IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


කටකතා කාටත් පොදුයි

2017-01-11-ent-66

දඟකාර, කටකාර, හැඩකාර කලාකාරිනියක් ලෙස කා අතරත් කතාබහට ලක්වෙන චරිතයක් මෙවර රැල්ලෙන් ඔබ හමුවට ගේන්න හිතුවා. ඇය විටෙක ප්‍රේක්‍ෂකයන් ග්‍රහණයට ගත් චරිතයක්. රංගනයට අමතරව නිවේදිකාවක වශයෙන් ද දක්‍ෂතා පෑ ඇය මෑතකදී ගායනයෙන් ද ප්‍රේක්‍ෂකයන් අතරට එක්වුණා. ඇය තමයි නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යවල කතාබහට ලක්වෙන චරිතයක් වුණු යුරේනි නොෂිකා.

 

යුරේනිගෙ ළමා කාලය ගැන මුලින්ම කතා කරමු ද?

2017-01-11-ent-67ඇත්තටම මට වෙන අයට වගේ ලස්සන ළමා කාලයක් තිබුණෙ නෑ. මගෙ ළමා කාලය ගතවුණේ හොස්ටල් එකේ. ඉතින් ඒ කාලෙ මම හරි මුරණ්ඩු චරිතයක්.

 

මොනවද කරලා තියෙන මුරණ්ඩු වැඩ?

මට මතකයි ළමයින්ව හරියට කොනිත්තනවා. ඒ නිසාම මම හතර වසරෙදි මගෙ ඩෙස්ක් එකයි පුටුවයි පන්ති කාමරේ වෙනම කොනක තියලා තිබුණා. මට ඒ කාලෙ ලොකු ආදරයක් ලැබිලා නෑ. මොකද මගෙ මව්පියො මට අවුරුදු 7දී නැති වුණේ. එතනින් පස්සෙ මට ලොකු ආදරයක් ලැබුණෙ නෑ. තනියම හොස්ටල් එකේ හැදුණෙ. ඒ නිසා ඒ කාලෙ සුන්දර නෑ.

 

එතකොට පාසල් කාලය ගැන කතා කළොත්?

මා පාසල් ගියේ කොල්ලුපිටියෙ මෙතෝදිස්ත විදුහලට. ඇත්තටම මම පාසල් යන කාලෙ කොල්ලෙක් වගේ තමයි. හැම ක්‍රීඩාවක්ම කළා. ක්‍රිකට්, නෙට්බෝල් ඒ හැමදේටම සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේම විෂය බාහිර දේවල්වලටත් ගොඩක්ම දායක වුණා. කථික කණ්ඩායමෙත් හිටියා. අධ්‍යාපන කටයුතුත් හොඳින් කළා.

 

පාසල් යන කාලෙ කරපු දඟ වැඩ එහෙම ඇති නේද?

ඒ කාලෙ අපි කරන්නෙම දඟ වැඩ. වාර විභාග ඉවරවෙලා නිවාඩු දෙන්න ඉන්නවනෙ. ඉතින් ඒ සතිවල ඉස්කෝලෙ ගියාම මොනවත් කරන්නෙ නෑනෙ. උගන්වන්නෙත් නෑ. ඉතින් අපි ඒ වෙලාවට ඩෙස්ක්වලට ගගහ හයියෙන් බයිලා කියනවා. ලොකු සද්ද දාගෙන සංගීත සංදර්ශන දානවා. ඉතින් එතකොට ප්‍රින්සිපල් අපිට බැණලා එක්කගෙන ගිහින් ඔෆිස් එක ළඟ හිටවලා තියනවා. ඒ සිදුවීමට අපි නිතරම මුහුණ දුන්නා. ඒත් ඉතින් හරිම සොඳුරු මතකයන් තමයි ඒ.

 

යුරේනි ඒ කාලෙත් පාසලේ ජනප්‍රිය චරිතයක් ද?

