IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


"කොටින්ගේ පිළිරූ හදන්න ඉඩ දෙන්නේ නෑ"

ප්‍රභාකරන්ගේ උපන් ගමවූ වැල්වටිතුරෙයි සමීපයේ පිහිටි තීරුවිල්හි උද්‍යානයක මුවාවෙන් මියගිය ත්‍රස්තවාදී නායකයින් තිදෙනෙකු වෙනුවෙන් ස්මාරක යලිත් වරක් ඉදිකිරීමට ගන්නා ලද උත්සාහයක් පිළිබඳව හමුදා බුද්ධි අංශ තොරතුරු හෙලිකරගැනීමට සමත්ව ඇතිබව වාර්තාවෙයි.

මෙම උද්‍යානය ඉදිකිරීම සඳහා තෝරාගෙන ඇති ඉඩමෙහි කොටි සංවිධානය බලවත්ව සිටි අවදියේදී ප්‍රභාකරන්ගේ ඥතියකු වූ සතාසිවම් ක්‍රිෂ්ණකුමාර් හෙවත් කිට්ටු ඇතුළු කොටි ක්‍රියාකාරීන් තිදෙනකු වෙනුවෙන් ස්මාරක ඉදිකර තිබුණි.

කිට්ටු නැමැත්තා මියගියේ 1993 ලන්ඩන් නුවර සිට ත්‍රස්තවාදීන් කණ්ඩායමක් රැගත් නැව ඉන්දියා  නාවික හමුදාව විසින් වට කරන ලද අවස්තාවේදී නැවට ගිනිතබාගත් නිසාය. මෙලෙස එම නැව ගිනිතබන ලද්දේ එහි නවීන පන්නයේ අවි ආයුධ විශාල ප්‍රමාණයක් පුරවා තිබුහෙයින් බව එවකට ප්‍රසිද්ධ විය.

1987 ඉන්දියානු හමුදාවන් යාපනයේ සිටි සමයේදී මියගිය කොටි සංවිධානයේ කුමාරප්පා, පුලන්තිරන් සහ තවත් දසදෙනෙකු මිහිදන්කරන ලද්දේ මෙම ඉඩමේ බව එල් ටී ටී ඊ හිතවාදීන් පවසා තිබුණි.

ප්‍රභාකරන්ගේ දෙමාපියන් මියගිය පසු ඔවුන්ගේ මළසිරුරු මෙම ස්ථානයේ මහජන යාට දැකගැනීම සඳහා තබාතිබු බවටද මෙම ප්‍රවෘත්ති වාර්තාවල සඳහන්ව ඇත.

දැනට මෙම ඉඩමෙහි නීත්‍යානුකුල අයිතිය ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවටය. 

පේදුරුතුඩුව දිස්ත්‍රික් උසාවිය මෙම ඉඩමේ අයිතිය පිළිබඳව ඉදිරිපත්කරතිබු අභියාචනය ඉවතදමන ලද බවත් ඉන්පසුව සමරු උද්‍යානයේ වැඩකටයුතු යලි ආරම්භකිරීමට කටයුතු යොදා ඇතිබවත් මේ සම්බන්ධයෙන් පලවී ඇති වාර්තාවල දැක්වෙයි.

මේ අන්දමට මියගිය ත්‍රස්තාවාදීන්ගේ ප්‍රතිමා හෝ සිහිවටන ගොඩනැඟීම සඳහා නගර සභාවට ඉඩ නොදෙන බව උතුරේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසීය. 

කොටි ප්‍රතිමා ඉදිකිරීම සඳහා මෙම ඉඩම අත්පත්කරගෙන ඇත්තේ වැල්වැටිතුරේ නගර සභාව විසිනි.

ප්‍රභාකරන්ගේ උපන් දිනය නොවැම්බර් 26 දාට යෙදී ඇති අතර එදින එකී ප්‍රතිමා සඳහා මුල්ගල තැබීමට උත්සාහ කරන බව බුද්ධි අංශවලට වාර්තාවී තිබිණි.
මියගිය කොටි වෙනුවෙන් වැල්වැටිතුරේ තිරුවේල්හි ඉදිකර තිබූ ස්‌මාරකය ආරක්‍ෂක අංශ ඉවත් කර තිබේ.



අදහස් (0)

"කොටින්ගේ පිළිරූ හදන්න ඉඩ දෙන්නේ නෑ"

කුරුළු Sunday, 24 November 2013 10:44 PM

කුරුටුගාමීන් පෙරටු කොටගනිමින් කොටි වැඩ අල්ලති... (ස)

:       0       0

රොෂාන් Monday, 25 November 2013 10:18 AM

මේකට ඉඩ දෙන්න බැහැ (නි)

:       0       0

ජෝන් Sunday, 24 November 2013 04:43 PM

මම ඉඩ දෙනවා.(නදී) .

