කැනඩා යුද හමුදාවේ නව තාක්ෂණය ශ්‍රී ලංකාවේ කොටි සංවිධානයට හොරෙන් දුන්නැයි කියන සුරේෂ් ශ්‍රී ස්කන්ධරාජා (32) නම් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බෘක් ලිඩ් උසාවියකදී වරද පිළිගත් බව කැනඩාවේ නැෂනල් පෝස්ට් පත්‍රය කියයි.
ඔහුට අවුරුදු 15 දක්වා සිර දඩුවම් නියම කිරීමට ඉඩ ඇතැයි කැනඩා ආරංචි කියයි.
ස්කන්ධරාජා කැනඩාවේ ඔන්ටේරියෝ නුවර වෝටලු සරසවියේ උපාධිධරයෙකි.
කොටි සංවිධානයට ගුවන් යානා උපකරණ, සබ්මැරීන් හා යුද නැව් නිර්මාණය කිරීමේ මෘදුකාංග, අදුරේදී ආලෝකය ලබා ගැනීමේ උපකරණ හා තාක්ෂණික උපකරණ දෙමළ කොටියනට සැපයීයැමට කුමන්ත්‍රණය කළැයි ස්කන්ධරාජා හා තවත් සම කුමන්ත්‍රණ කරුවන් පිරිසකට එරෙහිව ඇමැරිකා නීතිපති නඩු පවරා ඇත.
සැකකරුවෝ හය දෙනෙක් දැනටම වැරදිකරුවෝ වී සිටිතියි ඇමෙරිකා නීතිපති කාර්යාලයය කියයි.
2004 සැප්තැම්බර හා 2006 අප්‍රේල් කාලය තුළදී මේ උපකරණ හා තාක්ෂණය කොටි පාලන ප්‍රදේශයට හොරෙන් ගෙන යෑමට ස්කන්ධරාජා ශිෂ්‍යයන් යොදවා ගත් බව පැමිණිල්ලෙන් කියැවිනි.
වෝටලූ සරසවියේ විදුලි ඉංජිනේරුවරයකු වූ ස්කන්ධරාජා අත්අඩංගුවට ගන්නා ලද්දේ ඇමෙරිකා ෆෙඩරල් පොලිසිය හා කැනඩා පොලිසිය ඒකාබද්ධව ක්‍රියා කිරීමෙනි.
ඇමෙරිකා නීතිපති ලොරේටා ලින්ච් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ නවීනතම යුද තාක්ෂණය සහ උපකරණ කුරිරු කොටි සංවිධානයට ලබා දීමට වගඋත්තර කරුවන් ක්‍රියා කර ඇති බවයි.
නිදහස් සටන්කාමී ලෙස පෙනී සිටිමින් ඔවුන් ත්‍රස්තවාදී අරමුණුවලට එරෙහි පිරිස් මරා දමමින් ශ්‍රී ලංකාව ලේවලින් නාවා මිනිසුන් අතර බිය ඇති කළ බව ද ලිනිච්ගේ ප්‍රකාශයේ දැක්වේ.
අපරාධ ක්‍රියා මගින් සොයා ගත් මුදල් කොටි සංවිධානයට බැර කිරීමට ස්කන්ධරාජා උදව් කළ බව ද පැමිණිල්ලේ දැක්වේය.
උතුරේ සිට කැනඩාවට පැමිණි ස්කන්ධරාජා 2006 දී අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරන ලෙස නියම කැරිණි.
ඔහු රටින් පිටුවහල් කිරීමට ගත් තීරණයට එරෙහිව වසර හයක් තිස්සේ කැනඩා ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගිය ස්කන්ධරාජාගේ ඇපෑල 2012 දෙසැම්බරයේදී ඉවත දැමිනි.
ඉන් පසු ඔහුට එරෙහි නඩුවට මුහුණ දීම සඳහා ඇමෙරිකාවට භාර දෙනු ලැබීය.
ඒ කාලය අතරතුර ඔහු යිල් ෆ්‍රිඩ් ලොරියර් සරසවියේ එම්.බී.ඒ උපාධිය දිනා ගත්තේය. උපදේශකයකු ලෙස රැකියාව කරන ගමන් ආචාර්ය උපාධියට ද සූදානම් වෙමින් සිටියේය.
