IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


කොටියාට කැනඩා යුද තාක්ෂණය දුන් බව පිළිගනී

කැනඩා යුද හමුදාවේ නව තාක්ෂණය ශ්‍රී ලංකාවේ කොටි සංවිධානයට හොරෙන් දුන්නැයි කියන සුරේෂ් ශ්‍රී ස්කන්ධරාජා (32) නම් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බෘක් ලිඩ් උසාවියකදී   වරද පිළිගත් බව කැනඩාවේ නැෂනල් පෝස්ට් පත්‍රය කියයි.

ඔහුට අවුරුදු 15 දක්වා සිර දඩුවම් නියම කිරීමට ඉඩ ඇතැයි කැනඩා ආරංචි කියයි.

ස්කන්ධරාජා කැනඩාවේ ඔන්ටේරියෝ නුවර වෝටලු සරසවියේ උපාධිධරයෙකි.

කොටි සංවිධානයට ගුවන් යානා උපකරණ, සබ්මැරීන් හා යුද නැව් නිර්මාණය කිරීමේ මෘදුකාංග, අදුරේදී ආලෝකය ලබා ගැනීමේ උපකරණ හා තාක්ෂණික උපකරණ දෙමළ කොටියනට සැපයීයැමට කුමන්ත්‍රණය කළැයි ස්කන්ධරාජා හා තවත් සම කුමන්ත්‍රණ කරුවන් පිරිසකට එරෙහිව ඇමැරිකා නීතිපති නඩු පවරා ඇත.

සැකකරුවෝ හය දෙනෙක් දැනටම වැරදිකරුවෝ වී සිටිතියි ඇමෙරිකා නීතිපති කාර්යාලයය කියයි.

2004 සැප්තැම්බර හා 2006 අප්‍රේල් කාලය තුළදී  මේ උපකරණ හා තාක්ෂණය කොටි පාලන ප්‍රදේශයට හොරෙන් ගෙන යෑමට ස්කන්ධරාජා ශිෂ්‍යයන් යොදවා ගත් බව පැමිණිල්ලෙන් කියැවිනි.

වෝටලූ සරසවියේ විදුලි ඉංජිනේරුවරයකු වූ ස්කන්ධරාජා අත්අඩංගුවට ගන්නා ලද්දේ ඇමෙරිකා ෆෙඩරල් පොලිසිය හා කැනඩා පොලිසිය ඒකාබද්ධව ක්‍රියා කිරීමෙනි.

ඇමෙරිකා නීතිපති ලොරේටා ලින්ච් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ නවීනතම යුද තාක්ෂණය සහ උපකරණ කුරිරු කොටි සංවිධානයට ලබා දීමට වගඋත්තර කරුවන් ක්‍රියා කර ඇති බවයි.

නිදහස් සටන්කාමී ලෙස පෙනී සිටිමින් ඔවුන් ත්‍රස්තවාදී අරමුණුවලට එරෙහි පිරිස් මරා දමමින් ශ්‍රී ලංකාව ලේවලින් නාවා මිනිසුන් අතර බිය ඇති කළ බව ද ලිනිච්ගේ ප්‍රකාශයේ දැක්වේ.

අපරාධ ක්‍රියා මගින් සොයා ගත් මුදල් කොටි සංවිධානයට බැර කිරීමට ස්කන්ධරාජා උදව් කළ බව ද පැමිණිල්ලේ දැක්වේය.

උතුරේ සිට කැනඩාවට පැමිණි ස්කන්ධරාජා 2006 දී අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරන ලෙස නියම කැරිණි.

ඔහු රටින් පිටුවහල් කිරීමට ගත් තීරණයට එරෙහිව වසර හයක් තිස්සේ කැනඩා ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගිය ස්කන්ධරාජාගේ ඇපෑල 2012 දෙසැම්බරයේදී ඉවත දැමිනි.

ඉන් පසු ඔහුට එරෙහි නඩුවට මුහුණ දීම සඳහා ඇමෙරිකාවට භාර දෙනු ලැබීය.