:       0       0

ලකී Monday, 25 November 2013 04:58 PM

මෙවැනි දේවලට කළ යුත්තේ සුදුසු නීතියක් රටෙහි සම්මත කරගැනීමයි (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 24 November 2013 11:24 PM

සෙහාන් අමරසින්ගේ - ලංකාවේ ජනගනයෙම් මුස්ලිම් අය ඉන්නේ 9% ක් පමණ. අපේ අය එදා ඉඳලාම වැඩියෙන්ම අවධානය යොමුකරන්නේ වෙළඳ (බිස්නස්) කටයුතු සඳහා. රජයේ රකියා කරන්නේ ඉතාමත් සුළු පිරිසක්. රෝහලේ, පොලීසියේ, තැපැල් කන්තොරුවේ වගේ ඕනෙම රාජ්‍ය ආයතනයක බලන්න මුස්ලිම් නිලධාරීන් අඩුය්. ඉතින් ඔයාල හමුදාවේ මුස්ලිම් සොල්දාදුවන් වැඩියෙන් බලාපොරොත්තුවෙන එක සාධාරණද? අනික හමුදාව කියන්නේ ක්‍රිකට් කණ්ඩායමක් නොවේ පිටේ නම ලියාගෙන යුද්ධ කරන්න. (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 24 November 2013 04:45 PM

තව බලතල දෙන්න එතකොට තව තව දේවල් කරයි.ඉවර උනේ නෑ තාම පටන් ගත්තා විතරයි.අපේ රණවිරුවෝ නිදහස් කරලා දුනත් දැන් එයාලට උනිෆෝම් එකක්වත් පෙන්න බැරිවනේ ඉන්නේ.හැංගි,හැංගි හොල්මන් කරන්නේ.දෙපලුවෝ නම් රට හුරන් පාවලදිලා කොහේට හරි පනියි.මැදිවෙන්නේ නැවතත් රටේ අහිංසක ජනතාව.ඔහොමගියොත්.(අ)

:       0       0

දර්ශන Sunday, 24 November 2013 04:47 PM

මෙම ස්ථානය ගොවිපොළක් බවට පත්කරන්න,එවිට කිසිම ප්‍රශ්නයක් නැහැ.(අ)

:       0       0

අමිත් Sunday, 24 November 2013 11:28 PM

එක්සත් ශ්‍රී ලංකාවක් තුල ත්‍රස්ථවාදයට නැවතත් පනදියයුතු නැහැ. මේවාගැන විමසිලිවත් වියයුතුයි. අර තේසවලමෙ නීතිය තමත් තියෙනවද? මේවගෙ සුද්දො දීපු තවත් ලෙඩ තියෙනවනම් දැම්ම සනීපකරගන්න වෙනවා. ෆස්රුල් ගෆූර් ගෙ අදහසෙ සත්‍යක් නැත්තේම නැහැ. මොකද මම දන්නවා හුඟක් මුස්ලිම් සහෝදරයෝ දමිල අයට වඩා මහ ජාතියට හිතවත්, මගේ පලපුරුද්දෙ හැටියට. (ස)

:       0       0

සමරනායක Sunday, 24 November 2013 11:31 PM

අන්න බඩු මිළ වැඩිවෙලාලු (නි)

:       0       0

ජයතිස්ස Monday, 25 November 2013 10:46 AM

තේසවලාමේ නීතිය වහාම අහෝසි කරන්න ඕනෑ. රටේ ඕනෑම තැනකින් ඉඩම් අරගෙන දෙමළ අයට පදිංචි වෙන්න අවසර තියෙනවා නම් ඇයි සිංහල මුස්ලිම් යන ජාතින් දෙකට උතුරු -නැගෙනහිර ඉඩම් අරගන්න නොහැකි? (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 24 November 2013 04:56 PM

දේශදෝහියකුගේ ජාතිදෝහියකුගේ පිලිරුවක් ..මේ අපේ පින් බිමේ..? (අ)

:       0       0

ඉෂාක් Monday, 25 November 2013 10:52 AM

නාමල්, මම නම් විශ්වාස කරන්නේ නැහැ ඔබේ කතාව. (නි)

:       0       0

ලාල් කිත්සිරි Sunday, 24 November 2013 05:01 PM

කොටින්ටකවරදාකවත් ඉඩක් නොදිය යුතුයි නැවත නැගිටින්න (අ).

:       0       0

නලින් Sunday, 24 November 2013 05:02 PM

ඕනවට වඩා ඉදිමෙන්න දෙන්න හොද නෑ නිය පොත්තෙන්ම කඩ දන්න ඕනෑ (අ)

:       0       0

ඉෂාක් Monday, 25 November 2013 10:54 AM

කොටින්ගේ පිළිම හැදුවොත් ඊට විරුද්ධව අපි පාරට බහින්න වුණත් සුදානම් (නි)

:       0       0

නුවන් Sunday, 24 November 2013 05:06 PM

ඒ .කියන්නේ නගර සබාවේ ඉන්න කොටයට කඩේයන අයනේ.ඔහොම හොදද.(අ)

:       0       0

යූ. Monday, 25 November 2013 12:28 AM

ෆස්රුල් ගෆූර් ,කටාර්,නඩරාජ්,ඔයාලා නියම ශ්‍රී ලාංකිකයෝ. ඔයාලා තමයි උතුර දකුණ නැගෙනහිට එකතුකිරීමේ එකම පාලම. (නි)

