IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කොටි අවි එදා රෝහලේ

2009 ජුලි 15 වෙනි දාතමින් යුතුව එවකට ජිනීවා නුවර ඇමෙරිකා තානාපති වරයා ලෙස කටයුතු කල ක්ලින්ට් විලියම්සන් විසින් යවන ලද ලිපියක් අනුව "කොටි සටන් කරුවන් විසින් ඔවුන්ගේ ආයුධ රජයේ රෝහල් ඇතුළත සවිකරනු ලැබු බව  " හෙළිවී ඇත.

මෙම ආරංචිය තානාපති වරයාට සපයන ලද්දේ ජාත්‍යන්තර රතුකුරුස සංගමයේ දකුණු ආසියා කාර්ය භාර නිලධාරියා ලෙස සේවය කල ජැකී ද මයියෝ විසිනි.

ලෝකයේ විවිධ රටවල රාජ්‍ය තොරතුරු නොමිලයේ එළිදරව් කරනු ලබන "විකිලීක්ස්" නම්වූ අන්තර් ජාල සංවිධානය මෙම විස්තරය එළිදක්වා ඇත.

විකිලීක්ස් වාර්තාව පදනම් කරගනිමින් මෙම තොරතුරු අන්තර්ජාලයට නිකුත්කර ඇත්තේ "කලම්බු ටෙලිග්රාෆ් " වෙබ් අඩවියයි.

අමෙරිකා තානාපතිවරයා යවා ඇති ලිපිය " රහස්‍ය" යනුවෙන් සඳහන්කරන ලද්දක් බවද එම වාර්තාවෙහි දැක්වෙයි.

ජැකී ද මයියෝ මුණගැසුණු අවස්ථාවේදී ඔහු ඇමෙරිකා තානාපතිට හෙළි කර ඇත්තේ " එල් ටී ටී ඊ සටන් කරුවන් අතර පිළිගතහැකි සංයමයක් හෝ අණදීමේ හෝ පිළිපැදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බව" පෙනී යන බවයි.

ඔවුන් බොහෝ අවස්ථාවල සාමාන්‍යය වැසියන් තම අණසක යටතේ බලහත්කාරයෙන් තබාගෙන සිටින බවත් සාමාන්‍යය වැසියන්හට හිතුමතේ එහෙ මෙහෙ යාමට ඒමට කිසිදු ඉඩක් නොදුන් බවත් හැම තැනකම කොටි සටන් කරුවන් අතර සාමන්‍යය  වැසියන් සමුහ වශයෙන් නවතාගෙන සිටි බවත් ඔහු පැවසු බව තානාපති වරයා වාර්තා කර ඇත.

කොටි  අණ දෙන්නන්ගේ අදහස වුයේ සාමාන්‍යය වැසියන් සහ සටන් කරුවන් අතර පැහැදිලි වෙනසක් නොපෙනෙන ආකාරයට කටයුතු කිරීම ඔවුන්ගේ ආරක්ෂාවට ප්‍රයෝජනවත් විය හැකි බවද යුද්ධයේ අවසන් කාල වකවානුවේ එල් ටී ටී ඊ සටන්කරුවන් බොහෝදෙනා සිවිල් ඇදුමින් සැරසී සිටින්නට පියවර ගෙන තිබුනේ මෙහෙතුවෙන් වියයුතු බවද මයියෝ පවසා තිබුණි. 

මේ නිසා එල් ටී ටී ඊ නායකයින් සිවිල් ජනතාව " මිනිස් පලිහක්" ලෙසට පාවිච්චි කිරීම ආරම්භ කරන ලද්දේ කොයි දවසේ සිටද කියා නිගමනය කිරීම අපහසු වූ බවද ඔහු කියා ඇත.

මෙම තොරතුරු ඒ කාලයේදීම ඇමෙරි බලධාරීන් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයටද සපයා ඇත.

පසුගියදා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව විකාශනය කළ වැඩසටහනේ වැඩි කොටසක් වෙන්කර තිබුනේ ශ්‍රී ලංකා රජයේ හමුදාවන් ආරෝග්‍ය ශාලාවන්ට පහරදුන් බව කීම සඳහාය.