ඔව්, ඔව්. ඒ කාලෙත් හරි ජනප්‍රියයි.

 

ඒ කාලෙත් පාසල් වේදිකාවෙ රැඟුම් ගැයුම් ඉදිරිපත් කළා ද?

ඉස්කෝලෙ ටැලන්ට් ෂෝ තියෙද්දි නර්තනවලට දායක වෙනවා. මාව ඒ දේවල්වලට කට්ටිය තල්ලු කරනවා. ඒ දවස්වල ඉඳන්ම නර්තනයට දක්‍ෂයි. ඒත් ගායනයට, රංගනයට කිසිසේත්ම සම්බන්ධ නෑ. අපේ ඉස්කෝලෙ නිවාස අතර තරග තියෙද්දි නම් රංගන තරගවලට සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් රංගනයට ඉස්කෝලෙදි නම් ප්‍රසිද්ධ වෙලා නෑ. ඒ අංශයෙන් පාසල නියෝජනය කරලත් නෑ. ඒ අංශවලට ගොඩක් දක්‍ෂ අය ඉස්කෝලෙ හිටියා.

 

යුරේනි ඒ කාලෙ ඉඳන්ම ඕනම දේකට බය නැතිව ඉදිරිපත් වුණා ද?

ඔව්. මම ඕනෑම දේකට බය නැතිව ඉදිරිපත් වෙනවා. මට බැරි වුණත් කවුරු හරි මොනවා හරි දෙයක් කරන්න කිව්වොත් මම බයක් චකිතයක් නැතිව ඉදිරිපත් වෙනවා.

 

ඉස්කෝලෙදි යුරේනිගෙ හොඳම යාළුවො වුණේ කවුද?

මගෙ හොඳම යාළුවො 6 දෙනෙක් හිටියා. මාත් එක්ක 7යි. අපේ ක්ලික් එකක් හිටියා. මගෙ හොඳම යාළුවා වුණේ ශලිනි මෙන්ඩිස්. ඉතින් ඒ හැමෝම මට ගොඩක් උදව් කළා ඒ කාලෙදි. මගෙ අධ්‍යාපන බරපැන යෙදුවා. මට මතකයි නිවාඩු කාලවලදි එයාලගෙ ගෙවල්වල මාව එක්කන් ගිහින් තියාගෙන හිටියා. මට හරි ආදරෙයි. ඒ හැමෝගෙම මව්පියොත් ගොඩක් ආදරෙයි. අවංකව ඒ හැමෝම ගොඩක් උදව් කළා.

 

ඒ යාළුවොත් එක්ක එකතුවෙලා පිරිමි ළමයින්ව බයිට් කරල එහෙම තියෙනව ද?

ඇත්තටම කියනව නම් මගෙ පාසල් කාලෙදි පිරිමි ළමයි ආශ්‍රය කරන්න ලැබිලා නෑ. අවුරුදු 10ක්ම මම හොස්ටල් එකේ හැදුනෙ. ඉතින් මට එළියට බහින්න ලැබෙන්නෙ අවුරුද්දට තුන් වතාවක් විතරයි. ඉස්කෝලෙ අතුළෙම හැදුණ නිසා පිරිමි ළමයි ආශ්‍රය කරන්න ලැබිලා නෑ. නිවාඩු කාලවලදි එළියට ගියාම හමුවුණත් ඒ කාලෙදි එහෙම පිස්සුවක් තිබුණෙ නෑ. ඒ කාලෙ ක්‍රීඩා පිස්සුවයි ඉගෙන ගන්න වැඩයි ගැන විතරයි හිතුවෙ. ඒ නිසා හොඳට ගියා.

 

යුරේනි පොඩි කාලෙ ඉඳන්ම හීන දැක්කෙ කවුරු වෙන්න ද?

