(අංජුල මහික වීරරත්න)
ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි (FUJIMARU Satoshi) සහ ප්‍රාදේශීය පුනර්ජීවනය පිළිබඳ සහ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය යමමොටෝ කොසෝ (YAMAMOTO Koza) මහත්වරු ජනාධිපති කාර්යාලයේදී අද(31)ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර ඇති, දැනට අතරමඟ නවතා තිබෙන සංවර්ධන ව්‍යාපෘති ජනතාවට ප්‍රතිලාභ අත්වන අන්දමින් යළි කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු, එම සියලු ව්‍යාපෘති යලි ආරම්භ කිරීමට මෙහිදී දෙපාර්ශ්වය එකඟතාවට පැමිණි අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නිලධාරීන් ද සම්බන්ධ කර ගනිමින් අදාළ ව්‍යාපෘති පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට ද තීරණය කෙරිණි.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදේකි (Mizukoshi Hideaki) මහතා ඇතුළු ජපාන නියෝජිත පිරිස සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් ළග තබාගැනීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද (15) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ව
පවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටුණු යාන්ත්‍ර
දර සොයා කිතුල් උතුව රක්ෂිතයට ගොස් අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා අද (15) පරීක්ෂණ අරඹා ඇතැයි අග්බෝපුර පොලිසිය කියයි.
මාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි
රත්මලානේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි කළමණාකාරිය ඇතුලු ගණිකා වෘත්තියට පැමිණ සිටි කාන්තාව
කොළඹ සිට නුවරඑලිය දක්වා සිමෙන්ති කුඩු ටොන් 57 ක් ප්‍රවාහනය කරන ලද කන්ටෙනර් රථයක පිටුපස ටැංකිය අනතුරට පත්විමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කොට උඩ ගිය ජපාන් ව්‍යාපෘති කඩිනමින් අරඹයි