බම්බලපිටියේ ව්‍යාපාරික සුලෙයිමාන් ඝාතනය සම්බන්ධයෙන් කොළඹ ආදුරුප්පු වීදියේ මාළු කඩයක පුද්ගලයකු හා සේදවත්තේ නාටාමියකුගෙන් ද පොලිසිය සැකපිට ප්‍රශ්න කරගෙන යයි.
හය දෙනකු පමණ මේ ඝාතනයට හවුල් වන්නට ඇතැයි ද කැති මිටකින් හෝ යකඩයකින් කන ළඟට මුලින්ම පහරදී ඇතැයි ද ඉන්පසු දෑත් හා දෙපා බැඳ කටට ප්ලාස්ටර් ගසා ඇතැයි ද කියති.
කුලී රියකින් මාවනැල්ලට ඔහු රැගෙන යද්දී කටේ ප්ලාස්ටර ගලවා රුපියල් කෝටි 5ක කප්පමක් ඔහුගේ පියාගෙන් ඉල්ලා සිටීමට ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන ඔහුගේ ගණන් හිලව් හැදූ පුද්ගලයා උත්සාහ ගෙන ඇතැයි ද එහෙත් ඒ වනවිට ඔහු මියගොස් ඇතැයි ද කියති.
තම පුතාගැන හරි තොරතුරක් දෙන කෙනකුට රුපියල් ලක්ෂ 50ක ත්‍යාගයක් දෙන බව සුලෙයිමාන්ගේ පියා පසුව පොලිසියට කියා තිබිණි. සිරුර මාවනැල්ලේ හෙම්මාතගමට රැගෙන යද්දී ඝාතනයට හවුල් පිරිසක් රඹුක්කන දක්වා ත්‍රී රෝද රථ වැනි වාහනවලින් ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
මාවනැල්ලේ දී ඔහුගේ දුරකථනය ගිනිගොඩකට දමා පුළුස්සා ඇතැයි ද කියති. රහස් පොලිසිය් විශේෂ කණ්ඩායමක් අද වැදගත් තොරතුරු කිහිපයක් සොයා හෙම්මාතගමට ගොස් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි වලට කරන දේවල්.(හේ)
යුද්ධයෙන් පසුව රට යහපත් මනෝ බාවයකට ගෙන ඒමට යුද්ද කළ අයගේ මනස සකස් කළ යුතු බවට අපේ සමාජ විද්වතුන් රජයට උපදෙස් දියයුතුව තිබුණා. එහෙත් එය සිදු වුනේ නැහැ. (බ)
ඔයා බය නැතුව එන්න පිටිගල. තවම කවුරුත් සත්තු උස්සන්නේ නෑ (බ)
මමත් රට ඉඳලා ලංකාවට ආවා. දැන් රටම ඉවර වෙලා. මහින්ද මහත්තයා ලස්සනට රට දියුණු කළා (නි)
ඔන්න ඔබ පැතු ඒ වෙනස දැන් ලැබී තිබෙනවා. තාම පාතාලයේ වැඩ විතරයි දකින්නේ. මේ ළඟදි නිදහස් කරපු කොටි වැඩ පටන්ගත්තම දුවන්න පාරවල් මදි වෙයි. අනේ අපේ මෝඩ මිනිස්සු! කෝ අර බුද්ධිමත් ලක්ෂ 62? (නි)
මෙවන් අපරාධකරුවන්ට දියහැකි දඬුවම් උපරිමයෙන්ම ලබාදෙන්න (නි)
රට අනාරක්ෂිත වුණේ පිටිගල ජයලා ඒ කාලේ කඩේ ගිය නිසා තමයි. දැන් කඩේ ඇතුළේ ඉන්න නිසා නියම තත්වය පේන එකත් ලොකු දෙයක්. (නි)
කෙනෙක්ව මරාදැමීම සාහසික දෙයක් වුණත් මේක ඒ ඒ අයගෙම වැඩක් කියලා එළිනොවුණා නම් .... මේ වෙද්දි අපේ සමහරක් ඒකත් මහින්දට, ගෝඨාට බැර කරලා (නි)