:       0       0

රෝහණ Monday, 25 November 2013 05:53 PM

මම සැම සිංහල සහෝදරයන්ගෙන්මත්,අනිත් සැම ජාතික සහෝදරයන්ගෙන්මත් කාරුණිකව මනුෂ්‍යත්වයෙන් ඉල්ලන්නේ, අනවශ්‍ය ලෙස ප්‍රශ්න ඇතිකරගෙන එකිනෙකා අතර වෛරය ක්‍රෝධය විරුද්ධවාදිකම් ඇතිකරගන්න එපා කියායි. එය අපගේ කාලයට වැඩිය බලපාන්නේ අපේ අහිංසක බාල අනාගත පරම්පරාවටයි (නි)

:       0       0

නාමල් Monday, 25 November 2013 12:38 AM

ෆස්රුල් ගෆූර් , සියලුම මුස්ලිම්වරු ගැන සහතික දෙන්න ඔබට බැහැ. මමත් උපන් දා ඉදලා ජීවත් වුණේ සිංහල මුස්ලිම් දෙගොල්ලොම ඉන්න ගමක.ඇතැමුන් අපේ සහෝදරයෝ වගේ පුංචි කාලේ මාව පාසලේ සිට ගෙදර රැගෙන ආවේ මුස්ලිම් මාමා කෙනෙක්. ඒ වගේම දැඩි ලෙස ජාතිවාදී අදහස් දරපු , මුදල් බලයෙන් සිංහලයට හිරිහැර කරන අයත් හිටියා. අපත් සමගම ජාතිවාදී ලෙස කතා කරපු අවස්ථා තිබුණා. "මේ වගේ මහා ජාතියක් සමඟ ජීවත් වීම ලාංකික මුස්ලිම් ජනතාව පින් කරලා තිබෙන කොටසක්" මෙවැනි කතා වලට අපේ කට්ටියත් ඉතින් හරි අාසයි. ජයලත්, චන්දිම ඒ වගේ කට්ටිය. ගෆුර් ,ඔයාට පුලුවන්ද අර බි බි සි යට ගිහිල්ලා ලංකාවේ නම්බුව රැකගත් පින්වන්තයා ගැන ගුණ කථනයක් දෙන්න? සියලුම මුස්ලිම්වරු ඔයා වගේ නම් ලෝකය වටේ කේලම් කිය කියා යන්නේ නැහැ.අපි අපිම විසදා ගන්නවා මිසක් (නි)

:       0       0

පුෂ්ප - ජර්මනිය Sunday, 24 November 2013 05:47 PM

කොටි කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්. ලෝකයේ කිසිම රටක ත්‍රස්තයන්ගේ ප්‍රතිම ඉදිකරන්න අවසර දීල නැහැ. ලංකාව විනාශකරලා දමපු ත්‍රස්තවාදීන් වන ප්‍රභාකරන් කල්ලියේ ප්‍රතිම ලාංකිකයින්ට අවශ්‍ය නැහැ. ඒ ප්‍රතිම ඔක්කොම ඉන්දියාවේ, එංගලන්තේ, නොර්වේ සහ කැනඩාවේ ඉදිකරගන්න කියන්න. (අ)

:       0       0

දිනේෂ් Sunday, 24 November 2013 05:48 PM

මොනවා කොහොම කරුවත් කොටිය කොටියමියි. ඒ දවස්වලම ඔක්කොම ඉවර කරනම් මොන ප්‍රස්නයක්වත්නේ. (අ)

:       0       0

රූපවතී Monday, 25 November 2013 01:12 AM

එයාලා දැන් කියන්නේ ශ්‍රී ලංකා හමුදාව සහ පොලීසිය සම්පුර්ණයෙන් උතුරෙන් ඉවත් කරගන්න කියලද? එයාලට එයාලගේ පොලීසියයි හමුදාවයි ස්ථානගත කරන්න ඉඩ දෙන්නද? අපේ ලක් මෑණිට එරෙහි වුණ කිසිදු ද්‍රෝභියෙකුට නැවත හිස ඔසවන්න නොලැබේවා..!ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ වරමින් ඔවුන්ට ඉඩක් අවස්ථාවක් නොලැබේවා ! (නි)

:       0       0

රජිව Monday, 25 November 2013 01:14 AM

අවසර දෙන්න එපා කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 24 November 2013 06:05 PM

ගරු ගොඨාභය මැති තුමනි. මේ වැඩේට අනුමැතියක් දෙන්න නම් එපා. (නදී)

:       0       0

කෙවින් Monday, 25 November 2013 01:17 AM

ෆස්රුල් ගෆූර්, ශ්‍රී ලාංකික මුස්ලීම් කෙනෙක් වීම ගැන ඉතාමත් සතුටුයි (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 25 November 2013 01:22 AM

අලුත් කෙනෙක් ඇවිල්ලා වගෙයි (නි)

:       0       0

මංගල Monday, 25 November 2013 01:34 AM

ෆස්රූල් ගෆූර්, ඇත්තෙන්ම මම ආඩම්බර වෙනවා ඔබ වැනි ශ්‍රී ලාංකිකයින් ගැන. ඔබ වැනි අය තමයි අද රටට අවශ්‍ය. අපේ සමහර මෝඩ සිංහල මිනිස්සුන්ට නියම සතුරා පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