මම පොඩි කාලෙ ඉඳන්ම ඉගෙන ගන්න ගොඩක් දක්‍ෂයි. කොච්චර දඟ වුණත් මට කවුරුත් බණින්නෙ නෑ. මොකද හොඳට ඉගෙන ගන්න වැඩත් කරපු නිසා. මම සාමාන්‍ය පෙළ සාමාර්ථ 8ක් සහ උසස් පෙළ සාමාර්ථ 3ක් ලබාගත්තා. අධ්‍යාපනය උපරිම විදියට කරගත්තා. මගෙ හීනෙ වුණේ උසස් පෙළින් ලංකාවෙ සියදෙනා අතරට එන එක. නමුත් මගෙ අවාසනාවකට උසස් පෙළ විභාගය ලියන්න මාසෙකට කලින් මම හොඳටම අසනීප වුණා. ඒකෙන් මම පොඞ්ඩක් පසු බැස්සා. නමුත් මගෙ යාළුවො දෙන්නෙක් ලංකාවෙ හොඳම ප්‍රතිඵල අතරට ආවා. මගෙ රෑන්ක් එක හාරසිය ගණනක් වුණේ. ඒකට පොඩි දුකක් තිබුණත් මගෙ යාළුවො හොඳම ප්‍රතිඵල අතරට ආපු එක ගැන සතුටුයි. පොඩි කාලෙ ඉඳන්ම හීනෙ වුණේ නම් නීතිඥවරියක් වෙන්න. නමුත් නීති පීඨයට ඇතුළුවෙන්න මට ලකුණු තිබුණෙ නෑ. නමුත් මම බාහිරව නීතිය හැදෑරුවා. ඒත් ඒකත් එපා වෙලා ගියා. ඉතින් මාව දෛවය ඕන තැනට ගෙනාවා. ඒ කලාව කියන දේට.

 

යුරේනි කලාවට එන්නවත් හිතපු නැති කෙනෙක් ද?

ඔව්. මම ඉස්කෝලෙ යන කාලෙදි ටෙලි නාට්‍යයක්වත් හරියට බලලා නෑ. අපිට ටීවී බලන්න දෙන්නෙත් ඉරිදා දවසෙ විතරයි. ඉතින් දූ දරුවෝ සහ නෑදෑයො බලන්න හොස්ටල් එකේ අවසර දීලා තිබුණා. ඒ ටෙලි නාට්‍ය දෙක විතරයි මතකත්. ලොකු දැනුමක් ඒ වෙනුවෙන් තිබුණෙත් නෑ. හීනෙකින්වත් නොහිතපු පැත්තකට දැන් ඇවිල්ලා තියෙන්නෙ.

 

ඒ සඳහා සම්බන්ධවීම ගැන මොකද හිතෙන්නෙ?

ගොඩක් සතුටුයි. නමුත් පොඩි කනගාටුවක් තියෙනවා අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වුණු එක ගැන. මගෙ පාසලේ විදුහල්පතිනිය අදටත් කනගාටු වෙනවා ඉගෙනීමට දක්‍ෂතා තිබුණු මම ඒ පැත්තෙන් ඉදිරියට නොයෑම ගැන. ඒත් මම ගොඩක් සතුටු වෙනවා කලාව පැත්තෙන් අද මම ඉන්න තැන ගැන. ඒක ලොකු භාග්‍යයක්. මොකද හැමෝටම කලාවට සම්බන්ධ වෙන්න පින නෑ. මට ඒ පින ලැබිල තියෙනවා.

 

යුරේනි ක්ෂේත්‍රයට එන්නෙ කිඳුරංගනා හරහා නේද?

ඔව්. කිඳුරංගනා තමයි මගෙ පළමු ටෙලිනාට්‍ය. ඒක තමයි මගෙ ජීවිතේ මගෙ හදවතට ළඟින් ආසාවෙන් කරපු චරිතය. මම පිට පළාතකට ගියත් අදත් මට කට්ටිය කතා කරන්නෙ ඒ නාට්‍යයේ චරිතයෙ නමින්. සංජු කියලා හැමෝම කතා කරන්නෙ. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි. සමහරු මගෙ ඇත්ත නම යුරේනි නොෂිකා කියලා දන්නෙත් නෑ. ඒ තරමට සංජු චරිතය හැමෝගෙම හිතට වැදිලා තියෙනවා. මගෙ ජීවිතේ ආරම්භය එතන තමයි.

