කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ අධි සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ ගාස්තුව රුපියල් 180ක් හා සුඛෝපභෝගී බස් රථ ගාස්තුව රුපියල් 125ක් ලෙස ජාතක ගමනා ගමන කොමිෂන් සභාව මගින් අද (31) ප්‍රකාශයට පත් කළේය.
අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් රථ බලපත්‍ර ලබා දීමට මේ සතිය තුලදී ටෙන්ඩර් කැඳවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණන නරක නැහැ, සාධාරනයි. බස් වල යන්න කැමති නැති උදවියට වෙන වාහනයක යන්න පුළුවන් (නි)
දැනට ලංකාවේ, අත පය දිග හැර හුස්ම ගැනීම සඳහා බද්ද, නැති නම් ගාස්තුව කීයද දැන ගැනීමට කැමතියි. (ස)
සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී අතර වෙනස මොකද්ද ? මෙම වෙනස ගමන් කරන මගින්ට පෙනෙන සේ දැක්විය යුතුයි.(නදී)
සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී අතර වෙනස මොකද්ද ? මෙම වෙනස ගමන් කරන මගින්ට පෙනෙන සේ දැක්විය යුතුයි.(නදී)
ලංගමෙන්ම හරියාකාරව බස් දුවන්න බැරිද? මට නම් ඔය පුද්ගලික බස්කාරයො අල්ලන්නෙම නැහැ. (නි)
අපි නම් යයි ඕවායේ? (නි)
කොමිසමේ කෙනෙක්ම කියනවද අධි සුඛෝපභෝගී හා සුඛෝපභෝගී වල වෙනස. (නි)
පුද්ගලික බස්කාරයන් ළඟ තිබෙන බස් වලට අධිවේගයේ යන්න තරම් සුදුසු තත්ත්වයක් නැහැ කියලයි මම නම් හිතන්නේ (නි)
කටුනායක හයි වේ එකේ පුද්ගලික බස්රථ නැතුව සීටීබීබස්රථ විතරක් ධාවනය කළා නම් ඇති. (නි)
සාමාන්‍ය ජනතාවට එතරම් බරක් නොවන නිසා අාදායම් උපයා රටේ සංවර්ධන කටයුතුවලට යෙදවීමට අයකරන ගාස්තුව දෙගුණයක් කිරීම සුදුසුය. (නි)
පටන් ගන්නේ 180 කියලා, යනකොට තමා ඒ ගොල්ලන්ගේ ගෑස් බලාගන්න පුළුවන් වෙන්නේ. (ස)
මෙතන අධි යනුවෙන් අදහස් කළේ සුඛෝපභෝගී තත්වයෙන් එහාට ගිය දෙයක්ද? නැත්නම් අධිවේගයේ සුඛෝපභෝගී හින්දාද? මම නම් කැමැතියි අධි සාමාන්‍ය ගාස්තු බස්රථයකට. ගානත් අඩුයි. හිටගෙන ගියත් කාලය ඉතුරුයි. (නි)
සුඛෝපභෝගී නම් සුඛෝපභෝගී. ගාණ වැඩි වුණාට කමක් නැහැ. මොන අධිකාරියෙන් හෝ මේවා මාස 3 කට වරක් ගෙන්වා පරික්ෂා කරන්න ඕනෑ. (නි)
මේ වගේ කෙටි ගමනකට සෙම ලක්ෂරි යොදනවා නම් හොදයි. එතකොට අපිට දිනපතා වුණත් අඩු වියදමකින් වැඩට එන්න පුළුවන් (නි)
දැනට සාමාන්‍ය මාර්ග වල දුවන සුඛෝපභෝගී බස් රථ එනමිනුත් අධිවේගී මාර්ගයේ ධාවනයට බලපත්‍ර ලබන සමාන සුඛෝපභෝගී බස් රථ අධිවේගයේ ධාවනය වන නිසා අධි සුඛෝපභෝගී ලෙසත් වර්ග කරනු ඇත. වෙනස දන්නා බලධරයෙක් ලංකාවේ නැත්නම් මෙම වර්ගීකරණය ගනිමු. (ස)
අධි සුඛෝපභෝගී, සුඛෝපභෝගී දෙකෙහි වෙනස මොකක්ද?? (ස)
අධි සුඛෝපභෝගී කියන්නෙ වායුසමනය කරලා, සුඛෝපභෝගී කියන්නෙ ෆන් සහ වීදුරු ඇරගෙන. (ස)
සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී අතර වෙනස මොකද්ද?? (ස)
පුද්ගලික බස් වල මාෆියාවට ඉඩ නොතබන ලෙස නීති සකස් කල යුතුයි. බලපත්‍ර ලබා දෙන විට ගිවිසුමට සියළු කරුණු ඇතුලත් කල යුතුයි. සුඛෝපභෝගී යන්න පැහැදිලිව සදහන් කල යුතුයි. ඒ වාගේම ආචාරශීලිත්වය, විනීතභාවය, හැසිරීම වැනි කාරනා පිළිබදව දැනුවත් කල යුතුයි. නියමිත කාලයට නියමිත වේගයට පමණක් ධාවනයට ඉඩ දිය යුතුයි. (ස)