ප්‍රභාකරන්ගේ උපන් ගමවූ වැල්වටිතුරෙයි සමීපයේ පිහිටි තීරුවිල්හි උද්‍යානයක මුවාවෙන් මියගිය ත්‍රස්තවාදී නායකයින් තිදෙනෙකු වෙනුවෙන් ස්මාරක යලිත් වරක් ඉදිකිරීමට ගන්නා ලද උත්සාහයක් පිළිබඳව හමුදා බුද්ධි අංශ තොරතුරු හෙලිකරගැනීමට සමත්ව ඇතිබව වාර්තාවෙයි.
මෙම උද්‍යානය ඉදිකිරීම සඳහා තෝරාගෙන ඇති ඉඩමෙහි කොටි සංවිධානය බලවත්ව සිටි අවදියේදී ප්‍රභාකරන්ගේ ඥතියකු වූ සතාසිවම් ක්‍රිෂ්ණකුමාර් හෙවත් කිට්ටු ඇතුළු කොටි ක්‍රියාකාරීන් තිදෙනකු වෙනුවෙන් ස්මාරක ඉදිකර තිබුණි.
කිට්ටු නැමැත්තා මියගියේ 1993 ලන්ඩන් නුවර සිට ත්‍රස්තවාදීන් කණ්ඩායමක් රැගත් නැව ඉන්දියා නාවික හමුදාව විසින් වට කරන ලද අවස්තාවේදී නැවට ගිනිතබාගත් නිසාය. මෙලෙස එම නැව ගිනිතබන ලද්දේ එහි නවීන පන්නයේ අවි ආයුධ විශාල ප්‍රමාණයක් පුරවා තිබුහෙයින් බව එවකට ප්‍රසිද්ධ විය.
1987 ඉන්දියානු හමුදාවන් යාපනයේ සිටි සමයේදී මියගිය කොටි සංවිධානයේ කුමාරප්පා, පුලන්තිරන් සහ තවත් දසදෙනෙකු මිහිදන්කරන ලද්දේ මෙම ඉඩමේ බව එල් ටී ටී ඊ හිතවාදීන් පවසා තිබුණි.
ප්‍රභාකරන්ගේ දෙමාපියන් මියගිය පසු ඔවුන්ගේ මළසිරුරු මෙම ස්ථානයේ මහජන යාට දැකගැනීම සඳහා තබාතිබු බවටද මෙම ප්‍රවෘත්ති වාර්තාවල සඳහන්ව ඇත.
දැනට මෙම ඉඩමෙහි නීත්‍යානුකුල අයිතිය ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවටය.
පේදුරුතුඩුව දිස්ත්‍රික් උසාවිය මෙම ඉඩමේ අයිතිය පිළිබඳව ඉදිරිපත්කරතිබු අභියාචනය ඉවතදමන ලද බවත් ඉන්පසුව සමරු උද්‍යානයේ වැඩකටයුතු යලි ආරම්භකිරීමට කටයුතු යොදා ඇතිබවත් මේ සම්බන්ධයෙන් පලවී ඇති වාර්තාවල දැක්වෙයි.
මේ අන්දමට මියගිය ත්‍රස්තාවාදීන්ගේ ප්‍රතිමා හෝ සිහිවටන ගොඩනැඟීම සඳහා නගර සභාවට ඉඩ නොදෙන බව උතුරේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසීය.
කොටි ප්‍රතිමා ඉදිකිරීම සඳහා මෙම ඉඩම අත්පත්කරගෙන ඇත්තේ වැල්වැටිතුරේ නගර සභාව විසිනි.
ප්‍රභාකරන්ගේ උපන් දිනය නොවැම්බර් 26 දාට යෙදී ඇති අතර එදින එකී ප්‍රතිමා සඳහා මුල්ගල තැබීමට උත්සාහ කරන බව බුද්ධි අංශවලට වාර්තාවී තිබිණි.
