මැදපෙරදිග සේවයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගමන්මලු වල තිබෙන වටිනා භාණ්ඩ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී නැතිවෙන බව අරාබිපුවත්සේවය වාර්තා කරයි.
මේ සම්බන්ධව නවතම පුවත වාර්තාවන්නේ මැදපෙරදිග සේවයෙන් පසු මව්බිමට පැමිණි ගෘහසේවිකාවකගේ සෞදි රියාල් 7000 (රුපියල් 242894 ) පමණ වටිනා මුදල් සහ රන් ආභරණ නැතිවීමයි.
මෙම හොරකම සම්බන්ධයෙන් ගුවන්තොටුපෙළ පොලීසියට පැමිණිලි කළ පසු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට සම්බන්ධ තවත් අයකු පොලීසිය මග හරිමින් සිටිනබව පවසයි. සොරකම් කැරුණු මුදල් සොයාගෙන ඇති අතර රන්ආභරණ මේවන තෙක් සොයාගෙන නැත.
අරාබි පුවත්සේවය පවසන්නේ ගමන්මලුවල තිබෙන වටිනාදේවල් නැතිවන්නේ ගුවන්යානයේ සිට මගීන් වෙතට පැමිණෙන ගමන්මලු පටිය අතරතුර බවයි. ගුවන්තොටුපොළ පොලීසිය කියනුයේ මෙම වසරේ මෙවැනි පැමිණිලි තුනක් කැර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හළ බවයි. ශ්‍රී ලංකාවට පැමිණෙන මගින්ගේ ගමන්මලු වල තිබෙන විවිධාකාර දේ නැතිවෙන අතර වැඩිපුරම නැතිවන්නේ ජංගමදුරකථන, කැමරා සහ යටඇඳුම් බව අරාබි පුවත්සේවය වාර්තාකරයි.
එසේම විදේශ දූත මෙහෙවරකට ලංකාවට පැමිණි අරාබි ජාතිකයකුවන මොහොමඩ් අලි ගේ ගමන්මල්ලේ තිබු පරිගණකය සහ තවත් භාණ්ඩ කිපයක් තමා නිවසටවිත් බලන අවස්ථාවේදී අතුරුදහන් වු බවත් තමා ගුවන්තොටුපොළින් පිටවි ඇති නිසා ඒ ගැන කිසිවක් කිරීමට නොහැකිවු බව ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙල්ට් එකට බැගේජ් දමන තැන සිටම වටේටම කැමරා තියනවා නම් ඔහොම වෙන්නේ නැහැ. (නි).
එන ගමන් මලු පමණක් නොවෙයි, යන ඒවත් ගන්නා අවස්ථා තිබෙනවා. (නි)
මේ විදියට හොරකම් කිරීම අසුගණන් වලත් තිබිලා ඒක මර්දනය වෙලා තිබුනා. නැවත මේ හොරකම් පටන්ගත්තොත් මහා විශාල විදියට බලාපොරොත්තු තබාගෙන සිටින සංචාරක ව්‍යාපාරයට මොන තත්ත්වයක් උදාවේවිද ? ගුවන් තොටුපළේ පාලක මඩුල්ල මේ ගැන වහාම ක්‍රියාත්මක නොවුණොත් ලංකාවට ඉතාමත් කැත නාමයක් එකතුවේවි (නි)
ඇමතිතුමනි, මේ ගැන බැලුවොත් හොඳයි නේද? (නි)
විදේශ රැකියාවට ගිහින් එන නංගිලා පැමිණි සැණින් යන්නේ නෑදෑයින්ගේ ඉල්ලීම් ඉටුකරන්න" ඩියුටි ෆ්‍රී " සාප්පු වෙත.බඩු තෝරමින් එනවිට ගමන් මලු නැතිවෙලා. බෑග් තැන් තැන්වල. (නි)
අසිරිමත් ශ්‍රී ලංකාව! (නි)
දැන් රටේ ඉන්න තරමත් ඉන්නේ හොරු. අන්තිමට මේවාට විරුද්ධව කතාකරන අපි තමයි වැරදිකාරයෝ වෙන්නේ (නි)
ඉතින් කොහොමද මේ විදියට රටක් දියුණු කරන්නේ? (නි)
වැඩිකල් නොගිහින් ලංකාවට එන සංචාරකයෙක් බෙහෙතකටවත් සොයාගන්න බැරි තරමට, විදේශිකයින්ට ලංකාව එපාවෙයි. (නි)
මගේ රු 36000 වටිනා අවු කණ්ණාඩියක් 2013 ඔතනදීම හොරකම් කළා. මගේ පැමිණිල්ලට අද වෙනතුරු පිළිතුරක් ආවේ නැහැ. ඕක ඔතන සිද්ධ වෙන්නේ ගොඩක් කාලයක සිටයි. මොනවා වුණත් බොහොම කැත වැඩක් (නි)
මෙම තත්වය සම්පුර්ණ ඇත්ත. බෑග් ලබා ගන්නා තැනදී නියම හිමිකරුද කියාවත් හරියට බලන්නේ නැහැ. කැමති කෙනෙකුට කැමති බෑග් එකක් අරගෙන යන්න පුළුවන්. දැන් නම් බලනවා මාස කිහිපයක සිට. ගුවන් යානයේ සිට ගෙන එනවිට සමහර සේවකයන් බෑග් ඇරලා සමහර දේවල් ගන්නවා. මෙය විශාල ක්‍රියාවලියකින් තොරව නවතාලිය හැකි වුණත් අද දක්වාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. (නි)
