
(ටී.කේ.ජී.කපිල )
කටුනායක 18 කණුව මංසන්ධිය අසළ , තරු පංතියේ සංචාරක හෝටලයක් ඉදි කරන මුවාවෙන් ඉදිකරන සිමෙන්ති නිෂ්පාදන සහ ඇසුරුම් කර්මාන්තශාලාවක්ට එරෙහිව ප්‍රදේශවාසීන් අද උදෑසන දැවැන්ත විරෝධතාවක් සිදු කරති.
ඉකුත් 2020.12.10 දින මධ්‍යම පරිසර අධිකාරිය විසින් මේ සදහා වූ ගොඩනැගිලි සැළසුම තරු පංතියේ සංචාරක හෝටලයක් සදහා අනුමත කර ඇති අතර , 2025.12.25 දින නාගරික සංවර්ධන අධිකාරිය විසින් ද සංවර්ධන බලපත්‍රයක් නිකුත් කර තිබේ .
එහිදී අක්කර 06 රූඩ් 01 ක වපසරියකින් යුතු මෙම ඉඩමේ වර්ග මීටර් 3,857 ක තනි මහල් ගොඩනැගිල්ලක් සදහා මුලින් අනුමැතිය ගෙන පසුව එය වර්ග මීටර් 12,925 ක වපසරියකින් යුතු පස් මහල් සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලා ගොඩනැගිලක් සදහා බලපත්‍රයක් දක්වා වෙනස් කර ලබා ගෙන තිබේ .
මෙම ඉදි කිරීම කොළඹ - කටුනායක ප්‍රධාන මහා මාර්ගයේ සිට කළපුව දක්වා විහිදෙන අතර , එමගින් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය , කටුනායක ගුවන් තොටුපොළ , ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටල් සමූහය , ප්‍රසිද්ධ ජාත්‍යාන්තර පාසල් 03 ක් , මීගමුව කළපුව සහ එහි රැකියාවෙහි නිරත ධීවර ජනතාව , අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර ඇති ලියනගෙමුල්ලේ කඩොලාන සංරක්ෂිත වනාන්තරය , කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවයේ නිරත සේවිකාවන්ගේ නේවාසිකාගාර මෙන්ම මුතුරාජවෙල සංචාරක බෝට්ටු ව්‍යාපාරයේ නිරත වූවන් ඍජුවම බලපෑමකට ලක් වේ
අතිශය සංවේදී ජනාවාස සහිත ව්‍යාපාරික සහ සංචාරක කර්මාන්තයෙහි ප්‍රවර්ධනයක් සහිත මෙම ප්‍රදේශයේ , සිමෙන්ති දූවිලි ( Cement Dust ) වලින් පිරුණු පරිසර පද්ධතියක් නිර්මාණය වීම , බලවත් ගැටළු මතු කරන බව මෙම විරෝධතාවයට සහභාගී වූ ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් ආණ්ඩු ආවට ඔය හැමතැනම ඉන්න දූෂිත නිලධාරීන් ඉන්නකන් රට හදනවා බොරු...
සංචාරක ව්‍යාපාරයක් සදහා බලපත්‍රයක් ලබා ගෙන සිමෙන්ති කර්මාන්තයකට ගොඩනැගිලි හදන්න පුළුවන් කියන ලොව තිබෙන එකම රට "සකල සිරින් පිරි සිරි ලංකාව" පමණක් බව පැහැදිලිවම පෙනෙනවා ... ඔය බලපත්‍ර හුවමාරුවට සම්බන්ධ මහ එකාගෙ සිට හාල්මැස්සෝ කියන හැම වලත්තයෝම නීතිය ඉදිරියට ගෙනැවිත් උපරිම වශයෙන් සැලකිය යුතු දඩුවම් ලබාදී උන් ගේ සියලු චංචල, නිශ්චල දේපල රාජසන්තක කලොත් මෙවැනි විශාල ලෙස කප්පම් ගන්නා පාදඩයන් මුළුමනින්ම නැති නොකලත්, අවම කිරීමට පුළුවන් කියලා අප තරයේ විශ්වාස කරමු... AKD, මාලිමා රජයේ Clean Sri Lanka වැඩ පිළිවෙල නීති පොතේ හො වචන වලට පමණක් සීමා වී තිබුණොත්, මැදමූලන චෞර පරම්පරාවේ මංඤං මහින්ද රාජපක්ෂ පරම්පරාවේ හැත්ත බුරුත්ත පිටින්ම උන්ගේ වත්කම් ප්‍රසාරණය කරගැනීම නම් සක්කරයා ගෙ පුතා වන වයිමාටවත් කරන්න බැරි දෙයක් බවට පත්වෙන එක නම් සත්තයි, සහතිකයි ...