IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කොටදෙනියාව සිසුවාට ගැසුවේ කවුද?

කොටදෙනියාව සේයා දැරියගේ ඝාතනයට නීති විරෝධීව පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනිමින් පහර දුන් බවට ඔහු විසින්ම හඳුනා ගත් බව කියන පොලිස් නිලධාරීන්ගේ නම් සහ නිලතල දෙසතියක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිට  නියෝග කළේය.

සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පොලිස් නිලධාරීන්ගේ නම් දැන් නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී ඇති බැවින් එය අධිකරණයට ඉදිරිපත් කිරීමට සති දෙකක් ලබා දෙන ලෙස  නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ දමයන්ති ද සිල්වා මහත්මිය ඉල්ලා සිටියාය.

සේයා දැරියගේ සිදුවීමට කිසිදු සම්බන්ධයක් නැති තමා අත්අඩංගුවට ගෙන වරද පිළි ගන්නා ලෙස බල කරමින් පහර දීමෙන් සහ දින ගණනාවක් රඳවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීරණය කරන ලෙසත්, ඒ වෙනුවෙන් රුපියල් කෝටියක වන්දියක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් පාසල් සිසුවා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රී පවන් සහ ඊවා වනසුන්දර යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා බැලිණි.

කොටදෙනියාව පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් උදය කුමාර, මීගමුව සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, පොලිස්පති සහ නීතිපති ඇතුළු පිරිසක් මෙගි වගඋත්තරකරුවෝ වෙති.

වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් තමා පෙනී නොසිටින බව නීතිපති මීට පෙර දන්වා තිබිණි.

සිසුවා වෙනුවෙන් නීතීඥ සාලිය පීරිස්  සහ නීතීඥ තිෂ්‍ය වේරගොඩ මහත්වරු නොමිලේ පෙනී සිටියහ.

පෙත්සම ජනවාරි 20 යළි කැඳවීමට නියමිතය.



අදහස් (0)

කොටදෙනියාව සිසුවාට ගැසුවේ කවුද?

සත්‍යයා Friday, 09 December 2016 07:41 AM

බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 08 December 2016 12:14 PM

ලංකාවේ හොඳම පොලිසිය ලෙස විරුදාවලිය ලත් කොටදෙනියාව පොලිසිය! (නි)

:       0       0

පොනිල් Thursday, 08 December 2016 12:22 PM

අපි නම් ගැහුවේ නැහැ ඔන්න

:       0       0

ලසන්ත Friday, 09 December 2016 08:50 AM

කොටදෙනියාව හිටපු ඕඅයිසී මහත්තයා දැන් කොහෙද ඉන්නේ? (හේ)

:       0       0

කිර්ති Friday, 09 December 2016 09:17 AM

සිසුවා වෙනුවෙන් පෙනීසිටින මහත්වරුන්ට මගේ ප්‍රණාමය (ම)

:       0       0

වෙදගේ Friday, 09 December 2016 03:17 AM

සිසුවා වෙනුවෙන් පෙනීසිටින මහත්වරුන්ට මගේ ප්‍රණාමය (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Friday, 09 December 2016 03:40 AM

පොලිසිය ඔය වගේ අහිංසක දරුවන්ව සහ පුද්ගලයින්ව ගෙනල්ලා හොඳට ගහලා මොන විදියකින් හරි නඩුව ඉවර කරලා දාන්න උවමනාවට මේ කරන වැඩේ නවතා දැමිය යුතුයි. ඔවුන්ගේ දරුවන්ට එහෙම වුණා නම් ඔවුනට තේරෙයි රඟේ. නැත්නම් කරන්ට තියෙන්නේ දේවාලයකට ගිහිල්ලා පොල්ගහන්නයි. (නි)

:       0       0

අමරකෝන් Friday, 09 December 2016 03:43 AM

පොලිස් සේවයේ නියුතු සමහරක් නිලධාරීන් සිතාගෙන ඉන්නේ කාකි කෝට් එක දාගත්තහම නීතිය බල්ලට දානවා කියායි. මේවට මතක හිටින දඬුවම් නියම කරන්න ඕනෑ (නි)

:       0       0

සහන් Friday, 09 December 2016 04:52 AM

මේ වගේ ලංකාවේ සිදුවෙන ලක්ෂ ගානක් සිදුවීම් වලින් මේ එකක් විතරයි. සියලුම දේවල් සොයා බලා දඬුවම් කළයුතුයි. (නි)

:       0       0

වික්‍රම Friday, 09 December 2016 05:19 AM

ළමයා වෙනුවෙන් නොමිලේ පෙනීසිටින නීතිඥ මහත්වරු දෙපළට මගේ ස්තුතිය! (නි)

:       0       0

විකී Friday, 09 December 2016 05:24 AM

පොලිසියේ ඉන්න මානසික ලෙඩ්ඩු ඉවත් කරන්නේ කවදාද? පොලිසියකට ශීලාචාර කෙනෙකුට යන්න බැරි තත්වයක් අද තියෙන්නේ. (නි)

:       0       0

විකුම් Friday, 09 December 2016 05:28 AM

නිල අැඳුම දාගත්තහම සමහරු හිතන්නේ ලෝකෙටම ලොක්කො කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2912 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 510 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 759 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2734 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3574 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1936 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40148 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 262 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site