ඒ කාලය අතරතුර ඔහු යිල් ෆ්‍රිඩ් ලොරියර් සරසවියේ එම්.බී.ඒ උපාධිය දිනා ගත්තේය. උපදේශකයකු ලෙස රැකියාව කරන ගමන් ආචාර්ය උපාධියට ද සූදානම් වෙමින් සිටියේය.

පිරදීපන් නඩරාජා නැමැත්තෙක් ද කැනඩාවේ සිට ශ්‍රී ස්කන්කන්ධරාජා සමග රටින් පිටුවහල් කැරිණි. ඔහුට එරෙහි චෝදනාව වූයේ ගුවන් යානා නාෂක මිසයිල තාක්ෂණය කොටි සංවිධානයට ලබා දීමට උත්සාහ කිරීමයි. ගුවන් යානයේ උෂ්ණත්වය සොයා යන මිසයිල තාක්ෂණය ලබා ගැනීමට ඔහු උත්සාහ කළ බවත්, ඇමෙරිකා ඩොලර් දස ලක්ෂයක (රුපියල් කෝටි 132 ) අධි බලැති යුද උපකරණ දෙමළ කොටි සංවිධානයට ලබා දීම සඳහා ඔහු ඇමෙරිකා ෆෙඩරල් පොලිසියේ නියෝජිතයකු සමග සාකච්ඡා කළ බව ද    නඩුවේදී සඳහන් විය.

ඔහු එසේ කර ඇත්තේ තම ගනුදෙනුකරුවා ඇමෙරිකා පොලිසියේ පොලිස් නිලධාරියකු බව නොදැනය.

ඔහු කැනඩාවෙන් ඇමෙරිකාවට පිටුවහල් කිරීමෙන් පසුව චෝදනාවට නිවැරදි කරු බව පැවසීයැයි මාධ්‍ය වාර්තා කියයි.

 



අදහස් (0)

කොටියාට කැනඩා යුද තාක්ෂණය දුන් බව පිළිගනී

ලේක්කෝ ගලබඩ Thursday, 04 July 2013 03:32 PM

කෝටි 132 ක් වැඩිත් එක්ක. එන්න මහත්තයා ලංකාවට. අපි ඔබව මාසයක් හිරේ දාල පසුව දේශපාලකයෙක් කරන්නම්. මතක ඇතුව සල්ලි ටික අරන් එන්න.(නදී)

:       0       0

චාන් Thursday, 04 July 2013 07:32 PM

නියම ජාතික වීරයෙක්,........ප්‍රතිපල අහක?(නදී)

:       0       0

උපුල් Friday, 05 July 2013 09:18 AM

එන්න එන්න ලංකාවට එවිත් චන්දෙ ඉල්ලලා සියලුම චෝදනා වලින් නිදහස් වෙන්න එල් ට්‌ ටි ඔයාලට අපි සලකනවා. (ස)

:       0       0

මාටින් Thursday, 04 July 2013 03:36 PM

වරෙන් මචන් මෙහෙ ..උබට හරියන්නේ උතුරේ මහා ඇමතිකම.(නදී)