අපිත් මෙවන් සිද්ධියකට මුහුණදුන්නා (නි)
බැග්වල තියෙන අමතර සිප්වලට අනිවාර්යයෙන්ම ඉබ්බන් දමන්න ඕනෑ. නැත්නම් ඒවා ඇරලා පොකට් එක ඇතුළෙන් කපා බඩු ගෙන නැවත සිප් එක වසා තබනවා. අපිට පෙනෙන්නේ බැග් එකට මුකුත් වෙලා නැහැ වගේ. ගුවන් තොටුපළින් පිටවුණාට පසු මුකුත් කරන්න බැහැ. එහෙම නැත්නම් බෑග් ඉටිකොළ වලින් ඔතන්න ඕනෑ. (නි)
ඉහළ සිට පහළටම හොරකම තමයි දැන් අපට ඉතුරුවෙලා තියෙන්නේ (නි)
අනේ! අපේ බඩු හොරකම් කරන්න එපා. අපි දුක් මහන්සියෙන් හම්බ කරගෙන එන දේවල් ඕවා (නි)
දැන් ලංකාවේ සමාජය පිරිහිලා (නි)
රුපාවතී නංගී, විදේශ සංචාරයින්ට ඔය ප්‍රශ්නය බලනොපාන්නේ වෙළඳ සංකීර්ණයට ගියත් "ක්‍රෙඩිට් කාඩ්" මඟින් බඩු ගෙන ඉක්මනට පිටවෙන නිසා. ඒ කෙසේවෙතත් මඟීන්ගේ ගමන් මලු අවසන් වෙනතෙක් ආරක්ෂාව යෙදවීම බලධාරීන්ගේ වගකීමක් (නි)
ඔබ හරි. මගෙත් බැග් එක හිල්කරලා පැත්තෙන් බබාලට ගත් චොකලට් අරගෙන තිබුනා. ලංකාවේ නම කැතකරන අයට දඩුවම් දියයුතුයි (නි)
මම ඉන්නේ සෞදිවල. අපි ඉන්දියන් අයට තමයි විහිළු කරන්නේ ඔවුන්ගේ රටට යන අයගේ බෑග් ගුවන්තොටුපළේ හොරුන් කඩනවා කියලා. දැන් ඔවුන් අපිට විහිළු කරනවා අලිබබා ඉන්නේ ලංකාවේ කියලා. දැන් දැන් අහන්න ලැබෙන්නේ ලංකාව ගැන බොහෝවිට අමිහිරි සිදුවීම් පමණයි. (නි)
ඒ විතරක් නෙමෙයි, ගුවන් තොටුපළෙන් පිටවෙන තැන බෑග් පරික්ෂා කරද්දීත් සිදුවන දේවල් ගැන පරීක්ෂණයක් කළයුතුයි (නි)
ඕව ඉතින් ගුවන් තොටුපොළේ ඉහළ සිට පහළටම නැවත ප්‍රතිස්ථාපනය කරන්න වෙයි වගේ (නි)
අපිත් රටට ගොඩක් ආදරෙයි. ඒත් ඇත්ත කියන්න ඕනෑ. ලංකාවේ මිනිසුන්ට සේවාවන් සපයන හැම තැනකම වගේ ඉන්නේ හොරු (නි)
ඔව් ඒක ඇත්ත. එන ඒවා විතරක් නෙමෙයි, යන ගමන් මලුත් නැතිවෙනවා.මගේ දරුවාට එහෙම සිද්ධියක් වුණා.කියන්නේ කාටද? (නි)
කරුණාකර ගුවන් තොටුපොළ සෑම සේවයක්ම ප්‍රතිසංවිධානය කරන්න. සංචාරකයින් ඇතුළුව සියලුම මඟීන්ට ආරක්ෂාව ලබාදෙන්න. ගුවන් තොටුපොළට නියමිත ටැක්සි ක්‍රමයක් ඇතිකරන්න.පුලුවන් නම් රහස් පොලිසිය යොදවා මේ අයව අල්ලාගන්න. (නි)
සල්ලි, රන් ආභරණ හා ලියකියවිලි වැනි අතේ ගෙනයා හැකි දේ ගමන් මල්ලේ ගෙනයද්දී හැමවිටම ප්‍රවේශම් වෙනවා නම් මේ වගේ සිදුවීම් ගොඩක් අඩුකරගන්න පුළුවන්. තීරු බදු රහිත සංකීර්ණයට යා යුතු නම්, මුලින්ම ගමන් මලු පටියෙන් රැගෙන නැවතත් ඉහළ මාලයට යා හැකියි. අවබෝධයෙන් ක්‍රියාකිරීම තමයි වැදගත්. (නි)
කතාව ඇත්ත. ලැජ්ජයි නේද? (නි)
පහු ගිය මාර්තු 28 උදේ මම ලංකාවෙන් බැස්සේ. මම ඩියුටි ප්‍රී ගියේ නැහැ ඉක්මනට බෑග් දෙකත් අරන් පිටවෙන්න යන විටදී මට ඉදිරියෙන් ගිය මල්ලි කෙනෙක් පොඩි බෑග් එක අනුන්ගේ එකක් අරන් ඇවිත් පිට වෙන කෙනෙක් චෙක් කරලා කීවා මේ ඔයාගේ එකක් නෙවෙයි කියලා. ඒ මල්ලිත් බැලුවා එයාගේ නම නෙවෙයි නමුත් එකම විදියේ බෑග් දෙකම. පස්සේ මාරුකරන් එන්න කියල ආපහු ඇතුලට යැව්වා. වැරදීම් වෙනවා නමුත් හොරකමත් ඉහලින්ම කෙරෙනවා (නදී)
මම නිවාඩුවට යන හැම අවුරුද්දේම මගේ ගමන් මලු වල අඟුළු කඩලා හැමදාම වටිනා කියන දෙයක් නැතිවෙනවා. ගුවන් තොටුපොළේ උදවිය අපේ රත්තරන් හොයන්න උනන්දු වුණාට අපේ ගමන් මලු වල තිබෙන වටිනා කියන දේවල් නැතිවීම ගැන හොයන්න උවමනාවක් දක්වන්නේ නැහැ (නි)