මියගිය කොටි වෙනුවෙන් වැල්වැටිතුරේ තිරුවේල්හි ඉදිකර තිබූ ස්‌මාරකය ආරක්‍ෂක අංශ ඉවත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆස්රූල් ගෆූර්, ඇත්තෙන්ම මම ආඩම්බර වෙනවා ඔබ වැනි ශ්‍රී ලාංකිකයින් ගැන. ඔබ වැනි අය තමයි අද රටට අවශ්‍ය. අපේ සමහර මෝඩ සිංහල මිනිස්සුන්ට නියම සතුරා පෙනෙන්නේ නැහැ. (නි)
නාමල්ට මුස්ලිම් ගැහැණු ළමයෙක්ගෙන් ප්‍රශ්නයක් වෙලා වගෙයි (නි)
ඉඩදෙන්න අවශ්‍යත් නැහැ (නි)
"මේ ප්‍රශ්න මෙහෙම විසදන්න බෑ." අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ නම් විසදන්න තරම් ප්‍රශ්නයක් නැහැ. 2009 ප්‍රශ්නය විසදුවා. "මේ ප්‍රශ්නය දිහා ජාතිවාදීව බලන්න එපා. මොකද අද සමහර "කොටි ඇමතිවරු" ඇමතිවරු වුණේ එයාලා ශ්‍රී ලාංකිකයන් හැටියට හිතන්න පුරුදු වුණ නිසා. (නි)
බලමුකෝ වෙන්නෙ මොකක්ද කියලා (නි)
බඩු මිල වැඩිවෙලා කියල කට්ටිය දන්නෙ නැද්ද? (නදී)
ගපුර් - නියම කපටියෙක්. ඔලුව අතගාලා ටොක්ක අනින්න හදන්නේ. දැන් නොවේ අනාගතයේදී. ඕගොල්ලන් වෙලාව එනතුරු බලා ඉන්නේ. ඒකට හොද දක්ෂයෝ. හොදට ඉවසීම තිබෙනවා. (නි)
අපි නම් ඊළාම් කෝළම් කියන්නේ මේ වගේ ඒවට (නි)
මේ ප්‍රශ්න මෙහෙම විසදන්න බෑ. මේ ප්‍රශ්නය දිහා ජාතිවාදී ව බලන්ඩ එපා. මොකද අද සමහර කොටි ඇමතිවරු (නදී)
සමහරුන්ට දැන් එදා දවස මතක නැහැ වගෙයි (නි)
ඔව්. ඉඩදෙන්න බැහැ තමයි (නි)
අලුත් කෙනෙක් ඇවිල්ලා වගෙයි (නි)
ෆස්රුල් ගෆූර්, ශ්‍රී ලාංකික මුස්ලීම් කෙනෙක් වීම ගැන ඉතාමත් සතුටුයි (නි)
අවසර දෙන්න එපා කියලයි මම නම් කියන්නේ (නි)
එයාලා දැන් කියන්නේ ශ්‍රී ලංකා හමුදාව සහ පොලීසිය සම්පුර්ණයෙන් උතුරෙන් ඉවත් කරගන්න කියලද? එයාලට එයාලගේ පොලීසියයි හමුදාවයි ස්ථානගත කරන්න ඉඩ දෙන්නද? අපේ ලක් මෑණිට එරෙහි වුණ කිසිදු ද්‍රෝභියෙකුට නැවත හිස ඔසවන්න නොලැබේවා..!ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ වරමින් ඔවුන්ට ඉඩක් අවස්ථාවක් නොලැබේවා ! (නි)
ෆස්රුල් ගෆූර් , සියලුම මුස්ලිම්වරු ගැන සහතික දෙන්න ඔබට බැහැ. මමත් උපන් දා ඉදලා ජීවත් වුණේ සිංහල මුස්ලිම් දෙගොල්ලොම ඉන්න ගමක.ඇතැමුන් අපේ සහෝදරයෝ වගේ පුංචි කාලේ මාව පාසලේ සිට ගෙදර රැගෙන ආවේ මුස්ලිම් මාමා කෙනෙක්. ඒ වගේම දැඩි ලෙස ජාතිවාදී අදහස් දරපු , මුදල් බලයෙන් සිංහලයට හිරිහැර කරන අයත් හිටියා. අපත් සමගම ජාතිවාදී ලෙස කතා කරපු අවස්ථා තිබුණා. "මේ වගේ මහා ජාතියක් සමඟ ජීවත් වීම ලාංකික මුස්ලිම් ජනතාව පින් කරලා තිබෙන කොටසක්" මෙවැනි කතා වලට අපේ කට්ටියත් ඉතින් හරි අාසයි. ජයලත්, චන්දිම ඒ වගේ කට්ටිය. ගෆුර් ,ඔයාට පුලුවන්ද අර බි බි සි යට ගිහිල්ලා ලංකාවේ නම්බුව රැකගත් පින්වන්තයා ගැන ගුණ කථනයක් දෙන්න? සියලුම මුස්ලිම්වරු ඔයා වගේ නම් ලෝකය වටේ කේලම් කිය කියා යන්නේ නැහැ.අපි අපිම විසදා ගන්නවා මිසක් (නි)