:       0       0

ප්‍රදීප් Friday, 05 July 2013 09:18 AM

ප්‍රබාශ්වරන්, ඔබගේ කතාවට ස්තුතියි. සිංහල අපි බහුතරය සිංහල අන්තගාමි සුළු පිරිසකගෙන් කළු ජුලිය අවස්ථාවේදී වෙච්ච කණගාටුදායක සිදුවීම් ගෙන අදටත් කණගාටු වෙනවා . අපේ සිංහල ගෙවල් බොහොමයක් එදා දෙමල මිනිසුන් අපේ ගෙවල් වල සගවා ගෙන අපි ආරක්ෂා කල බවත් මතක් කරන්න කැමතියි. කාගේත් ඇගේ දුවන්නේ රතු පාට රුධිරය. ආරච්චි, ඔබ ඉල්ලා සිටින ඉල්ලීම සුදුසුයැයි මමත් සිතනවා.ඔහු කළ වරදට ඔහුට දඩුවම් ලැබිලා තියනවා. ලංකාවේ අයෙත් කිසිම දවසක කිසිම ජාතිවාදී කෝලාහල වලට ඉඩක් නැහැ කියලා මම විශ්වාස කරනවා. අතීතයෙන් හැමෝම පාඩම් ඉගෙන ගෙන තියනවා. අහිංසක සිංහල හෝ දෙමල හෝ මුස්ලිම් හෝ කිසිම කෙනෙකුට කරදරයක් නොවෙන්න අපි හැමෝම වග බලාගන්න ඕනෑ. එහෙම වෙනවා නම් ජාතිවාදයෙන් තොරව අහිංසක අපි සියලු දෙන එකතු වෙලා එහෙම කරන අයට දඩුවම් දෙන්න ඉදිරිපත් වෙන්න ඕනෑ. අපි අපේ දරුවන්ට මේ බොලද ජාතිවාදී අදහස් දෙන්න හොද නැහැ. ඔවුනට උගන්නන ඕනෑ මේ ලෝකේ ඉන්නේ මිනිස්සු කොට්ටාශ දෙකක් විතරයි, ඒ හොද මිනිස්සු සහ නරක මිනිස්සු කියලා (නි)

:       0       0

ඇසල Thursday, 04 July 2013 03:37 PM

අවුරුදු 32 කට කොහොමද නිෂ්පාදනය. සිංහල ජාතිය සුළු ජාතිය වෙන්නේ පුංචි පවුල රත්තරන් කියල හිතාගෙන ඉන්න නිසා.(ස)

:       0       0

කුමාරසිරි Friday, 05 July 2013 02:38 PM

දැන් ඔය ප්‍රතිචාර දාන්නෙ, ඇමතිකම් දෙන්නම් , නොමිනේෂන් දුන්නනම් හොදයි , කියන අය තමයි ඔය මිනිස්සුන්ව 89 දී ගහල කොටි බවට පත්කළේ.එයත් ශ්‍රී ලංකික මොලයක් .වැඩ ගන්නවද ? නැද්ද ? කියන එක මොලයක් ඇති ලාංකකින්ට බාරයි . (අ)

:       0       0

සමීර Thursday, 04 July 2013 03:38 PM

මම නිකන් දැක්කේ රසල් ආනෝල්ඩ් වගේ. ඒ විදියමයි. ඕනෑ කෙනෙක් රැවටෙනවා. එන්න ලංකාවට (නි)

:       0       0

කෙනත් Thursday, 04 July 2013 07:56 PM

"මට මතක නැහැ" කියල කිව්වනම් හරිනේ, ඕව ටොයිස් වැඩ මේ රටේ නම්. නමුත් ඇමෙරිකාවට අපේ ප්‍රණාමය, කව්රු බැන්නත් එදා ඇමෙරිකාව කොටින් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා තහනම් කල නිසා තමයි අනිත් රටවලුත් එහෙම කලේ, ඒ අයට එළිපිට උදව් කරන්න බැරි වුනා මේ හේතුවෙන්, අද දක්වාත් ඇමෙරිකාවේ මතය කොටින් යනු ම්ලේච්ච ත්‍රස්තවාදී සංවිධානයක් බවයි.(නදී)

:       0       0

ශාන්ත ලාල් Thursday, 04 July 2013 08:06 PM

ඔය එන්නේ එළියට. දැනට ඔහොම යමුකෝ. මේ රටට කල විනාශයට ඔබ දේශයෙන් දඩුවම් විදිය යුතුයි.(නදී)

:       0       0

ඉන්දික උඩුමලගල Thursday, 04 July 2013 03:46 PM

කේ. පී. , තමලිනී සහ දයා මාස්ටරුත් ආණ්ඩු පාර්ශවයෙන් ඡන්දෙ ඉල්ලන එකේ ඔයත් නොමිනේෂන් වලට ට්‍රයි කරලා බැලුවොත් නරකද ?(නදී)

