IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


කටුගස්තොට සිසුවාට පහරදුන් සිසුහු 6 ක් අත්අඩංගුවට

(ෂේන් සෙනෙවිරත්න)

කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ අපොස සාමාන්යි පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකුට එම විභාගයටම පෙනී සිටි තවත් සිසුන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය කියයි .
එම සිසුවාට පෙරේදා (6 ) වැනි දින ගණිතය විෂයේ පළමු ප්රකශ්න පත්රැයට මුහුණ දීමෙන් අනතුරුව ලැබුන විවේකයේ විදුහලේ ආපන ශාලාවට පැමිණි අවස්ථාවේදී තවත් සිසුන් පිරිසක් විසින් ක්රි කට් පිති සහ විකට් පොලු යොදාගනිමින් අමානුෂික ලෙස පහර දී තිබූ අතර පසුව එම සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමට විදුහල් බලධාරීන් පියවර ගෙන තිබුණි .

පහරකෑමට ලක්වූ එම සිසුවා අද (08) මහනුවර ජාතික රෝහල ආසන්නයේ පාසලක සිට සාමාන්යග පෙළ විභාගයේ අවසන් විෂය සඳහා මුහුණ දී තිබුණි .

පහරදීමට සම්බන්ධ වූ සැකකාර සිසුන් විභාගය අවසන් වන තුරු පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමක් සිදු නොකළ අතර එ් අනුව අද  (08) සිද්ධියට සම්බන්ධ සිසුන් 06 දෙනකු අත්අඩංගුවට ගත් අතර තවත් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තිබෙන බවද පොලිසිය කියයි . අත්අඩංගුවට ගත් සිසුන් හෙට (09) මහනුවර මහේස්ත්රාබත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
මේ අතර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ අද (08) දිනයේ එම පාසල අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමට ද පොලිසිය පියවර ගෙන තිබුණි .

කටුගස්තොට වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්රවධාන පොලිස් පරීක්ෂක ජේ. එම්. ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්රේධාන පොලිස් පරීක්ෂක කුලසේන මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .

 



අදහස් (4)

කටුගස්තොට සිසුවාට පහරදුන් සිසුහු 6 ක් අත්අඩංගුවට

Sampath Thursday, 08 June 2023 07:28 PM

මේ වගේ කාලකණ්ණි සරසවි වලට එවන්න එපා. පාසල්වලට ගුරුවරු, විදුහල්පතිවරු ... මේ අය මරාගන්නකන් නිදාගන්නවා. සාමාන්‍ය පෙළ ඉවර වුණාම සමහරු පාතාලෙට යන්න අත්පොත් තියෙනවා වගේ...

:       0       3

ajith Thursday, 08 June 2023 08:23 PM

කුලල් කා ගැනීමෙන් සියලු දේ විසඳිය හැකි බවට ආදර්ශයක් ලබාදෙන, වර්තමාන අවර ගණයේ ටෙලි නාට්‍ය මෙවැනි වනචරකම්වලට වගකිව යුතුයි.

:       0       3

Sunil Friday, 09 June 2023 10:40 AM

මෙම පාසැල විනය පිළිබඳව හොඳ නමක් දිනා සිටි පාසලකි .එයට අද ඇතිව තිබෙන සෝචනීය තත්වයයි මේ

:       0       3

Bamunuarachchi Friday, 09 June 2023 12:19 PM

දැන් ගුටිකාපු කොල්ලගේ දෙමව්පියෝ අර කොල්ලෝ 6 දෙනාට සමාව දෙන්න සුදානම් වෙන්න එපා.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 3436 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 3734 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 2270 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 2170 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1593 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 1044 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26012 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18857 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 644 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1848 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site