ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව ඔස්සේ ඩුබායි නුවරට නැව් මගින් ගෙන ගිය රුපියල් කෝටි 10ක් පමණ වටිනා රත් හඳුන් දැව තොගයක් රේගු නිවාරණ අංශය මගින් අද (22) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
රත්හඳුන් තොගයේ බර ටොන් පහක් පමණ වෙතැයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පී බී කුලතුංග මහතා පැවැසීය.
මෙය ඉන්දියාව හා ඩුබපායි අතර කෙරෙන ජාත්‍යන්තර රත්හදුන් දැව ජාවාරමක් බව ද රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැයෙන් පැය අහන්න වෙන්නේ ඩුබායි සමග කෙරෙන හොර ජාවාරම් පිළිබද තොරතුරු. ශ්‍රී ලංකා රේගුවෙන් හොද සේවයක් සිදුවෙනවා.(නදී)
නැවතත් රේගුවේ වික්‍රමයන් ඡායා රුප මඟින් හෝ දකින්න ලැබීම බලවත් සතුටක්. අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තිලක් පෙරේරා සොහොයුරා ඇතුළු රටේ ජාතික ධනය රැකදෙන පැරණි රේගු මිතුරන්ට මගේ උණුසුම සුබ පැතුම්!!! (ස)
මේවා හොඳ වැඩ. ඉතිහාසය පුරාවට ආසියාව මන්කොල්ලකාපු උන් තවම වැඩ. අපේ අමු ද්‍රව්‍ය නිකන් පිට රටියන්ට විකුණලා අපි මුහුදට නියවනවා. දන්නවද ? අපි අපේ රටේ කුරුදු [ ලෝකයේ හොඳම කුරුඳු] පිටරට පටවලා පිට රටින් වේදනා නාශක සහ විස බීජ නාසක බෙහෙත් මෙහෙ ගේනවා.........කොච්චර හොඳඳ නේද ? (ස)
මේ ඉන්දියාවෙන් ඩුබායි වලට යන රත් හඳුන් තොගයක්. අපට තියෙන ප්‍රශ්නේ ඇයි මේවා ලංකාව හරහා ගෙනියන්නේ කියන එක. අනිවාර්යයෙන්ම මෙහෙ ඇති ඔය හොර වැඩ නීත්‍යානුකූල කරන්න පුළුවන් හොඳ වැඩ කාරයෝ. (ස)
අල්ලන හොර බඩුවල හැටියට ලංකාව සුරපුරයක් කරන්න පුළුවන්. ඒත් ඒවාට මොනවා වෙනවද දන්නේ නැහැ. (නි)
රත් හඳුන් කොච්චර වටිනවද? (නි)
කවුරු කවුරුත් ඉතින් හදන්නේ ව්‍යාපාරයක් කරලා දියුණු වෙන්නනේ (නි)
ධම්ම,ජාවාරම්කාරයෝ රේගු ඇසෙන් බේරීම සදහා හොර බඩු වෙනත් රටකින් නැව් ගත කළ විදියට, සැකයක් ඇති නොවෙන විදියට තමන්ට අවශ්‍ය රටට නැව්ගත කරනවා.ඉතින් ඕනෑම රටක රේගුවට බලයක් තිබෙනවා එම රට හරහා යන කන්ටේනර් පරික්ෂා කිරීමට. ඔය වගේම ලංකාවේ ජාවාරම්කාරයෙක් ඕස්ට්‍රේලියාවේ අශ්වයන්ට කන්න දෙන පරිප්පු තොගයකුත්, එකපාරක් ලංකාවට එවලා අහු වුණා. ඒ කන්ටේනරයත් නැව්ගත කරලා තිබුනේ ඕස්ට්‍රේලියාවෙන් නෙමෙයි වෙනත් රටකින්. (නි)
මෙම රත් හදුන් ලංකාවේ ප්‍රයෝජනයට ගන්නවාද?දන්න කෙනෙක් අපව දැනුවත් කරන්න. (නදී)
රේගු සොයුරනි / මිතුරනි, මේ තීරුවේ අදහස් පලකරන අය නොයෙකුත් ප්‍රශ්න අහනවා රේගුවේ වැටලීම් ගැන දැනුවත්වීම සඳහා. දර්ශන එවැනි දෙයක් මෙතනත් අහනවා. ඩීජීසී සමග සාකච්ඡා කර, ඔබෙන් පැහැදිලි කිරීම් බලාපොරොත්තුවන අයට පිළිතුරු දීමට ක්‍රමයක් සකස් කලොත් රේගුවටත් පාඨකයන්ටත් එකසේ ප්‍රයෝජනවත් වෙයි නේද? ලංකාදීපය එවැනි දේට කවදත් ඉඩ දෙන බව විශ්වාසයි. (නදී)
අයි රත් හදුන් ඉන්දියාවේඉඳලා දුබි බැරිද දන්නේ නැති නිසි අහන්නේ (අ)
ලංකාදීපය එවැනි දේට කවදත් ඉඩ දෙන බව විශ්වාසයි. මම බලන්නේ ලංකාදීපයයි හැමදාම (නි)