2009 දී කොළඹ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනයට බෝම්බ ගැසීමට කොටි සංවිධානයට ආධාර අනුබල දුන්නැයි කියන හමුදා කර්නල්ට එරෙහි සාක්කි අධ්‍යයනය කිරීම සඳහා විත්තියේ නීතීඥවරයාට අගෝස්තු 22 තෙක් කොළඹ මහාධිකරණයෙන් අද කල් ලැබිණි.
කර්නල් රංජිත් චන්ද්‍රසිරි පෙරේරා හෙවත් ආමි අංකල්ට එරෙහිව පවරා ඇති නඩුව කුමුදිනී වික්‍රමසිංහ විනිසුරුවරිය ඉදිරියේ විභාගයට ගැනිණි.
කොටි සංවිධානයේ කන්දවම් ගෝකුලම් හෙවත් ඉන්බම් හා එහි බුද්ධි අංශයේ කනගරත්නම් ආදිත්‍යන් හෙවත් අන්නාට එම බෝම්බ ප්‍රහාරයට ආධාර උපකාර දුන් කර්නල්ට එරෙහිව මේ නඩුව පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටින්ගේ මාසික වැටුප් ලබාගෙන තොරතුරු සැපයුවා කියලා යුද්දෙ කාලේදී චෝදනා එල්ලවූ අයත් තාම සක්‍රීය සේවයේ ඉන්නවා කියන්නේ... ?? (නි)
එයාට යුධ අධිකරණයේ නඩු එහෙම තිබුණද? (නි)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? (නි)
එයා දැනට ඉන්නේ සැපපහසු රිමාන්ඩ් එකේ. (ත)
ඔය ඕන තරම් කොටි ආණ්ඩුවට කඩේ යන්නේ.එතකොට නඩු නැද්ද.(අ)
කොටින්ට උදව කරන සිංහල කොටි. මේගොල්ලෝ දැන් හැමතැනම. දමිල කොටියට වඩා බයානක සිංහල කොටියා. මොවුන් තමා විදේශ රටවලට බොරු ආරංචි පතුරුවා සිංහලයන් ම්ලේච්ච ජාතියක් හැටියට හඳුන්වා දෙන්නේ.හැමතැනම සිදුවූ කොටි බෝම්බ ප්‍රහාර වලට සිංහල කොටි උදව් කර තිබුණා මුදල් වලට. බටහිර රටවල දේශපාලන රැකවරණ පතා විසා ලබාගෙන තමා සිංහලකමත් සිංහල ජාතියත් පවා දෙන සිංහලයන් ගොඩක් ඉන්නවා. මොවුන් තමා සිංහල කොටි (නි)
මනුෂ්‍ය ඝාතනවලට අනුබල දුන් අය දඬුවම් ලැබිය යුතුමයි. මනුෂ්‍ය ඝාතන සිදුකල අයත් දඬුවම් ලැබිය යුතුමයි. (නි)
ඒ කලේ හිටපු උඩුගම්පොල මහතා ගැන කතාවක් නැහැ දැන්. හමුදා බුද්ධි අංශය පවා දුන් කාලය අමතක වී ගොස් . රටත් හමුදාවත් පවා දුන් කාලය කටත් අමතක වී ඇත (අ)