:       0       0

කැනඩා දිසා Friday, 05 July 2013 09:44 AM

හිතන්න ,කොටින්ට තම පක්ක්ෂයෙන් ඉදිරිපත් වෙන්න කියන සාටක පක්ෂය මෙවන් අය අත අරීද ?.. නැ මම මේ නිකන් වගේ අහන්නේ.(නදී)

:       0       0

ඉන්දික උඩුමලගල Thursday, 04 July 2013 03:50 PM

මෙයා තුරුල් කරගෙන ඉන්න ළමයි වගේ අහිංසක ළමයි කී දෙනෙක් කොටි අමු අමුවේ මරලා දැන්මද ? (ස)

:       0       0

සම්පත් Friday, 05 July 2013 09:45 AM

මම නම් ජාතිවාදී තමා.මොකද අපිට තියන එකම රට මේක. (නි)

:       0       0

සෑම් Friday, 05 July 2013 09:52 AM

ලෝකෙම තියන හොඳම තාක්ෂණය දුන්නත් ඒ ඔක්කොටම වඩා අපේ සිංහල කොල්ලන්ගේ මොලය සහ අපේ රටේ පාලකයින්ගේ දැඩි අධිෂ්ටානෙන් ලෝකෙම හොඳම තාක්ෂණය සමග ප්‍රබාකරන්ගේ මැර කල්ලිය අපේ පුංචි රට විසින් නැතිකරලා දාලා ගොඩක් කල්. (නි)

:       0       0

ශශිකා Friday, 05 July 2013 10:10 AM

ප්‍රබාශ්වරන්,ඔබ හරියටම හරි. හැමෝම ලාංකිකයන් විදියට හිතුවොත් තමා අපිට රටක් විදියට ඉදිරියට යන්න පුළුවන්. අපිටත් සිංහල වගේම දමිල , මුස්ලිම් යාලුවෝ ඉන්නවා. අපි එකට ඉන්න වෙලාවට ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ.ඔක්කොම එකා වගේ ඉන්නවා. ඒත් කොටි සංවිදානය කලේ සමාව දෙන්න බැරි දෙයක්. මෙයා කවදහරි දුක් වෙයි තමන් ගැනම. මොකද එයා දුන්න තාක්ෂණය උදව්වෙන් මේ රටේ අහිංසක මිනිස්සු ඕනෑ තරම් මැරෙන්න ඇති (නි)

:       0       0

රංග ශානි Friday, 05 July 2013 10:16 AM

අපරාදේ මේ මනුස්සය මොනටරම් සේවයක් කරන්න පුළුවන් කෙනෙක්ද? (ස)

:       0       0

සඳුනි Thursday, 04 July 2013 09:20 PM

මෙයාගෙත් මානව හිමිකම් කඩකලා කියාවිද? (අ)

:       0       0

සාදි Thursday, 04 July 2013 09:23 PM

ධනුෂන්වත් පුනරුත්ථාපනය කරන්න වේවි වගේ.???(අ)

:       0       0

චානක. Thursday, 04 July 2013 09:56 PM

මොහු මේ දරුවන් වටකරගෙන ඉන්නේ මොන තරම් ස්නේහයෙන්ද. එහෙනම් මන්ද මේ ස්නේහය කුරිරු අවි ආයුධ මගින් ජීවිත අන් දරුවන්ට අහිමි කළේ.(නදී)

:       0       0

රණවී පැරිස් Thursday, 04 July 2013 10:39 PM

ඔබ ඔබගේ වගකීම ඉටු කර ඇත.(නදී)

:       0       0

රණවී පැරිස් Thursday, 04 July 2013 10:39 PM

ඔබ ඔබගේ වගකීම ඉටුකර ඇත (නි)

:       0       0

එදිරිසිංහ Thursday, 04 July 2013 10:42 PM

මෙයා ශ්‍රී ලංකා ලියාපදිංචි දෙමළද? නැත්නම් ඉන්දියන් තමිල්නාඩුද? කෙසේ වෙතත් ලින්ච්ගේ ප්‍රකාශය අපි අගයකරමු . (නි)