බෑග් වලට ඉබි යතුරු දමාතිබීම නම් ඇඟට ගුණයි. ඊට අමතරව තමන්ගේ බෑග් එක අඳුනාගන්න හැකි වෙන ලෙස , වැඩිය භාවිතා නොවන මෝස්තරයක රෙදි පටි හෝ රිබන් පටි ගැටගසා අරන් ගියොත් මාරුවීම් අවමයි. පුළුවන් තරම් ඉක්මනින් තමන්ගේ ගමන් මලු අරගෙන ඉන්පසු අනෙකුත් ඩියුටි ෆ්‍රී යාම් ආදී සාප්පු සවාරි කරගන්න එක කොහොමටත් හොඳයි. (නි)
මේක සම්පූර්ණ ඇත්ත. මගේ බෑග් වලටත් මේක වුණා. පිට තියෙන පොකට්ස් වල තිබුන බිස්කට්, යට ඇදුම්, චොක්ලට් නැහැ. තවත් බෑග් එක ඇතුළේ තිබුන සමහර දේවල් (උඩින්ම) තිබුන ඒවා නැහැ. (නි)
ඕවා ගන්නවා කියන්නේ සුළු සේවකයින් නම් වෙන්න බැහැ (නි)
අනේ දෙවියනේ! එතනත් හොරකම්ද? (නි)
සෙනරත් මහතාට මගේ ස්තූතිය. හොඳ උපදෙසක්. (නි)
තිලක් නම් බොරුද මන්දා කියන්නේ. (නි)
ලංකාවේ හොරෙක් නැති ගෙයකින් අබ ඇටයක් රැගෙන එනු මැනවි. (නි)
නිශේන්,සෙනරත්, ඔබ හරියටම හරි. ඔය විදියේ හොරකම් නතරවෙලා වගේ තිබුනේ.මම හිතන්නේ වටිනා දේවල් අතේ අරගෙන යන බෑගයේ ගෙනියන එක තමයි හොඳ කියලා. (නි)
රටේ ඉන්න මිනිසුන් "ගලක් පෙන්නලා මැණිකක්" කිව්වත් පිළිගන්න තරමට මෝඩයින් කරලයි තියෙන්නේ.අනුකම්පා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. (නි)
"බෑග් වලට ඉබි යතුරු දමා තිබීම" වැඩක් වෙන්නේ නැහැ. මොනවා දැම්මත් කඩනවා.මම ඒ නිසාම කන බොන දෙයක් දානවා හැරෙන්න වටිනා කියන දේවල් කිලෝ 7 "අත් බෑග්" එකේ තමයි අරගෙන එන්නේ. (නි)
1990 සිටයි මේ විදියට වෙන්නේ. මගේ බඩුත් නැතිවෙලා තියෙනවා (නි)
ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ හොරුන්, මිනීමරුවන්, කුඩුකාරයින්, කුඩු ගෙන්වා බෙදාහරින්නන් සහ ස්ත්‍රී දුෂකයන්ය.... (නි)
මගේ තුන් වතාවක් බඩු නැතිවුණා. අහෝ අපේ රටේ කීර්තිනාමය! මොවුන් ලබන ආත්මයේ සෝමාලියාවේ ඉපදේවා! (නි)
1991දී ග්‍රෑම් 50 රත්තරන් බිස්කට එකක් ලංකාවට එව්වේ දරුවන් දෙදෙනා පාසල් වලට ඇතුළත් කිරීමට සහ ගෙදර වියදමටයි. එය ශ්‍රි ලංකාවේ රේගුවෙන් අරගෙන කරුණු කාරනා කියද්දී, මම ඇමරිකන් හමුදාවේ යුද කටයුතු වල යෙදුන නිසාත්, මට ලංකාවට යාමට අවසර නොලැබුන නිසාත්, යහළුවෙක් අත එවූබවට රේගුවට කරුණු පැහැදිලි කළත් එය රේගු බාරයට ගත් නිසා මා ලොකු අපහසුතාවයකට පත්වුණා. අදත් මම අරාබියේ දුක් විඳිනවා. අපි කාන්තාරයේ විඳින දුක දන්නවා නම් එසේ කරයිද ! (නි)
මම ලංකාවට ආවේ 2013 අප්‍රේල් මස 3 වැනිදායි. මගේ ගමන් මල්ලෙන් කිලෝ 3ක බඩු අරගෙන තිබුනා. නෑතිවෙලා තිබුනේ චොක්ලට් වගයක් නිසා පාඩුව විඳගෙන මම ගියා. නමුත් මට කණගාටු මම ලංකාවේ පදිංචියට එනවිට ඉතාලියේ මගේ ගෙදර පාවිච්චි කළ අගල් 50 රූපවාහිනියට බදු ගෙවන්න කියලා රුපියල් 19000ක් ගෙවන්න නියමවීමයි. අපි රට වෙනුවෙන් විශාල මෙහෙවරක් කරලා උපන් රටට එනකොට අපට සළකන්නේ මෙහෙමද? (නි)
බලාගෙන ගියාම ගොඩක් කට්ටියගේ බඩු නැතිවෙලා. නමුත් පැමිණිලි කීයද තියෙන්නේ? (නි)
ඉබි යතුරු දැම්මට වැඩක් නැහැ. සිප් එකේ ගාංචුව පන්නල ඇරලා බලනවා. ඒකට යකඩ කූරු තිබෙනවා. කටුනායක හොරු හරියට. පාලකයින් මොනවාද කරන්නේ? කැමරා නැද්ද? (නි)