 



අදහස් (0)

කොටි අවි එදා රෝහලේ

ටෘත් Tuesday, 05 November 2013 05:46 PM

අන්ස්ලම් ද සිල්වා, සිංහලයා එකතු වෙලා උද්ගෝෂණ කරලා රට බේරා ගනීවි .ඊට පස්සේ පැත්තක ඉදලා ඔයාලා රටේ කැල්ලක් ඉල්ලනකොට අපි මොකද කරන්නේ? (නි)

:       0       0

රෝහණ Tuesday, 05 November 2013 06:07 PM

අද නුතන ලෝකේ ඇත්තට තැනක් නැහැ. ඕනෑ බොරුකරයෙකුට මොන බොරුවක් හරි අැත්තට කියලා පෙන්වන්න පුළුවන්. චැනල් 4 වැනි දේවල් පෙන්වන්න උදව් කරන අයත් ඒවා බලා අපේ රටට ගරහන අයත් එමටයි. නමුත් එක දේශපාලන කරන අයෙක්වත් සත්‍යයට ගරු කරන්නේ නැහැ. (නි)

:       0       0

මොහමඩ් Tuesday, 05 November 2013 11:55 AM

අපේ අයට පෙන්නන්න තියෙන්නේ එල්.ටී.ටී.ඊ. හිටපු කාලේ එයාලා කළ වැඩ ගැන. චැනල් 4 එකේ අයට ඒවා පෙනෙන්නෙ නැද්ද? (නි)

:       0       0

තාරුක Tuesday, 05 November 2013 11:58 AM

මේ වාර්තා ඉංග්‍රීසියෙන් පළකර සමුළුවට ඇවිත් අපිට චෝදනා දාන්න හදන අයට පෙන්නලා ඒ අයගෙන් අහන්න ඕනේ ඇයි ඒවාට නිකම් බලන් හිටියේ කියලා? ඒ කාලේදී සාමකාමී පෙළපාලි ගිහින් මේවා අහන්න මිනිස්සු සංවිධානය වෙන්න ඕනේ. අපේ අර ඇමති තුමාට හොඳ වෙලාව. කැනඩාවෙන් ඉන්දියාවෙන් එහෙම එන්න බයවෙලා ඉන්නේ අපේ ආණ්ඩුව මේවා අහයි විදේශ මාධ්‍ය ඉස්සරහ එතකොට ඔක්කොමලගේ හැටිත් බොරුත් එලිවෙනවානේ? මෙච්චර වියදම් කරන මේ අවස්ථාවෙන් ලැබෙන හැම තැනකදීම ඒ ප්‍රයෝජනේ ගන්න හැම දෙනෙක්ම උත්සාහ කරන්න. දැනටම මැරිච්ච ගැනු කෙනෙක්ගේ නම අල්ලගන විරෝධතා කරන්න ජාති දෙකේම රටට ආදරයක් නැති බටහිර සල්ලි වලට තමන්ගේ ආත්මය විකුනපු මේ මිනිස්සු ලෑස්ති වෙනවා. (ස)

:       0       0

ඉන්දික Tuesday, 05 November 2013 12:26 PM

අපේ අයට ප්‍රයෝජනයක් ගන්නවා නම් මේකත් ඇති. ඒත් මම හිතන්නේ නෑ වැඩක් ගනී කියලා. (ස)

:       0       0

අජිත් Tuesday, 05 November 2013 06:51 PM

සම්පත්, නියමය් ඔයාගේ කියමන්. ඔය මිනිහට (ද සිල්වා) බොහොම අමාරුවක් තියෙනවා බලසේනාව ගැන. මම සම්පුර්ණයෙන්ම එකග වෙනවා ඔබ සමග. ස්තුතියි ඔබට. (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 06 November 2013 08:17 PM

ෆස්රුල්, ගොඩක් අයට නොපෙනෙන, නමුත් මහා සත්‍යයක් ඔයා දැකලා. ඔයා හරි. බටහිර බලන්නේ දැන් කොහොම හරි රට ඇතුලෙන් ලොකු කලබලයක් ඇති කරලා එයාලගේ වුවමනා ඉටු කර ගන්න. අපේ පැත්තෙන් මේ අභියෝගෙට මූණ දෙන්න බැරි අපේ ජනතාවගේ සමගියක් නැතිකම නිසයි. සමගිය බලය වේ. අපේ මිනිස්සු මිත්‍රශීලි අවංකව රටට ආදරේ කරන ජනතාවක් වේවා! (නි)

:       0       0

අන්ස්ලම් දේ සිල්වා Tuesday, 05 November 2013 12:51 PM

ඔන්න හාමුදුරුවරුන්ට පාරට බහින්න ඕනෑ වෙලාව. ඇමරිකාව මේවා දැන දැනත් අපිට විරුද්ධව බොරු චෝදනා ගෙනාවට. ආගම් වලට ජාතිවලට විරුද්ධව පාරට බහින එක නවත්තලා මේවට පාරට බැහැලා විරුද්ධ වෙන්න ඕනෑ.එස් මහින්ද හිමිව අාදර්ශයට ගන්න (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 05 November 2013 07:13 PM