 

එදා සංජු චරිතයට ආවෙ නැත්නම් යුරේනි අද කොතැන ද?

මම හිතන්නෙ එහෙම ලොකු කෙනෙකුත් නෙමෙයි. සමහර කට්ටිය ටෙලිනාට්‍ය 40කට 50කට සම්බන්ධ වෙලා හිටියත් මිනිස්සු දන්නෙ නෑ. ඒත් මම කරපු පළමු චරිතෙන්ම මට ගොඩාක් කට්ටිය ආදරේ කළා. සංජු චරිතය නොලැබුණා නම් මමත් එක්තරා නිළියක් වෙලා ඉන්න තිබුණා.

 

යුරේනි මෑතකදී ගීතයක් කරලා සම්මානයකට පාත්‍ර වුණා නේද?

ඇත්තටම කියන්න ඕනෑ මම මහා ලොකු ගායිකාවක් නෙමෙයි. මට ගායිකාවක් කිව්වොත් ගායන ක්ෂේත්‍රයට දක්‍ෂතා තියෙන අයට කරන අගෞරවයක්. නමුත් මට ගායනයේ බයිලා පැත්ත වගේ පොඞ්ඩක් ටච් කරන්න පුළුවන්. ඉතින් මගෙ ළඟම මිත්‍රයා මනුරංග විජේසේකර තමයි මාව තල්ලු කළේ සින්දුවක් කරමු කියලා. ඒ දිරි ගැන්වීමෙන් තමයි “සාරි පොටේ” සින්දුව බිහිවුණේ. ඉතින් ඒ ගීතයට ගොඩාක් කට්ටිය ආදරේ කළා. පොඩි ළමයගෙ ඉඳන් වැඩිහිටි පරම්පරාව දක්වාම. මම හිතන්නෙ මගෙ පළමුවෙනි ගීතයත් පළමුවෙනි ටෙලිනාට්‍යයේ චරිතය වගේම ගොඩාක් ජනතාව අතරට ගියා. ඉතින් මම හරි වාසනාවන්තයි කියලා හිතෙනවා. ගායනයට එතරම් දක්‍ෂතාවක් නැතිවුණත් ජනතාව අතරට යාම පිළිබඳව.

 

නමුත් යුරේනිගෙ සම්මානය ගොඩක් අයට ප්‍රශ්නයක් වුණා නේද?

ඔව්. ඇත්තටම ඒ ගැන අනිවාර්යෙන් කියන්න ඕනෑ. මගෙ සම්මානය ගොඩාක් මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක්. මට මේ සම්මානය ලැබුණෙ ගායනයට ද කියන දේ. නමුත් මට සම්මානය ලැබුණෙ ගායනයට නම් නෙමෙයි. හොඳම නැටුමට හිමි සම්මානය තමයි මට ලැබුණෙ. ,ඊැිඑ ෘ්බජැ දf ඔයැ ශැ්ර, සම්මානය. ඒ විශේෂයෙන්ම කියන්න ඕනෑ දෙයක්.

 

මේ දවස්වල අලුත් රියැලිටියකට සම්බන්ධ වෙලා ඉන්නවා නේද?

ඔව්. මේ මගෙ දෙවැනි රියැලිටි වැඩසටහන හිරු ඵැට් ීඒරග ඉතින් අපේ කණ්ඩායම “සූරියන්ස්” ගොඩක් තරුණ පරපුරෙන් ප්‍රතිචාර ලැබෙනවා. ඒ අපේ කණ්ඩායම තරුණ පරපුර නියෝජනය කරන නිසා. සමාජ ජාලා වෙබ් අඩවිවලිනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ දවස්වල ඒ වෙනුවෙන් තමයි ගොඩක් කාලය වෙන් වෙන්නෙ.

