IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


කෝටිපති ව්‍යාපාරික කොරියානුවා නට්ටන් වෙයි

දකුණු කොරියාවේ සෝල් අගනුවර පදිංචිකරුවකු වන හර් චොන්ග් එම රටේ ප‍්‍රසිද්ධ චරිතයක් ව ජීවත් වූ පුද්ගලයෙකි. 1982 ඔහු තම මව් රට අතහැර ඉන්දියාවට පැමිණෙයි.

චෙන්නායි ජිවත් වු ඔහු එම වර්ෂයේදීම දී ලංකාවට පැමිණ කටුනායක ගුවන් තොටුපලෙහි පුද්ගලයකු හා මිතුරු වෙයි. චොන්ග් එම යහළුවාගේ ගම් පළාත වන රත්නපුරයට ගොස්  දිවි ගෙවීය. එහි දී කාන්තාවක් හා මිත‍්‍ර වී විවාහ විය.

මෙරට මහා පරිමාණ ව්‍යාපෘති වලින් ඉවත්වන ද්‍රව්‍ය මිලට ගැනීම සහ එම ව්‍යාපෘතිවලට කොරියා උපකරණ ගෙන්වාදීම සම්බන්ධීකරණ  ව්‍යාපාර කිහිපයක් ආරම්භ කරන ඔහු කොට්ටාවේ සහ කොත්මලේ  ව්‍යාපාර ආයතන පිහිටවීය. ඒ අතරතුර බීරිය ඔහුගේ සේසත විකුණා විදේශයකට ගිය බව කියයි.

කොරියාවේ හිත මිතුරන්ගේ ආධාර ඇතිව නැවතත් මෙරටට පැමිණෙන චොන්ග් තනිවම නැවතත් ව්‍යාපාර ආරම්භ කළේය. විවිධ ප්‍රදේශවල ලාංකික ව්‍යාපාරිකයන් තමන්ට  රුපියල් එක් කෝටි  විසි ලක්ෂයකට වැඩි මුදලක් වංචා කර ඇති බව ඔහු කියයි.

මේ පිළිබදව මිරිහාන, කඩවත ,අවිස්සාවේල්ල ,පානදුර , සූරියවැව ,වත්තල ආදී පොලිසි ගණනාවක පැමිණිලි සිදු කළත් මෙතෙක් නිසියාකරයෙන් තමන්ට මුදල් ලබාදී  නැතැයි ඔහු පවසයි.

එබැවින් තමන්ට තව වසරකටත් අඩු කාලයක් මෙරට රැදී සිටිමට වීසා ඇති බැවින් තම මව් රටට යාමට පෙර මෙම මුදල් තමා වෙත ලබා ගැනීමට පිහිට වෙන ලෙසත් ඉන්පසු තම රටට යාමට අවශ්‍ය බවත් චොන්ග් පවසයි.

vlcsnap-2017-01-06-15h04m33s170 vlcsnap-2017-01-06-15h05m12s52 vlcsnap-2017-01-06-15h05m57s236vlcsnap-2017-01-06-15h05m22s145

 

 

 



අදහස් (0)

කෝටිපති ව්‍යාපාරික කොරියානුවා නට්ටන් වෙයි

නිෂාඩ් ප්‍රීනා Saturday, 07 January 2017 06:10 AM

ඔය අනුන්ගේ සල්ලි වංචාකරලා ජීවත්වෙන අයට සහ යැපෙන්නන්ට කවදාවත් හොඳක් සිද්ධ වෙන්නේ නම් නැහැ. පටිසන් දෙනවාමයි. (නි)

:       0       0

ඩී.උපුල් Friday, 06 January 2017 11:11 AM

ගැහැණු මායම් වලට පාඨමාලා තාම නැහැ. (ර)

:       0       0

කිත්සිරි Friday, 06 January 2017 11:29 AM

අයියෝ සල්ලි.(ම)

:       0       0

බීනු Saturday, 07 January 2017 08:55 AM

බිරිඳ, මිත්‍රයෝ ඔක්කොම එකයි. හොරු (නි)

:       0       0

සිසිර Saturday, 07 January 2017 09:14 AM

මේ කතාව වගේ කතාවක් මාත් දන්නවා. හැබැයි ඒ කතාවේ හිටි කොරියානුවත් කොට්ටාව සහ බොහෝ ප්‍රදේශවල බිස්නස් කළා. කරන කාලෙ ලංකාවෙ ගැහැණු ලමයෙක් තියාගෙන ඉඳලා අවුරුදු ගානකට පස්සෙ ඒ කාන්තාව ගෝලයට දුන්නා බිස්නස් එකත් එක්ක. (නි)

:       0       0

බමුණු Friday, 06 January 2017 12:55 PM

ලංකාවේ මිනිසුන්ව ලංකාවේම මිනිස්සු විස්වාස නොකරන විට මේ කොරියානුව මොකට විස්වාස කලාද? මමනම් සතේකට විස්වාස කරන්නේ නැත. (ර)

:       0       0

සුපුන් Saturday, 07 January 2017 09:46 AM

මම නම් මේ රටවල ලංකාවේ වගේ කෙනෙක් දකින කොට මාරුවෙනවා. දැක්කොත් කීයක්හරි ඕනෑ. (නි)