කවුරු මොනවා කිවුවත් අපේ රටට විරුද්ධව විවිධ කුමන්ත්‍රණ සිදුවෙලා හා සිදුවෙමින් තිබෙනවා. විශේෂයෙන් ඇමෙරිකාව නොයෙක් නොයෙක් නවීන පන්නයේ උපක්‍රම භාවිත කරන්න ඉදිරිපත්වෙන ජාතියක්. ඒ සදහා ආගමික/ජාතික නායකයින් අවියක් ලෙස භාවිතා කරන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල් අස්ථාවර කිරීමට ඔවුන් මේ වගේ උපක්‍රම භාවිතා කළා. එරට ජාතීන් ලවා එම රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණ. මගේ අදහස නම් අපේ රටේ සිදුවෙන සිදුවීම් සියල්ල සැළකිල්ලට ගෙන අපේ මාතෘ භූමියට අපෙන් විය යුතු වගකීම කුමක්ද කියන එක වටහා ගැනීමයි. ආගම් භේද ජාතිභේද තුරන් කරන ලාංකිකයන් හැටියට සියලු කුමන්ත්‍රණ පරාජය කිරීමයි. (නි)

:       0       0

කමල් Tuesday, 05 November 2013 02:11 PM

මේවාට විරුද්ධව අපේ ප්‍රතිචාරය දක්වා යුද ජයග්‍රහණය ලැබ තිබෙනවා. මේ ගැන ක්‍රියා කරන්න ඇමරිකාව මොකටද, අපේ අධිකරණය තිබෙන්නේ ඒ සඳහායි. වැරදි කරුවන් සොයා දඩුවම් දෙමු. (ස)

:       0       0

යු. එස්. ඒ Tuesday, 05 November 2013 02:18 PM

මේවා සිදුවුණා බව මුළු ලෝකයම දන්නවා. එහෙත් ඔවුන්ට ඕනේ වුනේ යුද්ධය නිම කරන්නට නොවේ. දිගටම ගෙන ගොස් රට බෙදා වෙන්කර ඊළම දෙන්න. එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන් සටන් කරපු ආයුධ සහ අධි තාක්ෂණ උපකරණ ඔක්කොම බටහිර රටවලින් සපයපුවා. යුද්ධය අවසාන දිනවල මිලිබෑන්ඩ් සහ බෙර්නාර්ඩ් කුෂ්නර් පැමිණ යුද්ධය නතර කරන්නට බල කරා. එහෙත් රජය කාටවත් කන් නොදී යුද්ධය නිම කළා. එම නිසා එහි පලිය ගැනිමට තමා මේ සියල්ල. එංගලන්තයේ චැනල් 4 අයිතිකරු තවමත් එම කටයුතු ලංකාවට විරුද්ධව මෙහෙයවනවා. එම අතර අපේ සිංහලන් කිහිප දෙනෙක්ද මේවාට උදව් කරනවා. සමහර බංකොලොත් දේශපාලන පක්ෂ සමඟ. බරහිර රටවල් අපට වඩා බලගතු නිසාත් බොහෝ මුදල් වැය කරන නිසාත් අපට නිහඩව අපේ කටයුතු කරගෙන යාමට සිදුව තිබේ. (ස)

:       0       0

සම්පත් Tuesday, 05 November 2013 02:22 PM

දේ සිල්වා ඔයාටත් පුළුවන්නේ පාරට බහින්න. ඔයගොල්ලෝ වෙන රටක කට්ටියද? (ස)

