ඉතාලි රජයෙන් වන්දි වශයෙන් පුතාට ලැබුණු රුපියල් කෝටි 15ක් වංචා කළැයි කියන පියකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රහස් පොලිසියට නියෝග කළේය.
හොරණ පදිංචි රමේෂ් කුසල් රහස් පොලිසියට පැමිණිලි කර ඇත්තේ වසර 13ක් තමා ඉතාගියේ සේවය කළ බවයි.
2006 මාර්තු 26 වැනි දා ඉතාලියේදී තම රිය නතර කළ බවත්, පොලිස් නිලධරයකු අතින් වැරදීමකින් අවියක් පත්තුවී තමා තුවාල ලැබා ආබාධිත වූ බවත්, ඊට එරෙහිව පැවරූ නඩුවේදී තමාට යූරෝ 1200000ක් ද, තම පියාට හා මවට යුරෝ 120000 බැගින් දතම සහෝසරයාට යුරෝ 70000ක් ද, ඥාති සහෝදරයාට යුරෝ 40000ක් ද වන්දි ලෙස ගෙවූ ඉතාලි රජය නිවසක් සාදා ගැනීමට යුරෝ 21200ක් දුන් බවත් පැමිණිල්ලේ සදහන් වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ අවසරය ඇතුව ඉතාලි රජය එම මුදල ශ්‍රී ලංකාවට ගෙවූ බවත්, තම පියා තමා විවාහකයකු බව සඟවා ව්‍යාජ ලියැවිලි මගින් තමාගේ භාරකාරත්වය හොරණ දිස්ත්‍රික් අධිකරණයෙන් ලබා ගෙන ඇති බවත් කුසල් රහස් පොලිසියට කියා ඇත.
තම පියා අනියම් සම්බන්ධයක් ද ඇතිව සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බව ද, තමාගේ මුදල් හා දේපල පරිහරණය කරන බව ද, තමා දැන් අමාරුවෙන් ජීවත් වන බව ද පුතාගේ පැමිණිල්ලේ සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අපේ රටේ ඇතැම් පියවරු හැසිරෙන්නේ ඉස්සර බටහිර රට වල තිබෙන නරක දුශ්චරිත පියවරුන් වගේ. හැම එක්කෙනාම අනියම් සම්බන්ධකම් තියාගෙන දරුවන්ට නරක ආදර්ශ දෙනවා. ඉස්සර හිටිය අපේ මුතුන් මිත්තන්ගේ පවුල් සංස්ථා වලින් බාල පරපුරට දුන්නේ අගනා ආදර්ශයන්. නමුත් දැන් ඒවා වලපල්ලට ගිහිල්ලා (නි)
පිම්පියා (අ)
චන්දිමාට හිතුන දේම තමා මටත් කියන්න තියෙන්නේ.(නදී)
මේ තාත්තා වැරදි වෙන්න ඇති. ඒ වුණත් මෙතන වෙලා තියෙන්නේ පුතාටත් තණ්හාව ඇතිවෙච්ච එක. විශේෂයෙන් තාත්තගේ දෙවැනි විවාහයේ බිරිඳ සතුටින් ඉන්න එක ගැන තියෙන අකමැත්ත. උසාවියෙන් තීරණය නොකළත් තාත්තා කියන්නේ තමන්ගේ භාරකාරයා. වියපත් තාත්තා සතුටින් ඉන්න එක ගැන පුතෙක් හැටියට සතුටු වෙන්න ඕනෑ. තාත්තට ලැබුණු මුදල අමතක කළත් තමන්ට ලැබුණු රුපියල් කෝටි 20 කට අධික මුදල ලංකාවේ ජීවත් වෙන්න ප්‍රමාණවත් නේද? (නි)
මේක අහලා වෙන්නප්පු අයියලා පාරේ යන කාර් වලට බෙල්ල තියයි ලෙහෙසියෙන්ම කෝටිපතියෝ වෙන්න. (නි)
සීයට දහයක් ගන්නවා දැනගත්තා නම්. (නි)
නිවැරදි සිද්ධිය දැන ගැනීමට උසාවි තීන්දුව එනතුරු අපි ටිකක් බලා ඉඳිමු. (නි)