:       0       0

කල්ප Thursday, 04 July 2013 04:44 PM

ලංකාවට අහිතක් වෙන වැඩක් නම් කරන්න හිතන්න එපා (දී)

:       0       0

උදය Thursday, 04 July 2013 04:46 PM

වරදක් වෙලා තියෙනවා දඩුවමක් දෙන්න වෙනවා (දී)

:       0       0

මහේෂිකා Wednesday, 10 July 2013 02:03 PM

මෙයාට මොලේ තිබ්බට ඒක පාවිච්චි කරන්න දන්නේ නැහැ. මෙයාගේ මොලේ සමාජයේ යහපතට පාවිච්චි කළා නම් අද මෙයාට හොඳ වැඩක් කරලා ලෝක ප්‍රකට වෙන්න තිබුනා. ඒකට තමයි කර්මය කියන්නේ. බුද්ධිය වැරදි දේට පාවිච්චි කරන මේ වගේ අය හිරේ තමයි ඉන්න ඕනෑ (දී)

:       0       0

බොබ් Sunday, 14 July 2013 10:54 AM

සියලු දෙනාම කියනවා ලංකාවට ගෙනල්ලා මරන දඩුවම දෙන්න ඕනෑ කියලා. නමුත් කලින් ලංකාවට ගෙනාපු අය මැරුවද. එයාලට රජ සැප. අනුරාදගේ අදහසට ගරු කරනවා. අනික විජේසින්හගේ කාතාවෙත් ඇත්තක් තියනවා. අරුසිගේ කාටවත් නියමයි. කෙසේවෙතත් අපි සැවොම එකම ජාතියක් හැටියට සමගියෙන් ජිවත් වෙමු.ජය ශ්‍රී! (දී)

:       0       0

අරුසියා Friday, 05 July 2013 12:25 AM

සිංහල මිනිස්සු ජාතිවාදීද නැද්ද කියලා පත්තර වල තියන ප්‍රතිචාර දිහා බලලා තීරණය කරන්න (නි)

:       0       0

ධම්ම Friday, 05 July 2013 12:51 AM

ඇමෙරිකාවට කොටින් ත්‍රස්තවාදීන් වන්නේ තමන්ගේ රටට පාඩුවක් වෙනවා නම් පමණයි. අනෙක් වෙලාවට නිදහස් සටන්කාමීන්. ඇමෙරිකාව කොටින් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා තහනම් කලේ තමන්ගේ ආරක්ෂාවට මිස අපට ආදරේට නොවේ. (නි)

:       0       0

ජයසිංහ Thursday, 04 July 2013 02:17 PM

එන්න පුතා දැන් ලංකාවට ඇමති කමක් දීලා ගන්නම් ඕවත් වැඩද ?(නදී)

:       0       0

ප්‍රනාන්දු Thursday, 04 July 2013 02:17 PM

මෙයාව හම ගහලා පස් පුරවන්න ඕනා.(නදී)

:       0       0

ලීල් ගුනවර්ධන Friday, 05 July 2013 01:09 AM

විශාල වශයෙන් මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ උන මේවගේ අමනුස්සයන්ට මොන දරු සුරතල්ද සිරදඬුවම දිය යුතුයි.(නදී)

:       0       0

සැම් Thursday, 04 July 2013 02:19 PM

දැන් යුද්ධය නැති නිසා ඇමති කමක් ගන්න පුළුවන් ට්‍රයි කරන්න.(නදී)

:       0       0

පෙරේරා Thursday, 04 July 2013 05:13 PM

අදහස් දැක්කම මේ වගේ මිනිස්සු ඉන්න රටක ඉපදුන එකට ශාප කර ගන්නවා. මේකටත් ශපාලනේ ඇද ගෙන ආණ්ඩුවට බනිනවා. එක අතකට ප්‍රබාකරන් මරා ගත්තේ මොකටද කියලත් හිතෙනවා. (නි)