අජිත් Monday, 25 November 2013 06:37 PM

බයවෙන්න එපා. එහෙම වෙන්න දෙන්නේ නැහැ. (නි)

:       0       0

මායා Monday, 25 November 2013 01:38 AM

සමහරුන්ට දැන් එදා දවස මතක නැහැ වගෙයි (නි)

:       0       0

සත්‍යා Monday, 25 November 2013 02:33 AM

මේ ප්‍රශ්න මෙහෙම විසදන්න බෑ. මේ ප්‍රශ්නය දිහා ජාතිවාදී ව බලන්ඩ එපා. මොකද අද සමහර කොටි ඇමතිවරු (නදී)

:       0       0

සුනිල් ගම්පොළ Sunday, 24 November 2013 06:49 PM

දෙන්න එපා චාන්ස් එකක් හැමතැනම හදාවි ස්මාරක හැමදෙනාම මතක තියාගන්න ඕනෑ එකදෙයයි අපේ දුප්පත් සිංහල කොල්ලො දිවි පුදලා බේරගත්ත රට අපේ මිසක් එක එකාලගේ නෙවෙයි (අ)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 25 November 2013 07:37 PM

මේ සියලුම දේවල් වලට මා ළඟ ඇති එකම පිළිතුර නම්, සිංහල බෞද්ධයින් කාගේ හෝ වැරදි ප්‍රචාරයකට අනුව මුස්ලිම් අය පිළිබද වැරදි චිත්‍රයක් මවා ගෙන සිටීමයි. දේශපාලන වාසි හෝ වෙනත් වුවමනා මත ක්‍රියාත්මක වන කොටසක් විසින් දෙන ලද ප්‍රචාරයන් වල ප්‍රතිඑල තමා මේ. අන්තවාදීන් අන්තවාදීන් කියා හංවඩු ගහනවා මිස එසේ ක්‍රියා කළ කිසිවෙක් අද වනතුරු අත්අඩංගුවට නොගන්නේ අැයි? පුළුවන් නම් එහෙම කෙනෙක් කරුණාකරලා අපිට පෙන්වන්න. අන්තවාදීන් ලෙස හැසිරෙන අය බියෙන් සැකයෙන් තොරව තම ව්‍යාපාරය කරගෙන යනවා නේද? (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 24 November 2013 07:02 PM

මෑතකදී උතුරු පළාත් ආණ්ඩුකාර වරයාට එරෙහිව ඔහුව එම නිලයෙන් ඉවත්කිරීමට ඒකමතික තීරණයකට එළඹුන. දැන් ත්‍රස්තාවාදීන්ගේ ප්‍රතිමා හෝ සිහිවටන ඉදිකිරීමට උත්සාහ දරනවා. අපි ත්‍රස්තවාදීන් කියා එල්.ටී.ටී.ඊ සංවිධානය හැදුන්වුවත් සමහර ද්‍රවිඩ ජනතාව ඔවුන්ව වීරයින් ලෙස පිළිගනිති. කොටි ප්‍රතිමා ඉදිකිරීම සඳහා මෙම ඉඩම අත්පත්කරගෙන ඇත්තේ වැල්වැටිතුරේ නගර සභාව විසින්ලු. වැල්වැටිතුරේ නගර සභාව හා උතුරු පළාත් සභාව මේ සියල්ලම මධ්‍යම රජය යටතේ පවතින රාජ්‍ය ආයතන. එසේනම් මේ රජයටත් මේ රටටත් විරුද්ධව යුද්ධ කරපු, තවමත් මේ රට අස්ථාවර කිරීමට යුරෝපා හා ඇමෙරිකාව සමඟ කෙනෙහිලිකම් කරන ඒ ත්‍රස්වාදීන්ගේ ස්මාරක ඉදිකිරීමට කිසිම ශ්‍රී ලාංකිකයෙක් ඉඩ තබන්නේ නැත. මේවාට විරුද්ධ වීම තමා නියම ලාංකිකයන්ගේ වගකීම. අකුරණ නගරයේ පල්ලි කීයක් තිබෙනවාද? මුස්ලිම් නගරවල් වල සිංහල කඩ කීයක් තිබෙනවාද? සිංහල නගර වල මුස්ලිම් කඩ කීයක් තිබෙනවාද කියන එක නොවේ අප සෙවිය යුත්තේ. (අ)

:       0       0

ගුණරත්න Sunday, 24 November 2013 07:06 PM

මගේ අදහස නම් කාට හරි ස්මාරක හදන්ඩ ඕනේ නම් තමුන්ගේ දරුවාගේ හරි තමුන්ගේ පියාගේ හරි ඒකට සුදුසුම තෙන තමුන්ගේ ගෙදර.මම හිතන්නේ නෙහෙ ඒකට කවුරුත් විරුද්ද වෙයි කියල.නමුත් පොදු තෙනක හදන්ට කිසිම කෙනෙකුට ඉඩ නොදිය යුතුයි (අ).

