කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය පැහැරගෙන දූෂණය කර මරා දැමීමේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති තමා අත්අඩංගුවට ගෙන, වරද පිළිගන්නා ලෙසට බල කරමින් අමානුෂික ලෙස පහර දෙමින් දින ගණනාවක් පොලීසියේ රඳවා ගෙන සිටීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීරණය කර ඒ වෙනුවෙන් රුපියල් කෝටියක වන්දි මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා ගම්පහ බඩල්ගම ප‍්‍රදේශයේ පදිංචි එක්දරු පියා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ප‍්‍රියසාත් ඩෙප් සහ උපාලි අබේරත්න යන මහත්වරුන් ගෙන් යුතු ත‍්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම් විභාගයට අවසර දෙන ලදී.
ඒ අනුව ලබන මැයි 26 වැනිදා මෙම පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරන ලදී.
ගම්පහ බඩල්ගම ප‍්‍රදේශයේ පදිංචි කැලූම් අත්තනායක නැමති තිස් එක් හැවිරිදි එක්දරු පියා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති සුජිත් උදය කුමාර, මීගමුව සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරළ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක, එහි අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල,පොලිස්පති සහ නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.
තමන් අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදී මරණීය තර්ජන එල්ල කල කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, මීගමුව සහකාර පොලිස් අධිකාරී අතුකෝරාළ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක අයට එරෙහි ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියම කරන්නැයි ද මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබිණි.
කොටදෙණියාවේ මීට පෙර අත්අඩංගුවට ගත් තරුණයකු කුඩු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මීට පෙර පොලිසියට විරුද්ධව නඩුවක් පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටියක් නෙමෙයි, දෙකක් ඉල්ලන්න. එතකොට කෝටියක්වත් ලැබෙයි. ගෙවන්න සල්ලි නැහැ කිවුවොත් කොහොමහරි ගෙවන්න කියන්න, අපේ සාක්කුවට බහින්නේ නැතුව. (නි)
අධිකරණයයි පොලිසියයි කියන්නේ මාමායි බෑණයි වගේ. අපි බලමුකෝ (නි)
ඔබේ ධෛර්යයට අපේ ප්‍රණාමය! මොනවා වුණත් ප්‍රවේශමෙන්! (නි)
වැරැද්ද ඔප්පුවුණොත් තම දේපල විකුණලා හරි ගෙවන්න කියන්න. අනෙක් නිලධාරීන්ටත් පාඩමක් වෙයි (නි)
කොහොමහරි මොහු ආරක්‍ෂිත ස්ථානයක නොසිටියොත් මොහුටත් මත්ද්‍රව්‍ය නඩුවකට පැටළෙන්න ඉඩකඩ වැඩිවෙන්න පුළුවන් (නි)
පොලිසිය වුණත් කරන්න දෙයක් නැහැ, නීතිය කාටත් පොදුයි. (නි)
පොලිසියත් සමඟ හැපෙන්න යාම නම් මම අනුමත කරන්නේ නැහැ. නමුත් සිවිල් පුද්ගලයින් වශයෙන් අපි නිර්භීත වියයුතුයි (නි)
ගෙවන්න සල්ලි නැහැ කියලා නම් හරියන්නේ නැහැ. කොහොමහරි ගෙවන්න කියන්න. (නි)
පොලීසිය වැරදි වුණත් නැතත් ශත 5 ක්වත් ලැබෙන්නේ නැහැ. අසාධාරණයට ලක්වූ පුද්ගලයා තමන් විසින් පාඩුව විඳගත යුතුයි. එහෙමයි ලංකාවේ වෙන්නේ (නි)
ගෙවන්න සිද්ධ වුනොත් ඒ මුදල අදාළ පොලිස් ලොක්කන්ගෙන් අයකර දෙනවා මිස රජයෙන් නම් ගෙවන්න එපා. (ර)
නුඹට සිදුවූ දේ ගැන කණගාටුයි. නමුත් දැන් ඕකෙන් වෙන්නේ ඔතනින් යන එන වාරයක් ගානේ දඩ කොළ වලට ගෙවන්නයි. ඔය ඉල්ලන ගාන ගෙවන්නත් සල්ලි හොයාගන්නේත් අපෙන්ම තමයි. (නි)
ගෙවන්න වෙනවා නම් නෙමෙයි. ඒක ගෙවන්න ඕනෑ. අපි නොදන්නවායැ ශ්‍රී ලංකා පොලිසිය ගැන? (නි)
නොසැළකිලිමත්බාවය නිසා සිදුවුවක් නම් පෞද්ගලික ධනයෙන් ගෙවීමට නියම කළයුතුයි. (නි)
සත්‍යය දැනගැනීමට ඇති එකම මඟ මෙලෙස සැකකරුවන්ට ශාරීරිකව හිංසා පීඩා කිරීම නොවන බව පොලිසියද දැනගත යුතුය (නි)
වෙන රටක නම් උසාවිය මැදිහත්වෙලයි පුද්ගලික දේපල බලෙන් විකුණලා හරි වරදකරු සන්තක මුදල විත්තිකරුට ගෙවන්නේ. ලංකාවේ අපි කොච්චර අවාසනාවන්තයෝද කිවුවොත් තිබෙන කප්පරක් බර මදිවාට ඒවා ගෙවන්නෙත් අපි. (නි)
මේකට සම්බන්ධ වුණ අය ඒවා බලාගනීවි. අපි කලබලනොවී ඉඳිමු (නි)
මෙවැනි නඩු ගැන අතීතයේත් අසන්න ලැබුනත්, ඒවා මඟින් වන්දි ලබාගත් අය සිටීද? (නි)