IMG-LOGO

2025 පෙබරවාරි මස 19 වන බදාදා


කෝටි 36ක ‘හෂිස්‘ සමඟ විදෙස් කතක් ගුවන්තොටේදි මාට්ටු

(ටී.කේ.ජී.කපිල )

කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම සිදු කරමින් , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රුපියල් කෝටි තිස් හයක් වටිනා "හෂීස් " මත්ද්‍රව්‍ය  තොගයක් සමඟ විදේශික ගුවන් මගී කාන්තාවක් ද  ඊයේ (15  )  රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ .

ඇය 36 හැවිරිදි කැනඩාව ජාතික කාන්තාවකි . ඇය ද දැඩි ලෙස මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වී සිටින කාන්තාවක් බවද , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදීම අනාවරණය කර ගෙන තිබේ .

පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණමෙන් සිටි මෙම කාන්තාව  කැනඩාවේ ටොරෙන්න්ටෝ නුවර සිට ගමන් ආරම්භ කර , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර වෙත පැමිණ , එතැන් සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 936 දරන ගුවන් යානයෙන් 02/15 දින රාත්‍රී 08.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත ජාත්‍යන්තර වශයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත , ඇය පැමිණි ගුවන් යානය වෙත ගොස් ,  එම නිලධාරීන් මෙම  අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි. 

ඇය විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ , ඇද ඇතිරිළි කීපයක් තුළ ඔතා සගවා ගෙන , කිලෝ ග්‍රෑම් 36 යි ග්‍රෑම් 500 ක බරකින් යුතු   මෙම  " හෂීෂ්'' මත්ද්‍රව්‍ය  තොගය , සුළං කාන්දු නොවන පොලිතින් ඇසුරුම් 12 ක් තුළ , එක් ඇසුරුමකට 06 බැගින් වන සේ ,  කාබන් කොළ වල ඔතා , ඇසුරුම් 72 ක් ලෙස සකස් කර ගෙන , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම " හෂීෂ්'' මත්ද්‍රව්‍ය තොගය බොහෝ විට , වෙනත් රටකට ප්‍රති අපනයනය කිරීම සදහා මෙරටට රැගෙන එන්නට ඇතැයි , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ උසස් නිලධාරීන් සැක පහළ කරති.

 

 



අදහස් (0)

කෝටි 36ක ‘හෂිස්‘ සමඟ විදෙස් කතක් ගුවන්තොටේදි මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

හෙරොයින් සමඟ සිසුවියක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 19 488 0

හෙරොයින් ළඟ තබාගෙන සිටි පාසල් සිසුවියක් ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් අම්බලන්ගොඩ කුරුඳුවත්ත ප්‍රදේශයේදි අද(19)සවස අත් අඩංගුවට ග


සංජීවගේ වෙඩික්කරු පුත්තලමේදී අල්ලයි
2025 පෙබරවාරි මස 19 3758 3

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේ මුල්ලේ සංජීව නමැත්තා ඝාතනයේ වෙඩික්කරු බව කියන පුද්ගලයා අද (19) පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැ


තැඹිලි 300 පනී
2025 පෙබරවාරි මස 19 374 0

මේ දිනවල කොලඹ සහ තදාසන්න ප්‍රදේශවල තැබිලි ගෙඩියක මිල රුපියල් 300 ඉක්මවා ඇතැයි පාරිභෝගිකයන් පවසති.


කල්දැමූ පුංචි ඡන්දයේ ඇප මුදල් ගෙවීම අරඹයි
2025 පෙබරවාරි මස 19 325 0

2023 වසරේ කල්දැමූ පළාත් පාලන මැතිවරණය සඳහා ඇප තැන්පත් කළ පුද්ගලයන්ට එම ඇප මුදල් ගෙවන බවත් ඒ සදඟා අවශ්‍ය ලියකියවලි මේ මස 28 වැනිදාට පෙර අදාල දිස්ත්‍රික් මැත


හරක් කටාට උදවු කළ CID සන්දීප මෙරටට ගෙන එයි
2025 පෙබරවාරි මස 19 1990 0

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ , පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ග


සංජීවගේ වෙඩික්කරු අල්ලන්න කණ්ඩායම් කීපයක්
2025 පෙබරවාරි මස 19 1493 1

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක වන ගනේමුල්ල සංජීව නොහොත් , මාකිලංගමුවේ සංජීව හෙවත් කුමාර සමරත්න නැමැත්තාට අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාත


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 356 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 155 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site