IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කොටි නඩු විභාගයට අපුරේ වෙනම උසාවියක්

මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ ප්‍රඥප්තිය හා  උගත් පාඩම් හා සංහිදියා කොමිසම ඇති කළේ  අන්තර්ජාතික බලපෑම් නිසා නොව කරුණාව,මෛත්‍රීය,දයාව මුල් කැර ගෙන බව මොහාන් පිරීස් අග විනිසුරු අනුරාධපුරයේදී ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදී නඩු පමණක් විභාග කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාධිකරණය අනුරාධපුරයේ විවෘත කරමින් අග විනිසුරු එසේ කීවේය.

ළමයින්ට එරෙහි අපරාධ වැඩිම වාර්තාවෙන්නේ උතුරු මැදින් බව කී අග විනිසුරු උසාවියට පමණක් එවැනි ක්‍රියා නතර කළ නොහැකි බවත් ඒ සඳහා පාසලට ,ගෙදරට හා සමාජයට ද ලොකු මෙහෙවරක් ඇති බව පැවසීය



අදහස් (0)

කොටි නඩු විභාගයට අපුරේ වෙනම උසාවියක්

ශාන් Friday, 06 September 2013 11:13 AM

දහම් පාසැල් නැති කරන්න ඕනේ.(නදී)

:       0       0

පිටිගල Thursday, 05 September 2013 10:27 PM

කරුණාව, දයාව, මෛත්‍රිය අපි ළඟ තිබුනට කොටි ළඟත් කොටි පුල්ලි තියෙන අනික් අය ළඟත් නැති බව කව්රු කව්රුත් තේරුම් ගත්තොත් හොඳයි. වැඩේ වරදින්න කලින්. (නි)

:       0       0

කුමාරි Thursday, 05 September 2013 04:45 PM

අර ටියුෂන් පන්ති ගුරුවරයා කිව්වේ දහම් පාසැලෙන් අපචාර වෙනවා වැඩියි කියලා. ඉතින් කොහොමද ළමුන් දැනුම්වත් කරන්නේ.(නදී)

:       0       0

මල්ලව ආරච්චි Thursday, 05 September 2013 05:23 PM

වැදි බන අහල අහලා එපාවෙලා. ජනමාධ්‍යට ලොකු ඔය වගේ පම්පෝරි විතරයි. උසාවි ගානේ පොඩි මිනිස්සු රස්තියාදු වෙන ඒවා ගැන පෙනෙන්නේ නැහැ. මුලින් ආපු කනට වැඩිය පස්සේ ආපු අංග ලොකුවෙලා.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 05 September 2013 05:32 PM

ත්‍රස්තවාදීන්ට දඩුවම් කරනකොට ඔවුන්ට විදාන දුන් ත්‍රස්තවාදී නායකයන්ටත් දඩුවම් කරන්න, හිටපු ලොකු ලොකු කොටි අද රජ සැප විදිනවා. (නි)

:       0       0

කුමාර Thursday, 05 September 2013 05:41 PM

සමහර අය ඉලක්ක ගත ප්‍රදේශවලට රිංගලා විවිධ අපචාර කරනවා. දුප්පත්කම සහ නොදැනුවත් කම නිසා බොහෝ අය ගොදුරු වලට ලක් වෙනවා. බොහෝ නිලදාරීන් මහා පොළොවේ පය ගහලා ප්‍රශ්න හදුනා ගන්න විසදුම් දෙනවාට වඩා මාධ්‍ය සංදර්ශන තියන්න දක්ෂයි. ඒ නිසා සමාජය මිට වඩා අවදිවිය යුතුයි. අරයට මෙයාට දොස් කියා කියා ඉන්නේ නැතිව සමාජය විසින්ම සංවිධාන හදා ගත යුතුයි. දැන් බලන්න කොයි තරම් වෙන වෙන නාඩගම් වෙනුවෙන් උද්ඝෝෂණ තියනවාද කියලා. ඒත් සමාජයේ ඔවැනි කරුණු වලදි මොන උද්ඝෝෂණ එකක්වත් නැහැ. මොකද ඉතින් ජිනිවා වලින් ඩොලර් ලැබෙන්නේ නැහැනේ.(නදී)

:       0       0

සම්පත් Thursday, 05 September 2013 06:13 PM

ඇයි මේ කොටින්ට විතරක් සැළකිලි? (නි)

:       0       0

සත්‍යා Friday, 06 September 2013 07:37 AM

නියමයි සර්, අපේ සුභ පැතුම්.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 05 September 2013 07:01 PM

ඇත්තටම බැරිද ඔය උසාවි වල විනිසුරු සංචිත පිහිටුවන්න? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 06 September 2013 08:38 AM

මීට කලින් ඕව පිහිටෙව්වා නම් ඔබතුමා කියන දේ ගැන සලකල බලන්න තිබුනා. ඒක ඇත්තද? බොරුද කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 878 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 63 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1074 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 186 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2004 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32226 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23822 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site