එක්සත් ජාතික පක්ෂයේ ගොඩ නැගෙමින් පවතින සමගිය කඩාකප්පල් කිරීමේ අරමුණින් කෝට්ටේ නගරයේදී සිකුරාදා (11) පැවැත්වීමට යන උද්ඝෝෂණයට පාක්ෂිකයින් කිසිවකුත් සහභාගී වන්නේ නැතැයි එක්සත්ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
පක්ෂයෙන් නෙරපා දැමුණු කිහිප දෙනකු රජයේ අවශ්‍යතාවය මත එක්තරා ආයතනය මුල්‍යම අනුග්‍රහය යටතේ පැවැත්වීමට යන මේ විරෝධතාවට සහභාගී වීමට කිසිදු පාක්ෂිකයෙකුට අවසර නොලැබෙන බවද මහලේකම් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මෙතන ප්‍රස්නේ රනිල්ටත් වඩා ඔහු වටා ඉන්න ගෝලයෝ ටික. (දිල්)
මේක හරියන වැඩක් නොවෙයි. තවත් බලා හිටියොත් වෙන්නේ "එළුවාගේ කතාව තමයි මතක් වෙන්නේ ඡන්දෙ දෙන්න ඕනේ රජයට විරුද්ධව නම් ඔය තව පක්ෂ තියෙන්නේ විරුද්ධ පැත්තේ. දෙන එක නේ තියෙන්නේ. (අ)
මිනිස්සුනේ නුඹලාට ලජ්ජා නැතිද මේ රටේ ඉන්නේ එකම එක නායකයෙක්ද? නුබලාටත් බැරි ඇයි රටේ නායකයෝ වෙන්න. එක්කෙනෙක් දෙන්නෙක්ට විපක්ෂය හෝ ආණ්ඩු පක්ෂය දීල ජනතාව පැත්තකට වෙලා සිටිනකොට එයාල සිතන්නේ රටේ නායකයෝ වෙන්න පුළුවන් අය වෙන නැහැ කියල. උවමනාව තිබේ නම් ඔබලාටද රටේ නායකයන්වීමට පුළුවන. ජනතාව ඉදිරියට පැමිණිය යුතු කාලයකි මේ.(දිල්)
සමගිය ඇති කිරීම එක පැත්තක අයට කල නොහක්කක්. මෙතන උවමනාව රනිල් මහතා දේශපලන්යෙන්ම එලවන්න. මේක රටට එරෙහිව අනාගත සැලසුමක්. ජාතික සමගිය ඇතිකල හැකි සිංහල නායකයින් නැතිකිරීම අරමුණ වියහැකියි. මෙහෙම ගියොත් පක්ෂයේ අනාගතය අඳුරෙන් අදුරටම යනවමයි.(දිල්)
පක්ෂය ගළවාගන්න නම් ඕකට එන්නම වෙනවා.මොකද කවුරු මොනවා කිව්වත් ඕකට එන්නේ පක්ෂයට ආදරය කරන මිනිස්සු.කුණ්ඩසාලේ පක්ෂයේ මිනිස්සුවත් ඔය කියන එක අහන්නේ නැත්තම් රටේ මිනිස්සු අහයිද? (නි)
නොගැළපෙන අදහස් වලින් බැහැරව පක්ෂය ගැන හිතන්නකෝ (නි)
යු . එන් . පි එකට දිනන්න ඕනම නම් කරන්න තියෙන්නේ සජිත්ට නායකත්වය දෙන එකනේ ! (නදී)
රනිල් කිවුවා නේද එයා කමිටුවට සියලුම බලතල දීලා නාම මාත්‍රිකව ඉන්නම් කියලා? එහෙම කරු ඇතුළු පිරිසට ඉඩ දීලා තිබෙද්දීත් මේ විරෝධතා යන්නේ ඇයි? විරෝධයට පක්ෂව මෙතන අදහස් දාල තිබෙන අයට සතුටුවෙන්න පුළුවන්, ඔය අසමගිය තියෙන තාක්කල් යු. එන්. පී.ය නම් ගොඩඑන්නේ නැති නිසා. ඒ නිසා අපිත් එනවා විරෝධයට. (නි)
