ජීඑස්පී ප්ලස් සහනය තම හාම්පුතුනට ලබානොදෙන්නැයි ඉල්ලමින් ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව ඇතුළු සංවිධාන කිහිපයක් එකතු වී කටුනායක ඇවරිවත්ත පොලිසිය ඉදිරිපිට අද (22) උද්ඝෝෂණයක් කළහ.
ජීඑස්පී ප්ලස් සහනය හාම්පුතුන්ට ලබාදුන්නද සේවය කරන තමනගේ පහසුකම් හෝ තම ඉල්ලීම් ඉටු නොවන බවට ඔවුහු චෝදනා කරති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලන්ගේ හැටිද? නැත්නම් පිස්සුද?.(බ)
ජයම්පති හරි. මට හිතෙන්නෙත් කට්ටියගේ මොලේ තියෙන්නේ සම්ප්‍රදායිකව අපි හිතන ස්ථානවල නෙමෙයි. තමන්ගේ හාම්පුතුන්ට ජී.එස්.පී, හරි මොකෙන් හරි ආදායම් වැඩි වෙන්නේ නැත්නම් ඉල්ලීම් දෙන්නේ කොහොමද? (බ)
හැමතැනම වර්ජන ගර්ජන ඒ මදිවට වැට් මහා ජනයා දින දින කබලට (බ)
ජීඑස්පී අන්දරය මහා ප්‍රබන්ධයක් බව මෙයාලට නොතේරෙන හැටි. (නි)
ජයම්පති, උපාලි, ඔයාලා මේ අය වැඩකරන විදිහ දැක්කා නම් ඔහොම මෝඩ අදහස් දාන්නේ නැහැ. කොච්ච්ච්ර පහසුකම් දුන්නත් මේගොල්ලන්ගේ ලොක්කන්ට, මේ අසරණ සේවකයන්ට ලැබෙන්නේ සොච්චමයි. මේවායේ වැඩකරන ගොඩක් අය පිටිසර ගොඩක් අසරණ දුප්පත් අය (නි)
මේ සහනය නොලැබුණාම එයාලගේ ඉල්ලීම් ඉටුවේද? මේක රටේම ජයග්‍රහණයක් වගේම ජාත්‍යන්තරය ඉදිරියේ අපේ කිර්තිය පිළිබිඹුවීමක්. (නි)
අනේ ජයම්පති, උපාලි, ඔයාලා දන්නවද සමහර ආයතන අලුත් අවුරුදු දවසටත් නිවාඩු දෙන්නේ නොදී බැරි නිසා. අවුරුදු නිවාඩුවත් පෝය දවස් වලට හිලව් කරනවා. මෙයාලා නැත්නම් මෙලහකට ඊපීඑෆ් එකත් නැහැ (නි)
ටෙෂාන්, වැඩකරන අයට පහසුකම් නොදී හොඳ අැනයුම් කරන්න නොහැකි බව දන්නේ නැහැ වගේ. ඔය කියනවා ඇත්තේ ලෝකල් මාර්කට් එකට වැඩ කරන තැන් ගැන වෙන්න ඇති. මේ ජීඑස්පී කියන එක අපේ රටට ඉතාම අවශ්‍ය දෙයක්. මෙතන හම්පුතාලට වෙන වාසිය නෙමෙයි රටක් වශයෙන් කුමන රජයක් කළත් අවශ්‍ය දෙයක්. (නි)
මම යුරෝපයේ අපනයන හා ආනයන සම්බන්ධ ආයතනයක සේවනය කරන්නේ මේ වනවිට යුරෝපයේ ආර්ථිකය කෙමෙන්, කෙමෙන් කඩාවැටී යනවා. දැන් ඔවුන්ගේ බලාපොරොත්තුව ක්‍රම ක්‍රමයෙන් ආසියානු වෙළද පොළට තමන්ගේ නිෂ්පාදන අලවි කර ගැනීමට ප්‍රවිෂ්ට වීමයි . එනිසා කඩා වැටෙන යුරෝපා ආර්ථිකය හමුවේ යම් යම් කොන්දේසි වලට යටත්ව . ජීඑස්.පි සහන ලබාගැනීමට කටයුතු කිරීම නිෂ්පල ක්‍රියාවක් වනු බව නොඅනුමානයි (බ)