තිලක් කියන්නේ බොරු නෙමෙයි. සිප් එකේ ගාංචුව පන්නා අරිනවා. ඉබ්බෝ දැම්මට වැඩක් නැහැ. ගුවන් තොටුපල අධිකාරිය මේවා දන්නේ නැද්ද? බෙල්ට් එකට එන්න පෙරයි වෙන්නේ. (නි)
මහ පුදුමාකාර මිනිස්සු ජීවත්වෙන ලස්සන රටක්. (නි)
වැඩ හරියාකාරව කළ හැකි අය තව රටේ ඉන්නවා. මෙය රටට අපකීර්තියකි. ඉහළ බලධාරීන්ද මෙයට වගකිවයුතුය (නි)
වරක් සෞදි ගුවන් සේවයෙන් ගොඩබසින ලද මගේ ගමන් මල්ල මුළුමනින්ම ඉස්සුවා. හොයාගන්න බැරිවුණා. ඒත් සෞදි ගුවන් සේවයෙන් කිලෝ එකකට රියාල් තිහ ගණනේ මට ගෙව්වා. (නි)
කවුරුහරි කෙනෙක් වස දැමූ අරක්කු බෝතලයක් ඔය බෑග් එකක දාගෙන ආවා නම් , ඔය හොරකම් සියල්ල නතරවෙනවා (නි)
ඩොලර් 10 ක් වියදම් කරලා පොලිතීන් කවරේ ගහගෙන ආවා නම් ඔය අවුල වෙන්නේ නැහැ. ගොඩක් අය අරක්කු වලට ඩොලර් 100 වියදම් කරනවා. බෑග් එක ගැන හිතන්නේ නැහැ (නි)
මම ජීවත්වෙන්නේ ඇමරිකාවේ. මම පෙබරවාරි 11 දුබි සිට ආවා. මගේ බෑග් එකක තිබුණ කැමරා දෙකක් හොරකම් කරලා, හිස් පෙට්ටි පමණයි තිබුණේ. (නි)
ඔය බෑග් හසුරුවන සුළු සේවකයන් දන්නවා ගුවන් යානා මොන රටේ සිටද පැමිණෙන්නේ කියා.මෙතන අදහස් වලින් පෙනීයන්නේ, මෙවැනි දේවල් බොහොමයක් සිදුවී ඇත්තේ මැදපෙරදිග සිට එන මඟින්ට බවයි.නිශේන් කිව්වා වගේ, මමත් ගමන් මලුවල හැඩලයේ රෙදි පටියක් බදිනවා.එයින් ගමන් මල්ල හඳුනා ගැනීමට පහසු වෙනවා.පවුලේ උදවියත් සමඟ පැමිණෙන නිසා, මමත් ගමන් මලු හත අටක් සැමවෙලේම රැගෙන එනවා.නමුත් මට නම්, ඔවැනි අකරතැබ්බයකට මුහුණදීමට සිදුවී නැහැ. (නි)
මගෙත් බෑග් එකක් බෙල්ට් එකේ ආවේ නැතුව බෙල්ට් එක නැවතුවාටත් පසුව විනාඩි පහකින් විතර ඇතුළේ තිබිලා ගෙනවිත් දුන්නා. (නි)
මේකට කරන්න කිසිම දෙයක් නැද්ද? (නි)
මේ වැඩේට නම් ඉක්මන් විසඳුමක් ඕනෑ (නි)
සීසීටීවී කැමරා දැම්මා නම් හරි. (නි)
මේ කතාව නම් ඇත්ත තමයි (නි)
ගමන්මලු කවදාහරි ලැබුණොත් හොඳයි. ඒත් නැත්තටම නැතිවෙන ඒවා කොපමණ ඇද්ද? (නි)
මගෙ බෑග් එකත් කටුනායකින් ගිය අවුරුද්දේ නැති වුණා. බඩු බෑග් එකෙන් බාගයක්ම අරගෙන. දවස් 4 පස්සේ හමුවුණේ (නි)
බොහෝ අයගේ අදහස් සහ සිද්ධ වෙලා කියන අලාභ පාඩු වල හැටියට වලට වග කියන්න ඕන බෑග් සම්බන්ධ අංශයේ සේවකයන් වගේ. හැමෝම පුළුවන් හැටියට තමන්ගේ සිද්ධ වුන දේවල් අදාළ අයට ලිඛිතව පැමිණිලි කලේ නැද්ද ? අපි පාඩුව දරා ගෙන නිශ්ශ්බ්බ්ධව ඉන්න එකෙන් හොරුන් තව තවත් හොර වැඩ කරනවා. නිවාඩුවකට ආවාම ඕවා කර කර ඉන්න වෙලා නැහැ තමයි. නමුත් අදාළ පැමිණිල්ල ගැන ඒගොල්ල ක්‍රියාත්මක වුනත් නැතත් අඩු ගානේ මේ පත්‍රයේ පල වුනා වගේ මේ කැත වැඩේ ගැන ටිකක ලොකුවට මාධ්යේ ප්‍රසිද්ධියක් ලැබුනොත් අදාළ නිලධාරින් ලජ්ජාවට හරි සොයලා බලාවි. දැන් බලන්න අර කොරියාවේ රත්‍රන් මාලය ලැබුනේ ඒ ගැන මාධ්‍යයේ ප්‍රසිද්ධ වෙලා අදාළ අංශ වල අකාර්යක්ෂමතාවය ගැන හැමෝම කතා කල නිසා. නැතිනම් මාලය තාම හෙට්ටි විදියේ කඩේ. (නදී)
ලංකාවේ ඉහළ පටන් පහළ දක්වාම හොරකමට පුරුදුවෙලා. (නි)
තව ටික දවසක් යද්දී බඩු විතරක් නෙමෙයි අයිතිකරුවොත් අතුරුදහන් වෙයි (නි)
නන්දන පනාගොඩ, යම් සිදුවීම් වුණා කියලා තමන්ගේ උපන් රටට ගරහන්න එපා. අනික ඔයා හිතාගෙන ඉන්න විදිහට ඔය මිලානෝ කියන්නෙත් සුරපුරයක් නෙමෙයි. මමත් ඉතාලියේ අවුරුදු 20ක් ඉඳො තියනවා. අනේ අපි නොදන්නා මිලානෝ! හරිම ධර්මිෂ්ට මිනිස්සු ඔක්කොම ඉන්නේ .... (නි)