 

යුරේනිට මීඩියාවලින් ඇයි මෙච්චර තැනක් තියෙන්නෙ?

මම ඇත්තටම ඒ ගැන දන්නෙ නෑ. මට කියන්න තේරෙන්නෙ නෑ. ඔවුන් හිතනවා ඇති යුරේනි කියන කෙනාට තැනක් දිය යුතුයි කියලා. විශේෂ දෙයක් ගැන කියන්න මම දන්නෙ නෑ. ඒත් මට දෙන වැඩ මම හරියටම කරන කෙනෙක්. යම් දෙයක් මට පැවරුවොත් ඒකට සීයට දාහක් කැපවෙලා කරනවා. ඒ නිසා මාව අගයනවා ඇති සහ තැනක් දිය යුතුයි කියලා හිතනවා ඇති.

 

ක්ෂේත්‍රයේ හොඳම යාළුවො කවුද?

හොඳම යාළුවො නම් නෑ. හැමෝමත් එක්කම හොඳින් ඉන්නවා.

 

ඒත් ගොඩක්ම ළහිරු පෙරේරා එක්ක ඉන්නවා දකින්න ලැබෙනවානෙ?

ආ... ඔව් ළහිරු සහ මනුරංග තමයි මගෙ හොඳම යාළුවො දෙන්නා. ඒ සංගීත ක්ෂේත්‍රයේ ළඟින්ම ආශ්‍රය කරන දෙන්නා.

 

එතකොට යුරේනි කැමතිම ගායකයා කවුද?

2017-01-11-ent-65එක්කෙනෙක් කියලා නෑ. රූකාන්ත ගුණතිලක මහත්මයා, නාමල් උඩුගම මහත්මයට සහ ක්ලැරන්ස් විජයවර්ධන මහත්මයගෙ ගීතවලට ගොඩක් ආසයි.

 

එතකොට යුරේනි කැමතිම රංගන ශිල්පිනිය සහ ශිල්පියා කවුද?

මම කැමතිම රංගන ශිල්පිනිය දුලීකා මාරපන. ඇය ඉතාමත් දක්‍ෂයි. ඒත් එක්කම රංගන ශිල්පියො ගැන කියනවනම් මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනී සහ වර්තමානයේ සාරංග දිසාසේකරටත්, හේමාල්ටත් කැමතියි.

 

යුරේනිට ඉන්දියාවේ චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණොත් වැඩිපුරම රඟපාන්න කැමති නළුවා කවුද?

සිද්ධාර්ථ මල්හෝත්‍රා සහ රන්වීර් සිං දෙන්නටම කැමතියි.

 

පසුගිය කාලෙ කතාවක් ගියා නේද හමුදාව ස්ත්‍රී දූෂණ කරලා තියෙනවා කියලා යුරේනි කියපු කතාවක්. ඒකෙ ඇත්ත නැත්ත මොකක්ද?