පිරදීපන් නඩරාජා නැමැත්තෙක් ද කැනඩාවේ සිට ශ්‍රී ස්කන්කන්ධරාජා සමග රටින් පිටුවහල් කැරිණි. ඔහුට එරෙහි චෝදනාව වූයේ ගුවන් යානා නාෂක මිසයිල තාක්ෂණය කොටි සංවිධානයට ලබා දීමට උත්සාහ කිරීමයි. ගුවන් යානයේ උෂ්ණත්වය සොයා යන මිසයිල තාක්ෂණය ලබා ගැනීමට ඔහු උත්සාහ කළ බවත්, ඇමෙරිකා ඩොලර් දස ලක්ෂයක (රුපියල් කෝටි 132 ) අධි බලැති යුද උපකරණ දෙමළ කොටි සංවිධානයට ලබා දීම සඳහා ඔහු ඇමෙරිකා ෆෙඩරල් පොලිසියේ නියෝජිතයකු සමග සාකච්ඡා කළ බව ද නඩුවේදී සඳහන් විය.
ඔහු එසේ කර ඇත්තේ තම ගනුදෙනුකරුවා ඇමෙරිකා පොලිසියේ පොලිස් නිලධාරියකු බව නොදැනය.
ඔහු කැනඩාවෙන් ඇමෙරිකාවට පිටුවහල් කිරීමෙන් පසුව චෝදනාවට නිවැරදි කරු බව පැවසීයැයි මාධ්‍ය වාර්තා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධනුෂන්වත් පුනරුත්ථාපනය කරන්න වේවි වගේ.???(අ)
ලංකාවට එන්න බලන්න කෝ තියෙන සැප බලන්න.(නදී)
විශාල වශයෙන් මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ උන මේවගේ අමනුස්සයන්ට මොන දරු සුරතල්ද සිරදඬුවම දිය යුතුයි.(නදී)
ඇමෙරිකාවට කොටින් ත්‍රස්තවාදීන් වන්නේ තමන්ගේ රටට පාඩුවක් වෙනවා නම් පමණයි. අනෙක් වෙලාවට නිදහස් සටන්කාමීන්. ඇමෙරිකාව කොටින් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා තහනම් කලේ තමන්ගේ ආරක්ෂාවට මිස අපට ආදරේට නොවේ. (නි)
සිංහල මිනිස්සු ජාතිවාදීද නැද්ද කියලා පත්තර වල තියන ප්‍රතිචාර දිහා බලලා තීරණය කරන්න (නි)
මෙයා ශ්‍රී ලංකා ලියාපදිංචි දෙමළද? නැත්නම් ඉන්දියන් තමිල්නාඩුද? කෙසේ වෙතත් ලින්ච්ගේ ප්‍රකාශය අපි අගයකරමු . (නි)
ඔබ ඔබගේ වගකීම ඉටුකර ඇත (නි)
ඔබ ඔබගේ වගකීම ඉටු කර ඇත.(නදී)
මොහු මේ දරුවන් වටකරගෙන ඉන්නේ මොන තරම් ස්නේහයෙන්ද. එහෙනම් මන්ද මේ ස්නේහය කුරිරු අවි ආයුධ මගින් ජීවිත අන් දරුවන්ට අහිමි කළේ.(නදී)
මේවට හිනා වෙන්නත් ,සතුටු වෙන්නත් ඕනෑ.නැත්තම් වැඩක් නැහැ.ත්‍රස්තවාදී අරමුණු වෙනුවෙන් ක්‍රියාකළ නුඹ වැනි අය ජිවත්ව සිටීම පුදුමයක්. දහසකුත් අහිංසක මිනිසුන්ගේ සතුට ,සිනහව නුඹ නිසා නැතිවෙන්න ඇති. ඉතින් දැන් ඒවාට වන්දි ගෙවන්න කාලයයි. ලක් මව සැමදා දිනේවා,බැබලේවා.......!!! (නි)
මෙයාගෙත් මානව හිමිකම් කඩකලා කියාවිද? (අ)
