(ටී.කේ.ජී.කපිල)
තැපැල් පාර්සල් ලෙස සීදුව පෞද්ගලික කූරියර් ආයතනයක් වෙත එවා තිබූ රුපියල් කෝටි 07 ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් අද (25) සවස අත්අඩංගුවට ගනු ලැබීය.
ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම මෙය බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය කියයි.
නෙදර්ලන්තය සහ ඇමෙරිකාවේ සිට කොළඹ සහ පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් වෙත මෙම ගුවන් තැපැල් පාර්සල් 09 ක් මීට මාසයකට පමණ පෙර එවා තිබුණි.
ඒවා භාර ගැනීමට මෙතෙක් කිසිදු පුද්ගලයකු නොපැමිණීම නිසා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් එම පෞද්ගලික කූරියර් ආයතනයේ දී , එම පාර්සල් විවෘත කර පරීක්ෂා කර බැලීම සිදු කෙරුණි.
එහිදී ඒවා තුළ " මැජික් මස් රූම් " ග්‍රෑම් 297 ක් ,මෙතැම්පටමයින් නොහොත් එක්ස්ටසී පෙති 2,000 ක් , චොක්ලට් ආකාරයට සකස් කළ මත්ද්‍රව්‍ය තොගයක් , ඇමෙරිකානු " කුෂ් " නැමැති ගංජා තොගයක් සහ එම ගංජා ඇට අඩංගු පාර්සල් කීපයක් ද වූ අතර මේවා සියල්ලේ මුළු බර කිලෝ ග්‍රෑම් 06 ක් පමණ විය.
මෙම මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත යොමු කිරීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ.
දිවයිනට බළපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු එම්.ජී
මහවැසි හේතුවෙන් තාවකාලික වසා දැමුණු පාසැල් හෙට(15) සිට සාමාන්‍ය පරිදි යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව මැතිවරණ වියදම් වාර්තා ලබා නොදුන් බත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු තිදෙනාට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභ
මරදන්කඩවල ගනේවල්පොල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ලොරියක් එකිනෙක ගැටී අද (15) සිදුවූ රිය අනතුරකින් යතුරු පැදි කරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටින මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සි
සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකුගේ ඖෂධාලයක තිබු ගංජා සමඟ එහි සේවකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කෝටි හතක මත් කුඩු සීදුවෙන් අල්ලයි
ගමේ එකාලා Tuesday, 25 July 2023 07:46 PM
ඔය අල්ලනවයි කියන මත් ද්‍රව්‍ය වලට මොකද වෙන්නේ කියලා කවුද දන්නේ ? මොනව උනත් සල්ලි නේ?
Bunny Preena Wednesday, 26 July 2023 09:19 AM
මත් රකුසාගෙන් ජනතාව බේරා ගත යුතුයි .රටක යහ පැවැත්මට නීරෝගී මනසක් සහිත පුරවැසියන් සිටිය යුතුයි
prasanna Wednesday, 26 July 2023 10:01 AM
හොන්ද වැඩෙ...දැන් කරන්න තියෙන්නෙ ඔයටික විකුනල කොටි 07 දුප්පත් දරුවන්ට බෙදා දෙන එකයි...හැමදා මෙ අය කියන්නෙ කොටි ගනන් වලින් ...
Rata Perata Wednesday, 26 July 2023 11:38 AM
මහින්ද හිටියා නම් ඔය කුඩු ගෙනාව නායකයා බදාගෙන නීතිය කරන්න දෙන්නේ නෑ
Kamal Koyrala Wednesday, 26 July 2023 11:50 AM
කරුන්කා වගේ ප්‍රති අපනයනය කරන්න බැරිද දන්නේ නැහැ .රටේ ණය ටික ගෙවා ගන්නවත් .පොලිසියෙන් පිටි කරලා රොටි හදන්නත් බැහැනේ
පැරකුම් Wednesday, 26 July 2023 12:38 PM
දැන් ඉතිං කොස්සන්ට රජ මගුල් …!