(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත්, රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ රුපියල් 3,50,00,000 වටිනා දුම්වැටි 6,50,000 ක තොගයක් රේගු විමර්ශනවලින් පසුව අද(19) කොළඹ - 14 දුම්කොළ සමාගම් පරිශ්‍රයේ දී විනාශ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
මෙම දුම්වැටි තොගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජෙබෙල් අලි වරායේ සිට මෝගරල් නැමැති නැවෙන් 2019 වසරේදී ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ලෙස හදුන්වමින් කොළඹ වරායට ගෙනැවිත් තිබුණි.මෙම දුම්වැටි තොගය ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව ලියාපදිංචි නොවූ ව්‍යාජ සමාගමක් මගින් මෙරටට ආනයනය කර තිබී ඇතැයි හෙළි වී ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අවධානම් කළමනාකරණ ඒකකය මගින් සිදු කර තිබුණි.
මෙම දුම්වැටි විනාශ කිරීමේ අවස්ථාව නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය , රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න යන මහත්වරු ඇතුළු රේගු නිලධාරීහු පිරිසක් ද පැමිණ සිටියහ.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝටි තුනක දුම්වැටි තොගයක් විනාශ කරයි
Nihal Wednesday, 19 August 2020 05:01 PM
ඉදිරියේදී නාකොටික් එක වගේ රේගුව මගිනුත් මේවා බෙදාහරියිද දන්නෑ. ඒ ගොල්ලත් එක එක ඒවා පිච්චුවනේ.