ෆස්රුල් ගෆූර් ,කටාර්,නඩරාජ්,ඔයාලා නියම ශ්‍රී ලාංකිකයෝ. ඔයාලා තමයි උතුර දකුණ නැගෙනහිට එකතුකිරීමේ එකම පාලම. (නි)
අන්න බඩු මිළ වැඩිවෙලාලු (නි)
එක්සත් ශ්‍රී ලංකාවක් තුල ත්‍රස්ථවාදයට නැවතත් පනදියයුතු නැහැ. මේවාගැන විමසිලිවත් වියයුතුයි. අර තේසවලමෙ නීතිය තමත් තියෙනවද? මේවගෙ සුද්දො දීපු තවත් ලෙඩ තියෙනවනම් දැම්ම සනීපකරගන්න වෙනවා. ෆස්රුල් ගෆූර් ගෙ අදහසෙ සත්‍යක් නැත්තේම නැහැ. මොකද මම දන්නවා හුඟක් මුස්ලිම් සහෝදරයෝ දමිල අයට වඩා මහ ජාතියට හිතවත්, මගේ පලපුරුද්දෙ හැටියට. (ස)
ෆස්රුල් ගෆූර්, ඔබගේ අදහට මම 100% එකග වෙන්න බැරි වුණත් ඔබට ඒ අදහස ප්‍රකාශ කරන්න අයිතිය තිබෙනවා විතරක් නෙමෙයි, නියම සිංහලයෙක් විදියට ඒ අයිතිය ආරක්ෂා කරන්නත් මම කටයුතු කරනවා. නමුත් අපේ රටේ මුස්ලිම් ජාතිකයින් ඔබ කියන තරමටම සිංහල මිනිසුන් සමග අයිතීන් ගැන අවබෝධයකින් බෙදා හදාගෙන සහජීවනයෙන් ජීවත් වෙනවාද නැද්ද කියලා මේ ලංකාදීප සංවාද වල යෙදෙන මුස්ලිම් පුද්ගලයන් යැයි අනුමාන කළ හැකි අයගේ අදහස් වලින් පමණක් වුවත් අවබෝධ කරගත හැකියි. ලංකාවේ මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරීන් කොපමණ ඉන්නවාද, ඔවුන් කරන්නේ මොනවාද කියන එක බුද්ධි අංශවල රාජකාරියක්. නමුත් දැන් දැන් ලැබෙන වාර්තා අනුව සිංහල මිනිසාගේ අයිතීන් රැකදෙන්න උත්සාහ කරනවා කියලා ඔබට සහතික විය හැකිද? (නි)
මේ සියලුම දේවල් වලට මා ළඟ ඇති එකම පිළිතුර නම්, සිංහල බෞද්ධයින් කාගේ හෝ වැරදි ප්‍රචාරයකට අනුව මුස්ලිම් අය පිළිබද වැරදි චිත්‍රයක් මවා ගෙන සිටීමයි. දේශපාලන වාසි හෝ වෙනත් වුවමනා මත ක්‍රියාත්මක වන කොටසක් විසින් දෙන ලද ප්‍රචාරයන් වල ප්‍රතිඑල තමා මේ. අන්තවාදීන් අන්තවාදීන් කියා හංවඩු ගහනවා මිස එසේ ක්‍රියා කළ කිසිවෙක් අද වනතුරු අත්අඩංගුවට නොගන්නේ අැයි? පුළුවන් නම් එහෙම කෙනෙක් කරුණාකරලා අපිට පෙන්වන්න. අන්තවාදීන් ලෙස හැසිරෙන අය බියෙන් සැකයෙන් තොරව තම ව්‍යාපාරය කරගෙන යනවා නේද? (නි)
බයවෙන්න එපා. එහෙම වෙන්න දෙන්නේ නැහැ. (නි)
