රාත්‍රී කාලයේ කුකුළු කොටු වලට පැන කුකුළන් සියයක් පමණ සොරා ගත් තරුණයකු (26) සැකපිට අත්අඩංගුවට ගත් බව ගණේමුල්ල පොලිසිය කියයි.
ගනේමුල්ලේ කළුවල පාර, සුමේද මාවත සහ පහළ යාගොඩ ආදී ප්‍රදේශවල කුකුළන් අතුරුදන්වෙතියි කියමින් පසුගිය කාලයේ පොලිසියට පැමිණිලි දහයක් පමණ ලැබී ඇත.
රාත්‍රී 12ත් අලුයම තුනත් අතර කුකුළු කොටුවල ඉබ්බන් කඩා කුකුළන් ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
2012 දී සිදුවූ රුපියල් තුන් ලක්ෂයක යකඩ සොරකමකට සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී කුකුළු සොරකම ගැන හෙලි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු යදමත් සමග ඇති සම්බන්ධය කුමක්ද? (නි)
රදලියගොඩ කුකුල් හොරකමටත් බැහැල එහෙනම් ..(ස).
කුකුල් හොරා යකඩ හොරෙක්නේ! (ස)
බන්දුල පෙරේරාගේ කබල් බය්සිකලේ වෙනුවට අලුත් එකක් ගන්න දුන්න නේද ගේමක් ? (අ)
යකඩ ගණන් නිසා යකඩ හොරු වැඩියි. ළිඳේ බාල්දිය ,බොලොක්කයවත් තියාගන්න බැහැ රාත්‍රියට ගළවාගෙන යනවා. (නි)
ලක්ෂිත, මසුරන් කියමනක් (නි)
පැරණි උපමාව දැන් වෙනස් කරන්න කාලය ඇවිල්ලා. හැබැයි රාත්‍රියට කිකිළියන් සොයා යන කුකුළන් සිය දහස් ගණනින් ඉන්න රටේ මෙයාව අහුවෙලා තියෙන්නේ කුකුල් මස් වලට වගේම යකඩ වලටත් ලොබ කරපු නිසා. (නි)