ඔය එන්නේ එළියට. දැනට ඔහොම යමුකෝ. මේ රටට කල විනාශයට ඔබ දේශයෙන් දඩුවම් විදිය යුතුයි.(නදී)
"මට මතක නැහැ" කියල කිව්වනම් හරිනේ, ඕව ටොයිස් වැඩ මේ රටේ නම්. නමුත් ඇමෙරිකාවට අපේ ප්‍රණාමය, කව්රු බැන්නත් එදා ඇමෙරිකාව කොටින් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා තහනම් කල නිසා තමයි අනිත් රටවලුත් එහෙම කලේ, ඒ අයට එළිපිට උදව් කරන්න බැරි වුනා මේ හේතුවෙන්, අද දක්වාත් ඇමෙරිකාවේ මතය කොටින් යනු ම්ලේච්ච ත්‍රස්තවාදී සංවිධානයක් බවයි.(නදී)
නියම ජාතික වීරයෙක්,........ප්‍රතිපල අහක?(නදී)
මේ මොලෙන් අපේ කොල්ලන් කීයක් මැරෙන්න ඇද්ද? (නි)
වාසනාවට සරත් ෆොන්සේකා මහත්තයා හමුදාපති වුනේ (නි)
ධනූෂන් සුභ්‍රමනියම්, ඔයාට මෙයා හොද මිනිහෙක් උනාට ශ්‍රී ලාංකික අපිට නම් මෙයා අපේ රට විනාශ කරන්න කොටින්ට උදව් කරපු ත්‍රස්තවාදියෙක් විතරයි. මෙයා මොන උපාධිය ගත්තත් මටනම් මෙයා ත්‍රස්තවාදියෙක්, මිනී මරුවෙක් විතරයි. ඔයාල වගේ ජාති වාදී මිනිස්සු ඉන්නකම් මේ ලෝකේ කවදාවත් සාමකාමී වෙන්නේ නෑ. ජාතිය මොකක් උනත් ශ්‍රී ලාංකිකයෙක් විදියට හිතන්න පුරුදු වෙන්න. අනික සිංහල මිනිස්සු ඔය හිතන තරම් ජාති වාදී මිනිස්සු නෙමෙයි, එහෙම උනානම් ඔයා/ මම අද මෙරිච්ච තැන් වල ගසුත් පලවෙලා. අපි හෙමොගෙන්ම වැරදි සිද්ද වෙනවා ඒවා අමතක කරලා අපි සමගියෙන් ජීවත් වෙන්න බලන්න ඕනේ. (දී)
මොහුගේ මව ගැන දුකයි (දී)
අපරාදේ මේ මනුස්සය මොනටරම් සේවයක් කරන්න පුළුවන් කෙනෙක්ද? (ස)
සියලු දෙනාම කියනවා ලංකාවට ගෙනල්ලා මරන දඩුවම දෙන්න ඕනෑ කියලා. නමුත් කලින් ලංකාවට ගෙනාපු අය මැරුවද. එයාලට රජ සැප. අනුරාදගේ අදහසට ගරු කරනවා. අනික විජේසින්හගේ කාතාවෙත් ඇත්තක් තියනවා. අරුසිගේ කාටවත් නියමයි. කෙසේවෙතත් අපි සැවොම එකම ජාතියක් හැටියට සමගියෙන් ජිවත් වෙමු.ජය ශ්‍රී! (දී)
මල්ලි, එන්නකො මේ පැත්තේ තේ එකක් බීලා කාලාම යන්න (නි)
මෙයාට මොලේ තිබ්බට ඒක පාවිච්චි කරන්න දන්නේ නැහැ. මෙයාගේ මොලේ සමාජයේ යහපතට පාවිච්චි කළා නම් අද මෙයාට හොඳ වැඩක් කරලා ලෝක ප්‍රකට වෙන්න තිබුනා. ඒකට තමයි කර්මය කියන්නේ. බුද්ධිය වැරදි දේට පාවිච්චි කරන මේ වගේ අය හිරේ තමයි ඉන්න ඕනෑ (දී)
පෙරේරා මහත්තයෝ, ප්‍රබාකරන් මරා ගත්තට දුක් වෙන්නේ,ඔයාගේ නෝනට තෝන්තුව හැදිලා හින්දද.? (නදී)