මම සැම සිංහල සහෝදරයන්ගෙන්මත්,අනිත් සැම ජාතික සහෝදරයන්ගෙන්මත් කාරුණිකව මනුෂ්‍යත්වයෙන් ඉල්ලන්නේ, අනවශ්‍ය ලෙස ප්‍රශ්න ඇතිකරගෙන එකිනෙකා අතර වෛරය ක්‍රෝධය විරුද්ධවාදිකම් ඇතිකරගන්න එපා කියායි. එය අපගේ කාලයට වැඩිය බලපාන්නේ අපේ අහිංසක බාල අනාගත පරම්පරාවටයි (නි)
මෙවැනි දේවලට කළ යුත්තේ සුදුසු නීතියක් රටෙහි සම්මත කරගැනීමයි (නි)
අමිත් , පෘතුගීසින්ට වැඩිය හොදයි ලන්දේසි , ලන්දේසින්ට වඩා හොදයි ඉංග්‍රීසි කියපු ජාතියක්නේ අපි (නි)
ෆස්රුල් ගෆූර්, නැගෙනහිර මුස්ලිම් පාලන ඒකකයක් ඉල්ලුවේ සිංහල බෞද්ධයින්ද? රටපුරා මුස්ලිම් ජාතිකයින් ඉන්න තැන් වෙන් කරගෙන කොලනි ව්‍යාප්ත කරන්නේ කවුද? ප්‍රභාකරන් සමග ගිවිසුම් ගැහුවේ කවුද? ඔබ මේ දේවල් වැරදි බව පිළිගෙන ඒවාට විරුද්ධව වැඩ කරනවද.....? (නි)
මොකද මෙහෙම වෙන්නේ? කාගේද වැරැද්ද? අතීතය අමතකද ? (නි)
ෆස්රූල් ගෆූර්,මේ ඔයාගේ ඇත්ත අදහස නම් සතුටුයි. ඔයා වගේ නෙමෙයි හැම මුස්ලිම් කෙනාම. අපිත් රැවටිලා එහෙම හිතා හිටියා මෑතක් වෙනතුරුම. දෙමළ මුස්ලිම් ජාති දෙකේම සාමයෙන් ඉන්න කැමති අයත් ඉන්නවා. අපි මේ කියන්නේ ඒ සහෝදරයන් ගැන නෙමෙයි. ජාතිවාදී, අන්තවාදී, අවස්ථාවාදී සතුරන් ගැනයි. ඔබලාත් එයට එකඟ වේ යැයි සිතමි... (නි)
සෙහාන් අමරසින්ගේ - ලංකාවේ ජනගනයෙම් මුස්ලිම් අය ඉන්නේ 9% ක් පමණ. අපේ අය එදා ඉඳලාම වැඩියෙන්ම අවධානය යොමුකරන්නේ වෙළඳ (බිස්නස්) කටයුතු සඳහා. රජයේ රකියා කරන්නේ ඉතාමත් සුළු පිරිසක්. රෝහලේ, පොලීසියේ, තැපැල් කන්තොරුවේ වගේ ඕනෙම රාජ්‍ය ආයතනයක බලන්න මුස්ලිම් නිලධාරීන් අඩුය්. ඉතින් ඔයාල හමුදාවේ මුස්ලිම් සොල්දාදුවන් වැඩියෙන් බලාපොරොත්තුවෙන එක සාධාරණද? අනික හමුදාව කියන්නේ ක්‍රිකට් කණ්ඩායමක් නොවේ පිටේ නම ලියාගෙන යුද්ධ කරන්න. (ස)
ලක් අම්මට විනකරන සියල්ලන්ටම දඩුවම් ලබාදිය යුතුයි (නි)
කොටින්ගේ පිළිම හැදුවොත් ඊට විරුද්ධව අපි පාරට බහින්න වුණත් සුදානම් (නි)
නාමල්, මම නම් විශ්වාස කරන්නේ නැහැ ඔබේ කතාව. (නි)
තේසවලාමේ නීතිය වහාම අහෝසි කරන්න ඕනෑ. රටේ ඕනෑම තැනකින් ඉඩම් අරගෙන දෙමළ අයට පදිංචි වෙන්න අවසර තියෙනවා නම් ඇයි සිංහල මුස්ලිම් යන ජාතින් දෙකට උතුරු -නැගෙනහිර ඉඩම් අරගන්න නොහැකි? (නි)
මේකට ඉඩ දෙන්න බැහැ (නි)
කෝ ඉතින් එළාරගේ එකක්වත් නැහැනේ (නි)
මෙම ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක් බවට හැකි ඉක්මණින් පත්කරන්න කියලයි මම නම් කියන්නේ (නි)
මෙම යෝජනාව වෙන තැනකදී අාවා (නි)