:       0       0

චාන් Sunday, 24 November 2013 07:12 PM

පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ඇති මේ වෙලාවේ රටේ අනාගතයට ඕන කරන නීති ප්‍රති පාදන සකසා ගැනීම ගැන අවාධානය යොමුකලොත් ඉතා වටිනවා. ඒකීය බව දිගටම රැකගත යුතුය. (නදී)

:       0       0

බණ්ඩාර Monday, 25 November 2013 01:37 PM

ලක් අම්මට විනකරන සියල්ලන්ටම දඩුවම් ලබාදිය යුතුයි (නි)

:       0       0

සෙහාන් අමරසිංහ Sunday, 24 November 2013 07:33 PM

ඵස්රුල් ගෆුර් ට මට කියනවකො බලන්න මුස්ලිම් නගරෙක තියෙන එක සිංහල කඩයක් ගෙන තොරතුරක් ???? (අ)

:       0       0

චින්තක පෙරේරා Sunday, 24 November 2013 07:51 PM

උතුරේ තත්වය දැන්ම හරි මගට ගත්තේ නැතිනම් සිංහල මිනිහට යලිත් 2002 වගේ විසා අරන් යන්න වෙනව වගෙයි පෙන්නේ. දෙමල ජාතිවාදීන් ලංකාව ආක්‍රමනයක යෙදිලයි ඉන්නේ. උන් පියවරෙන් පියවර උන්ගේ ඉලක්කයට යනවා. අපේ සිංහලයා බෙදිලා මධ්‍යස්ත මතධාරීන් කියල කොටසක් දෙමළට උදව් කරනවා. දෙමල ජාතිවාදීන් තවත් ත්‍රස්තවාදයකට සූදානම් වෙන බවයි මේ දේවල් වලින් පෙන්නේ. වැඩි කල් යන්න ඉස්සසෙල්ල මුස්ලිම් ජාතිවාදීන් එකතුවෙලා නැගෙනහිරත්, වතු දෙමෙල ජාතිවාදීන් එකතුවෙලා කදුකරයත් වෙන් කරගන්න වැඩ කරයි. මේ සියලු දෙනා සතුරන් හැටියට සලකල ආරක්ෂක අංශ විමසිල්ලෙන් ඉන්න ඕන. ගෆූර් කියල තියෙනවා වගේ පාර්ලිමේන්තුවේ බලය ඇති වෙලාවේ අවශ්‍ය නීති සම්පාදනය කරගෙන අනාගතයට මුහුණදෙන්න ලැහැස්ති වෙන්න රටට ජාතියට හිතැති දේශපාලකයෝ පියවර ගත යුතුයි. රටේ පිනට පහලවූ අපේ ජනපති තුමනි, මේ අවදානමට අවධානය යොමු කරන්න......! (අ)

:       0       0

වීර Sunday, 24 November 2013 08:09 PM

ෆස්රුල් උන්නැහේ, නිකම් බොරු කියන්න එපා. ඔබ කොතරම් අන්තවාදියෙකුදැයි අප දනිමු. සුදනා වීමට අවශ්‍ය නැත. (නදී)

:       0       0

අමිල කටුනායක Monday, 25 November 2013 06:55 AM

අපි නම් ඊළාම් කෝළම් කියන්නේ මේ වගේ ඒවට (නි)

:       0       0

ආලෝක Sunday, 24 November 2013 08:09 PM

මේ තත්වය විසදන්න නම් සිංහල මිනිස්සු යලි පදිංචි කරවන්න ඕනේ . කොටින්ගෙන් නිදහස ලබාදුන්නේ සිංහල හමුදාව. ඒත් වෛර කරන හැටි. හිතාගන්න මිනිසුන්ගේ හැටි. ඇත්තටම අද අසරණ වෙලා ඉන්නේ සිංහලයෝයි. ඇත්තට මූණ දෙන්න. ඔලුව වැල්ලේ ගහගන හිටියා ඇති. (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 24 November 2013 08:10 PM

චින්තක පෙරේරා - මුස්ලිම් ජාතිවාදීන් කියල කොටසක් ලංකාවේ නැහැ. මෙවැනි අනවශ්‍ය ප්‍රාචාරයන් ඔයාල ඔයාල වගේ අය ජනතාව මුලා කිරීමට ලබාදෙනවා මිසක් ලංකාවේ මුස්ලිම් අය කවදාවත් මේ රට බෙදා වෙන්කරන්න කටයුතු කලේ නැහැ. කරන්නෙත් නැහැ. මම අවන්කවම පිලිගන්නවා සිංහල බෞද්ධයා මුස්ලිම් අය සමඟ ඉතා සමීපව මිත්‍රශීලීව කටයුතු කරන කොටසක්. මේ වගේ මහා ජාතියක් සමඟ ජීවත් වීම ලංකික මුස්ලිම් ජනතාව පින් කරලා තිබෙන කොටසක්. මෙය මාගේ වචනයට පමණක් සීමාවුණු දෙයක් නොවේ මම හදවතින්ම පිළිගන්න සත්‍යය. නිකන් බොරු දේවල් ලියන්නෙපා ත්‍රස්තවාදයට විරුද්ධව අපේ රණවිරුවන් සටන් කරන කාලයේ මුස්ලිම් රණවිරුවන් ඉහල තනතුරු දරල තිබෙන බවට අපි සියල්ලෝම දන්නා කරුණක්. (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 24 November 2013 08:10 PM