මීට අවුරුදු කීපයකට පෙර මම දුන්න ඉන්ටවීව් එකක් ඒ. ඒ වෙද්දී මේ ආණ්ඩුව නෙමෙයි කලින් ආණ්ඩුව හිටියෙ. ඒකට කාලෝචිතව මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මට මතක විදියට මගෙන් ඇහුවෙ උතුරු-නැගෙනහිර කාන්තාවන්ගෙ ආරක්‍ෂාව ගැන මොකද හිතන්නෙ කියලා. ඉතින් මම දුන්න පිළිතුර තමයි උතුරු-නැගෙනහිර කාන්තාවො අදටත් අනාරක්‍ෂිතයි. මොකද ඔවුන් ඉන්නෙ කඳවුරුවල. ඒ නිසා රජය ඒ ගැන දැනුම්වත් විය යුතුයි කියලා. ඉතින් මම කිසිම විටෙක ඩිරෙක්ට්ලි හමුදාව ස්ත්‍රී දූෂණ කළා කියලා කොහෙත්ම කියලා නෑ. ඉතින් එයින් කොටසක් අරගෙන තමයි ස්ත්‍රී දූෂණය කළා කියලා වචනය හදලා දාලා තියෙන්නෙ. ඉතින් මම හිතන්නෙ මනුෂ්‍යයෙක් තවත් මනුෂ්‍යයකුට මඩ ගහලා ඒකෙන් ලොකු කික් එකක් ආතල් එකක් ගන්නවා වෙන්න පුළුවන්. මම සාමානයෙන් ත්‍ඊ එකේ තියෙන කිසිම දේකට ප්‍රතිචාර දක්වන කෙනෙක් නෙමෙයි. නමුත් මේ නිසා ජනතාව මගෙ ගැන වැරදි චිත්‍රයක් මවාගෙන තියෙනවා. ඒකෙන් මගෙ ප්‍රතිරූපයට හානියක් වෙන නිසා මම මේ පිළිබඳ කතා කළේ.

 

කටකතා ගැන යුරේනිට මොකද හිතෙන්නෙ?

කටකතා කාටත් පොදුයි. මේ ක්ෂේත්‍රයේ ඉන්නවා නම් ඒ දේවල් බලාපොරොත්තු වෙන්න ඕනෑ. ඒ නිසා ඒවට සැලෙන්නෙ නැතිව එක කනකින් අහලා අනිත් කනින් පිට කරනවා.

 

යුරේනිගෙ විලාසිතාවලට ගොඩක් විවේචන එනවා නේද?

ඔව්. ගොඩක් විවේචන එනවා. මොකද මම ගොඩක් කොටට අඳින කෙනෙක් නිසා. ඉතින් මම කොච්ච්ර විවේචනවලට ලක්වුණත් මම හිතන්නෙ නෑ කොටට අඳින එක නවතියි කියලා. මොකද මම කොටට අඳින්නෙ අනවශ්‍ය ලෙස කාගෙන්වත් අවධානය ගන්න නෙමෙයි. මම තරුණ වයසෙ ඉන්නෙ. මට ලස්සන ශරීරයක් තියෙනවා. මම ඒ වෙනුවෙන් ගොඩක් ව්‍යායාම් කරනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ඉතින් තරුණ කාලෙ තමන්ට කැමති පහසු දේවල් ඇන්දෙ නැත්නම් නාකිවෙලා ඇඳලා වැඩක් නෑනෙ.

 

ක්ෂේත්‍රයට ආවම තරුණයන්ගෙන් ප්‍රේම ආරාධනා එහෙම ලැබෙනවා ඇති නේද?

මට ඔය කියන තරුණයන්ගෙන් යෝජනා එන්නෙ හරි අඩුවෙන්. ඒක කවුරුත් විශ්වාස කරන්නේ නෑ. ඒත් මට එහෙම එන්නෙ නෑ. සමහරවිට මාව දැක්කම බය හිතෙනව ද දන්නෙ නෑ.

 

විවාහ වෙන්න දැන් සුදුසුම වයස නේද? ඇයි ඒ ගැන හිතන්නෙ නැත්තේ?

