කොටදෙනියාව සේයා දැරිය පැහැරගෙන ගොස් මරා දැමීයැයි පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන පහරදුන් බවට ඔහු විසින්ම හඳුනාගෙන ඡායාරූප ඉදිරිපත් කර ඇති පොලීසියේ සිව්දෙනාගේ නම් සහ නිලතල අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) පොලිස්පතිවරයාට නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ කොටදෙනියාව සේයා දැරිය පැහැරගෙන අපයෝජනය කර මරා දැමීමේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති තමා අත්අඩංගුවට ගෙන,වරද පිළිගන්නා ලෙසට බල කරමින් අමානුෂික ලෙෂ පහර දෙමින් දින ගණනාවක් පොලීසියේ රඳවා ගෙන සිටීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීරණය කර ඒ වෙනුවෙන් රුපියල් කෝටියක වන්දි මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා එම පාසල් සිසුවා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය.
අගවිනිසුරු ප්‍රිසාත් ඩෙප් ,අනිල් ගුණරත්න සහ නලින් පෙරේරා යන මහත්වරුන් හමුවේ පෙත්සම කැඳැවිණි.
කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති සුජිත් උයද කුමාර ,මීගමුව සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරළ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල, පොලිස්පති සහ නීතිපතිවරයා මෙම පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.
පෙත්සම්කාර සිසුවා වෙනුවෙන් සාලිය පීරිස් සහ තිෂ්‍ය වේරගොඩ නීතීඥවරු පෙනී සිටියහ.
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි
පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ
ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොටදෙනියාව සිසුවාට පහරදුන් අයගේ වංහුං ඉල්ලයි
දේව් Tuesday, 30 August 2016 06:33 PM
පොලිසියේ හදන්න හුඟක් දේ තියෙනවා. කලින් චණ්ඩි වැඩ කළ අයටත් විරුද්ධව පැමිණිලි අවශ්‍යයි. (නි)
ටිකිරි Tuesday, 30 August 2016 11:46 PM
යහපාලනයක් ඇති නිසා මේවා මෙහෙම කරන්න පුළුවන් (නි)
සම්පත් පතිරණ Wednesday, 31 August 2016 05:59 AM
ඔව් ඔව් යහපාලනය නිසා හූ කීමත් වරදක් වෙලා (බ)
සමන් Tuesday, 30 August 2016 01:29 PM
මේ පුතා සටන් කරන්නේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. පුද්ගලික සටනක් නොවේ. පුතාට අපේ ආශිර්වාදයත් හිමි වෙනවා. මේ වගේ සිදුවීම් ලක්ෂ ගානකින් එකක් විතරයි මේ. (අ)
අනුරාධ Tuesday, 30 August 2016 01:55 PM
මේ වගේ පොලිසියක් එක්ක රටක් දුවන්න බෑ.කරන්නේ ප්‍රශ්න විසදනවා වෙනුවට ඒවා අවුල් කරලා කාව හරි අල්ලලා දීල අත හෝදගන්න එක. ඇත්තට ලෝකේ ඉන්න අකාර්යක්ෂම පොලිසියක් කියුවත් වැරදි නෑ. (අ)
බෙනට් Tuesday, 30 August 2016 02:49 PM
ඇයි මේ ළමය ඒ කාලේ හිටපු පොලිසිය බාර ඇමති , පොලිසිය බාර ලේකම් දෙන්නව මේකට ඇතුල් කලේ නැත්තේ .? මේ වගේ මුළු රටක් කලබල වෙන ප්‍රශ්නකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඒ දෙන්නත් ප්‍රශ්නයට මැදිහත්වෙන බව නීතිවේදීන් දන්නේ නැද්ද ? (අ)