චින්තක පෙරේරා - මුස්ලිම් ජාතිවාදීන් කියල කොටසක් ලංකාවේ නැහැ. මෙවැනි අනවශ්‍ය ප්‍රචාරයන් දාලා ඔයාල වගේ අය ජනතාව මුලා කිරීමට ලබාදෙනවා මිසක් ලංකාවේ මුස්ලිම් අය කවදාවත් මේ රට බෙදා වෙන්කරන්න කටයුතු කලේ නැහැ. කරන්නෙත් නැහැ. මම අවංකවම පිලිගන්නවා සිංහල බෞද්ධයා මුස්ලිම් අය සමඟ ඉතා සමීපව මිත්‍රශීලීව කටයුතු කරන කොටසක්. මේ වගේ මහා ජාතියක් සමඟ ජීවත් වීම ලාකික මුස්ලිම් ජනතාව පින් කරලා තිබෙන කොටසක්. මෙය මාගේ වචනයට පමණක් සීමාවුණු දෙයක් නොවේ මම හදවතින්ම පිළිගන්න සත්‍යය. නිකන් බොරු දේවල් ලියන්නෙපා ත්‍රස්තවාදයට විරුද්ධව අපේ රණවිරුවන් සටන් කරන කාලයේ මුස්ලිම් රණවිරුවන් ඉහල තනතුරු දරල තිබෙන බවට අපි සියල්ලෝම දන්නා කරුණක්.(නදී)

:       0       0

මේනක Monday, 25 November 2013 07:35 AM

ගපුර් - නියම කපටියෙක්. ඔලුව අතගාලා ටොක්ක අනින්න හදන්නේ. දැන් නොවේ අනාගතයේදී. ඕගොල්ලන් වෙලාව එනතුරු බලා ඉන්නේ. ඒකට හොද දක්ෂයෝ. හොදට ඉවසීම තිබෙනවා. (නි)

:       0       0

ජෝයි ඩයස් Sunday, 24 November 2013 08:28 PM

ලෝකයේ ත්‍රස්තවාදි සංවිධාන බොහොමයක් ඈත. කොටි ත්‍රස්තයනුත් එම සංවිධානත් අනෝන්‍ය සහයෝගයෙන් කටයුතු කර ඈතිබවට කරුණු ලෝකයේ බුද්ධි අංශවලට අනාවරනය වෙමින් පවතී.දෑන් උතුරේ පටන් ගන්නට මාන බලන්නේ.... පලස්තීනයත් ඊශ්‍රලයත් වගෙ ගෑටුමකි.ලෝක අවධානය යොමුකර ගෑනීම සදහා එංගලන්තය පෝර දෑමීමකට සෑරසෙයි. ඒ මන්දයත් දමිල ඩයස්පොරාවේ චන්ද ටිකටත් , ඉන්දියාව කෑලි කිරීමේ කුමණ්ත්‍රනයත් ක්‍රියාවට නෑංවීම එදාසිටම හීන්නූලෙන් ක්‍රියාත්මක වූනිසාවෙනි.තමිල්නාඩුවෙත් ඩයස්පොරාවෙත් එකම ආකල්පය දමිල ඊලම් නිජබිමයි.13 දීම ඉබ්බා දියේ දෑම්මා වෑනිය. වගකිවයුත්තන් බුද්ධිමත් තීරණ නොගත්තෝත් අපේ රටට විශාල බලපෑම් එල්ලවීම නොවෑලෑක්විය හෑකිය. එනිසා ත්‍රස්තවාදිගේ කිසිම පිලිරුවක් නිරාවර්ණ්යකිරීම ත්‍රස්තවාදයට අනුබලදීමකි. (අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Sunday, 24 November 2013 08:35 PM

මේවා හදන්න හොඳම රට 'මුරුසිය'.(අ)

:       0       0

සමදරා Monday, 25 November 2013 08:15 AM

බඩු මිල වැඩිවෙලා කියල කට්ටිය දන්නෙ නැද්ද? (නදී)

:       0       0

කරාපිටිය ජයලත් Sunday, 24 November 2013 08:45 PM

අපිට ත්‍රස්තවාදීන් තව කොටසකට වීරයන් විමුක්ති වාදීන් . 1971පළවෙනි ත්‍රස්තවාදී කැරැල්ලෙන් මිය ගිය ත්‍රස්තවාදීන් තවමත් අපේ සිංහලුන් අවුරුදු පතා එළිපිට සමරනවා . කොටි ත්‍රස්තවාදීන් කරන්නෙත් එකමයි . ත්‍රස්තවාදීන් දෙමල හෝ සිංහල හෝ මුස්ලිම් එකක් වත් සැමරුම් කරන්න දෙන්න නරකයි . රතු කමිස කළු කමිස සියල්ල තහනම් කල යුතුයි (අ)

:       0       0

ලාල් ජකර්තා Sunday, 24 November 2013 08:51 PM

ඉදිරි අනාගතයේදි උතුරත්,නැගෙනහිරත් සිංහළයට අහිමිවෙනවා.එය පැහැදිලියි. (අ)

