IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


කෝටි 900 ක දුම්වැටි රේගුවේ හිර වෙයි

(යොහාන් භාසුර, ඉන්දිකා රාමනායක සහ කටුනායක ටී. කේ. ජී. කපිල)

රුපියල් කෝටි 900 කට අධික වටිනාකමින් යුත් විදේශ දුම්වැටි කෝටි 20 ක් පමණ අඩංගු බහාලුම් 21 ක් ශ්‍රී ලංකා රේගු අනුගත වීමේ සහ පහසුකම් සැලසීමේ අංශය අද  (13) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.

ප්‍රතිඅපනයන කිරීමට යැයි පවසමින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් මෙම දුම්වැටි තොගය ආනයනය කර තිබූ බවත් ඉන් බහලුම් තුනක් ඊයේ පරීක්‍ෂා කිරීමේදී දුම්වැටි තොගය සොයාගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

‘සිලෝන් බ්ලැක් ටී’ ලෙස සඳහන් කරමින් සාවද්‍ය නැව්බාර පත්‍රයක් සකස් කර නෙදර්ලන්තය, ජර්මනිය සහ එක්සත් රාජධානිය ආදි රටවල්වලට මෙම දුම්වැටි තොගය ප්‍රතිඅපනයනය කිරීමට සූදානම් කර තිබූ බවත් එහි අපනයනකරු ලෙස ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ තේ අපනයන සමාගමක් නම් කර තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අදාල ජාවාරම්කරු මේ වන විටත් මෙවැනිම බහලුම් 12 ක් බෙල්ජියම, නෙදර්ලනත්ය, ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ බංග්ලාදේශය යන රටවල්වල යවා ඇති බවත් මෙම ජාත්‍යන්තර දුම්වැටි ජාවාරම පිළිබඳව ඉදිරි පරීක්‍ෂණ ක්‍රියාත්මක වන බවත්ය.



අදහස් (0)

කෝටි 900 ක දුම්වැටි රේගුවේ හිර වෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා: සිංහයෝ බලා සිටිනවා
2024 නොවැම්බර් මස 07 16 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ


උසස් පෙළට දින දෙයි
2024 නොවැම්බර් මස 07 272 0

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


කමලා හැරිස් පරාජය බාරගනී
2024 නොවැම්බර් මස 07 1168 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.


යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 07 353 0

යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප


‘‘දේශපාලන අත්දැකීම් තිබුණට හොරාකන අත්දැකීම් නෑ‘‘
2024 නොවැම්බර් මස 07 651 0

දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර


ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි
2024 නොවැම්බර් මස 07 370 0

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 49 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1378 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site