ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපාරිකයන්ට සහ විවිධ පුද්ගලයන්ට කටයුතු සඳහා දීර්ඝකාලීන බදු සහන මත ලබා දී ඉඩම්වලින් රජයට අය විය යුතු තිස් හතර කෝටි හැට ලක්ෂයක මුදල් ප්‍රමාණයක් ගෙවීම පැහැර හැර ඇතැයි ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අද (9) පැවැසීය.
කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුරුපිට්ටි නැගෙනහිර(240 බී) ග්‍රාම නිලධාරී වසමේ ත්‍රිකුණාමල පුල්මුඩේ ප්‍රධාන මාර්ගයේ ඉරක්කන්ඩි පාලම හා සලපේ ආරූ පාලම අතර ප්‍රධාන මාර්ගය හා මුහුදු වෙරළ තීරය අසළ ප්‍රදේශයේ රජයේ ඉඩම් භාවිත කළ පුද්ගලයන් හත්දෙනකුගෙන් පමණක් රජයට අයවිය යුතු බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි දාහතක් බවද හෙතෙම කීය.
ඉඩම් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන එම කරුණු සඳහන් කළේය.
අමාත්‍යාංශයේ ස්ථාපිත කර තිබෙන විමර්ශන ඒකකයෙන් මේ ආකාරයෙන් රටපුරා විමර්ශන කර රජයට අයවිය යුතු මුදල් අයකර ගැනීමටත්, එසේ මුදල් නොගෙවන්නේ නම් එම ඉඩම් නැවත රජයට පවරාගෙන සුදුසු පුද්ගලයන්ට සහ ආයතන ඉඩම් ලබාදෙන බවත් අමාත්‍යවරයා කීය.
ඉඩම් අහිමි ලක්ෂ ගණනක ජනතාවට ඉඩම් ලබා දී ඒවාට අදාළ ඔප්පු පිරිනැමීමටත් ඒ අනුව ඔප්පු 150,000 ක් ප්රදානය කිරීමට මේ වසරේ දී පියවර ගන්නා බවත් හෙතෙම කීවේය.
රජයේ ඉඩම් අවභාවිත කර හෝ අනවසරයෙන් අල්ලාගෙන හෝ සිටින පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් එම ඉඩම්වලට නිත්‍යනුකූලව ඔප්පු ලබා දී ඒ අතරින් සුදුසු ඉඩම් කෘෂිකාර්මික කටයුතුවලට යොදාගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
055
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුච්චවේලියෙන් කෝටි 34 ක පොලු