:       0       0

ජයලත් Sunday, 24 November 2013 09:01 PM

ගෆූර් ඔයා නියම ශ්‍රී ලාංකිකයෙක් ස්තුති ඔබ වගේ කෙනෙක් ඔහොම කතා කලාට (අ)

:       0       0

සෙහාන් අමරසිංහ Sunday, 24 November 2013 09:14 PM

චින්තකගේ කතාව හරි, ගෆුර් නිකන් බොරුවට බබා කතා ලියන්න එපා.මුස්ලිම් රණවිරුවෝ කෙහෙද හිටියේ ??? මුතාලිෆ් කියල එක්කෙනෙක් නම් මතකයි.ලක්ෂෙකට එක්කෙනෙක් ඉන්න එති.(ස)

:       0       0

චින්තක පෙරේරා Monday, 25 November 2013 03:24 PM

ෆස්රුල් ගෆූර්, ඔබගේ අදහට මම 100% එකග වෙන්න බැරි වුණත් ඔබට ඒ අදහස ප්‍රකාශ කරන්න අයිතිය තිබෙනවා විතරක් නෙමෙයි, නියම සිංහලයෙක් විදියට ඒ අයිතිය ආරක්ෂා කරන්නත් මම කටයුතු කරනවා. නමුත් අපේ රටේ මුස්ලිම් ජාතිකයින් ඔබ කියන තරමටම සිංහල මිනිසුන් සමග අයිතීන් ගැන අවබෝධයකින් බෙදා හදාගෙන සහජීවනයෙන් ජීවත් වෙනවාද නැද්ද කියලා මේ ලංකාදීප සංවාද වල යෙදෙන මුස්ලිම් පුද්ගලයන් යැයි අනුමාන කළ හැකි අයගේ අදහස් වලින් පමණක් වුවත් අවබෝධ කරගත හැකියි. ලංකාවේ මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරීන් කොපමණ ඉන්නවාද, ඔවුන් කරන්නේ මොනවාද කියන එක බුද්ධි අංශවල රාජකාරියක්. නමුත් දැන් දැන් ලැබෙන වාර්තා අනුව සිංහල මිනිසාගේ අයිතීන් රැකදෙන්න උත්සාහ කරනවා කියලා ඔබට සහතික විය හැකිද? (නි)

:       0       0

ඉන්දු Monday, 25 November 2013 03:30 PM

ෆස්රූල් ගෆූර්,මේ ඔයාගේ ඇත්ත අදහස නම් සතුටුයි. ඔයා වගේ නෙමෙයි හැම මුස්ලිම් කෙනාම. අපිත් රැවටිලා එහෙම හිතා හිටියා මෑතක් වෙනතුරුම. දෙමළ මුස්ලිම් ජාති දෙකේම සාමයෙන් ඉන්න කැමති අයත් ඉන්නවා. අපි මේ කියන්නේ ඒ සහෝදරයන් ගැන නෙමෙයි. ජාතිවාදී, අන්තවාදී, අවස්ථාවාදී සතුරන් ගැනයි. ඔබලාත් එයට එකඟ වේ යැයි සිතමි... (නි)

:       0       0

සතීල් Monday, 25 November 2013 09:23 AM

බලමුකෝ වෙන්නෙ මොකක්ද කියලා (නි)

:       0       0

චන්දිම Sunday, 24 November 2013 09:33 PM

සෙහාන් අමරසිංහ නැති ප්‍රශ්න හදන්න එපා. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා....(ස)

:       0       0

බමුණු Monday, 25 November 2013 09:25 AM

"මේ ප්‍රශ්න මෙහෙම විසදන්න බෑ." අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ නම් විසදන්න තරම් ප්‍රශ්නයක් නැහැ. 2009 ප්‍රශ්නය විසදුවා. "මේ ප්‍රශ්නය දිහා ජාතිවාදීව බලන්න එපා. මොකද අද සමහර "කොටි ඇමතිවරු" ඇමතිවරු වුණේ එයාලා ශ්‍රී ලාංකිකයන් හැටියට හිතන්න පුරුදු වුණ නිසා. (නි)

:       0       0

විජේ Monday, 25 November 2013 03:41 PM

මොකද මෙහෙම වෙන්නේ? කාගේද වැරැද්ද? අතීතය අමතකද ? (නි)

:       0       0

බිනර Monday, 25 November 2013 09:29 AM

ඉඩදෙන්න අවශ්‍යත් නැහැ (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Monday, 25 November 2013 09:30 AM

නාමල්ට මුස්ලිම් ගැහැණු ළමයෙක්ගෙන් ප්‍රශ්නයක් වෙලා වගෙයි (නි)

:       0       0

චින්තක Monday, 25 November 2013 03:44 PM

ෆස්රුල් ගෆූර්, නැගෙනහිර මුස්ලිම් පාලන ඒකකයක් ඉල්ලුවේ සිංහල බෞද්ධයින්ද? රටපුරා මුස්ලිම් ජාතිකයින් ඉන්න තැන් වෙන් කරගෙන කොලනි ව්‍යාප්ත කරන්නේ කවුද? ප්‍රභාකරන් සමග ගිවිසුම් ගැහුවේ කවුද? ඔබ මේ දේවල් වැරදි බව පිළිගෙන ඒවාට විරුද්ධව වැඩ කරනවද.....? (නි)