:       0       0

දෙවිඳු Tuesday, 05 November 2013 02:38 PM

සිංහල අනාථයන්ට තාම ආපහු යන්න හදල දීල නැහැ කියලා ඒ මිනිස්සු වෙනුවෙන් කතා කරන අය මේ වෙලාවේ ලෝකෙම දැනුවත් කරන්න. සුළු ජාතීන්ට මේ රටේ තරම් සලකන (හේතුව ?) රටක් ලෝකෙම නැහැ. පකිස්තානේ, ඉරාක් වල එහෙම ඇමරිකාවයි එංගලන්තෙයි නිසා අනාත වුන ලක්ෂ ගණන් තාම පාරේ. මරපු ගාන දන්නෙත් නැහැ. මේ රටේ මහ ජාතියේ ඉවසීමට (නොතැකීම) නින්දා දරා ගත්තාට දැන්වත් ප්‍රතිපල තියෙන්න ඕනේ. සාමකාමිව වැදගත් විදියට ඇත්ත පෙන්නලා පිලිතුරු දෙන්න වටහල දෙන්න ලෑස්ති වෙන්න. මේ වෙලාවේ රටට වින කරන මිනිස්සු සිවුරු දාගන ඇවිත් බෞද්ධයන්ට නරක නමක් දෙන්න කලබල කරන්න හදන්නත් පුළුවන්.. ඒ නිසා හොඳට ඇස් කන් ඇරගෙන ඉන්න. අපේ රටට ජාතියට තියෙන අනතුරු වටහා ගෙන කරන විරෝධතා සැලසුම් කරන්න ඕනේ. හාමුදුරුවරු හැමදේම කරයි කියලා බලන් ඉන්න එක වැරදියි. මේවට ඉස්සරහට එන්න ඕනේ කාලගුණ දන්නා මිනිස්සුයි. මරන් කන්න එයාලා හදන විකිලීක්ස් මහත්තයට තුණු රුවන්ගේ පිහිටයි. (ස)

:       0       0

ආලෝක Tuesday, 05 November 2013 02:53 PM

ආනන්දසාගරී කියල තිබුනා එයාට මහනායක හිමිවරු දුන්න තෑගි ගැන යාළුකම් ගැන.. හාමුදුරුවරු 'ජාති' වලට විරුද්ධ වෙලා නැහැ. නමුත් සමහර හාමුදුරුවරු සිංහල බෞද්ධ මිනිස්සුන්ට වෙන දේ ගැන කතා කරනවා. සමහර කොටසක් සිවුරු දාගන ධර්මේ විකෘති කරනවා.? පෙළපාලි යනවා දේශපාලන පක්ෂවලට. මේ සේරම එක විදියට හඳුන්වන්න එපා. ජාතික ප්‍රශ්නෙකදී අනිත් අයට ඇඟිලි දික් කර කර ඉන්න එපා. සමගි වෙන්න. එතනයි බලේ තියෙන්නේ. (ස)

:       0       0

අන්ස්ලම් දේ සිල්වා Tuesday, 05 November 2013 03:09 PM

සම්පත් අපි පාරට බහිනවා ලංකාවේ හිටිය නම් අපි මෙහෙ ඉඳගෙන අපේ රට ගැන හරිදේ කියල දෙනවා වැරදිදේ කියන අයට.අපි රටට විදේශ විනිමය උපයන්න 100 ගානක් අපේ රටේ අයට මෙහෙ රැකියාව හොයල දීලා තියෙනවා. රටට මොනවා හරි කලා කියල අපිට ආඩම්බර වෙන්න පුළුවන්. ඔයා මොනවද කරලා තියෙන්නේ. (ස)

:       0       0

උපාලි Tuesday, 05 November 2013 03:22 PM

ඉන්දික, ඔබ කියනවා වගේ අපේ කට්ටියට මොලය කියල දෙයක් තියෙනවා නම් මේවයින් ප්‍රයෝජන අරන් අපට මඩ ගහන / ගහපු අයට උත්තර දෙන්න පුළුවන්. ඒත් මෙතෙක් එහෙම උපාය ශීලිත්වයක් මම නම් දකල නැහැ. (ශවේන්ද්‍ර සිල්වා කල දෙයක් හැර) (ස)

:       0       0

සකුරුන්ද Tuesday, 05 November 2013 09:13 PM

මොනවද මේ කරන්නේ? දැනටම උතුර ඉන්දියාවට දීලා වගේ. කාගේ නියෝගද ඒවා? ඒ අතරේම කියනවා දකුණේත් බලය අල්ලනවා කියලා. ජාතික සමගියක් ඕනෑ නම් මේ රට බෙදීම නවත්තලා එකතු කරන්න ඕනෑ (නි)

:       0       0

දෙවිඳු Tuesday, 05 November 2013 04:24 PM

' විකිලීක්ස්' මහත්තයා නිසානේ අපි මේවා දැනගන්නේ. එයාත් රුසියාවට ගිහින් ඉන්න එක් කෙනාත් කරන්නේ ලෝකෙට සේවයක්. අධිරාජ්‍ය වාදය වෙන විදියකට අද ක්‍රියාත්මක වෙන හැටි ජීවිතේ ගැනත් නොතකා හෙළි කලේ ඒ දෙන්නනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 493 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 12 0


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 215 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 268 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 310 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 407 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site