එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනීදන් පිල්ලේ නැගෙනහිරදී රජයේ හා හමුදා නිලධරයන් හමුවීමට අමතරව රජයේ ආරක්ෂකයන් නොමැතිව කිලිවෙඩ්ඩි අනාථ කඳවුරට හා නාවල්අඩි ගමට ගියාය.
කොමසාරිස්තුමියගේ උපදේශක රෝරි මුද්දවන් වාකරේහිදී පැවසුවේ සියලු අවි ගත් කණ්ඩායම්වලින් සිදුවූ හිංසනයන් සොයා බලා සාධාරණය ඉෂඨ කිරීම එක්සත් ජාතික සංවිධානයේ අරමුණ බවයි.
ඔහු එසේ කීවේ දෙමළ ජනයාගෙන් පෙත්සම් රැසක් පිළිගනිමිනි. එම පෙත්සම් වැඩිහරියකින් කියැවුණේ කොටි සංවිධානයෙන් තමනට හිරිහැර වූ බවයි. අතුරුදන් කිරීම් හා ඝාතන රැසකට කොටි සංවිධානයේ එදා සිටි නැගෙනහිර නායකයකු සම්බන්ධ බව ඔවුහු කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා නැගෙනහිර හිටපු මිනීමරුවා කරුණ අම්මාන්. අනිකා පිල්ලෙයාන්. ප්‍රභාකරන් ඉවර නිසා ඒයා ගැන දැන් කියන්නේ නෑ. අවසාන යුද්දේ අපරාදයක් නොවේ. දිනන්න යුද්ද කරන්නේ එහෙම තමා. මාතලේ මිනී වල ගෙන කියන්න කව්රුවත් නැති එක ගැන දුකයි.(නදී)
කරුණාකර ශ්‍රී ලාංකිකයන්ට සුහදව ඉන්න ඉඩ දීලා නෝනා යන්න (නි)
මානව හිමිකම් පිලිබඳ කොමසාරිස් නැවි පිල්ලෙ මහත්මිය කරන අතිවාසිකම් කඩ කිරීම් සම්බන්ධව කාටද පැමිණිලි කරන්නෙ !!?? (ස)
ප්‍රභාහරන් හිටිය නම් අද පිල්ලෙගෙ පිල්ලියටවත් එන්න දෙන්නේ නෑ අපේ ජනාධිපති තුමා හිටිය නිසා හොදා.(නදී)
පිල්ලෙ මැතිනිය හරි හැටි තමන්ගේ හදවට උගත් දැනුමට අනුව වැඩ කල යුතුයි. හැදියාව හා අවංකකම කියන්නේ අනිත් අයගේ ඉගැනුම් බස් වලට අවස්ථාවාදීන්ගේ බස් වලට සවන් නොදිය යුතුය. කොටින්ට කත් අදින නිවට දේශපාලකයන්ගේ හඞට නොව යුක්තිය සාධාරණය අනුව තමා තීරණ ගත යුත්තේ. නමුත් එය එසේ වේවිද කියලා කියන එක කළුනික හමුවුණා වගේ වේවි. මොකද දේශපාලක අතරත් තිබෙන්නේ රටට ආදරය නොව අවස්ථාවාදී අදහස් දරන අයයි. එම තරමට අද ලංකා මෑණියන් අසරණ වෙලා. (ස)
එල්ටීටීඊ එක මොන තරම් අහිංසක මිනිස්සුන්, දරුවන්, දේපොළ විනාශ කලද. නමුත් කවුරුත් අද ඒවා ගැන කතා කරන්නෑ, රටක සාමය හොඳ නම්, සම්පත් තියෙනවා නම් රට දියුණු කරන්න පුළුවන් (ස)
මගේ අදහස නම් එල්ටීටීඊ එකේ හිටපු සියලුම අයට දඩුවම් දිය යුතුයි. කාටවත් කිසිම සමාවක් නොදිය යුතුයි. (ස)
පිල්ලේ මහත්මිය කියා තිබෙනවා මානව හිමිකම් පිළිබද ප්‍රශ්ණ ගොඩක් අපේ රටේ තියනවා කියලා.ජාත්‍යන්තරය විසින් අපේ රටට ඉබේම ඇගිලි ගහන්න අවස්ථාව ලැබෙනවා. (නි)
පිල්ලේ ඇවිල්ලා ඉන්නේ ඔය කියන දේවල් අහන්න නෙමෙයි (නි).