මෙතන අදහස් දා ඇති වැඩිදෙනෙක් ගුවන් තොටුපළේ අකාර්යක්ෂමතාවය නිසා දුකසේ හම්බකර මව්රටට ගෙනෙන වටිනා ද්‍රව්‍යය සොරුන්ට පුදනවා. මැද පෙරදිග ශ්‍රමිකයින්ගෙන් රජය වසරකට රුපියල් බිලියන 6.5ක් පමණ උපයනවා. නමුත් ඒ අයට ආරක්ෂාවක් ඇතුව යමක් තම දරු පවුල් වලට ගෙනත් දෙන්න සහතිකයක් පාලකයින්ට දෙන්නට නොහැකිවීම ඇත්තෙන්ම අවාසනාවක්. (නි)
හොඳ කතාවක් කියන්නම්. අපේ මහත්තයාගේ නංගි අත දරුවාත් එක්ක ලංකාවට එනකොට අහළ පහළ කසළ බඳුනක් නැති තැනක දරුවාගේ නැපිය මාරු කරන්න වෙලා. පසුව බඳුනක් හමුවුණාම ඒකට දාන්න හිතාගෙන පිටරටින් එනකොට ගෙනා ප්ලාස්ටික් බෑග් එකකට නැපි බෑග් එකත් වැඩි හොඳට දාලා, බෑග් එකේ පොකට් එකේ ඔබලා. අපේ ගුවන් තොටුපලේදී නංගිගේ බෑග් පොකට් වල තිබුන බඩු එක්ක අර බබාගේ මළපහ තිබුන නැපි බෑග් එකත් අරගෙන. (නි)
ඔය හැමදේටම මුල නැතිබැරිකම,දුප්පත්කම. ජීවත්වෙන්න හොඳ වැටුපක් කරන රැකියාවෙන් ලැබෙනවා නම් මේ වාගේ දේවල් වීම වැළැක්වීමට පුළුවන් (නි)
රෙජි මහත්තයා, මම නම් හිතන්නේ නැතිබැරිකම දුප්පත්කම කියන්නේ අනුන්ගේ දහදිය මහන්සිය හොරෙන් ගන්න තිබෙන බලපත්‍රයක් නෙමෙයි. හොඳ වැටුපක් ලැබෙන්න නම් පළමුව තමන් අවංකව කරන රැකියාව මහන්සියෙන් වෘත්තීය ගරුත්වය තියාගෙන කරන්න ඕනෑ. මේ ගමන්මලු අංශයේ හොරු ටිකට හොඳ පඩියක් දුන්නත් කරන්නේ මේ ටිකම තමයි. ඔය ලොකු පුටුවල ඉඳගෙන මහා පරිමාණ සොරකම් කරන්නේ ලොකු පඩි නැති නිසාද ? අපේ රටේ මිනිස්සු ලොකු පඩි දීලා හදන්න පුළුවන් නම් මම එදාට ඔලුවෙන් හිට ගන්නවා. (නි)
දුප්පත්කම සහ නැතිබැරිකම කියන්නේ අනුන්ගේ දේවල් හොරෙන් ගන්න නිදහසට කාරණාවක් නෙමෙයි. මිනිස්සු පිටරට ගිහින් හරි රස්සාවක් කරන්න මහන්සි වෙන්නේ ලංකාවේ ඉඳගෙන පඩි මදි කියලා නහයෙන් අඬමින් අනුන්ගේ දේවල් ගසා කනවාට වඩා ඒක නම්බු නිසා. (නි)
තමන්ගේ නැතිබැරිකම හින්දා අනිත් මිනිස්සු දුක්විඳලා හරි හම්බ කරන දේ හොරෙන් ගන්න එක මට නම් සාධාරණීකරණය කරන්න බැහැ. පිටරටක ඉන්න මගේ දරුවෙක් එක රස්සාවකින් ලැබෙන පඩිය මදි නිසා රෑට තව රස්සාවක් කරනවා. ඒක අපේ රටේ සම්මතයේ හැටියට කම්කරු රස්සාවක්. රැකියා ප්‍රශ්න, අඩු පඩි කොයි රටෙත් තිබෙන ප්‍රශ්න. ඕස්ට්‍රේලියාවේ පවා මේ දවස් වල රැකියා අර්බුදයක් කියලා ආරංචියි. තමන්ගේ රටේ රැකියා ප්‍රශ්න තමන්ට අනුගේ දේ කඩා වඩා ගන්න දෙන ලයිසන් නෙමෙයි. (නි)
අනේ මන්දා රෙජී මහතා, මටත් ලැබෙන්නේ මහන්සියේ තරමට මහා වැටුපක් නෙමෙයි. ඒත් ඉතින් අනුන්ගේ දේවල් කඩාවඩා ගෙන හොරකම් කරලා අඩුපාඩු පිරිමහගන්න හිතෙන්නේ නැහැ. අනෙක දැන් ඔය දුප්පත්කමට හොරකම් කරන ගුවන් තොටුපළ සේවකයින් අල, ලුණු, පරිප්පු, පාන් බෑග් වලින් හොරකම් කළා නම් කමක් නැහැ කියමු. කැමරා, චොක්ලට්, මොබයිල් ෆෝන් මේවා දැන් අත්‍යවශ්‍ය පාර්භෝගික ද්‍රව්‍ය ගණයට වැටිලාද ? අනේ අපි අදයි දැනගත්තේ (නි)
මේක බලාගෙන ඉන්න හොඳ තත්වයක් නෙමෙයි. ගුවන් තොටුපළ බෑග් අංශයේ සේවකයන්ට මෙච්චර අඩුපාඩු නම් අමාත්‍යාංශයෙන් හරි ඒවා සපයාදෙන එක හොඳයි නේද ? (නි)
මාත් මේ වගේ කතා ගොඩක් අසා තිබෙනවා. වෙන රටක මාධ්‍යක පළවීමෙන් පසුවවත් බලධාරීන්ට ලැජ්ජාවක් ඇතිවුවහොත් රටට වාසනාවක්! (නි)