කාගේ උවමනාවටද මේ දේ කරලා තියෙන්නේ.(හේ)
මම ලංකාවට අවොත්, මාවත් උස්සගෙන දන්නේ නෑ නේද? (බ)
කාටත් මේ වගේ දෙයක් නම් වෙන්න එපා.(හේ)
පිටිගල මිලානෝ ළිඳේ ඉන්න ගෙම්බෙක් වගෙයි කියායි සිතෙන්නේ (නි)
අනේ පවු දෙවියනේ! ඔහු මොනතරම් වේදනාවක් විඳින්න ඇද්ද? (නි)
සල්ලි නැති අපිට හොඳට නින්දවත් යනවා, අඩුගානේ (නි)
අනෙක් අයට චෝදනා කරමින් නොසිට ඇත්ත දැකිම වැදගත් (බ)
මහින්ද රට දියුණු කළානම් කොහොමද මිනිසුනේ රුපියලේ අගය වලපල්ලටම වැටුනේ ? (බ)
හරිම අවාසනාවන්ත පුවතක් (නි)
විදේශවල ඉන්න නිවාඩුවට එන ලාංකිකයින් තමා දැන් මේ හොය හොයා මරන්නේ? මොන මෝඩ කතාද මේ සමහරුන්ගේ? (නි)
ඔවු පිටිගල දැන් තේරෙනවා නේද. ඒකාලේ ගෝඨාභයට බයේ පාතාලයෝ රටෙන්ම පැනලා ගියා. දැන් ඇවිල්ල වැඩ පටන් අරන්. (බ)
පිටිගල මිලානෝ වලම ඉන්න එන්න එපා (බ)
පිටිගල, මිලානෝ උඹ රටම ඉදපන් මෙහෙ අවොත්උඹවත් උස්සගෙන යයි (බ)
දැන් රට හරිම අනාරක්ෂිතයි (නි)
තමන්ගේම කට්ටියගෙන් පරිස්සම් වෙන්න ඕනෑ. ඒ අය තමයි දන්නේ යන එන තැන්, අතේ තිබෙන මුදල් ප්‍රමාණය. මම නම් හැමකෙනා දිහාම සැකෙන් තමයි බලන්නේ (නි)
මෛත්‍රී පාලනයක් කිව්වට රට දැන් නම් විශාලාවක් බවටයි පත්වෙලා තියෙන්නේ. (නි)
අර කියපු ලස්සන රට දැන් උදාවෙමින් පවතිනවා. 2020 දී ලස්සන ලංකාව උතුරු ලංකා හා දකුණු ලංකාව බවට පත්වෙයි. ආසියාවේ ඊශ්‍රායලය! කාටද ආඩම්බර? (නි)
ඉස්සර නම් සුදු වෑන් විතරයි. ඒකට දැන්? හෙට අනිද්දට කුඩුකාරයොත් මිනිස්සු උස්සන්න පටන් ගනී වගේ (නි)
රට අනාරක්ශාකාරියි. විදේශවල සිටින ලාංකිකයින් නිවාඩුවකට වත් කොහොමද මේ රටට පය ගහන්නේ? උස්සන් ගිහිල්ල මරලා දායි. (බ)
මිලානෝ, බය නැතුව එන්න. ලංකාවේ මිනිස්සු ගැරඬි මරන්නේ නැහැ (නි)
මේක පාතාලයේ වැඩක්ද? හැමදේටම මහින්දට කඩේ යන්න එපා. ලැජ්ජයි (නි)
කොතරම් අපරාධ සිදු වුවත් හැංගිලා ඉන්න බෑ අහු වෙනවා.(හේ)
අනේ පිටිගල මිලානෝ, අපි නොදන්නා ඉතාලිය! (නි)
මම නම් කියන්නේ පිටිගල කී දේ නිවැරදියි (නි)
චන්දි සහන් උඹලා දෙන්නා සිරිකොතෙන් දාපු උන් දෙන්නෙක් නේද ? (බ)
අා...රමණි ලංකාවේ පාතාලයෝ කියන්නේ නාට්ටාමි වැඩ කරන, මාළු කඩේ වැඩකරන සේවකයින්ටද? (බ)