මෙම ස්ථානය ගොවිපොළක් බවට පත්කරන්න,එවිට කිසිම ප්‍රශ්නයක් නැහැ.(අ)
දෙන්න එපා චාන්ස් එකක් හැමතැනම හදාවි ස්මාරක හැමදෙනාම මතක තියාගන්න ඕනෑ එකදෙයයි අපේ දුප්පත් සිංහල කොල්ලො දිවි පුදලා බේරගත්ත රට අපේ මිසක් එක එකාලගේ නෙවෙයි (අ)
ගරු ගොඨාභය මැති තුමනි. මේ වැඩේට අනුමැතියක් දෙන්න නම් එපා. (නදී)
මොනවා කොහොම කරුවත් කොටිය කොටියමියි. ඒ දවස්වලම ඔක්කොම ඉවර කරනම් මොන ප්‍රස්නයක්වත්නේ. (අ)
කොටි කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්. ලෝකයේ කිසිම රටක ත්‍රස්තයන්ගේ ප්‍රතිම ඉදිකරන්න අවසර දීල නැහැ. ලංකාව විනාශකරලා දමපු ත්‍රස්තවාදීන් වන ප්‍රභාකරන් කල්ලියේ ප්‍රතිම ලාංකිකයින්ට අවශ්‍ය නැහැ. ඒ ප්‍රතිම ඔක්කොම ඉන්දියාවේ, එංගලන්තේ, නොර්වේ සහ කැනඩාවේ ඉදිකරගන්න කියන්න. (අ)
ඒ .කියන්නේ නගර සබාවේ ඉන්න කොටයට කඩේයන අයනේ.ඔහොම හොදද.(අ)
ඕනවට වඩා ඉදිමෙන්න දෙන්න හොද නෑ නිය පොත්තෙන්ම කඩ දන්න ඕනෑ (අ)
කොටින්ටකවරදාකවත් ඉඩක් නොදිය යුතුයි නැවත නැගිටින්න (අ).
දේශදෝහියකුගේ ජාතිදෝහියකුගේ පිලිරුවක් ..මේ අපේ පින් බිමේ..? (අ)
මෑතකදී උතුරු පළාත් ආණ්ඩුකාර වරයාට එරෙහිව ඔහුව එම නිලයෙන් ඉවත්කිරීමට ඒකමතික තීරණයකට එළඹුන. දැන් ත්‍රස්තාවාදීන්ගේ ප්‍රතිමා හෝ සිහිවටන ඉදිකිරීමට උත්සාහ දරනවා. අපි ත්‍රස්තවාදීන් කියා එල්.ටී.ටී.ඊ සංවිධානය හැදුන්වුවත් සමහර ද්‍රවිඩ ජනතාව ඔවුන්ව වීරයින් ලෙස පිළිගනිති. කොටි ප්‍රතිමා ඉදිකිරීම සඳහා මෙම ඉඩම අත්පත්කරගෙන ඇත්තේ වැල්වැටිතුරේ නගර සභාව විසින්ලු. වැල්වැටිතුරේ නගර සභාව හා උතුරු පළාත් සභාව මේ සියල්ලම මධ්‍යම රජය යටතේ පවතින රාජ්‍ය ආයතන. එසේනම් මේ රජයටත් මේ රටටත් විරුද්ධව යුද්ධ කරපු, තවමත් මේ රට අස්ථාවර කිරීමට යුරෝපා හා ඇමෙරිකාව සමඟ කෙනෙහිලිකම් කරන ඒ ත්‍රස්වාදීන්ගේ ස්මාරක ඉදිකිරීමට කිසිම ශ්‍රී ලාංකිකයෙක් ඉඩ තබන්නේ නැත. මේවාට විරුද්ධ වීම තමා නියම ලාංකිකයන්ගේ වගකීම. අකුරණ නගරයේ පල්ලි කීයක් තිබෙනවාද? මුස්ලිම් නගරවල් වල සිංහල කඩ කීයක් තිබෙනවාද? සිංහල නගර වල මුස්ලිම් කඩ කීයක් තිබෙනවාද කියන එක නොවේ අප සෙවිය යුත්තේ. (අ)
තව බලතල දෙන්න එතකොට තව තව දේවල් කරයි.ඉවර උනේ නෑ තාම පටන් ගත්තා විතරයි.අපේ රණවිරුවෝ නිදහස් කරලා දුනත් දැන් එයාලට උනිෆෝම් එකක්වත් පෙන්න බැරිවනේ ඉන්නේ.හැංගි,හැංගි හොල්මන් කරන්නේ.දෙපලුවෝ නම් රට හුරන් පාවලදිලා කොහේට හරි පනියි.මැදිවෙන්නේ නැවතත් රටේ අහිංසක ජනතාව.ඔහොමගියොත්.(අ)
මම ඉඩ දෙනවා.(නදී) .