:       0       0

දිලිප් Friday, 06 January 2017 01:03 PM

ඔන්න ඕකයි ඇත්තම තත්වේ තනිකරම බොරුවෙන් වංචාවෙන් තමේ ජීවත් වෙන්නේ.. (ර)

:       0       0

රුවන් Friday, 06 January 2017 01:01 PM

හැමෝම අවංක නැහැ මහත්තයෝ. (ර)

:       0       0

බණ්ඩාර Saturday, 07 January 2017 11:49 AM

ඔන්න ඕක තමයි මටත් වුණේ. ලංකාවට ආවහම, නැති යාලුවොත් එකලදී මට හමුවුණා. පසුව උන් මගෙන් කා බී සල්ලි ඉවරවුණාම එකෙක්වත් අාවේ නැහැ. දැන් වුණත් නිවාඩුවට ලංකාවට ආවහම වෛවාරණ අය කිට්ටු වෙනවා. දැන් මම දන්නවා සාස්තරේ. (නි)

:       0       0

ලලිත් Saturday, 07 January 2017 11:54 AM

අනේ මන්දා! අපේ රටේ මිනිස්සු සල්ලි වලට අම්මා තාත්තාත් විකුණයි (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 06 January 2017 02:53 PM

මේ ධර්මද්වීපයේ සතෙක් සිව්පාවෙක් ඇරෙන්න වෙන මොකෙක්වවත් විශ්වාස කරන්න එපා. (නි)

:       0       0

චන්න බුවනක Saturday, 07 January 2017 02:21 PM

දැන්නම් කිසිම කෙනෙක් විශ්වාස කරන්න බැරි තත්වයක් තියෙන්නේ. (නි)

:       0       0

කුමාර Friday, 06 January 2017 04:21 PM

දන්න කෙනෙකුට ආයෙත් නම් ලංකාවට එන්න දෙන්නෙ නැතිවෙයි (නි)

:       0       0

මහානාම කුමාරගේ Friday, 06 January 2017 04:42 PM

මෙම කාරණා රටේ කීර්තියට හානිදායකයි. වංචා කරපු කපටි ගැහැණිත් එක්ක සියළුම දෙනා පොලිස් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවා දඩුවම් කරන්න ඕනෑ. (නි)

:       0       0

මිලින්ද Friday, 06 January 2017 04:59 PM

මේවා අහලා අපිටත් පිස්සු වගෙයි (නි)

:       0       0

ලලිත් Friday, 06 January 2017 05:07 PM

කෝටිපතියෙකුත් ලංකාවට ගිහින් ඔහොම නට්ටන් වුණා නම් සාමාන්‍ය මිනිසුන්ට කවර කතාද? (නි)

:       0       0

සරණ Saturday, 07 January 2017 09:30 PM

ලෝකයේම ඉන්න හොරු ටික ඉතිරිවෙලා ඉන්නේ ලංකාවේ. යාලුවෝ කියල ඉන්න එක් කෙනෙක්වත් විශ්වාස කරන්න බැහැ (නි)

:       0       0

සෑම් Friday, 06 January 2017 07:49 PM

ලංකාවට විදේශීය ආයෝජන එන්නේ නැත්තේ මේ හේතුව නිසයි. රජය මැදිහත්වෙලා ආරාධනා කරන ව්‍යපාරිකයන්ගෙනුත් 10% 20% කොමිස් ගත් දේශපාලකයෝ හිටපු රටේ සාමාන්‍ය ජනතාවත් වංචා කරනවා කියන එක පුදුමයක් නොවේ (නි)

:       0       0

ජනහිත Saturday, 07 January 2017 03:08 AM

අපේ අය නම් රට කනවා. ඇයි මේ වගේ සහගහන අපරාධ කරන්නේ. ඕවා නම් පටිසන් දෙනවාමයි. (නි)

:       0       0

පකීර් Sunday, 08 January 2017 05:03 AM

මොළය පාවිච්චි කරලා වැඩකරන්න එපායැ (නි)

:       0       0

පෙරෙයිරා Saturday, 07 January 2017 04:43 AM

පව් චොන්ග්, ලංකාවේ ‍ගෑණු , මිනිසුන්ට වඩා කපටිබව මේයා දන්නේ නැතිව තමයි අහුවෙලා තියෙන්නේ. (අ)

:       0       0

අශිකා Saturday, 07 January 2017 04:51 AM

අනුන්ට අතපාල ණයට අරන් ජිවත් වෙන කුසිතම ජාතියක් . (අ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 08 January 2017 06:00 AM

දාස් ගානක් විදේශිකයන්ගේ මුදල් මේ රටේ අය කොල්ලාකාලා තියෙනවා, දකුණු මූදුකරේ බොහොමයක්. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 08 January 2017 06:03 AM

රටේ ලොක්කෝ ඉඳලා පොඩ්ඩෝ වෙනකම්ම පන්සිල් පද පහවත් රකින්නේ නෑ ලෝකෙට පුරාජේරු ගැහුවාට (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1186 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2121 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 935 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9181 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3345 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site