ගුවන් තොටුපල සේවකයන්ට තිබෙන ප්‍රතිලාභ අනුව අනුන්ගේ බඩු හොරකම් කරන්නත් ඕනෑද කියලා හිතෙනවා. මගේ ඥාති සොහොයුරෙකුගේ පවුලටම අවුරුද්දකට වරක් ගුවන් ටිකට්පත් ලැබෙනවා. තවත් නොයෙකුත් වාසි. එහෙම වෙලත් මේ අහිංසක මිනිස්සු පිටරට කඹුරලා මහන්සියෙන් හරිහම්බ කරගන්න දේට විදින සේවකයන් මෙතන ඉන්න එක රටටම ලැජ්ජාවක්. (නි)
මේ පුවත සහ පාඨක අදහස් විෂය භාර ඇමතිතුමාට කවුරුහරි යොමු කළොත් ලොකු දෙයක්. මේකේ බරපතලකම තියෙන්නේ ඉස්සරහට. ඒ සංචාරකයන්ගේ බෑග් වලින් බඩු උස්සන අන්තර්ජාතික මට්ටමට අපේ කට්ටිය ගිය දවසට (නි)
අපේ අම්මා එක්ක දඹදිව ගිය ඇගේ මිතුරියකට ආපසු ලංකාවට එන ගමනේදී බඩේ අමාරුවක් හැදිලා ගුවන් තොටුපළේ වැසිකිළියේ වැඩි වෙලාවක් ඉන්න වෙලා. අම්මා ඒ අතරේ ගිහින් ඇගේ බෑග් අරගෙන එතනම ඉඳලා මිතුරිය එනකන්. ඒ ටිකට කවුදෝ අනෙක් කාන්තාවගේ බෑග් එක අරගෙන යන්න හදලා. (නි)
මේ.... අර ඉන්දියන් සාගරයේ මුතු ඇටය දැන් කොහෙද තියෙන්නේ? (නි)
මම වසර තිස් හතරක් යුරෝපයේ සිට ලංකාවට ආ ගිය ගමන් වාර ගණන බොහෝයි. සොරකම් වලට අසුවුණේ දෙවතාවයි. එක වතාවක නැතිවුණ වටිනා බඩු අතර තිබුනා හඬ පටිගත කළ කැසට් එකක්. ඒ කැසට් එකේ තිබුනේ මගේ සොහොයුරාගේ කටහඬ. මගේ සොහොයුරා ඊට සතියකට පසුව හදිසි අනතුරකින් අකාලයේ මියගියා. පින්වතුනේ, මට වගේම ඔහුගේ දියණියටත් ඒ වටිනා අවවාද රැසක් රැගත් ඇගේ පියාගේ අවසාන කටහඬ කොපමණ වටිනවාද? පුංචි කැමරාවක් ඇතුළුව රුපියල් තිස් අට දහසක් පමණ වටිනා බඩු මුට්ටු නැතිවුණා. ඒ බඩු ගත්ත පින්වත , ඒ බඩු සියල්ල ඔබම තියාගන්න. මට මගේ සොහොයුරාගේ කටහඬ දෙන්න. ළඟම ඇති ලංකාදීප නියෝජිතයෙකුගේ තැපැල් පෙට්ටියටවත් දමන්න. කාරුණික ලංකාදීපය මට එය ලබාදේවි. ඔබට පින්. (නි)
මම නිවාඩුවට එනවිට ගමේ පන්සලේ හාමුදුරුවන්ට පුජා කරන්න පිටරටින් ගෙනා ෆ්ලාස්ක් එකත් ගුවන්තොටුපළේදී නැතිවුණා. අන්තිමට ලංකාවෙන් පිරිකරක් අරගෙන පන්සලට ගියේ. මගේ හිතට තවමත් හරි නැහැ වුණ සිද්ධිය නිසා. (නි)
හොරකම, වංචාව යන දෙකෙහි කේන්ද්‍රස්ථානය ලංකාව බවට ආශ්චර්යමත් ලෙස පත්වෙලා. (නි)
ඕව සැළසුම්සහගතව කරන වැඩ.ලොකු ලොක්කොත් මේවා ගැන නොදන්නවා වෙන්න බැහැ. (නි)
කැමරා තිබෙනවා වුණත්, මේවා වෙන බව හැමකෙනාම දන්නවා. ඒත් නිහඩව ඉන්නවා.ගම්වල අහිංසක ගැහැණු නැති බැරිකමට බැලමෙහෙවර කරලා එවන තුට්ටු දෙක හොරකම් කරනතුරු බලා ඉන්න තරම් ටයි පටි බදින සීතල කාමර වල ඉන්න අය නිහඩයි. (නි)
කැමරා නැද්ද ? මගෙත් අත්දැකීම් තියනවා. හරිනම් ආයතනයෙන් පිට ස්වාධීන තැනක සිට ගුවන් යානාවෙන් බඩු බැසීම සිට මගී පර්යන්තයනේ පිටවීම තෙක් දිනපතා නිරීක්ෂණය කරන්න ඕනේ. අපෙන් ගුවන් තොටුපල බදූ ගන්නේ අපට සේවය සපයන්න. (දී)
දුෂණය වංචාව නිසා ලංකාව ගොඩ දාන්න ටිකක් අමාරුයි (දී)
මෙයට ඉක්මන් විසදුමක්නම් අවශ්‍යයි ප්‍රස්නේ මොනතරම් බැරෑරුම්ද කිව්වොත් පිටරට පත්තර වලත් පලවෙනවා. මෙය විශාල අපකීර්තියක් වගේම මගීන්ට කරන ලොකු අසාදාරනයක්. (දී)
ඉක්මන් විසදුම් නැති උනොත් ලංකාවට විශාල අපකීර්තියක් (දී)
වටිනා බඩු අත් බෑග් වල ගෙනාවම ඕව වෙන්නේ නැහැ ලංකාවේ විතරක් නෙමේ අනිත් ඩුබායි වලත් ඕව වෙනවා . එත් පත්තර වල යන්නේ නැහැ (දී)
මගේ යාලුවෙකුගේ බෑග් පොකට් එකේ තිබුන ඉලෙක්ට්‍රික් දත් බුරුසුවත් උස්සලා කිව්වා. දැන් ඕකෙන් මදින කෙනාගේ දත් සුදුවට ඇති. අනේ මෙහෙමත් ලජ්ජා නැති මිනිස්සු. (දී)