මෙවැනි කුඩා සිදුවීම් මගින් කෙරෙන්නේ උතුරු දකුණු හොඳ හිතේ වර්ධනය පමාවීමත් හමුදා අංශ තව තවත් උතුරේ ජනප්‍රිය කිරීමත්ය. මෙවැනි දේවල් මෙහෙයවන්නේ පිටරටවල සිටින දෙමල ඩයස්පොරාවයි. ඔවුන්ගේ දැන් තිබෙන ප්‍රධාන බය යලිත් උතුරේ රාජ්‍ය පරිපාලනය සහ නීතිය ස්ථාපිත වෙයිද යන්නයි. එසේ වුවහොත් නැවත ඔවුන්ට වෙනම රාජ්‍යයක් ඉල්ලන්නන හේතු අඩුවෙනවා එනිසාම ඔවුන්ට ලැබෙන ආදායමද අඩුවෙනවා. මේ නිසා ඔවුන්ගේ ප්‍රධාන අභිප්‍රාය කෙසේ හෝ හමුදාව සහ දකුණේ රජය හරහා උතුරේ මිනිසුන්ට ගස්සවන තත්වයක් උදා කිරීමයි. රජය උපායශීලිව මෙයට පිළිතුරු දෙනු ඇති අප බලාපොරොත්තු වෙනවා. (අ)
කොටින්ගේ ප්‍රතිම එකක්වත් හදන්න ඉඩදෙන්න එපා ද්‍රෝහියෝ (අ)
ත්‍රස්සවාදිය ත්‍රස්සවදියමයි , අසරණ මිනිස්සු නැතිබංග කල කොටියට ආවඩන ද්‍රෝහියෝ හිටුව පස් ගහන්න ඕන කොටියාගේ ස්මාරක ගහන්න ශ්‍රී ලංකා පොලවේ ඉඩක් නෙහෙ. ටි එන් .ඒ සේරසේනවානම් උන්ට විරුද්දව නීති මාර්ගයක් ගන්න ඕන. (අ)
කොටින්ගේ පිලිරු පමණක් නොව නමක් වත් සඳහන් කරන්නට ඉඩ දෙන්නට එපා . අවුරුදු 30 ක කුරිරු යුද්දයක් කල ත්‍රස්තවාදීන් . (අ)
බලාගෙන ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් කඩනවා කියල කොටි න්‍යායාචාර්ය බාහු ඇතුළු දේශද්‍රෝහි නඩෙයි තාම ලංකාව එංගලන්ත කොළණියක් කියල හිතන කැමරන් ප්‍රමූඛ පර සුද්දොයි අපිව දං ගෙඩියට දක්කන්න බලයි.(නදී)
ඔව් ඔව් , ජිවිත පරිත්‍යාගයෙන් බේරගත්ත රටේ නැවත පිස්සු නටන්න නම් දෙන්න එපා ! ඕනෙම නම් සරත් ෆොන්සේකාගේ , ජනදිපතිතුමාගේ , හසලක ගාමිණි වීරයාගේ පිලිරු තුනක් හදල දෙන්නම් , (නදී)
ලෝකයේ ත්‍රස්තවාදි සංවිධාන බොහොමයක් ඈත. කොටි ත්‍රස්තයනුත් එම සංවිධානත් අනෝන්‍ය සහයෝගයෙන් කටයුතු කර ඈතිබවට කරුණු ලෝකයේ බුද්ධි අංශවලට අනාවරනය වෙමින් පවතී.දෑන් උතුරේ පටන් ගන්නට මාන බලන්නේ.... පලස්තීනයත් ඊශ්‍රලයත් වගෙ ගෑටුමකි.ලෝක අවධානය යොමුකර ගෑනීම සදහා එංගලන්තය පෝර දෑමීමකට සෑරසෙයි. ඒ මන්දයත් දමිල ඩයස්පොරාවේ චන්ද ටිකටත් , ඉන්දියාව කෑලි කිරීමේ කුමණ්ත්‍රනයත් ක්‍රියාවට නෑංවීම එදාසිටම හීන්නූලෙන් ක්‍රියාත්මක වූනිසාවෙනි.තමිල්නාඩුවෙත් ඩයස්පොරාවෙත් එකම ආකල්පය දමිල ඊලම් නිජබිමයි.13 දීම ඉබ්බා දියේ දෑම්මා වෑනිය. වගකිවයුත්තන් බුද්ධිමත් තීරණ නොගත්තෝත් අපේ රටට විශාල බලපෑම් එල්ලවීම නොවෑලෑක්විය හෑකිය. එනිසා ත්‍රස්තවාදිගේ කිසිම පිලිරුවක් නිරාවර්ණ්යකිරීම ත්‍රස්තවාදයට අනුබලදීමකි. (අ)
