කෑගල්ල නගරයට ආසන්නයේ මාර්ග ගණනාවක අලුත්වැඩියා කරන නිසා කොළඹ මහනුවර පාරේ කෑගල්ල නගරයට ආසන්නව දැඩි වාහන තදබදයක් ඇතැයි ද, ඒ නිසා කොළඹ මහනුවර මාර්ගය භාවිත කරන්නන් කෑගල්ල නගරය මග හැර විකල්ප මාර්ග ඔස්සේ ගමන් කිරීම සුදුසු යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
කුරුණෑගල නගරය හරයා අඹේපුස්ස මාර්ග භාවිත කිරීම වඩාත් සුදුසු බවද පොලිසිය යෝජනා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදනවා කඩනවා. කානු වහනවා.වහිනකන් ඉන්නේ (අ)
අඹේපුස්සෙන් හැරී පොල්ගහවෙල, හිරිවඩුන්න හරහා කරඬුපනට ඇති විකල්ප මාර්ගය ඉතා හොඳ තත්වයේ තියෙනවා. (නදී)
හදනවා කඩනවා. කානු වහනවා.වහිනකන් ඉන්නේ.(නදී)
ඕක කෑගල්ලට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි, නගර බොහෝමයකට තියෙන ප්‍රශ්නයක්. බැලූ බැලූ අත පාර කඩාගෙන. තව අවුරුදු දෙක තුනක් වත් යාවි ඔය හැදිල්ල සම්පුර්ණයෙන්ම ඉවර වෙන්න. (අ)
පාරවල් හදන එක හොදයි තමයි. ඒත් මෙහෙම කරනවද. පාරෙ දෙපෑත්තම එක සැරේ කඩාගෙන මහ කානු හාරල ටවුන් එක මැද්දෙ. මිනිස්සුන්ට වෙන කරදරය ගැන පොඩ්ඩක් වත් හිතල නෑ. (නදී)
එවකට නගරාධි වරයෙක්, හා පසු කාලයේදී ගලිගමුව පාර්ලිමේන්තු මන්ත්‍රී වශයෙන් කටයුතු කල ආචාර්ය ජගත් බාලසුරිය ඇමතු තුමාගේ පියාණන් වූ පි .බි බාලසුරිය මහතා විසින් දශක ගණනාවකට පෙර කල යෝජනාවක් ක්‍රියාත්මක වෙන්නේ දැනුයි. දේශපාලකයින්ගේ ව්‍යාපාරික ස්තාන කැඩෙන නිසා විරෝධය පෑමෙන් දශක ගණනාවක් මාර්ග තදබදය සිදුවිය. මේ දිනවල ඉදිකිරීම් කඩිනම් භාවයක් නොපෙනුනත් කරගෙන යයි. මාර්ග තද බදය,කඩ සාප්පු අවහිර තාවය,සති පොළ නන්නත්තාරවෙලා. මගීන්ගේ අසීරු කම කවදා නිමවෙයිදෝ කිව නොහැකියි. නමුත් ඉක්මනින් කලයුතු හොඳ වැඩක්. පෙමන්ට් ලොකු වෙනවා. පාරේ පළල කෙටි වෙනවා. පේමන්ට් නැවත කඩනවා. පාර නොහදා වලවල් හැදෙනවා. විදුලි විසන්දි කරලා. බිල් පත් ගෙවන්නත් අසීරුයි. ටිකක් ඉවසීම තමා නුවනට හුරු. (නදී)
මෝඩයන්ගේ රටේ ඔහොම තමයි සහෝදරයා ගයාන්. දෙපෙත්තම කඩා- ගෙන හෙමින් හෙමින් හදන්නේ. යුරෝපේ රටවල මොන ලස්සනට පාරක් හෝ වෙනත් දෙයක් හදනකොට, එක පැත්තක් පමණක් කඩාගෙන, අනිත් පැත්තෙන් වාහනවලට යන්න ඉඩහරිනවා. කවදාවත් පාර බ්ලොක් වෙන්නෙම නැහැ. ඉක්මනටත් ලස්සනටත් හදනවා. (නදී)