ඇයි දැක්කේ නැද්ද සාමනේර හාමුදුරුවරු බස් එකක්ම පාපතරයෝ මරල දාල හිටපු හැටි!! දැන් බබාලා වෙන්න හදන්නේ.(නදී)
කොටියාගේ පැටවූ කොටි පැටවූ.(නදී)
මේ මිනිහට මොකට බනිනවද , සුනාමි සල්ලිත් හොරා කාපු අය අපේ රටේ ඉන්නකොට.(අ)
දැන් ඔය ප්‍රතිචාර දාන්නෙ, ඇමතිකම් දෙන්නම් , නොමිනේෂන් දුන්නනම් හොදයි , කියන අය තමයි ඔය මිනිස්සුන්ව 89 දී ගහල කොටි බවට පත්කළේ.එයත් ශ්‍රී ලංකික මොලයක් .වැඩ ගන්නවද ? නැද්ද ? කියන එක මොලයක් ඇති ලාංකකින්ට බාරයි . (අ)
අපි බලන්න ඕන මෙච්චර උගත් වෙලා හොද ජීවිතයක් ගත කරන්න තියෙද්දී ඔහු තමන්ගේ ජාතිය වෙනුවන් කරපු කැපකිරීම (දී)
ප්‍රබාශ්වරන්,ඔබ හරියටම හරි. හැමෝම ලාංකිකයන් විදියට හිතුවොත් තමා අපිට රටක් විදියට ඉදිරියට යන්න පුළුවන්. අපිටත් සිංහල වගේම දමිල , මුස්ලිම් යාලුවෝ ඉන්නවා. අපි එකට ඉන්න වෙලාවට ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ.ඔක්කොම එකා වගේ ඉන්නවා. ඒත් කොටි සංවිදානය කලේ සමාව දෙන්න බැරි දෙයක්. මෙයා කවදහරි දුක් වෙයි තමන් ගැනම. මොකද එයා දුන්න තාක්ෂණය උදව්වෙන් මේ රටේ අහිංසක මිනිස්සු ඕනෑ තරම් මැරෙන්න ඇති (නි)
ලෝකෙම තියන හොඳම තාක්ෂණය දුන්නත් ඒ ඔක්කොටම වඩා අපේ සිංහල කොල්ලන්ගේ මොලය සහ අපේ රටේ පාලකයින්ගේ දැඩි අධිෂ්ටානෙන් ලෝකෙම හොඳම තාක්ෂණය සමග ප්‍රබාකරන්ගේ මැර කල්ලිය අපේ පුංචි රට විසින් නැතිකරලා දාලා ගොඩක් කල්. (නි)
මම නම් ජාතිවාදී තමා.මොකද අපිට තියන එකම රට මේක. (නි)
හිතන්න ,කොටින්ට තම පක්ක්ෂයෙන් ඉදිරිපත් වෙන්න කියන සාටක පක්ෂය මෙවන් අය අත අරීද ?.. නැ මම මේ නිකන් වගේ අහන්නේ.(නදී)
ප්‍රබාශ්වරන්, ඔබගේ කතාවට ස්තුතියි. සිංහල අපි බහුතරය සිංහල අන්තගාමි සුළු පිරිසකගෙන් කළු ජුලිය අවස්ථාවේදී වෙච්ච කණගාටුදායක සිදුවීම් ගෙන අදටත් කණගාටු වෙනවා . අපේ සිංහල ගෙවල් බොහොමයක් එදා දෙමල මිනිසුන් අපේ ගෙවල් වල සගවා ගෙන අපි ආරක්ෂා කල බවත් මතක් කරන්න කැමතියි. කාගේත් ඇගේ දුවන්නේ රතු පාට රුධිරය. ආරච්චි, ඔබ ඉල්ලා සිටින ඉල්ලීම සුදුසුයැයි මමත් සිතනවා.