මස් ආනයනය කළහොත් දැනට ස්වයංපෝෂිත මට්ටමේ තිබෙන මෙම දේශීය කර්මාන්තය මුළුමනින්ම කඩා වැටිය හැකි බැවින් මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීමේ වගකීම සම්බන්ධව අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එහිදී ජනාධිපතිවරයා කුකුළු මස් මිල සම්බන්ධව නිෂ්පාදන කර්මාන්තකරුවන් සමග සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමේ වගකීම තමන්ට පැවරූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි
ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩලිගම බුලත්වතුකන්ද මුදුනේ කාර්මික දෝෂයට ලක්වූ කුඩා ලොරි රථයක් ගේන්න ගිය ජේ,සී,බී යන්ත්‍රයත් ලොරියත් සමග කන
කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කුකුළු මස් මිල 100කින් අඩු කරයි
Bamunuarachchi Tuesday, 01 August 2023 07:56 PM
මිල අඩුකළාට කමක් නැහැ... පිටරටින් ගෙන්වන්න. අපිට ලාබෙට ලැබෙනවා නම් ලංකාවේ නිෂ්පාදනම ඕනේ නැහැ...
de silva Wednesday, 02 August 2023 07:49 AM
අඩු කලත් ඔය මිලට ගන්න මිනිස්සු ළඟ සල්ලි නැත .රටින් ගෙන්වන කුකුල්මස් වලට අඩුවෙන් මෙහෙ නිපදවන කුකුල්මස් දෙන්න පුළුවන් .නමුත් මේගොල්ලන් 50% හෝ ඊට අධික ලාබයක් බලාපොරොත්තුවෙනවා ,රටින් ගෙන්නුවේ නැතිනම් බිත්තරෙත් 100 ට යනවා .කරුණාකර රටින් ගෙන්වන්න .එහෙම බැරිනම් කුකුල්මස් 1000 ට අඩුවෙන් දෙන්න