IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


‘‘කොටි එනවෝ‘‘ කියා ගැමියන් බය කළ හතක් අල්ලයි

(නවරත්න සමරතුංග)

කොටි ත්‍රස්තවාදීන් පහර දෙන බවට අම්පාර නවගිරියාව කැලයේ සිට  කෑ ගසා ගම්වාසීන් බියට පත්කොට මහත් කල බැගෑනියක් ඇති කළ බව කියන පුද්ගලයන් හත් දෙනකු අද මධ්‍යම රාත්‍රියේ අත් අඩංගුවට ගත් බව බක්කිඇල්ල පොලීසිය පවසයි. ‍

'කොටි කපන වෝ' යැයි විලාප නගමින් පිරිසක් කෑ ගසන හඬ ඇසී විදුලි වැට ආරක්ෂා කරමින් සිටි සිවිල් ආරක්ෂක සහ වනජීවී නිලධාරින් ඒ බව බක්කිඅල්ල පොලීසියට ඒ බව දැනුම් දී ඇත.

මේ අතර වාරයේ ගම්වාසීන් බියට පත්ව ආරක්ෂාව පතා 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දුන් බව කියති.

ඒ අනුව අම්පාර සහ අරන්තලාව පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුධ හමුදා භට පිරිසක් පැමිණ පොලීසිය හා එක්ව සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇත.

එහිදී මෙම සැක කරුවන් පැමිණී යතුරු පැදියක් පාපැදි තුනක් සහ ත්‍රිවිලරයක් අවට  නිවෙස්වල නතර කර ගොස් තිබියදී සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.

ඒ අනුව වැඩිදුර විමර්ශනය කිරීමේදී සැකකරුවන් හත් දෙදෙනකු දිවුලාන වනාන්තරයට පලා යමින් සිටියදී උදෑසන අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 



අදහස් (4)

‘‘කොටි එනවෝ‘‘ කියා ගැමියන් බය කළ හතක් අල්ලයි

රසික Wednesday, 18 May 2022 03:04 PM

මේ අය මොන දේශපාලක පක්ෂයේ ආධාරකරුවන්ද? ඒවා හෙලි කරන්න..

:       1       41

යෝගා Wednesday, 18 May 2022 03:36 PM

කවුද මේ අය...? ජෙප්පොද, කුරුට්ටොද, බයියොද, පුතාණෝගේ සෙට් එකක්ද? කවුරු වුණත් මාස හයකටවත් ඇතුළට දාන්න.

:       3       32

කිරි පුතා Wednesday, 18 May 2022 04:19 PM

මෙය විහිළුවක් ලෙස සරලව නොසලකාවි යැයි සිතමු. සිද්ධිය ගැන සහ පුද්ගලයින් ගැන පුළුල්ව පරීක්ෂණ කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. නැවතත් එවැනි ශාපයක් නම් මේ රටට ඕනෑම නැත.

:       5       32

BamunuarachchiThursday, 19 May 2022 08:57 AM

අපි ශාපයට මුල පුරන්නේ නැහැ නමුත් උන් ශාපය ගෙනාවොත් අපිට ශාපයෙන්ම උත්තර දෙන්න වෙනවා. ඔය භය කිරීමක් නොවෙයි ඔවැනි අවස්තාවක් ආවොත් මිනිස්සු ක්‍රීයා කරන ආකාරය බලන ක්‍රමයක්. දැන් ගණන් බලන්න කීදෙනෙක් පන එපා කියලා දිව්වද? කී දෙනෙක් මුහුණ දෙන්න සුදානම් උනාද? ජෙප්පන්ගේ හැසිරීම කොහොමද? කියලා. සිංහලයාගේ මොරාල් එක කඩාවට්ටන්න එපා. තවත් LTTE එක නැගිටින්න උත්සාහ කරනවානම් එකියන්නේ පාඩමක් ඉගෙනගෙන නැහැකියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 6 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 482 0

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 250 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
2024 නොවැම්බර් මස 19 748 1

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.


අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 447 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 750 1

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27101 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18883 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1873 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site