ඔහු කළ වරදට ඔහුට දඩුවම් ලැබිලා තියනවා. ලංකාවේ අයෙත් කිසිම දවසක කිසිම ජාතිවාදී කෝලාහල වලට ඉඩක් නැහැ කියලා මම විශ්වාස කරනවා. අතීතයෙන් හැමෝම පාඩම් ඉගෙන ගෙන තියනවා. අහිංසක සිංහල හෝ දෙමල හෝ මුස්ලිම් හෝ කිසිම කෙනෙකුට කරදරයක් නොවෙන්න අපි හැමෝම වග බලාගන්න ඕනෑ. එහෙම වෙනවා නම් ජාතිවාදයෙන් තොරව අහිංසක අපි සියලු දෙන එකතු වෙලා එහෙම කරන අයට දඩුවම් දෙන්න ඉදිරිපත් වෙන්න ඕනෑ. අපි අපේ දරුවන්ට මේ බොලද ජාතිවාදී අදහස් දෙන්න හොද නැහැ. ඔවුනට උගන්නන ඕනෑ මේ ලෝකේ ඉන්නේ මිනිස්සු කොට්ටාශ දෙකක් විතරයි, ඒ හොද මිනිස්සු සහ නරක මිනිස්සු කියලා (නි)
එන්න එන්න ලංකාවට එවිත් චන්දෙ ඉල්ලලා සියලුම චෝදනා වලින් නිදහස් වෙන්න එල් ට් ටි ඔයාලට අපි සලකනවා. (ස)
දැන් කේ.පී ත් සැප විදිනවා අපරාද ලංකාවට එන්න තිබුණා නේ. (ස)
කෝ දැන් ඇමරිකාවට විරුද්ධව කෑ ගහන අය? (නි)
අපරාද කාරයෙක් උනත් හොද මොළයක්. බලන්න කොච්චර ඉගනගනද කියල... තව කොච්චර මෙහෙම අය ඇතිද.... මේ අයගෙන් වැඩ ගන්න පුළුවන් නම් ලංකාව මොන තරඟ දියුණු කල හැකි වේද. (ත)
කෝටි 132 ක් වැඩිත් එක්ක. එන්න මහත්තයා ලංකාවට. අපි ඔබව මාසයක් හිරේ දාල පසුව දේශපාලකයෙක් කරන්නම්. මතක ඇතුව සල්ලි ටික අරන් එන්න.(නදී)
ළමයින්ගේ ෆොටෝ එක අයින් කරන්න.(නදී)
ලංකාවට ආවොත් යුද්ධ කරන්න තාක්ෂණය විතරක් දීපු නිසා සමහරවිට අවු.1ක්2ක් නඩුවක් තියේවි. යුද්ධ කරල හිමිවරු 30ක්40 මරල සෙබළු 1000 කට 2000 කට වග කියල තිබුණනම් ඇමති කමක් සමග ශ්‍රීලනිපයේ සභාපති කමක් ෂුවර්ම තමයි.(නදී)
බුධිධිමත් කඩවසම් තරුණයෙක්. වැරැද්ද අපේ. අපිට බැරි උනා රටේ තරුණයන්ගේ කුසලතා හදුනා ගෙන ඔවුන්ගෙන් වැඩ ගන්න. එල් ටි ටි ත්‍රස්තවාදය ආරම්භ වීමට සිංහල අපිත් හේතු උනා. දැන් අලුත් ත්‍රස්තවදයක් ආරම්භ කරන්නයි අපේ සමහරු උත්සහ කරන්නේ.(නදී)
බයවෙන්ඩ එපා දැන් කේ.පී ත් සැප විදිනවා අපරාද ලංකාවට එන්ඩ තිබුණා නේ.(නදී)
මොන තාක්ෂනය දුන්නත් වැඩක් වුනේ නැහැ නේද අපේ දක්ෂතාවයට.(නදී)
ඔබ හොද මිනිසෙකි.(නදී)
මේ ඔක්කොම මෙයාගේ දරුවෝද?මොහුට විරුද්ධව ශ්‍රී ලංකා රජයත් නඩු පවරන්න ඕන (ත)
වරෙන් මචන් මෙහෙ ..උබට හරියන්නේ උතුරේ මහා ඇමතිකම.(නදී)
හරි හරි එහෙම උනේ ඇමරිකාවෙනේ. ලංකාවෙ නම් මෙලහකටත් පාර්ලිමේන්තුවේ.(නදී)
ඇයි දෙයියනේ දඩුවන් දුන්නේ. සුද්දෝ ඉගෙනගන්න එපැයි අපෙන් ඇමතිකමක් දෙන්න.(නදී)
කියන්න ලංකාවට පිටුවහල් කරන්න කියලා. මේහේ හොද සැප.(නදී)
මොනවද මේ කියන්නේ. මල්ලි එන්නකෝ ලංකාවට. ඔයාට තියෙනවා උපරිම සුදුසුකම් ඇමති කෙනෙක් වෙන්න. (නදී)