එක්සත් ජාතික පාක්ෂිකයන්ට දයාසිරිට චන්දෙ දෙන්න එපා කියල ඔයවගේම තහංචි දැම්ම. ඇහුවද? මේ හලෝ මේක ඔහෙලගෙ බුදලයක්වත් එක්සත් ජාතික පාක්ෂිකයෝ කියන්නේ ඔහෙලගෙ නිල නොවන රෙජීමයේ අන පිළිපදින හෙන්චයියල ටිකක්වත් නොවේ. නිකම් ජනතාවට විහිලු සපයන රුකඩ වෙන ඔබලා රටටම දැන් විහිළුවකි. (අ)
අලි ගෙම්ම්බන්ට වැඩක් තියෙන්න එපැයි (දිල්)
ලන්ඩන් වල සිටියත් පුළුවන් කමක් තිබුනානම් අපිත් එනවා. තිස්ස කියන්නේ විහිළු කාරයෙක්නේ. ප්‍රබල විපක්ෂයක් නැතිඑක රටක ප්‍රජාතන්ත්‍රවාදයට මාරු පහරක්. මේ අය ගෙදර යවනකම් කවදාවත්ම පක්ෂය ගොඩ යන්නෙත් නැහැ, එජපය දිනවන එකත් බොරු.(දිල්)
අනම් මනම් කතා උවමනාවක් නැහැ ... බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් වෙලා රනිල් මහත්මයාට කියන්න මහ ඇමති වෙන්න කියලා. ජයග්‍රාහී 28 වෙනි වතාව සම්පුර්ණ කරන්න වත් පුලුවන්ද බලන්න.ඔන්න කරනවා නම් වැඩ කිඩ....(දිල්)
ඹය හැම කෙනාටම වගේ පාක්ෂිකයො ඕනෑ නැහැ. හැම කෙනෙකුම වගේ ආනන්තරීය පාපකර්ම වලින් එකක් කරලා තිබෙනවා. ඒ වුණාට පාක්ෂිකයට කථාව තහනම්. තමාගේ කැමැත්තට පක්ෂයේ වෙනස්කිරීම් කරන්න තහනම්. එහෙනම් පක්ෂය අපේ වෙන්නෙ කොහොමද? (නි)
ඇත්ත තිස්ස මහත්තයෝ.හැබැයි අපි නම් එනවා. (නි)
මහත්තයෝ, පෙර සිටි මහ ලේකම්තුමා ඔබලාට නොපෙනෙන බොහෝ දේවල් පැහැදිලි කරලා ප්‍රකාශයක් නිකුත් කළා නේද? දැන්වත් පක්ෂයට වැඩක් කරන්න බලන්න. (නි)
අනේ,තිස්ස මහත්තයෝ, රනිල් මහත්තයට පෙර ඔයා තීරණයක් ගන්න. (නි)
අනේ දැන්වත් තීරණයක් ගන්නකෝ.... (නි)
යු. එන්. පි. එකට ආදරය කරන සියලුම දෙනා මෙයට සහභාගි වෙනවා. (නි)
මේ මහත්තයෝ, අපිත් යූ.එන්.පී. අපිත් එනවා (නි)
දැන් තිබෙන තත්ත්වය අනුව තිස්ස මහත්තයා ඔය තිබෙන විරෝධතාවකට ගිහිල්ලා තීරණයක් ගත්තොත් හොදයි (නි)
මේ සියල්ල කරන්නෙ කවුද කියලා අපි දන්නවා. එයත් සමග ගමනක් යන්න බැහැ (නි)
ඔයා තීරණයක් ගත්තා නම් තමයි හොද (නි)
පාක්ෂිකයන්ට මීට සහභාගි වීමට අවසර නැත කියලා කොහොමද කියන්නේ? නායකයෝ වැඩ කරන්නේ පාක්ෂිකයන්ගෙන් අවසර අරගෙනද? (නි)
අනේ! අහවලාට නම් කවදාවත් දිනන්න පුළුවන් වෙයිද සැකයි (නි)
අපි නම් යනවා (නි)
හා දැන් ඇති උද්ඝෝෂණ. අපි බලමු රනිල්, සජිත්ට සහ කරුට වැඩකරන්න ඉඩදෙයිද කියලා? නොදුන්නොත් ඡන්දෙන් පිළිතුරු දෙමු (නි)