රෙජි, දුප්පත්කම හොරකමට හේතුවක් නොවෙයි. අනික හැම දුප්පතෙක්ම හොරෙක් නොවෙයි. හැම හොරෙක්ම දුප්පතෙක්ද නොවෙයි. බලන්න අද කාලේ වැඩිපුරම හොරකම් කරන්නේ බලය, ධනය තියන අය. (නදී)
ගරු ලලිත් වීරතුංග මහතාගේ අවධානය මේ සඳහා යොමු වේවා ! (දී)
දැන් මේ බෑග් අංශයේ සේවකයන්ගේ ප්‍රධානියා දන්නේ නැද්ද මෙහෙම නොහොබිනා වැඩක් තමන්ගේ අංශයේ කෙරෙන බව. මට නම් හිතන්නේ මේ දේවල් ගැන රාජකාරි මට්ටමින් ලැබෙන පැමිණිලි අඩු ඇති. අනෙක ඉඳලා හිටලා නිවාඩුවට ඇවිත් නැති වුන දේවල් ගැන පැමිණිලි කරමින් ගත කරන්න තරම් කාලයක් නැහැනේ .(දී)
මගේ බෑග් එකකුත් නැති උනා. පොලිසිය මුකුත් කලේ නැහැ. මගේ බෑග් එක උස්සපු කෙනා ඒ වගේ හිස් බෑග් එකක් දාල ගිහින් තිබුනා. මිනිහ ඇවිත් තිබුනේ එර්ත්‍රියාවේ ඉඳන්. අපි විස්තර ඔක්කොම දීලත් පොලිසියට බැරි උනා මිනිහව අල්ල ගන්න. මෙතන වෙන්නේ සංවිදානාත්මක හොරකමක්. (නදී)
මම නිවාඩුවට ලංකාවට එනකොට වෙනත් කෙනෙක් එයාගේ ලංකාවේ ඉන්න නෑදෑයන්ට දෙන්න කියලා භාර දීපු පාර්සලයකුත් මගේ පොඩි පොඩි බඩු ටිකක් එක්ක ගුවන් තොටුපලේදී සොරකම් කරලා. මම එදායින් පසුව අනුන්ගේ පාර්සල් ලංකාවට ගෙන ඒමේ කොන්ත්‍රාත්තුව භාර ගන්නේ නැහැ. (නදී)
ගුවන්තොටුපොළ එළියේ ඉන්න බෑග් අදින කණ්ඩායම සුද්දන්ව සුද්ද කරනවා. අවිදිමත් කුලී රථ සේවයක් ගුවන්තොටුපොළේ තියෙන්නේ. හොඳ කුලී රථ ප්‍රවාහන සේවයක් ඇති කළ යුතුයි (නදී)
මමත් දහ පහළොස් සැරයක් රට ගිහින් ඇවිල්ලා තියනවා. එත් මගේ නම් මොනවත් තව නම් මෙහෙදිවත් පිටරටදීවත් නැතිවෙලා නැහැ. මොකද මම බෑග් වැහුවට ඉබ්බෝ දන්නේ, ලොක් කරන්නේ, වැඩි වැඩ දාන්නේ නැහැ. ඒක නිසා ඒවා කවුරුත් ගණන් ගන්නෙත් නැහැ. (නි)
මෙවැනි දේ ලංකාවේ ගුවන්තොටුපොළ වල හරියට සිදු වෙනවා. අතේ ගෙනියන ගමන් මල්ලේ තියෙන මුදල් ගණන් හිටන් ගණන් කරන්න ඕනේ කියනවා. අවදානය වෙනතකට හරවලා බඩු පන්නනවා. පුදුම හොරකම් වෙන්නේ එතන. ඒ මිනිස්සු හිතාගෙන ඇති පිටරට සේවය කරන අය එන්නේ දිව්‍යලෝකේ ඉදල කියලා. දුක් විදලා හම්බ කරගෙන එන දේවල් සුරගෙන කන්න ලැජ්ජාවක් නැද්ද ? (නදී)
මැද පෙරදිග විතරක් නෙවෙයි අනෙක් රටවලින් එන අයගෙත් බඩු හොරකම් කරනවා. අපේ බොස් පුහුණුවකට ඕස්ට්‍රේලියා ගිහින් එනකොට කාර්යාලයේ අයට බෙදන්න ගෙනාපු සුවනියර් යතුරු රඳවන ආදී පොඩි පොඩි බඩු බෑග් වලින් අරගෙන. (නදී)
මගේ බෑග් එකේ ආරක්ෂිත අඟුල කඩලා සිප් එක ඇරලා තිබුණා මා අගෝස්තු 31 වෙනිදා රෑ ආපසු ලංකාවෙන් එන ගමනේදී (නි)
මගේ මල්ලි ගිය අවුරුද්දේ කොළඹ සිට මෙල්බෝන් එනවිට එයාගේ බෑග් එක කඩලා රත්තරන් සුරයක් හොරකම් කරලා තිබුනා. සුරය ගෙනාවේ මල්ලිගේ යාලුවෙක්ගෙ පොඩි ළමයෙක්ට අපලයට දාන්න. (නි)
අපි ඇමරිකාවේ ගුවන් ගමන් වලදී කවදාවත් බෑග් ලොක් කරන්නේ නැහැ.එහෙත් පහුගිය වතාවේ ලංකාවට ආ වෙලාවේ මගේ බැග් එකේ තිබුණු සෙල්ලම් බඩු තොගයක් හොරකම් කරලා තිබුනා. ලංකාවේ වර්තමාන තත්වය ගැන අපිට හරිම කණගාටුයි! (නි)
අපි මේවට නිකන් කෑගහලා වැඩක් නැහැ (නි)