කුරුටුගාමීන් පෙරටු කොටගනිමින් කොටි වැඩ අල්ලති... (ස)
කාපුවා මදිද. නිදා ඉන්න සිංහයෝ නැගිට්ටුවන්න හදන්නේ. (ස)
සෙහාන් අමරසිංහ නැති ප්‍රශ්න හදන්න එපා. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා....(ස)
චින්තකගේ කතාව හරි, ගෆුර් නිකන් බොරුවට බබා කතා ලියන්න එපා.මුස්ලිම් රණවිරුවෝ කෙහෙද හිටියේ ??? මුතාලිෆ් කියල එක්කෙනෙක් නම් මතකයි.ලක්ෂෙකට එක්කෙනෙක් ඉන්න එති.(ස)
ගෆූර් ඔයා නියම ශ්‍රී ලාංකිකයෙක් ස්තුති ඔබ වගේ කෙනෙක් ඔහොම කතා කලාට (අ)
ඉදිරි අනාගතයේදි උතුරත්,නැගෙනහිරත් සිංහළයට අහිමිවෙනවා.එය පැහැදිලියි. (අ)
අපිට ත්‍රස්තවාදීන් තව කොටසකට වීරයන් විමුක්ති වාදීන් . 1971පළවෙනි ත්‍රස්තවාදී කැරැල්ලෙන් මිය ගිය ත්‍රස්තවාදීන් තවමත් අපේ සිංහලුන් අවුරුදු පතා එළිපිට සමරනවා . කොටි ත්‍රස්තවාදීන් කරන්නෙත් එකමයි . ත්‍රස්තවාදීන් දෙමල හෝ සිංහල හෝ මුස්ලිම් එකක් වත් සැමරුම් කරන්න දෙන්න නරකයි . රතු කමිස කළු කමිස සියල්ල තහනම් කල යුතුයි (අ)
මේවා හදන්න හොඳම රට 'මුරුසිය'.(අ)
රාජ්‍ය ද්‍රෝහීන් වෙඩි තබා මරනු ? ඇමරිකාවට පුලුවන්නම් අපට බැරි ඇයි ?(නදී)
චින්තක පෙරේරා - මුස්ලිම් ජාතිවාදීන් කියල කොටසක් ලංකාවේ නැහැ. මෙවැනි අනවශ්‍ය ප්‍රචාරයන් දාලා ඔයාල වගේ අය ජනතාව මුලා කිරීමට ලබාදෙනවා මිසක් ලංකාවේ මුස්ලිම් අය කවදාවත් මේ රට බෙදා වෙන්කරන්න කටයුතු කලේ නැහැ. කරන්නෙත් නැහැ. මම අවංකවම පිලිගන්නවා සිංහල බෞද්ධයා මුස්ලිම් අය සමඟ ඉතා සමීපව මිත්‍රශීලීව කටයුතු කරන කොටසක්. මේ වගේ මහා ජාතියක් සමඟ ජීවත් වීම ලාකික මුස්ලිම් ජනතාව පින් කරලා තිබෙන කොටසක්. මෙය මාගේ වචනයට පමණක් සීමාවුණු දෙයක් නොවේ මම හදවතින්ම පිළිගන්න සත්‍යය. නිකන් බොරු දේවල් ලියන්නෙපා ත්‍රස්තවාදයට විරුද්ධව අපේ රණවිරුවන් සටන් කරන කාලයේ මුස්ලිම් රණවිරුවන් ඉහල තනතුරු දරල තිබෙන බවට අපි සියල්ලෝම දන්නා කරුණක්.(නදී)
චින්තක පෙරේරා - මුස්ලිම් ජාතිවාදීන් කියල කොටසක් ලංකාවේ නැහැ. මෙවැනි අනවශ්‍ය ප්‍රාචාරයන් ඔයාල ඔයාල වගේ අය ජනතාව මුලා කිරීමට ලබාදෙනවා මිසක් ලංකාවේ මුස්ලිම් අය කවදාවත් මේ රට බෙදා වෙන්කරන්න කටයුතු කලේ නැහැ. කරන්නෙත් නැහැ. මම අවන්කවම පිලිගන්නවා සිංහල බෞද්ධයා මුස්ලිම් අය සමඟ ඉතා සමීපව මිත්‍රශීලීව