තාත්තානේ පුතේ, උන්දැගේ සැදෑසමය අලුත් මායියත් එක්ක ඔන්න ඔහේ සතුටින් හිටපුවාවේ (නි)
මෙහෙමත් පියෙක්? (නි)
ඕව මොනවාද , අපේ පොලිස් නිලධාරීන් අතින් වැරදීමකින් ගුටි වැදිච්ච කෙනෙකුටත් ලක්ෂ 100 ක් විතර ගෙවනවා . කිසි තාත්ත කෙනෙක් හොරෙන් ගන්නේ නැ. (අ)
බෝට්ටුවෙන් ඇවිල්ලා කෝටි පහළොවක් ලැබුනත් ඒකත් ගියේ තාත්තගේ හොර අඹුවට. ඕකට තමයි කියන්නේ අතට ගත්ත දේ කටට දාගන්න වාසනාව නැහැ කියලා. (නි)
ලාල් ගලබඩ හිතන්නේ එයා වගේ ඔක්කොම ඉතාලියට ඇවිල්ල ඉන්නේ බෝට්ටු වලින් කියලා.(නදී)
අනේ ගලබඩ, ළිං ගෙම්බා වගේ දන්නා තරම තමයි. ඔබ ඇතුළු කීප දෙනෙක් විතරයි මෙහෙට බෝට්ටුවෙන් ඇවිල්ලා තියෙන්නේ.(නදී)
ඉතාලි ගිහිල්ලා කොන්ද කඩාගත්තත් සල්ලි ...ලංකාවේ කොන්ද කඩා ගත්ත එකාට ගොනා ඇන්නත් එක වන්දියක් නැහැ (නි)
කේ.එච්.ආර්.කේ.දිසානායක මහත්තයෝ, මුන් කොන්ද කඩාගත්තත් ඉතාලිය වගේ රටකට ඇවිල්ලත් 'වලිගෙ' කඩාගන්නේ නැහැනේ. (අ)
එකනම් එහෙම තමා පිටිගල මිලානෝ, ඔයාගේ ඔයාගේ කතාවත් හිතාගන්න පුළුවන්. මම නොදන්නා නිසා ඇහුවේ.ඔයත් බෝට්ටුවෙන්ද ගියේ? (නි)
මේ තරම් ගානක් දෙනවද? (නදී)
මේකට අදහස් ලියූ සියලු දෙනාම මේ පිළිබදව හරියටම නොදනී. මම ඔය සිද්ධිය හොඳට දන්නවා. (නි)
හුගක් ඉතාලි පවුල් වල සහජීවනය අව්ල් . (දී)
අපොයි මෙහෙමත් තාත්තලා ඉන්නවද, තමන්ගේ දරුවන්ගේ දේවල් මංකොල්ල කන? (නි)
පියෙක් නෙමෙයි දුෂ්පියෙක් (නි)
පෝරකයට යවන්නයි වටින්නේ (නි)
මෙච්චර දීලත් මෙයාට මදිවෙලාද පුතාගේ ඒවටත් තට්ටු කළේ? (නි)
එයා නම් පියෙක් නෙමෙයි. (නි)
පියෙක්? (නි)
පියෙක් නෙමෙයි... (නි)
කලබල වෙන්න එපා. ඉදිරියේදී සත්‍ය හෙළි වෙයි (දී)
මෙහෙමත් පියෙක්! (නි)
ඔය වගේ දෙයක් කාලයකට පෙර මිලානෝ පැත්තේත් වුණාද? (නි)
ඉතාලි නෙමේ කොහේ ගියත් ලංකාවේ මිනිස්සුන්ගේ කපටි කම් නැතිවෙන්නේ නැහැ,මේ කතාව හරියටම පිළිගන්න බැහැ (දී)
හොද වෙලාවට හොරණ උනේ වෙන්නප්පුවේ උනානම් පනාගොඩට සහ අනෙත් එක්කෙනාට තද වෙන්න ගියා....(දී)
ඉතාලියට තියෙන දුක තාත්තට නෑනේ ?ඇත්තටම තාත්තද ?(නදී)
මිලානෝ නගරයට කිට්ටුව ඇති වරේසි නගරයේ වාහනයක ගමන් කරන විට අනතුරකට ලක් වී කොන්ද පන නැති වූ කෙනෙක්ට රුපියල් කෝටි විස්සක පමණ මුදලක් කලකට පෙර ලැබුණා. කාලයක් සිංහල වෙදකම් කිරීමෙන් පසු දැන් ඔහුට සුවයි. (අ)
අනේ මෙහෙමත් පිනට උපන් පියෙක් මේ පි පියාට නිසි දඩුවම් ලැබේව කියා මා ශාප කරනවා.(නදී)
බලන්න ඒ රටවල මනුස්ස ජීවිතයට තියෙන වටිනාකම. (නදී)
සල්ලිවලට යක්කුත් ආස නිසා මෙහෙම පියවරු ගැන මොන කතාද? (නදී)