
(දයාරත්න ඇඹෝගම)
ලංකාවේ ජිවත්වන ඇතුන් අතරින් උසම ඇතා වන කාවන්තිස්ස ඇතා පාදයක බරපතල තුවාලයක් සහිතව සියබලන්ගමුව යාය 03 ප්රදේශයේ කුඹුරු යායක ඇද වැටි සිටින බව මීගලෑව වනජිවි කාර්යාලය කියයි.
මෙම කාවන්තිස්ස ඇතා සියබලන්ගමුව,යාය තුන ප්රදේශයේ පිහිටි කුඹුරක අද ඇද වැටි සිටින අයුරු දුටු ප්රදේශවාසින් විසින් ඒ බව වනජීවි නිලධාරින්ට දැණුම් දී තිබුණි.
එම දැණුම්දිම මත වනජීවි වෛද්යවරු විසින් කාවන්තිස්ස ඇතැට ප්රතිකාර ලබාදිම ආරම්භ කොට තිබේ.
වන අලියාගේ පාදයට තුවාල සිදුවු අයුරු මෙතෙක් අනාවරණයව නොතිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතාට පොලිස් ආරක්ෂාව දෙන්න. නැත්නම් පාපතරයො දළ දෙක කපාගෙන යාවි