කටයුතු කරන කොටසක්. මේ වගේ මහා ජාතියක් සමඟ ජීවත් වීම ලංකික මුස්ලිම් ජනතාව පින් කරලා තිබෙන කොටසක්. මෙය මාගේ වචනයට පමණක් සීමාවුණු දෙයක් නොවේ මම හදවතින්ම පිළිගන්න සත්‍යය. නිකන් බොරු දේවල් ලියන්නෙපා ත්‍රස්තවාදයට විරුද්ධව අපේ රණවිරුවන් සටන් කරන කාලයේ මුස්ලිම් රණවිරුවන් ඉහල තනතුරු දරල තිබෙන බවට අපි සියල්ලෝම දන්නා කරුණක්. (නදී)
මේ තත්වය විසදන්න නම් සිංහල මිනිස්සු යලි පදිංචි කරවන්න ඕනේ . කොටින්ගෙන් නිදහස ලබාදුන්නේ සිංහල හමුදාව. ඒත් වෛර කරන හැටි. හිතාගන්න මිනිසුන්ගේ හැටි. ඇත්තටම අද අසරණ වෙලා ඉන්නේ සිංහලයෝයි. ඇත්තට මූණ දෙන්න. ඔලුව වැල්ලේ ගහගන හිටියා ඇති. (නදී)
ෆස්රුල් උන්නැහේ, නිකම් බොරු කියන්න එපා. ඔබ කොතරම් අන්තවාදියෙකුදැයි අප දනිමු. සුදනා වීමට අවශ්‍ය නැත. (නදී)
උතුරේ තත්වය දැන්ම හරි මගට ගත්තේ නැතිනම් සිංහල මිනිහට යලිත් 2002 වගේ විසා අරන් යන්න වෙනව වගෙයි පෙන්නේ. දෙමල ජාතිවාදීන් ලංකාව ආක්‍රමනයක යෙදිලයි ඉන්නේ. උන් පියවරෙන් පියවර උන්ගේ ඉලක්කයට යනවා. අපේ සිංහලයා බෙදිලා මධ්‍යස්ත මතධාරීන් කියල කොටසක් දෙමළට උදව් කරනවා. දෙමල ජාතිවාදීන් තවත් ත්‍රස්තවාදයකට සූදානම් වෙන බවයි මේ දේවල් වලින් පෙන්නේ. වැඩි කල් යන්න ඉස්සසෙල්ල මුස්ලිම් ජාතිවාදීන් එකතුවෙලා නැගෙනහිරත්, වතු දෙමෙල ජාතිවාදීන් එකතුවෙලා කදුකරයත් වෙන් කරගන්න වැඩ කරයි. මේ සියලු දෙනා සතුරන් හැටියට සලකල ආරක්ෂක අංශ විමසිල්ලෙන් ඉන්න ඕන. ගෆූර් කියල තියෙනවා වගේ පාර්ලිමේන්තුවේ බලය ඇති වෙලාවේ අවශ්‍ය නීති සම්පාදනය කරගෙන අනාගතයට මුහුණදෙන්න ලැහැස්ති වෙන්න රටට ජාතියට හිතැති දේශපාලකයෝ පියවර ගත යුතුයි. රටේ පිනට පහලවූ අපේ ජනපති තුමනි, මේ අවදානමට අවධානය යොමු කරන්න......! (අ)
ඵස්රුල් ගෆුර් ට මට කියනවකො බලන්න මුස්ලිම් නගරෙක තියෙන එක සිංහල කඩයක් ගෙන තොරතුරක් ???? (අ)
පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ඇති මේ වෙලාවේ රටේ අනාගතයට ඕන කරන නීති ප්‍රති පාදන සකසා ගැනීම ගැන අවාධානය යොමුකලොත් ඉතා වටිනවා. ඒකීය බව දිගටම රැකගත යුතුය. (නදී)
මගේ අදහස නම් කාට හරි ස්මාරක හදන්ඩ ඕනේ නම් තමුන්ගේ දරුවාගේ හරි තමුන්ගේ පියාගේ හරි ඒකට සුදුසුම තෙන තමුන්ගේ ගෙදර.මම හිතන්නේ නෙහෙ ඒකට කවුරුත් විරුද්ද වෙයි කියල.නමුත් පොදු තෙනක හදන්ට කිසිම කෙනෙකුට ඉඩ නොදිය යුතුයි (අ).