මට ඊට වඩා ගොඩක් දේවල් තව හිතන්න තියෙනවා. දැන් තියෙන සමාජ සම්මතයක්නෙ ගෑනු ළමයෙක් කල වයස පිරුණම බඳින්න ඕනෑ. පසුව ළමයි හදන්න ඕනෑ. ගෙදරට වෙලා ළමයි බලාගෙන ඉන්න ඕනෑ. ඒක තමයි සමාජ සම්මතය පොඩිකාලෙ ඉඳන්ම ඔළුවට දාපු. මම කියන්නෙ විවාහය කියන දේ වැරදියි කියලා නෙමෙයි. අනිවාර්යයෙන් විවාහ විය යුතුයි. නමුත් ඊට වඩා දේවල් ජීවිතේ කරන්න තියෙනවා. තමන් වෙනුවෙන් කරන්න දේවල් ගොඩක් තියෙනවා. අපි ජීවත්වෙලා ඉන්නෙ ටික කාලයයි. මනුෂ්‍ය ජීවිතයක් අපිට ලැබිලා තියෙන්නෙ ටික කාලයයි. ඉතින් මම කැමතියි ජීවිතේ තෘප්තිමත් මනුෂ්‍යයෙක් විදියට මැරෙනව නම් ජීවිතේ කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා මැරෙන්න.

 

ඒ කියන්නෙ ජීවිතේ ෑබවදහ කරනවා කියන තැනම ද ඉන්නෙ?

ඔව්. මම මට පුළුවන් විදියට මගේ ජීවිතේ හැමදෙයක්ම කරනවා. බැරි වුණත් කරන්න පුළුවන් උපරිමේ කරනවා කියන තැන මම ඉන්නෙ. තමාට ළඟා කරගන්න පුළුවන් ඉලක්ක හැමදේම ළඟා කර ගන්නවා. සමහර වෙලාවට විවාහ වුණාම ඒ හැමදේම අපිට කැප කරන්න වෙනවා තමන්ගෙ සැමියා සහ ළමයි වෙනුවෙන්. ඉතින් මනුෂ්‍ය ජීවිතේ තව කෙනෙක් වෙනුවෙන් කැප කරන්න මම කැමති නෑ. තමුන්ට කියලා කරගන්න දේවල් තියෙනවා.

 

ඒක ආත්මාර්ථකාමී අදහසක් නෙමෙයි ද?

මොකද ආත්මාර්ථකාමී කියන්නෙ? තමන් යම්කිසි දේකට එසේ විය යුතුයි. මොකද තමන් එහෙම වුණේ නැත්නම් බලද්දි අපි හැමදාම අනුන් වෙනුවෙන් දෙයක් කළත් තමන් වෙනුවෙන් මොකුත් කරගෙන නෑ. ඉතින් කාටවත් බරක් වෙන්නෙ නැතිව, අනුන්ට නරකක් කරන්නෙ නැතිව තමන්ගෙ ගමන බලාගෙන හොඳින් හිටියොත් හොඳයි. මේ ලෝකෙ තමන්ට තමන් තරම් ආදරේ කරන කෙනෙක් තවත් නෑ. මම කිව්වේ ආත්මාර්ථකාමී දෙයක් වුණත් මම හිතන්නෙ නෑ ඒක වැරදි සිතිවිල්ලක් කියලා.

 

දේශපාලනය ගැන මොකද හිතෙන්නේ?

අනේ මට නම් දේශපාලනය ගැන කොහෙත්ම කැමැත්තක් නෑ. මම ඉන්නේ මම හම්බ කරගෙන කෑවොත් මට තමයි කියන තැන.

 

කැමති දේශපාලන චරිතයක් තියෙනව ද?

කැමති දේශපාලන චරිත ලංකාවෙ නෑ. නමුත් මගේ ජීවිතේ මම ආස කරන චරිතයක් තමයි නෙල්සන් මැන්ඩෙලා. ඔහුගේ ජීවිතෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.

 

ආගමට දහමට තියෙන ළැදියාව කොහොම ද?

මම සාමාන්‍යයෙන් ආගමට දහමට ළැදියි. මොකද ඕනෑම ආගමක කියන්නෙ හොඳ කරන්න කියලා. ඉතින් හොඳ මනුෂ්‍යයෙක් ලෙස ජීවත් වුණොත් කවරදාවත් වරදින්නේ නෑ.

 



අදහස් (0)

කටකතා කාටත් පොදුයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 232 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1905 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3551 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 575 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1615 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 11038 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site