:       0       0

කුමාරි Thursday, 04 July 2013 05:15 PM

ඇයි මල්ලි හිතන්න බැරි අපි හැමෝගෙම ඇගේ දුවන්නේ රතු පාට ලේ කියලා? තමන්ට තියෙන බුද්ධිය යහපත් වැඩකට යොදවන්න (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහගේ Monday, 08 July 2013 03:25 AM

ඇයි දැක්කේ නැද්ද සාමනේර හාමුදුරුවරු බස් එකක්ම පාපතරයෝ මරල දාල හිටපු හැටි!! දැන් බබාලා වෙන්න හදන්නේ.(නදී)

:       0       0

පීපී Thursday, 04 July 2013 02:21 PM

පවු අහිංසක දරුවෝ.(නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 08 July 2013 03:30 AM

පෙරේරා මහත්තයෝ, ප්‍රබාකරන් මරා ගත්තට දුක් වෙන්නේ,ඔයාගේ නෝනට තෝන්තුව හැදිලා හින්දද.? (නදී)

:       0       0

සාමි Thursday, 04 July 2013 05:21 PM

අනේ එයාව නිදහස් කරන්න මහත්තයෝ (නි)

:       0       0

විකී Friday, 05 July 2013 02:21 AM

ලංකාවට එන්න බලන්න කෝ තියෙන සැප බලන්න.(නදී)

:       0       0

සනත් Thursday, 04 July 2013 02:29 PM

කාටද කියන්නේ අවනඩුව (දී)

:       0       0

බමුණු Thursday, 04 July 2013 05:27 PM

"ඔබ හොද මිනිසෙකි." ද්‍රවිඩයන්ට. අපට ඔබ විනාස කල යුතු අපරාදකරයෙකි.(නදී)

:       0       0

ඉන්දික Thursday, 04 July 2013 02:30 PM

මොනවද මේ කියන්නේ. මල්ලි එන්නකෝ ලංකාවට. ඔයාට තියෙනවා උපරිම සුදුසුකම් ඇමති කෙනෙක් වෙන්න. (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 04 July 2013 02:31 PM

කියන්න ලංකාවට පිටුවහල් කරන්න කියලා. මේහේ හොද සැප.(නදී)

:       0       0

ජෝයි Thursday, 04 July 2013 02:36 PM

ඇයි දෙයියනේ දඩුවන් දුන්නේ. සුද්දෝ ඉගෙනගන්න එපැයි අපෙන් ඇමතිකමක් දෙන්න.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Thursday, 04 July 2013 02:36 PM

හරි හරි එහෙම උනේ ඇමරිකාවෙනේ. ලංකාවෙ නම් මෙලහකටත් පාර්ලිමේන්තුවේ.(නදී)

:       0       0

ශීලා Thursday, 04 July 2013 02:37 PM

අපරාද කාරයෙක් උනත් හොද මොළයක්. බලන්න කොච්චර ඉගනගනද කියල... තව කොච්චර මෙහෙම අය ඇතිද.... මේ අයගෙන් වැඩ ගන්න පුළුවන් නම් ලංකාව මොන තරඟ දියුණු කල හැකි වේද. (ත)

:       0       0

අරුසි Thursday, 04 July 2013 05:41 PM

විජේසිංහ, ඔයා හරියටම හරි. ලංකාවේ කට්ටියට අවුරුදු 30 නොපෙනුන දේවල් දැන් පෙනෙන්න පටන් අරන්. අවුරුදු ගානක් තිස්සේ මස් කනවා ඒත් දැන් තමයි දන්නේ ඒ හරක් මස් කියලා.(නදී)

:       0       0

කුමාර Thursday, 04 July 2013 02:42 PM

මේ ඔක්කොම මෙයාගේ දරුවෝද?මොහුට විරුද්ධව ශ්‍රී ලංකා රජයත් නඩු පවරන්න ඕන (ත)

:       0       0

කුමුදු Thursday, 04 July 2013 05:51 PM

මොන පිස්සු කතාද ලොක්කා අනිවාර්යයෙන්ම මෙයා ලංකාවට ගෙන්වලා මරන්න ඕනා. කොටින්ගේ වෙඩි හඩක් ඇහුන, එක සිංහලයෙක් මෙයාට අනුකම්පා කරන්නේ නැහැ.(නදී) .