මම නිවාඩුවට ඇවිල්ලා ආපහු ලංකාවෙන් යනකොට මෙල්බර්න් ඉන්න යාලුවෙකුගේ නැන්දම්මා මට පාර්සලයක් දුන්නා. මම පුරුද්දක් විදියට අහනවා ඔය පාර්සල් දෙන අයගෙන් ඇතුළේ මොනවද කියලා. දෙවියනේ මෙන්න අර කාන්තාව මට කියනවා දුවගේ මඟුල් මාලේලු. කෑම කියලා අනුමාන කරගෙන බැගේජ් එකේ අරන් ගියා නම් මොන අමාරුවේද? එදා මාත් එක්ක කටුනායකින් ඇඩිලේඩ් ගිය කෙනෙකුගේ බෑග් එකේ සමහර බඩු අතුරුදහන් වෙලා තිබුනා. (නි)
නිලංග,නොදන්නා අයගේ බඩු ගේනකොට බොහොම පරිස්සම් විය යුතුයි.මම නම් මගේ පවුලේ කෙනෙක්ගේ බඩු ඇරෙන්න වෙන කෙනෙක්ගේ බඩු ගේනවා නම්, ඒ කෙනා ඉදිරිපිටම පාර්සලය ලිහලා බලනවා.වැරදි දෙයක් එහෙම තිබිලා අහුවුනොත්, මෙහෙදී වෙන කරදරේ දන්නවනේ. " බෝඩර් සිකියුරිටි, " එකේ, වෙන දේවල් පෙන්නවා, දැකලා ඇති කියලා හිතනවා. (අ)
අන්නුන්ට දොස් කියල වැඩක් නැ, තමන්ගේ දේවල් ආරක්ෂා කරගන්න තමන් දැනගන්න ඕන. (අ)
අපි 2011 ගුවන් තොටුපොලින් පිට වෙලා වැන් රියට බැග් පටවනකොට එක පාර්සලයක් අතුරුදහන් වෙලා. එක මල්ලිගේ පවුලගේ ගෙදරට එයාල දුන්න එක. මට එදා හරියට කලකිරුන ලංකාව ගැන. ගුවන්තොටුපොලින් පිට නිසා කාටවත් පැමිණිලි කලේ නැහැ. එත් බලාන ගියාම මේක හැමදාම හැම දෙනාටම සිදුවෙන දෙයක් වගේ. මේවාට එරෙහි නිසි පියවර ගත යුතුයි. (අ)
මේ පළවන අදහස් දෙස බලන විටදී පෙනී යන්නෙ සංවිධානාත්මකව යමක් සිදුවෙන බවයි. මම යෝජනා කීපයක් ඉදිරිපත් කරන්නම් ලංකාදිප හිතවත් පාඨකයෙනි ඔබගේ අදහසුත් එක් කරන්න ... 1. හෑම ආගමන විගමන නිළධාරියෙක්ම තමන්ගේ රැකියාව ආරම්භ කරන කොට තමන්ට ඈති වත්කම ප්‍රකාශයක් රජයට දිය යුතුයි. පසුව වසර 5 කින් රජය විසින් එය අනිවර්යෙන්ම පරික්ෂා කල යුතුයි. 2.එමෙන්ම ගුවන් තොටේ සෙවය කරන සුලු සෙවකයාගේ පටන් සේවය නිමවී යන සියලුම සේවකයන් දෑඩි පරික්ෂාවකට ලක්කල යුතුයි. . නමුත් එම පරික්ෂක කණ්ඩායම් නිරන්තරයෙන් මාරු කලයුතුයි. 3. ගුවන්තොටෙ සේවකයන්ට ප්‍රවහානය සපයන උදෙ 6.30ට පිටත් වන බසය සේවය නිමකර යන අයවලුන් සමග ගුවන් තොටෙන් කි.මී. 5/8ත් දුරකදී දෑඩි පරීක්ෂාවට ලක් කලොත් විශල රහස් හෙලිකරගත හෑක. ඒ ගමන්මලුවල ඈති දේවල් මෙතෙක් කිසිවෙක් නොදනී. හරියට රට හදන්න නම් මෙවා කලයුතුයි. මේවාවට දෙශපාලනයට හිස නොනමන කොන්ද කෙලින් නිළධාරින් අවශ්‍ය වේ. (අ)
ඔය පෙන්නේ රට දියුණුවට යන ලක්සන (අ)
ආශ්චර්ය කියන්නේ මේකටද? (නි)
එපමණක් නොව මා මගේ දරුවන්ට ගෙන ආ රත් කෙසෙල්, ඇඹුල් කෙසෙල්, නෙල්ලි,අන්නාසි පවා මෙම පල්හොරුන් රෑන විසින් හොරකම් කර තිබේ (නි)
බැගේජ් එක ලොක් කරලා තිබ්බේ නැත්තම් සුද්දෙ තමයි. මම දකින අනිත් දේ තමයි, අරාබි ෆ්ලයිට් වල එන ලංකාවේ මිනිස්සුන්ට එයාපෝට් එකේදී සලකන විදිහ. විශේෂයෙන්, ගෘහ සේවිකාවන්, සුළු සේවකයින් වගේ අයට. දැන් නම් ශ්‍රී ලංකන් එයාලයින් එකේ අයත් එහෙම තමා. හරිම කුජීතයි.(නදී)
මුහුදු මගින් එන බඩු පෙට්ටි වල තියෙන දේවල් වලටත්, ඔය ආනිසංසෙම සිද්ධ වෙනවා. කල යුතු හොදම දෙය වන්නේ, [ හැබැයි මේක හැමෝටම කරන්න බැහැ ] බඩු පෙට්ටිය එවන්නාගේ නම ඇති ස්ථානයට පිටරට සිට එන පවුලේ තව කෙනෙකුගේ, නමත් ඇතුලත් කරන්න. එවිට ගබඩා සංකීරණය ඇතුලට දෙදෙනාටම යා හැකියි. එවිට හොරුන්ට හොරකම් කිරීමට ඇති හැකියාව අවම වෙනවා. (නදී)
කාටද ආඩම්බර? අපේ රට දැන් දියුණු වෙලා යාලුවනේ. ඉස්සර වගේ නොවෙයි (නි)
සහගහනවා දුප්පත් මිනිස්සුන්ගේ බලාපොරොත්තු. මේවා කියන්නේ කාටද. (අ)