කාටද කියන්නේ අවනඩුව (දී)
පවු අහිංසක දරුවෝ.(නදී)
දැන් යුද්ධය නැති නිසා ඇමති කමක් ගන්න පුළුවන් ට්‍රයි කරන්න.(නදී)
මෙයාව හම ගහලා පස් පුරවන්න ඕනා.(නදී)
අනේ එයාව නිදහස් කරන්න මහත්තයෝ (නි)
අයියෝ සල්ලි
මෙයාටත් දරුවෝ ඉන්නවා.මෙයාගේ ඔය මොලෙන් ලංකාවේ තවත් දරුවෝ කී දෙනෙකුට තාත්තා නැති වෙන්න ඇද්ද.රජ කලේ දඩුවම් තිබුනානම්........................... (දී)
හැටදහසකට මාරු කැඳවූ කුරිරු යුද්ධයේ කොටස් කාරයෙක් හැටියට ඔබව ලංකාවට ගෙන්වා මරණ දඬුවම දිය යුතුය. (දී)
තම දරුවන් සුරතල් කලාට ත්‍රස්තවාදියාට අන් දරුවන් මෙලෙඡච ලෙස ඝාතනය කල හැක.මන්ද?උගත් උවත් මන්ද බුද්ධිකයකු වූ නිසාය.අමන පුද්ගලයකු වූ නිසාය. (දී)
ලංකාවෙත් නීතිය තිබේ නමි බලධාරීන් මොහුට විරුද්ධව කටයුතු කරන්න. (දී)
මොන පිස්සු කතාද ලොක්කා අනිවාර්යයෙන්ම මෙයා ලංකාවට ගෙන්වලා මරන්න ඕනා. කොටින්ගේ වෙඩි හඩක් ඇහුන, එක සිංහලයෙක් මෙයාට අනුකම්පා කරන්නේ නැහැ.(නදී) .
විජේසිංහ, ඔයා හරියටම හරි. ලංකාවේ කට්ටියට අවුරුදු 30 නොපෙනුන දේවල් දැන් පෙනෙන්න පටන් අරන්. අවුරුදු ගානක් තිස්සේ මස් කනවා ඒත් දැන් තමයි දන්නේ ඒ හරක් මස් කියලා.(නදී)
"ඔබ හොද මිනිසෙකි." ද්‍රවිඩයන්ට. අපට ඔබ විනාස කල යුතු අපරාදකරයෙකි.(නදී)
එන්න පුතා දැන් ලංකාවට ඇමති කමක් දීලා ගන්නම් ඕවත් වැඩද ?(නදී)
ඇයි මල්ලි හිතන්න බැරි අපි හැමෝගෙම ඇගේ දුවන්නේ රතු පාට ලේ කියලා? තමන්ට තියෙන බුද්ධිය යහපත් වැඩකට යොදවන්න (නි)
අදහස් දැක්කම මේ වගේ මිනිස්සු ඉන්න රටක ඉපදුන එකට ශාප කර ගන්නවා. මේකටත් ශපාලනේ ඇද ගෙන ආණ්ඩුවට බනිනවා. එක අතකට ප්‍රබාකරන් මරා ගත්තේ මොකටද කියලත් හිතෙනවා. (නි)
වරදක් වෙලා තියෙනවා දඩුවමක් දෙන්න වෙනවා (දී)
ලංකාවට අහිතක් වෙන වැඩක් නම් කරන්න හිතන්න එපා (දී)
මෙයා තුරුල් කරගෙන ඉන්න ළමයි වගේ අහිංසක ළමයි කී දෙනෙක් කොටි අමු අමුවේ මරලා දැන්මද ? (ස)
කේ. පී. , තමලිනී සහ දයා මාස්ටරුත් ආණ්ඩු පාර්ශවයෙන් ඡන්දෙ ඉල්ලන එකේ ඔයත් නොමිනේෂන් වලට ට්‍රයි කරලා බැලුවොත් නරකද ?(නදී)
මම නිකන් දැක්කේ රසල් ආනෝල්ඩ් වගේ. ඒ විදියමයි. ඕනෑ කෙනෙක් රැවටෙනවා. එන්න ලංකාවට (නි)
අවුරුදු 32 කට කොහොමද නිෂ්පාදනය. සිංහල ජාතිය සුළු ජාතිය වෙන්නේ පුංචි පවුල රත්තරන් කියල හිතාගෙන ඉන්න නිසා.(ස)