:       0       0

මහේෂ් Saturday, 06 July 2013 01:52 PM

මේ මිනිහට මොකට බනිනවද , සුනාමි සල්ලිත් හොරා කාපු අය අපේ රටේ ඉන්නකොට.(අ)

:       0       0

මධුක Friday, 05 July 2013 05:21 AM

මේවට හිනා වෙන්නත් ,සතුටු වෙන්නත් ඕනෑ.නැත්තම් වැඩක් නැහැ.ත්‍රස්තවාදී අරමුණු වෙනුවෙන් ක්‍රියාකළ නුඹ වැනි අය ජිවත්ව සිටීම පුදුමයක්. දහසකුත් අහිංසක මිනිසුන්ගේ සතුට ,සිනහව නුඹ නිසා නැතිවෙන්න ඇති. ඉතින් දැන් ඒවාට වන්දි ගෙවන්න කාලයයි. ලක් මව සැමදා දිනේවා,බැබලේවා.......!!! (නි)

:       0       0

ශීශර Friday, 05 July 2013 05:32 AM

කෝ දැන් ඇමරිකාවට විරුද්ධව කෑ ගහන අය? (නි)

:       0       0

රණා Wednesday, 10 July 2013 10:08 PM

මල්ලි, එන්නකො මේ පැත්තේ තේ එකක් බීලා කාලාම යන්න (නි)

:       0       0

රංජි Thursday, 04 July 2013 06:07 PM

ලංකාවෙත් නීතිය තිබේ නමි බලධාරීන් මොහුට විරුද්ධව කටයුතු කරන්න. (දී)

:       0       0

අනුරාධ. Thursday, 04 July 2013 06:08 PM

තම දරුවන් සුරතල් කලාට ත්‍රස්තවාදියාට අන් දරුවන් මෙලෙඡච ලෙස ඝාතනය කල හැක.මන්ද?උගත් උවත් මන්ද බුද්ධිකයකු වූ නිසාය.අමන පුද්ගලයකු වූ නිසාය. (දී)

:       0       0

ධනූෂන් සුභ්‍රමනියම් Thursday, 04 July 2013 02:59 PM

ඔබ හොද මිනිසෙකි.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 04 July 2013 06:11 PM

හැටදහසකට මාරු කැඳවූ කුරිරු යුද්ධයේ කොටස් කාරයෙක් හැටියට ඔබව ලංකාවට ගෙන්වා මරණ දඬුවම දිය යුතුය. (දී)

:       0       0

විතානගේ Thursday, 04 July 2013 03:00 PM

මොන තාක්ෂනය දුන්නත් වැඩක් වුනේ නැහැ නේද අපේ දක්ෂතාවයට.(නදී)

:       0       0

සමන් ප්‍රදීපා Thursday, 04 July 2013 03:00 PM

බයවෙන්ඩ එපා දැන් කේ.පී ත් සැප විදිනවා අපරාද ලංකාවට එන්ඩ තිබුණා නේ.(නදී)

:       0       0

විජේසිංහ Thursday, 04 July 2013 03:04 PM

බුධිධිමත් කඩවසම් තරුණයෙක්. වැරැද්ද අපේ. අපිට බැරි උනා රටේ තරුණයන්ගේ කුසලතා හදුනා ගෙන ඔවුන්ගෙන් වැඩ ගන්න. එල් ටි ටි ත්‍රස්තවාදය ආරම්භ වීමට සිංහල අපිත් හේතු උනා. දැන් අලුත් ත්‍රස්තවදයක් ආරම්භ කරන්නයි අපේ සමහරු උත්සහ කරන්නේ.(නදී)

