රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු වල්ලා පට්ටා තොගයක් ඉන්දියාවේ බැංගලෝරයට ගෙන යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කිවේය.
සැකකරු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.
බැංගලෝරයා බලා යාමට පැමිණි සැකකරු පිළිබඳ රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන්ට ඇතිවුන සැකයක් මත පරික්ෂා කිරිමේදී ඔහුගේ ගමන් මල්ලේ තිබූ මෙම වල්ලා පට්ටා තොගය අත්අඩංගුවට ගෙන ඇත.
එහි බර කිලෝග්‍රෑම් 16 යි ග්‍රෑම් දෙසීයක් තිබු බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු ජෛව විවිධත්ව සහ ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුනසේකර මහතාගේ අධීක්ෂනය යටතේ සහකාර රේගු අධිකාරීවරුන් වන තිලංක සමරවීර, සුසන්ත පුෂ්ප කුමාර, කේ.එච්.ජී.ජී චමීර, ඩී.ඩී අමරසිංහ, ඩී.එල්.පී අබේනායක සහ අයි.එම්.එල් දුෂාන්ත යන නිලධාරීහු සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ සාක්කි මේවා මෙච්චර වටිනවාද? (දී)
තව ටික දවසක් යනකොට ගස් විතරක් නොවෙයි ජාතියත් පට්ට ගහනවා.(දී)