ප්‍රභාකරන් මොන තරම් අහිංසක සන්තුවරයෙක්ද . එයා මරපු එකම මදිද පිල්ලේට, සිංහල හමුදාවට සහ රජයට විරුද්දව කටයුතු කරන්ට. (අ)
කිරිපොවල ඇතිදැඩි කරපු කට්ටිය හම්බවෙන්න ආරක්ෂකයෝ මොකටද? (අ)
දසුනි, අප ඔබ ගේ අදහස් දැක්වීමට ඇති අයිතියට ගරු කරනවා . නමුත් කියා ඇත්තේ නම් අන්තිම මොන්ටිසෝරි කතාවක්. මේ හදන්නේ කරුණාව කුඩු කරන්න. (නදී)
එදා සිටි නැගෙනහිර නායකයාටත් අණ දුන්නේ ප්‍රභාකරන්.එවැනි පිලි නොගත්තොත් ඔහුත් මරනවා.එ නිසා ප්‍රභාකරන්ගේ මතයේ ඉන්න අය තමා වග කියන්න ඕනේ.එදා හිටපු නායකයන් ප්‍රභාකරන්ගෙන් ඉවත් උන නිසා තමා යුද්ධය දින්නන්න ලේසි උනේ.එක නිසා මොන වරද තිබුණත් එ අයට සමාව දිය හැක.මොකද එ අය ප්‍රජාතන්ත්‍රවාදයට ඇතුල් උන නිසා. (අ)
දසුනි කියන එක හරියටම හරි. එක තමයි අද ලංකාවේ තත්වය. මට හිතෙනවා ඔයාගේ කටේ මාළු පාන් ගෙඩියක් ඔබන්න. (අ)
අපේ රට විනාශ වුණේ මේ මිලේච්ච ත්‍රස්තවාදීන් නිසා බව මුළු ලෝකයම දන්නවා.සිංහල ,දෙමළ,මුස්ලිම් කියන සැමදෙනා ගේම ජීවිත නැති වුණා.එක ජාතියක් වෙනුවෙන් පෙනී සිටින කිසිම සංවිධානයක් හෝ නිරීක්ෂකයෙක් ඒක පාර්ශිකව පරීක්ෂණ පැවැත්වීම සුදුසු නැහැ (නි)
කොටින්ගෙන් හිරිහැර වුණා කියලා දුන්න ඒවා නම් විසිකරයි (නි)
කුමාර හරි.(නදී)
රණවිරුවෝ ගොඩාක් වැරදී කොරල තියෙනවා, ඒ නිසා ඔවුන්ටත් මෙම දඬුවම දිය යුතුයි. ලොකු ලොකු අයටත් දඩුවම් දියුයුතුයි. දඩුවම වැරදි කරන කාටත් පොදු විය යුතුයි.(නදී)
ඇයි යුද්ධය තියෙනකොට ආවේ නැත්තේ? සිංහල, දෙමළ මිනිස්සු යුද්ධෙන් බැටකාපු හැටි දැකගන්න තිබුනේ. ඇයි බෝම්බ පිපිරෙනකොට ඇවිත් කතා කළේ නැත්තේ. (නදී)
ඇමරිකාව මුස්ලිම් රටවලට ගහල අහිංසක මිනිස්සු මරනවා. නමුත් පිල්ලේට ඒවා පෙන්නේ නැහැ ඒවා පහුකරලා අපිට වින කරනවා. එල් ටි ටි කාරයෝ සිංහල මිනිස්සු කොච්චර මැරුවද. ඔවුන්ගේ නෑයන්ට පුළුවන් මෙයාට කියන්න.(නදී)
කුමාර කියන විදිහට ප්‍රභාකරන් හිටියානම් එයාවත් ඔය මොන හරි කියල, නිදස්කරලා ඒ වෙලාවට පාරේ යන අහිංසකයෙක්ව අල්ලලා , පෝරකේට යවන්න තිබුණ. ඔය කියන" ප්‍රජාතන්ත්‍රවාදය" අපේ රටේ එක එක්කෙනාට බලපාන්නේ,එක එක විදිහටනේ.හැමෝටම එක සමානව නෙමෙයි. එහෙම නේද?.(අ)
කොටි කරපු තිරිසන්වේද පිල්ලේ බලන්නේ අපේ රණවිරුවන්ගේ වරදිවිතරද(අ)
සිංහල අයට පෙත්සම් දෙන්න බැරිද? කවුරුත් ඒ ගැන කතා නැහැනේ (නි)
''හිංසනයන් සොයා බලා සාධාරණය ඉෂඨ කිරීම'' මෙහි අදහස ඉදිරියේදී අපේ යුද විරුවන්ට විරුද්ධව පරීක්ෂණ පටන්ගන්නවා කියන එකද.? (අ)