:       0       0

දිලාන් @ ජෝර්දාන් Thursday, 04 July 2013 06:30 PM

මෙයාටත් දරුවෝ ඉන්නවා.මෙයාගේ ඔය මොලෙන් ලංකාවේ තවත් දරුවෝ කී දෙනෙකුට තාත්තා නැති වෙන්න ඇද්ද.රජ කලේ දඩුවම් තිබුනානම්........................... (දී)

:       0       0

නීලා Thursday, 04 July 2013 03:09 PM

ලංකාවට ආවොත් යුද්ධ කරන්න තාක්ෂණය විතරක් දීපු නිසා සමහරවිට අවු.1ක්2ක් නඩුවක් තියේවි. යුද්ධ කරල හිමිවරු 30ක්40 මරල සෙබළු 1000 කට 2000 කට වග කියල තිබුණනම් ඇමති කමක් සමග ශ්‍රීලනිපයේ සභාපති කමක් ෂුවර්ම තමයි.(නදී)

:       0       0

සමන් Thursday, 04 July 2013 06:35 PM

අයියෝ සල්ලි

:       0       0

අනුර ගුනවර්දන Thursday, 04 July 2013 06:36 PM

අපි බලන්න ඕන මෙච්චර උගත් වෙලා හොද ජීවිතයක් ගත කරන්න තියෙද්දී ඔහු තමන්ගේ ජාතිය වෙනුවන් කරපු කැපකිරීම (දී)

:       0       0

සම්පත් Thursday, 04 July 2013 06:46 PM

මොහුගේ මව ගැන දුකයි (දී)

:       0       0

සිරී Sunday, 07 July 2013 08:04 AM

කොටියාගේ පැටවූ කොටි පැටවූ.(නදී)

:       0       0

ආරච්චි Thursday, 04 July 2013 03:15 PM

ළමයින්ගේ ෆොටෝ එක අයින් කරන්න.(නදී)

:       0       0

නිෂාන්ත Friday, 05 July 2013 08:44 AM

දැන් කේ.පී ත් සැප විදිනවා අපරාද ලංකාවට එන්න තිබුණා නේ. (ස)

:       0       0

ප්‍රභාශ්වරන් Thursday, 04 July 2013 07:02 PM

ධනූෂන් සුභ්‍රමනියම්, ඔයාට මෙයා හොද මිනිහෙක් උනාට ශ්‍රී ලාංකික අපිට නම් මෙයා අපේ රට විනාශ කරන්න කොටින්ට උදව් කරපු ත්‍රස්තවාදියෙක් විතරයි. මෙයා මොන උපාධිය ගත්තත් මටනම් මෙයා ත්‍රස්තවාදියෙක්, මිනී මරුවෙක් විතරයි. ඔයාල වගේ ජාති වාදී මිනිස්සු ඉන්නකම් මේ ලෝකේ කවදාවත් සාමකාමී වෙන්නේ නෑ. ජාතිය මොකක් උනත් ශ්‍රී ලාංකිකයෙක් විදියට හිතන්න පුරුදු වෙන්න. අනික සිංහල මිනිස්සු ඔය හිතන තරම් ජාති වාදී මිනිස්සු නෙමෙයි, එහෙම උනානම් ඔයා/ මම අද මෙරිච්ච තැන් වල ගසුත් පලවෙලා. අපි හෙමොගෙන්ම වැරදි සිද්ද වෙනවා ඒවා අමතක කරලා අපි සමගියෙන් ජීවත් වෙන්න බලන්න ඕනේ. (දී)

:       0       0

පිටබෙද්දර ජයා Thursday, 04 July 2013 07:09 PM

වාසනාවට සරත් ෆොන්සේකා මහත්තයා හමුදාපති වුනේ (නි)

:       0       0

සමිත් Thursday, 04 July 2013 07:09 PM

මේ මොලෙන් අපේ කොල්ලන් කීයක් මැරෙන්න ඇද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 81 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 135 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2444 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 899 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 518 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1532 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37754 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site