(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
දිවයිනේ සුප්‍රසිද්ධ වෙළඳ සමාගමක ඒජන්තවරයකු බව පවසමින් විවිධ පුද්ගලයින් රවටා කෝටි පනහකට අධික අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
පොල්ගස්ඕවිට පාලගම ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයාට එරෙහිව (14)දා සවස ලද පැමිණිලි කිහිපයකට අනුව මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා 2018 වසරේදී ව්‍යාපාරයක් ආරම්භ කොට ඇති අතර එම ආයතනයට මුදල් ආයෝජනය කරන පුද්ගලයින් සදහා අධික පොළී මුදලක් ලබා දෙන බව පවසා කෝටි 50කට අධික මුදලක් ලබා ගෙන ඇතැයි පැවසේ.
ඒ අනුව මුදල් තැන්පත් කළ ගනුදෙනුකරුවන්ට මාස කිහිපයක් පොලී මුදල් ලබා දී ඇති අතර ඉකුත් කොරෝනා සමයේන් පසුව එසේ ලබාදුන් පොළි මුදල් ලබාදීමට මෙම පුද්ගලයා අසමත් වී තිබේ .
ආයෝජනය කරන මුදල් සඳහා මාස තුනකට පසුව පොලී මුදල ලබා දෙන අතර ගනුදෙනුකරු කැමතිනම් එම ආයෝජනය නැවත වරක් මාස තුනකට දික් කළ හැකි ක්‍රමයකට මුදල් වංචා කර ඇති බව පැවසේ .
ඒ අනුව අවස්ථා කිහිපයකදී ගනුදෙනුකරුවන් ඔහුගෙන් එම මුදල් ඉල්ලා සිටිය ද ඔහු විවිධ කරුණු කියමින් මග හැර ඇතැයි පැවසේ .
මේ අතර තුරදී මෙරට විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින් රවටා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය තිළිණි ප්‍රියමාලී තැනැත්තියට අයත් බව කියන මූල්‍ය වංචා ආයතනය වැටලීමත් සමග මෙම ආයතනයේ මුදල් තැන්පත් කළ ගනුදෙනුකරුවන් මෙම ආයතනයේ තැම්පත්කළ මුදල් සහ පොලිය ඉල්ලා තිබේ .
ඒ අනුව පසුගිය දින කිහිපය පුරා ගනුදෙනුකරුවන් පොල්ගස්ඕවිට පාලගම ප්‍රදේශයේ පිහිටි මුදල් ලබා ගත් පුද්ගලයාගේ නිවස අසලට ගොස් මුදල් ඉල්ලා ඇතත් ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා අද දවස පුරා එම ජනතාව විරෝධතාව දක්වමින් සිට තිබේ .
ඒ අනුව කහතුඩුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ගොස් එලෙස මුදල් ආයෝජනය කළ පුද්ගලයින් සහ මුදල් ලබාගත් බව පැවසෙන පුද්ගලයා පොලිස් ස්ථානයට රැගෙන විත් විමර්ශන කටයුතු ආරම්භ කළ බව කහ කහතුඩුව පොලිසිය පවසයි .
මෙම පුද්ගලයා සන්තකයේ මුදල් ආයෝජනය කළ පුද්ගලයින්ට සියයට දහයක පොලියක් ලබා දෙන බවට පොරොන්දු වී ඇති බවද කියයි.
ගනුදෙනුකරුවන් රවටා මෙසේ මුදල් ලබාගෙන ඇත්තේ පොල්ගස්ඕවිට පාලගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි .
සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය විමර්ශන පවත්වයි .
(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝටි 50ක මුදලක් වංචා කල අයෙක් පොල්ගස්ඕවිටින් අල්ලයි
sampath Friday, 14 October 2022 10:25 PM
කිසිම ආකාරයක මූල්‍ය ගනුදෙණුවක් පිළිගත් බැංකු සහ මූල්‍ය ආයතන හොර නොකිරීම ජනතාවගේ වගකීමක්.. අනවශ්‍ය කරදර විහින් දාගන්නේ වැඩිතණ්හාව නිසයි.
යෝගා Friday, 14 October 2022 11:50 PM
මෙච්චර තණ්හාධික මෝඩයින් සිටින රටක් බංකොලොත් නොවී තිබුනොත් තමයි පුදුම.
achini Saturday, 15 October 2022 09:25 AM
පොහොට්ටුවට සම්බන්ධ කෙනෙක් වෙන්නැති.
චින්තක Saturday, 15 October 2022 11:08 AM
ලංකාවේ ඉන්න වැඩිම පිරිසක් මෝඩයින් කියලා 2019 හා 2020 මැතිවරණ අනුව පේනවා. එහෙම මිනිස්සු ඉන්න කොට මෙහෙම හොරු ඇතිවීම වළක්වන්න බැහැ.. 69 ලක්ෂයේ එවුන් වැඩි පිරිසක් තවමත් බලාගෙන ඉන්නේ නැවතත් පොහොට්ටුව බලයට ගේන්න තමයි රජයේ හා පුද්ගලික බැංකුවල සියයට දහයක් ඉක්මවා පොලියක් දෙනවා කියද්දී මෙහෙම මුදල් යෙදීම කළ අය සමෘධි නැත්නම් දැන් කියන විදියට සුබසාධන ප්‍රතිලාභ ගන්නවා ඇති.. සොයාබලා ඒවා නතර කරන්න ආදායම් බදු කට්ටිය මේවා සොයන්නේ නැද්ද?