යුධ හමුදාවේ දස වසරක් සේවය කර මෑතදී විශ්‍රාම ගිය සෙබලෙකුගේ ඇල්පිටියේ නිවසේ තිබී සී4 වර්ගයේ අදි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝවක් පමණද කොටි නිල ඇදුම් හා මුහුදු කොටි නිල ඇදුම් සදහා ගන්නා රෙදි කැබැල්ලක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් සොයා ගත් බව පොලීසිය කියයි.
යුධ හමුදාවේ දස වසරක් සේවය කර මෑතදී විශ්‍රාම ගිය සෙබලෙකුගේ ඇල්පිටියේ නිවසේ තිබී සී4 වර්ගයේ අදි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝවක් පමණද කොටි නිල ඇදුම් හා මුහුදු කොටි නිල ඇදුම් සදහා ගන්නා රෙදි කැබැල්ලක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් සොයා ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසාවට ගේන්න ඇත්තේ.. සිහිවටන විදිහට........... (නදී)
පුපුරණ ද්‍රව්‍ය හැර අනික්වා තිබීම වරදක් කියා මම හිතන්නේ නැහැ. මෙම තැනැත්තා මේවා සිහිවටන ලෙස තියාගෙන ඉන්න ඇති. (ස)
මේ ගැන හදවතින් බලනවානම් ගොඩක් වටිනවා. මේවා සිහිවටන ලෙස තියාගන්න ඉන්න පුළුවන් නේද රණවිරුවන්ට ගිය කලක් (නදී)
මෙම සෙබලා හමුදාවෙන් පැන ගිය සෙබලෙක් නෙමෙයි. නීතියට අනුව විශ්‍රාම ගිය සෙබලෙක් බැවින් සිහිවටන සේ ලග තබා ගන්න ඇති. (නදී)
සිහිවටන තියාගන්න පුළුවන්, ඒ වුනත් මහත්තයෝ පුපුරන ද්‍රව්‍ය කිලෝවක් තියාගන්න කිසිම උවමනාවක් නෑ. (ස)
ඔව් ඒ කාලේ සිංහල කොටිත් හිටියනේ , ඔය එක් කෙනෙක් වෙන්න පුළුවනි . (ස)
මෙවැනි දේ නීති විරෝධියි, රාජ්‍ය විරෝධියි. (ස)
ඇත්තෙන්ම සිහි වටනයක් ලෙස ගෙනෙන්න ඇති. ඔහු යුද්දයට සම්බන්දව යුදබිමේ ක්‍රියාන්විතයේ සිටපු සෙබලෙක් නම් ඔහුට අවවාද කර නිදහස් කල යුතු බවයි මගේ හැගීම. නමුත් කොටි අවතාර,හොල්මන්,සෙවනැලි කිසිවක් අවශ්‍ය නැහැ. විදපු දුක මතකයේ තිබුනම හොදටම ඇති. (නදී)
මේ ගැන පුළුල් පරික්ෂණයක් කළ යුතුයි. සිහිවටන වලට සි 4 අවස්සිය නැත. (ස)
මේවා අනුමත කිරීමට බැහැ . සිහිවටන ලෙස හෝ මේවා ළඟ තබා ගැනීම නීති විරෝධී සහ භයානක තත්වයක් . මේවා පාවිච්චි කරන්නේ පසුව බැංකු කැඩීමට මිනිසුන් මැරීමට, හොඳ දේවලට නෙමේ. (ස)
ඉතා භයානක සිද්ධියක්.අපි බබාලා නෙමෙයි.සල්ලි වලට මිනිස්සු ඕනෑ දෙයක් කරන යුගයක් මේ.එනිසා ඉතා පුළුල් පරීක්ෂණයක් කළ යුතුයි (නි)
මේ වගේ සිහිවටන හැමෝම තියා ගත්තොත් කොහොමද? අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ මේක සුළුවට නොගෙන. කොටි නිල ඇදුම් නෙමෙයි කොටි හෙවණැල්ලක්වත් වැටෙන්න දෙන්න එපා අපේ මාතෘ භූමියට. (නි)
සී4 වත්තේ ගල් බෝර ගහන්න වෙන්න ඇති. (ස)
නීති විරෝධීයි.(නදී)