1998 සැප්තැම්බර 29 වැනි දා කොටි සංවිධානයේ මිසයිල ප්‍රහාරයකින් විනාශ වුණු ඇන්ටනෝව් 24 වර්ගයේ ලයන් එයාර් ගුවන් යානයේ සුන්බුන් අතර තිබී ගොඩ ගත් ඇඳුම් කොටස් 72ක් විද්‍යානුකූලව පිරිසිදු කර ලබන 11 වැනි දා සහ 12 වැනි දා යාපනයේ නගර සභා ක්‍රීඩාංගනයේ දී මියගිය අයගේ ඥාතීන්ට ප්‍රදර්ශනය කිරීමට නියමිත බව පොලිසිය කියයි.
එදිනට පානදුර අධිකරණ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න දසනායක, රජයේ නීතීඥ මාධව තෙන්නකෝන් සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අසංග කරවිට මහත්වරු ද සහභාගී වීමට නියමිතය.
ලයන් එයාර් ගුවන් යානයේ ගමන් කළ සියලු දෙනාගේ ඥාතීන්ට හා මිය ගිය අය ගැනතොරතුරු දන්නා අයට වෙතොත් ඔවුනට ද , කොටි සංවිධානයේ මිලේචත්වය දැන ගැනීමට අවශ්‍ය සියලු දෙනාට ද එහි පැමිණෙන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඇරැයුම් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අපරාධ කාලයක් ජාති ජාතිත් නොවේවා .(දී)
ඒකත් යුද හමුදාවෙන් කියයිද දන්නේ නැහැ නේද අර විග්නේශ්වරන් මහත්තයාටත් ආරාධනා කළොත් නේද හොඳ, එයා හරි ආඩම්බර වේවි කොටින්ගේ වැඩ දැකලා (ස)
2014 ජනවාරි 17 - 19 යාපනයේ දොරේ අප්පා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ජයත්‍යන්තර වෙළද ප්‍රදර්ශනයටත් ඔය ටික තිබ්බනම් අගෙයි .(දී)
පිල්ලෙටත් එන්න කියන්න. (නදී)
හදන්න ලොකු නැවක්. සියලුම කොටින්ගේ බධු අවි ප්‍රදර්සන කුටි හදලා රටෙන් රටට ගෙනියලා ප්‍රධාන වරායවල් වල දින 10 බැගින් ප්‍රදර්ශනය කරන්න. අපිට මඩගහන කැමරන්ට ,පිල්ලේට ,චැනල් 4 නොර්වේ සාම දුතයන්ට කලින් ලිපි යවලා ආරාදනාකරන්න. ලෝක පුජිත එල්.ටී.ටී කාරයන්ගේ කෙරුවාව ලෝකෙටම පෙන්වන්න.(නදී)
උතුරේ ඉන්නේ අහිංසක මිනිස්සු කියලා කියපු අයටත් එන්න කිව්වා නම් හරි.(නදී)
අර කිව්වා වගේ කේ පි, කරුණා අම්මාන්, පිල්ලෙයාන්ලටත් එන්න කියන්න.(නදී)
ඕවා මොනවද, ජාත්‍යන්තරේ දැනටත් ඉන්න කොටි කරන වැඩ බලන්නකෝ (දී)
ලංකාවේ නම් නැවත ත්‍රස්තවාදයක් ඇති කරන්න බැහැ ජනාධිපති තුමාට පින්සිද්ද වෙන්න (දී)
සමන්තගේ යොජනාවට එකගයි. ඒක තමා කලයුත්තේ.(නදී)
ඒ භයානක කාලය නැවත සිහිපත් නොකර ඉම්මු (දී)
අපි මානව හිමිකම් උල්ලංගනය කළා කියන ඔක්කොටම බලන්න එන්න කියන්න .(දී)
පිල්ලේ නෝනාටත් එන්න කියන්න.(නදී)
චැනල් 4 ලොක්කට ආරාධනය කලේ නැද්ද ? (නදී)
අර ඇමෙරිකාවෙන් ආව උත්තමයටත් ආරාධනය කරලා ඕක පෙන්නුවොත් නේද හොඳ?(නදී)
ලංකාවේ දේශපාලකයෝ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගැනීම පිණිස කුණු ගොඩවල් වටේ තම ජනතාව ඇවිද්ද වද්දී එක්සත් ජනපදයේ ලෝක වෙලඳ මධ්‍යස්ථාන සිදුවීම අමතක කොට ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත් කොට ඒ ගැන සිතෙන්නේවත් නැති තරමට එම රජය ජනතා වාදී ඇත.(නදී)
බටහිර තානාපතිවරුන්ට එන්න කියන්න.(නදී)
පහත නම් සඳහන් අයටත් ආරාධනා කලොත් හොඳයි. 1. කරුණා අම්මාන්. 2.පිල්ලෙයාන්. 3. කේ.පී. (නදී)
ඔය එකක් නෙමේ දෙකක් රංජිත්, දෙගොල්ලම රට විනාශ කරනවා තමයි. ඒත් මිලේච්ඡ ත්‍රස්තවාදය අපේ හමුදාව පැරද්දුවා. පළාත් සභා වල කෙරෙන අපරාධ ජයගන්නත් සටනක් ඕනේ වෙයි? එපාවෙලා වෙන කොහේ යන්නද අපි ? මුදේ පනින්න වෙයි අන්තිමට ? (නදී)
ජිනීවා නුවරට ගෙනත් පෙන්නන්කෝ.(නදී)
ඕක අර ඇමෙරිකාවෙන් එන මහත්තයටත් පෙන්නුවොත් නේද හොඳ..(දිල්)
ඔව් දැන් ඡන්දය එනවනේ බිල ගහන්න වේදිකාව සුදානම් කරන්න.(නදී)
ඇත්තටම මුලදී මම ඕවා බලන්න කැමැත්තක් තිබුනා. ඒත් දැන් ප්‍රාදේශීය මන්ත්‍රීලත් පළාත් සභා සහ අපේ මැති ඇමතීන් කරන දේවල් නිසා ඔක්කොම එපා වේගන එන්නේ. (නදී)