කොට්ටාව ධර්මපාල විදුහල්පතිට හා නියෝජ්‍ය විදුහල්පතිට පාසලේ දී පිරිසක් පහර දුන් බව පොලිසිය කියයි.
මේ පහර දීමට විරෝධය පළ කරමින් ගුරුවරු හා මව්පියෝ උද්ඝෝෂණයක් ද කළහ.
පාසලේ ප්‍රාථමිකය ඉවත් කිරීමට ගත් තීරණයක් මේ පහර දීමට හේතු වන්නට ඇතැයි අනුමාන කෙරේ.
ඔහු බ්‍රහස්පතින්දා (24) කොළඹ පාසලකට මාරුවීමක් ලබා පැමිණීමට නියමිතව සිටියේය.
(ඡායාරූප සිරි මහබෙල්ලන)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම පාසලකම ප්‍රාථමිකය වෙන් කළා. මේ පාසලට විතරක් මොකද ඒ. (ස)
චණ්ඩින්ට පාඩමක් උගන්වන්නත් එක්ක වහාම ප්‍රාථමිකය ඉවත් කරන්න. එම තීරණය වෙනස් කරන්න එපා. (ස)
නමුත් රෝයල්, ආනන්ද, නාලන්ද සහ කොළඹ බොහෝ පාසල් වල ප්‍රාථමිකය තාම තිබෙනවා. පළමුව ඒවා වෙනස් කරන්න. එතකොට අනෙක් සෑම දේම පහසු වෙනවා. (නි)
දෙවියන් පය ගහන්න අකමැති බිමේ භූතයෝ පෙරේතයෝ පිනුම් ගහනවාලු. මෙම පහර දීපු අසත්පුරුෂයන්ට කියන්න තියෙන්නේත් එපමණයි. (නි)
පාසලින් ප්‍රථමිකය වෙන්කරනවා කියන විස්රය සමාජයට යන්නේ වැරදි විදිහට. හරියට පාසලින් ඉවත්කර දමනවා වගේ පෙනුමක්. මෙය වැරදි අර්ථකතන සහ හරියට දෙමාපියන් දැනුවත් නොකිරීම නිසයි ඇතිවන්නේ. මෙය එසේ නොව "පාසල් ප්‍රතිවුහගත සංවර්ධනය" වැනි පැහැදිලි අර්ථකතනයකින් යුතුව, එකම නම ඇති එකම පාසලක් යටතේ වෙන් කල අංශ විදිහට කලයුතුයි. මේකෙන් ළමයින්ට වෙන්නේ හොදක්, ආරක්ෂාවක්. (අ)
කුමාර ආනන්දේ ප්‍රාථමිකය කොහෙද තියෙන්නේ කියලා දන්නවාද ? (ස)
කුමාර, නාලන්දේ ප්‍රාථමිකය තියෙන්නේ ..වෙනම එකක් ......දැනගෙන ලියන්න ......(නදී)
ඔය මැරයන්ට දිය යුතු දඩුවම ඔවුන්ගේ ආදී ශිෂ්‍ය භාවය පමණක් නොව ඔවුන් ඔය පාසලත් සමඟ ඔවුන්ගේ පාසල් කාලයේ තිබුන සියලුම සම්බන්ධතාවල් සියල්ලක් කටුගා අයින් කිරීමයි. (ස)