:       0       0

සේන Monday, 25 November 2013 09:33 AM

ඔව්. ඉඩදෙන්න බැහැ තමයි (නි)

:       0       0

බමුණු Monday, 25 November 2013 09:33 AM

මෙම යෝජනාව වෙන තැනකදී අාවා (නි)

:       0       0

ප්‍රණීත් Monday, 25 November 2013 09:33 AM

මෙම ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක් බවට හැකි ඉක්මණින් පත්කරන්න කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

සුනිල් Monday, 25 November 2013 09:33 AM

කෝ ඉතින් එළාරගේ එකක්වත් නැහැනේ (නි)

:       0       0

සියා Monday, 25 November 2013 04:01 PM

අමිත් , පෘතුගීසින්ට වැඩිය හොදයි ලන්දේසි , ලන්දේසින්ට වඩා හොදයි ඉංග්‍රීසි කියපු ජාතියක්නේ අපි (නි)

:       0       0

ලාරා Sunday, 24 November 2013 04:00 PM

රාජ්‍ය ද්‍රෝහීන් වෙඩි තබා මරනු ? ඇමරිකාවට පුලුවන්නම් අපට බැරි ඇයි ?(නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 24 November 2013 04:02 PM

ඔව් ඔව් , ජිවිත පරිත්‍යාගයෙන් බේරගත්ත රටේ නැවත පිස්සු නටන්න නම් දෙන්න එපා ! ඕනෙම නම් සරත් ෆොන්සේකාගේ , ජනදිපතිතුමාගේ , හසලක ගාමිණි වීරයාගේ පිලිරු තුනක් හදල දෙන්නම් , (නදී)

:       0       0

චන්දන ගමගේ - මාතර Sunday, 24 November 2013 04:03 PM

බලාගෙන ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් කඩනවා කියල කොටි න්‍යායාචාර්ය බාහු ඇතුළු දේශද්‍රෝහි නඩෙයි තාම ලංකාව එංගලන්ත කොළණියක් කියල හිතන කැමරන් ප්‍රමූඛ පර සුද්දොයි අපිව දං ගෙඩියට දක්කන්න බලයි.(නදී)

:       0       0

නන්දා ගනෙගොඩ... යු.කේ Sunday, 24 November 2013 04:09 PM

කොටින්ගේ පිලිරු පමණක් නොව නමක් වත් සඳහන් කරන්නට ඉඩ දෙන්නට එපා . අවුරුදු 30 ක කුරිරු යුද්දයක් කල ත්‍රස්තවාදීන් . (අ)

:       0       0

නඩරාජ් Sunday, 24 November 2013 04:11 PM

ත්‍රස්සවාදිය ත්‍රස්සවදියමයි , අසරණ මිනිස්සු නැතිබංග කල කොටියට ආවඩන ද්‍රෝහියෝ හිටුව පස් ගහන්න ඕන කොටියාගේ ස්මාරක ගහන්න ශ්‍රී ලංකා පොලවේ ඉඩක් නෙහෙ. ටි එන් .ඒ සේරසේනවානම් උන්ට විරුද්දව නීති මාර්ගයක් ගන්න ඕන. (අ)

:       0       0

පලි Sunday, 24 November 2013 04:14 PM

කොටින්ගේ ප්‍රතිම එකක්වත් හදන්න ඉඩදෙන්න එපා ද්‍රෝහියෝ (අ)

:       0       0

අමිල කටුනායක Sunday, 24 November 2013 10:33 PM

කාපුවා මදිද. නිදා ඉන්න සිංහයෝ නැගිට්ටුවන්න හදන්නේ. (ස)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 24 November 2013 04:19 PM

මෙවැනි කුඩා සිදුවීම් මගින් කෙරෙන්නේ උතුරු දකුණු හොඳ හිතේ වර්ධනය පමාවීමත් හමුදා අංශ තව තවත් උතුරේ ජනප්‍රිය කිරීමත්ය. මෙවැනි දේවල් මෙහෙයවන්නේ පිටරටවල සිටින දෙමල ඩයස්පොරාවයි. ඔවුන්ගේ දැන් තිබෙන ප්‍රධාන බය යලිත් උතුරේ රාජ්‍ය පරිපාලනය සහ නීතිය ස්ථාපිත වෙයිද යන්නයි. එසේ වුවහොත් නැවත ඔවුන්ට වෙනම රාජ්‍යයක් ඉල්ලන්නන හේතු අඩුවෙනවා එනිසාම ඔවුන්ට ලැබෙන ආදායමද අඩුවෙනවා. මේ නිසා ඔවුන්ගේ ප්‍රධාන අභිප්‍රාය කෙසේ හෝ හමුදාව සහ දකුණේ රජය හරහා උතුරේ මිනිසුන්ට ගස්සවන තත්වයක් උදා කිරීමයි. රජය උපායශීලිව මෙයට පිළිතුරු දෙනු ඇති අප බලාපොරොත්තු වෙනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 32 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 97 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 326 0

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 980 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 722 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1459 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14560 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 147 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site